• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකයම පුදුම කරපු ලංකාවේ යක්ෂ දූපත! Sri Lanka Latest News

February 23, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ලෝකයම පුදුම කරපු ලංකාවේ යක්ෂ දූපත! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ධර්ම දූත සේවයේ යෙදුණු ඇමෙරිකානු ජාතික ජෝන් චෝව් ධර්ම ප්‍රචාරණය සඳහා ඉන්දියානු සාගරයේ සෙන්ටිනෙල් දූපත වෙත ගියේ අනෙක් දූපත්වලින් වගේම තමන්ට සුහද පිළිගැනීමක් ඒ දූපතෙනුත් ලැබේවි කියන අපේක්ෂාවෙන්. නමුත් මේ දූපතට ගිය චෝව්ගෙන් දින කීපයක් තිස්සේම කිසිම තොරතුරක් නොලැබීම නිසා ඉන්දියානු නාවික හමුදාව ඔහුගේ අතුරුදන් වීම පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කළා. මේ විමර්ශනවල ප්‍රතිඵලයක් විදියට චෝව් ඒ දූපත තුළම තමන්ගේ ජීවිතයෙන් සමුගෙන තියෙනවා කියලා වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ඉන්දීය හමුදාව සොයාගන්නවා. කොහොම වුණත් මේ මරණය ගැන පුදුම වෙන්න කාරණාවක් මේ දූපත ගැන දන්න පිරිසට තිබුණේ නෑ. ධර්ම දූත සේවයේ යෙදුණු ජෝන් චෝව් මරණයට අත වනමින් ඒ පය තබලා තිබුණේ ලෝකයේ දරුණුතම ගෝත්‍රිකයන් ජීවත් වන සෙන්ටිනෙල් දූපතට. මේ දූපතේ ගෝත්‍රිකයන් විසින් ඔහුව ඝාතනය කර කපාකොටා වළ දමන්නට ඇති බව බලධාරීන් අදටත් අනුමාන කරනවා. ඒ වගේම මේ සෙන්ටිනෙල් දූපතේ ගෝත්‍රිකයන් වසර 60,000ක සිට බාහිර ලෝකයේ කිසිම මිනිසෙක් සමග සම්බන්ධකම් නොදක්වමින් හුදෙකලාව ජීවත් වන ගෝත්‍රිකයන් පිරිසක් බවත් කියැවෙනවා. බෞද්ධ ඉතිහාසයට අනුව මීට වසර දහස් ගණනකට පෙර බුදුරජාණන් වහන්සේ විසින් යක්ෂයන් පලවා හැරි ගිරි දූපත මෙය බවට ඇතැමුන් මත පළකරනවා. ඒ විදියට බලද්දී මේ සෙන්ටිනෙල් දූපත කියන්නේ මොකක්ද? බුදු දහම සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සමග මේ දූපත සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ දූපත තුළ ගෝත්‍රිකයන් මේ ආකාරයෙන් හැසිරෙන්න හේතුව මොකක්ද? මෙවැනි ප්‍රශ්න රැසකට මේ ලිපිය අවසානයේදී ඔබට පිළිතුරු ලැබේවි. Sri Lanka Latest News

ඉන්දියානු සාගරයේ පිහිටා ඇති වර්ග කිලෝමීටර් 60කින් යුක්ත මේ කුඩා දූපතේ සැඟවිලා තියෙන අබිරහස් නම් කුඩා නොවන බව මේ ලිපිය මුලදීම ඔබට වැටහෙන්නට ඇති. අපි කලින් සඳහන් කළ විදියට මේ දූපතේ ඉන්න ගෝත්‍රිකයන් බාහිර ලෝකයෙන් සැඟවිලා වසර 60,000ක් පමණ ගතකරලා හමාරයි. විශේෂම කරුණ තමයි ලෝකයේ තියෙන බොහොමයක් රහසිගත, හුදෙකලා ස්ථානවලට රජයන් මගින් පත්කරන නියෝජිතයන් කිහිප දෙනකුට යන්න ලැබුණත් මේ සෙන්ටිනෙල් දූපතට නම් ඇතුළු වෙන්න මිහිපිට කිසිම මනුෂ්‍යයෙකු නීතියෙන් අවසර ලැබෙන්නේ නෑ, ඒකට හේතුව තමයි මේ දූපතේ ඉන්න භයානක සහ අබිරහස් ජීවීන් කොට්ඨාසය දූපතට ඇතුළු වෙන කිසිවෙකුට නැවත ඉන් පිටවෙන්න ඉඩ නොදෙන එක. විවිධාකාරයේ ගවේෂණයන් සමග මේ දූපතට බාහිරින් ලැබුණු සාධකත් එක්ක දූපතේ ජීවත් වෙනවා කියලා අනුමාන කරන ගෝත්‍රිකයන් පිරිස 15ත් 400ත් අතර ප්‍රමාණයක් වෙනවා. මේ එකදු ගෝත්‍රිකයකුටවත් බාහිර පරිසරයේ ජීවත් වෙන මිනිසෙක් එක්ක සන්නිවේදනය කිරීමේ හැකියාව නැහැ කියලයි ගවේෂණයන් මගින් තහවුරු වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ඔවුන් වසර දහස් ගණනක් ගතවන තුරු බාහිර පරිසරයේ මිනිසෙක් ඇසුරු කරන්නට තියා දැක හෝ නොතිබීම. ඒ වගේම මේ කතාව අතරවාරයේ ඔබට මෙන්න මෙහෙම දෙයක් හිතෙන්න පුළුවන්. තාක්ෂණය මෙතරම් දියුණු තත්ත්වයක තියෙද්දී ඇයි අපට සැටලයිට් තාක්ෂණයෙන්වත් මේ ගෝත්‍රිකයන් ගැන තොරතුරු හොයන්න බැරි? ඒකට හේතුව තමයි ගන වනාන්තර වැස්මකින් මේ දූපතෙන් 90%කටත් වැඩි ප්‍රදේශයක් ආවරණය වී තිබීම. ඒ වගේම අන්දමන් දූපත්වල ජීවත් වෙන ආදිවාසීන්ගෙන් සෙන්ටිනෙල් ගෝත්‍රයට අයත් වෙන ආදිවාසීන් තමයි මේ දූපතේ ජීවත් වෙන්නේ කියලා පර්යේෂකයන් මේ වෙනකොට හොයාගෙන තියෙනවා. නමුත් බාහිර ලෝකය සමග කිසිම මුසුවීමක් නැති, තමන්ගේ දූපතේ තමන්ගේ වැසියන් සමග පමණක් කාලය ගතකරන ඔවුන්ගේ භාෂාව මෙකක්ද කියලාවත් පර්යේෂකයන් තවම සොයාගෙන නැහැ. ඒ වගේම ඔවුන් සන්නිවේදනය කරන්නේ කෙසේද කියන කාරණයත්, කියවීමේ හෝ ලිවීමේ හැකියාවක් ඔවුන්ට තියෙනවද කියන කාරණාවත් පර්යේෂකයන්ට අනාවරණ කරගැනීමේ අවස්ථාව තවමත් ලැබිලා නැහැ.

මේ දූපතට ඇතුළු වෙන්න නොහැකි නිසාම දුර තබා කරන වීඩියෝගත කිරීම් සහ ඩ්‍රෝන යානාවලින් සිදුකරන පටිගත කිරීම්වලදී මේ දූපතේ ජීවත් වෙන ගෝත්‍රිකයන් අඩි 5.5ක් උසක් සහිත සාපේක්ෂව මිටි පුද්ගලයන් බව තහවුරු කරගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි තද කළු, දිලිසෙන සමක් සහිත මේ ගෝත්‍රිකයන් සතුව ශක්තිමත් මාංපේශීන් දකින්න ලැබුණු බවත්, ඔවුන් ජීවත් වන්නේ දඩයම් කිරීමෙන් බවත් මේ පර්යේෂකයන් තහවුරු කරගෙන තිබෙනවා. දුනු, ඊතල සහ හෙල්ල භාවිත කරමින් දඩයම් කරන ඔවුන්, වෙරළේ ජීවත් වෙන සාගර ජීවීන් ආහාරයට ගන්නා බවත් බොහෝ ගවේෂකයන් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම වඩාත් විශේෂ කාරණය වෙන්නේ ක්‍රමයෙන් දඩයම් යුගයේ සිට පරිණාමය වූ මිනිසා කෘෂිකර්මය වෙත යොමුවුණත්, සෙන්ටිනෙල් දූපතේ වාසය කරන මේ ගෝත්‍රිකයන් තවමත් දඩයම් යුගයේ ගෝත්‍රිකයන් ලෙසම ජීවත් වීමයි. අනෙක් පුදුම හිතෙන කාරණාව තමයි මේ ගෝත්‍රිකයන් 2022 වර්ෂය වන විටත් ගින්දර භාවිත කරන ආකාරය ගැන කිසිදු දැනුවත් වීමක් නොමැති බව අප කලින් සඳහන් කළ පර්යේෂණවලින් මේ වනවිට තහවුරු කරගෙන තිබීම.

කෙසේ වෙතත් මේ අබිරහස් දූපතේ භාරකාරීත්වය සම්පූර්ණයෙන්ම හිමිවෙන්නේ ඉන්දියානු රජයට. මේ දූපතට කිසිවෙකුට ඇතුළු වීම ඔවුන් තහනම් කර තිබෙන්නේ සෙන්ටිනෙල් ගෝත්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කියලයි ඔවුන් කියන්නේ. බාහිර ලෝකය සමග වසර දහස් ගණනක් පුරාම සම්බන්ධයක් නොමැති මේ ගෝත්‍රිකයන් යම් හෙයකින් සාමාන්‍ය වැසියන් සමග මුසුවුවහොත් ප්‍රතිශක්තිය අඩුකම නිසාම සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවකින් පවා ඔවුන් මියයෑමේ දරුණු තත්ත්වයක් පවතින නිසා මේ සීමාවන් පනවා ඇති බවත් ඉන්දියානු රජය සඳහන් කරනවා. ඒ වගේම ඔබ දන්නවද මේ තරම් භයානක ගෝත්‍රයක් වුණත් සෙන්ටිනෙල් ගෝත්‍රය බාහිර ලෝකයේ මිනිසුන් සමග 1991 වර්ෂයේදී සුහද සම්බන්ධයක් පවත්වා ඇති බව? ඔවුන් එකිනෙකා සමග සුහදව සිටින ආකාරයේ ඡායාරූප පළවී තිබෙන පසුබිමක ඒ ආකාරයේ සුහදත්වයක් ඇතිවුණේ කොහොමද කියන එකත් මේ වනතුරුම අනාවරණ වෙලා නෑ.
1997 වසරෙන් පස්සේ පනවපු සීමාවන් නිසා ඉන් පහු කාලේදී සෙන්ටිනෙල් දූපතේ ගෝත්‍රිකයන් බාහිර සමාජය සමග සම්බන්ධතා පවත්වලා නෑ කියලයි බොහෝ දෙනා කියන්නේ. ඔබට මතක ඇති 2004 වසරේ අන්දමන් දූපතේ ඇතිවූ ප්‍රබල සුනාමි භූ කම්පනය නිසා ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් බොහොමයක විශාල පිරිසක් මියගියා. නමුත් පුදුම හිතෙන කාරණාව තමයි අන්දමන් දූපත ආසන්නයේම පිහිටා තිබෙන මේ සෙන්ටිනෙල් දූපතේ වැසියන් සුනාමියෙන් තමන්ගේ ජීවිත බේරාගන්න සමත්වීම. ඔබ හිතනවා වගේම ඔවුන් ඒක කළේ කොහොමද කියන එක අදටත් අබිරහසක්. මේ කාලය තුළ මේ ගෝත්‍රිකයන්ට අවශ්‍ය සහාය දැක්වීම සඳහා ආධාර රැගෙන හෙලිකොප්ටර් යානා බොහොමයක් මේ දූපත ආසන්නයටම ළඟා වුණත් ඒ යානාවලටත් දුනු හීවලින් පහර දෙන්නට මේ ගෝත්‍රිකයන් පසුබට වුණේ නෑ. ඒ වගේම 2006 වසරේදී තවත් එක අවාසනාවන්ත සිදුවීමක් සිදුවුණා. සෙන්ටිනෙල් දූපත ඇතුළට යෑමට සහ ඒ අසලට යෑම සඳහා පනවා තිබුණු තහනම ගණන් නොගෙන දූපත අසල කකුළුවන් ඇල්ලීමට ගිය ධීවර පිරිසකට නැවත ගොඩබිමට යෑමට අවස්ථාවක් හිමිවුණේ නැහැ. ඔවුන්ගේ මෘත දේහ හෝ හොයාගෙන ගිය ඉන්දීය බලධාරීන්ට පවා පහර පිට පහර එල්ල කරන්නට සෙන්ටිනෙල් ගෝත්‍රිකයන් දෙපාරක් හිතුවේ නැහැ. මේ නිසාම ආදාහනය සඳහාවත් මෘත දේහ සොයාගන්න ඉන්දීය රජය අසමත් වුණා. ඒ වගේම 2018 වසරේදී තමයි අපි කලින් සඳහන් කරපු ධර්ම ප්‍රචාරයේ යෙදුණු ජෝන් චෝව්ගේ මරණයත් ඒ ආකාරයෙන්ම මේ දූපත අසලදී සිද්ධ වුණේ.

බෞද්ධ ඉතිහාසයට මේ දූපතේ තියෙන සම්බන්ධය ගැන විවිධාකාරයේ මත පළවෙනවා. ඔබ දන්නවා බෞද්ධ පුරාවෘත්තවල සඳහන් වෙන විදියට බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට තුන්වරක් වැඩම කරලා තියෙනවා. එයින් පළමු වතාවේ උන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවන්නේ බුද්ධත්වයෙන් නව වැනි මාසයේදී. මේ වැඩමවීමේ ප්‍රධානම අරමුණ විදියට බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ ශ්‍රී ලංකාවේ වැසියන් අතර තිබුණු මරණීය යක්ෂ බය දුරුකිරීමයි. ඒ කාලය තුළ රටවැසියන් මරමින්, ඒ මාංශ අනුභවයට ගනිමින් මුළුමහත් රටම භීතියට පත්කළ යක්ෂයන් පිරිසක් ගැනත්, ඔවුන් මිනිසුන්ව වහලුන් බවට පත්කරගෙන සිටි බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ අනුව ප්‍රථම වරට මහියංගණයට වැඩි බුදුරජාණන්වහන්සේ මේ භයානක යක්ෂයන් පලවා හැරීම සඳහා ගිරි දූපත නමින් දූපතක් නිර්මාණය කළ බවත් ඒ සටහන් තුළ දැක්වෙන්නේ. කෙසේ වෙතත් වර්තමානය වනවිට මේ ගිරි දූපත ශ්‍රී ලංකාවට කෙතරම් දුරින්, කුමන ස්ථානයක තියෙනවද කියන එක කවුරුත් නොදන්න කාරණාවක්. නමුත් මේ ගැන දන්න බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ගිරි දූපත සහ සෙන්ටිනෙල් දූපත අතර බොහෝ ප්‍රබල සම්බන්ධතාවක් තියෙනවා කියලා. කෙසේ වෙතත් වසර දහස් ගණනක් පැරැණි මේ දූපතේ ඉතිහාසය සහ මේ සිදුවීම් සසඳනකොට ඒ සම්බන්ධයෙන් යම්කිසි සත්‍යතාවක් තියෙන බව විශ්වාස කිරීම හෝ නොකිරීම පුද්ගලානුබද්ධ කාරණාවක්. ඒ වගේම මේ සියලු කාරණා එක්ක තවත් අබිරහස් බොහොමයක් සෙන්ටිනෙල් දූපත ගැන තවමත් අනාවරණ කරගන්න නොහැකි වෙලා තියෙනවා. ඇත්තටම මේ භූමියේ ජීවත් වෙන්නේ කවුද? මේ දූපත සැඟවීම ඉන්දියානු රජයේ තීරණයක්ද? මේ කියන ප්‍රශ්නවලට නම් තවමත් නිසි පිළිතුරක් ලැබිලා නැහැ.

Naifm යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ශ්‍රී ලංකාවේ දූෂණයේ ව්‍යාප්තියට ව්‍යාපාරික ප්‍රජාවද වගකිව යුතුයි! එය රාජ්‍ය නිලධාරීන්ම පමණක් නොවේ…! ජාතික වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආරාධිත කතාවේදී විනිසුරුවරයා ආන්දෝලනාත්මක කතාවක් කරයි! ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩගෙන් ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ප්‍රබල උපදේශනයක් ! Sri Lanka Latest News

Next Post

රනිල්ගෛ් වැල් පාලමෙන් අනුරගේ මොඩලය හොයන දින 27ක්! Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.