මාර්ගයක් අසල සිසුවෙකු දණගස්වා පහරදෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.Sri Lanka Latest News
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි සැකකරුවන් තිදෙනෙක් කෑගල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අද (26) අත්අඩංගුවට ගත්තේය.
පසුගිය 20 වනදා කෑගල්ල පිටිහුම ප්‍රදේශයේදී බස් රථය එනතුරු රැඳීසිටි දමුණුපොල ප්‍රදේශයේ සිසුවෙක්ට මෙම අමානුෂික ප්‍රහාරය එල්ලකර තිබුණි.
සිද්ධියට පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (27) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.










