• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංජීවව කොළඹ ගෙන්නුවේ කවුද? කවුද මේ හැංගුණ කාන්තාව? කොහොමද උසාවියට රිංගුවේ? පොලිසිය මොකද කළේ? රටම ගැස්සුණු උසාවියෙ වෙඩි හඬ දිගේ ‘මව්රට’ කරන විශේෂ හෙළිදරව්ව! Sri Lanka Latest News

February 23, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
සංජීවව කොළඹ ගෙන්නුවේ කවුද? කවුද මේ හැංගුණ කාන්තාව? කොහොමද උසාවියට රිංගුවේ? පොලිසිය මොකද කළේ? රටම ගැස්සුණු උසාවියෙ වෙඩි හඬ දිගේ ‘මව්රට’ කරන විශේෂ හෙළිදරව්ව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2025 පෙබරවාරි මස 19 වැනිදා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට ඉතා වැදගත් දිනයක්. ඒ නිසාම අලුත්කඩේ අධිකරණ සංකීර්ණ භූමිය වඩාත් වැඩි ජන ඝනත්වයකින් පිරීගොස් තිබුණා. එදින වැඩියෙන් මේ ස්ථානයට නීතිඥවරුන් පැමිණෙමින් සිටියා. ඊට හේතුව විදියට අපි දැක්කේ ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ සභාපතිවරයා තේරීමේ නිලවරණය එදින පැවැත්වීමට නියමිතව තිබීම. මේ ස්ථානයට පැමිණි බොහෝ දෙනා තිගැස්සෙනසුලු සිදුවීමක් විදියට ඊළඟට වාර්තා වෙන්නේ නිලවරණය පැවැත්වෙමින් තිබියදීම මහෙස්ත්‍රාත් අධිකරණ අංක 5 භූමියේ සිදුවෙච්ච වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීම. මේ සිදුවීම ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට නොවුණත් අධිකරණ සංකීර්ණයක් තුළදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීම සෑම විටකම අපිව තිගස්සවනසුලුයි.
මෙම සිදුවීම සහ මෙම සිදුවීමට අදාළ වෙනත් කාරණා පිළිබඳ අපි සවිස්තරාත්මක සටහනක් තබන්නට සූදානම්. ඒ සම්බන්ධව අපට තවමත් ලැබී තිබෙන තොරතුරු ඉතා සීමාසහිතයි. නමුත් ඒ සීමාසහිත තොරතුරු අනුව අපට පැහැදිලි වෙන යම් යම් කාරණා කීපයක් තියෙනවා. එම කාරණා පැහැදිලි කිරීමට පෙර අපි ඔබට කියන්නම් මේ විදියට අධිකරණ සංකීර්ණයක් තුළදී වෙඩිතැබීම හෝ වෙඩිතැබීමට උත්සාහ දැරීම් මීට පෙර සිදුවී තිබෙනවාද යන්න.
මුලින්ම බන්ධනාගාරයක් ඇතුළේ වෙඩි තියලා මරන්නේ නොයෙල් අමරසිංහව. ඒ කියන්නේ රාජගිරියේ පැටීව. ඒ වගේම තවත් සිදුවීමක් විදියට වාර්තා වෙනවා මීගමුව අධිකරණයේ චින්තක අමරසිංහට. නමුත් චින්තක අමරසිංහට වෙඩිතබන අවස්ථාවේදී පොලිස් ආරක්ෂාව නිසා ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකි වෙනවා. මේ අතර අපරාධ කල්ලිවල එකට සම්බන්ධ එක යාළු මිත්‍රකම් සහිත කණ්ඩායමක් තමයි මේ විදියට අපි හඳුනාගන්නේ. 2004 ජනවාරි මස 09 වැනි අඟහරුවාදා උදෑසන 10.20ට අලුත්කඩේදී කාමර අංක 06 විත්ති කූඩුව තුළදී ධම්මික අමරසිංහ ඝාතනයට ලක්වෙනවා. බන්ධනාගාරයක් ඇතුළේ නොයෙල් අමරසිංහව ඝාතනය කරනවා බන්ධනාගාරය තුළට ගිය වෙස්වළාගත්ත පුද්ගලයෙක්. එහෙම නැතුව ඔහු උසාවියේදී නෙවෙයි ඝාතනය වෙන්නේ. උසාවියේ චින්තක අමරසිංහට වෙඩි තැබුවත් ඔහුගේ ජීවිතය අහිමි වෙන්නේ නෑ. ධම්මික අමරසිංහට වෙඩි තියන්නේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී. ඔහු අධිකරණයෙන් පිටතට පැමිණෙමින් සිටිද්දී. ඒ වගේම 2015දී කඩුවෙල උසාවියේදී සමයංට වෙඩිතියනවා. සමයංගේ ඝාතන සිද්ධි වැලක් තිබුණා. නමුත් ඔහුව ඝාතනය කරන්න අධිකරණ සංකීර්ණ භූමියේදී හැකියාව ලැබෙන්නේ නෑ. ඔහුගේ ජීවිතයට හානියක් වෙන්නෙත් නෑ. Sri Lanka Latest News

ආසන්නතම සිදුවීම විදියට වාර්තා වෙන්නේ 2022 අගෝස්තුවේදී ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිට සැකකරුවකුට වෙඩි තබා පලායෑමක් සිද්ධ වීම. ඒ වගේම 2025 වසරේ මුල්ම කොටසෙදි මන්නාරම අධිකරණ භූමියේදී යම් වෙඩි තැබීමක් සිදුව ඇතිබව වාර්තා වෙනවා.

නමුත් මේ සිදුවීම් සියල්ලම මේ ගණේමුල්ල සංජීව ඝාතන සිදුවීම තරම් විශාල නැහැ. එම සිදුවීම් සියල්ලම සමහර විට ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට නිරන්තරවම මේ පුද්ගලයන්ට හැකියාව ලැබෙනවා. බන්ධනාගාර බස් රථවලදී වෙඩිතැබූ සිද්ධි වාර්තා වෙලා තිබුණා. කළුතරදී එක සිදුවීමක් සිදුවෙලා තිබුණා. ඒ වගේම අපි දන්නවා අධිකරණ භූමියෙන් එළියට එමින් සිටි පුද්ගලයන්ට. වවුල්කැලේ නඩු තීන්දුව සිදුවීම අවස්ථාවේදී වෙඩිතබා ඝාතනය කරනවා. නමුත් ඔවුන් අධිකරණ සංකීර්ණයෙන් පිටත. අධිකරණයට අයිති වෙච්ච භූමිභාගයෙන් පිටතදී තමයි මේ ඝාතන සිදුවෙන්නේ.

ඉතින් මේ සියල්ලම අතරතුරේදී ඝාතන සිදුවීම හදිසියේම වාර්තා වෙනවා. ඉතින් මේ වාර්තා වීමත් එක්ක අපිට බොහෝ දේ පෙනෙමින් තිබෙනවා. ඉතින් මේ ගැන කතාකිරීමට අපිට තවමත් කාලය නොවේ යැයි අපි විශ්වාස කරනවා. කෙසේ නමුත් මෙම අපරාධකරුවන් පැමිණෙන ආකාරයේ සීසීටීවී දර්ශන අප වෙත ලැබී තිබුණා. අපි ඒවා පරීක්ෂා කළා. අපිට ඒවායින් පෙනීගිය කාරණය වුණේ මේ ස්ථානයට ඔහු පැමිණෙනවා සාමාන්‍යයෙන් නීතිඥවරයෙක් පැමිණෙන ආකාරයට සම්පූර්ණයෙන්ම ඇඳුම් ආයිත්තම්වලින් සැරසිලා. ඒ ඇඳුම් ආයිත්තම් දකින ඕනෑම කෙනකුට ඔහු නීතිඥවරයෙක් යැයි විශ්වාස කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේ දවස යොදාගැනීමටත් යම්කිසි හේතුවක් වෙන්න ඇති. මොකද මේ දවසෙදී නීතිඥවරු විශාල ප්‍රමාණයක් මේ ස්ථානයට පැමිණෙන නිසා. මේ ස්ථානයට පැමිණෙන සමහර අයට කවදාවත් නාවත් එදාට ඡන්දේ දාන්න හරි ඇවිල්ලා මේ වටේ පිටේ රවුමක් ගහලා යනවා. මේ ආසන්නයේ තියෙනවා ශ්‍රී ලංකා නීති විද්‍යාලය. බොහෝ නීතිඥවරු නීති විද්‍යාලයේ ශිෂ්‍යයන්. නැත්නම් ඔවුන් අවසන් වසරේදී හෝ නීති විද්‍යාලයේ ඉගෙන ගත්ත අය. ඒ නිසා මේ වටේපිටේ ගිහිල්ලා පරණ පුරුදු යාළුමිත්‍රකම්, පරණ මතක සටහන් එහෙම අලුත් කරගෙන යන්න පුළුවන්කම තියෙන නිසා මෙවැනි සිදුවීමකට ඒ දවස හොඳයි කියලා ඔහු හිතුවා වෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඇත්තටම ඒ ගැන තවමත් කොහේදිවත් කතා කරලා නෑ නීතිඥ සංගමයේ සභාපතිවරයා තේරීම් නිලවරණයත් එක්ක මේ සිදුවීමට ඔවුන්ට යම් සහායක් ලැබුණාද කියන එක ගැන. මොකද ඒකට හේතුව නීතිඥ සංගමය හෝ එහි සභාපතිවරයා හෝ එහි කිසිවෙක් මේ ගැන වගකිව යුතු හෝ දැනුවත්භාවයකින් හෝ ඉන්නේ නෑ. නමුත් අපරාධකරුවෙක්ට යම් පරිසරයක් නිර්මාණය වෙනවා එවැන්නක් කරන්නට.

ඒ වගේම මේ පුද්ගලයාගේ පෙනුම ඔහු පෙර සිටම සැලසුම් කරගත් පරිදි ඉතාම හොඳින් තමන්ගේ පෙනුම නඩත්තු කරගෙන තියෙන බව පේනවා. ඔහු ඉතාම හොඳ සපත්තු, හොඳ ටයි පටියක් පැලඳගෙන ඉන්නවා. මේ ටයි පටිය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අයිති ටයි පටියක තියෙන ලාංඡනය අපට පේන්නේ නෑ. නමුත් කළු පැහැති ටයි පටියක් ඔහු පැලඳ ඉන්නවා. ඔහු ගානට කොණ්ඩේ කපලා, ඒ සියල්ලම කරලා ඉන්න කෙනෙක් බව පේනවා. නමුත් අපිට පේනවා ඔහු අධිකරණ සංකීර්ණ භූමියට පැමිණෙන දර්ශනය. මේ දර්ශනවලදී පැහැදිලිව හඳුනාගත හැකියි ඔහුගේ අතේ තියෙන්නේ ෆයිල් කවරයක් විතරයි. මේ දකුණු අතේ තියෙන ෆයිල් කවරය පමණයි අපිට පේන්නේ. ඔහු කිසිම චකිතයකින් තොරව අධිකරණ සංකීර්ණ භූමියට පැමිණෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා.

ඔහු අධිකරණය තුළට ඇවිල්ලා, අධිකරණයට ඇතුළු වෙලා ඉන් පසුවයි ඔහුට මේ අපරාධ නඩුවිධාන සංග්‍රහය ලැබිලා තියෙන්නේ. අපරාධ නඩුවිධාන සංග්‍රහය මේ ස්ථානයට ගෙනාවේ කවුරුන්ද යන්න පිළිබඳ ඉතා බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය වුණා. පසුව අපට දැනගන්න ලැබෙනවා මේ අපරාධ නඩුවිධාන සංග්‍රහය අධිකරණ භූමියට ගෙනාවේ යම් කාන්තාවක් විසින් කියලා. මේ කාන්තාව කවුද, ඈට මේ ස්ථානයට පැමිණීමට තියෙන අවසරය කුමක්ද, ඇයත් නීතිඥවරියක් ලෙස වෙස්වළාගත් කාන්තාවක්.

නමුත් අපි මේ කතාව පටන් ගන්න ඕනෙ තැන මෙතැන නෙමෙයි. ඉන් එක කොටසක් තියෙන්නෙ බූස්ස බන්ධනාගාරයෙ.
‘ඇයි මෙයාව අද ගෙනාවෙ…’ වගේ කතාවක් විනිසුරුතුමිය ඇහුවා කියලා කවුදෝ කියන කටහඬක් අපිට ඇහෙනවා, එහෙමනම් ඔහුව එක්ක ආවෙ කවුද?
බූස්ස හිරගෙදර අස්සෙ යොදලා තියෙන ආරක්ෂාව සහ උපක්‍රම සියල්ල වතුරෙ යැව්වෙ කවුද?

බූස්ස හිරගෙදර ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඉන් එක කොටසකයි මේ මහාපරිමාණ අපරාධකරුවො රඳවලා තියෙන්නෙ. ඒ කොටසෙ තුන්දෙනා බැගින් වෙන් වෙන්ව රැඳවීමක් ගැන සඳහන් වෙනවා. මේ විදියට රඳවනකොට එක එකා අතර විරසකයක් සහිත අයව මුණ නොගැහෙන විදියටයි රඳවන්නෙ. එහෙම රැඳෙව්වම මේ එක එකා එළියට එන්නෙ එකිනෙකින් වෙන් වූ භූමියක. ‘විසිට්’වලදි පවා එකෙක්ට එකෙක් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශාල උත්සාහයක් දරලා තියෙනවා.

එහෙම තත්ත්වයක් තියෙන බන්ධනාගාරයෙ ඉඳලා, අනවශ්‍ය වෙලාවක ඔහුව රැගෙන යන එක මේ සිද්ධියට අදාළ පුද්ගලයන්ට කරන්න පුළුවන්ද?
සාමාන්‍යයෙන් වෙන්නෙ එක එකා වෙන වෙනම බන්ධනාගාර බස්වල වෙනමම රැගෙන එන එක. සමහර විට එක රැඳවියෙක්ට එක බස් එකක්. බූස්සෙ ඉඳලා කොළඹ එනවා.ඒවට නාස්ති වෙන්නෙ මහජන මුදල්. මේ රැඳවියට වෑන්ජන හයක් එක්ක කෑම වේල ලැබෙනවා. ඒ සියල්ලම කරන්නෙ මේ විදියෙ දෙයක් නොවෙන්න. ආයුධ සන්නද්ධ විශේෂ කාර්ය බළකාය නිරන්තරවම මේ අයගෙ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කටයුතු කරනවා.

ඒ වගේම ගණේමුල්ලේ සංජීව උසාවියට රැගෙන එනකොට අපිට පේනවා විශාල පොලිස් සහ එස්.ටී.එෆ්. එකේ කණ්ඩායමක් ඉන්නවා. බන්ධනාගාර නිලධාරීන් කීපදෙනෙක් ඉන්නවා පේනවා. ඉතින් මේ බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය ඇතුළු සියලු දෙනා බලාසිටියදී තමයි මේ වෙඩිතැබීමේ සිදුවීම සිද්ධවෙලා තියෙන්නේ. බන්ධනාගාරයේ සිට පුද්ගලයෙක් අධිකරණයට රැගෙන එනකොට ඔහුගේ ආරක්ෂාව බාරව සිටින කණ්ඩායම් කීපයක් ඉන්නවා. එක් කණ්ඩායමක් තමයි පොලිසිය. ඒ වගේම බන්ධනාගාර නිලධාරීන් සහ එස්.ටී.එෆ්. එක ඒ සඳහා අවශ්‍ය නම් කැඳවනවා. අපි දන්නවා බූස්සේ එස්.ටී.එෆ්. නිලධාරීන් රඳවා තියෙනවා යම් යම් අපරාධකරුවන් ළඟ. ඒ වගේම බූස්සේ සිට මේ ස්ථානයට මෙම පුද්ගලයාව රැගෙන එනකොට ඔහුත් එක්ක එස්.ටී.එෆ්. නිලධාරීන් පිරිසක් පැමිණෙනවා. එස්.ටී.එෆ්. නිලධාරීන්ට අධිකරණ ශාලාව තුළට ඇතුළු වීමේ අවසරය නැති නිසා පොලිසිය සහ ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ගේ ආරක්ෂාවට රැඳී ඉන්නවා. බන්ධනාගාර නිලධාරීන්ගේ පොලිසියේ රාජකාරිය රැඳවියන්ගේ ආරක්ෂාව සහ අධිකරණ භූමිය තුළ ඉන්න නීතිඥවරු සහ විනිසුරුවරු ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාවටත් බලපානවා. මේ පිස්තෝලයක් එළියට ඇදලා ඉන් උණ්ඩයක් පිටවෙලා මනුෂ්‍යයෙක් ඝාතනය කරන තෙක් කිසිවෙක්ට මේකට මැදිහත් වෙන්න බැරි වුණා නම්, මේ පුද්ගලයාගේ අතේ තියෙන පිස්තෝලය වීසි කරලා දාන්න බැරි වුණා නම්, ඔහුව අල්ලගන්න බැරි වුණා නම් මේකේ තියෙන භයානකකම තමයි ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ ඉන්න විනිසුරුවරුන්ගේ ආරක්ෂාව ගැන මොකක්ද මේ සම්බන්ධව තියෙන තත්ත්වය. මොකද ඒකට හේතුව අධිකරණය තුළදී වෙඩිතබා ඝාතනය කිරීමක් සිද්ධ කරන්න කිසිම ගැටලුවක් නැත්නම්, එහෙම පිස්තෝලයක් කාගෙ පැත්තට දික් වෙයිද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා.

ඒ වගේම මේ වෙඩිතැබීම කරපු අපරාධකරු, වෙඩිතැබීම කරපු පිස්තෝලය එතැනම දාලා එතනින් පලායනවා. ඔහු ඒකට අපූරු උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඔහු එළියට එන ගමන් ‘ඇතුළෙ වෙඩි තියනවා…’ කියනවා. ඔක්කොම ටික ඇතුළට රිංගනවා. ඔහු සැහැල්ලුවෙන් පිටවෙනවා. ලංකාවෙ ආරක්ෂක අංශ ඒ තරම් බුද්ධිමත්. වෙඩි තියපු එකා, වෙඩි තියනෝ කිව්වම ඌට යන්න දීලා අනිත් එවුන් ඇතුළට දාලා වහනවා.

වෙඩි තැබීම කරපු පුද්ගලයාව ශාලාවෙන් පිටත ඉන්න අය නොදන්නා බව ඇත්ත. නමුත් ශාලාව තුළ ආරක්ෂාවට හිටපු කුමන හෝ නිලධාරියෙක් ඇයි ඔහුව ලුහුබඳින්නෙ නැත්තෙ?

වෙඩිතැබීමෙන් බිම වැටෙන පුද්ගලයාව ක්ෂණිකව රෝහල්ගත කරන්නවත් ඔවුන් ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්නෙ නෑ. වෙඩිවැදිලත් සෑහෙන වෙලාවක් යනකල් තක්බීර් වෙලා බලා ඉන්නවා.

ඊළඟට ඔහුව රෝහල් ගතකරන විදිය. බල්ලෙක් පූසෙක් වගේ එල්ලගෙන අරගෙන එන්නෙ ලංකාවෙ ආරක්ෂක අංශ. එහෙම උස්සගෙන ඇවිල්ලා ජීප් එකක බිම දාගෙන, ඒ මිනිහගෙ ඇඟ උඩත් නැගගෙන පිටත් වෙලා යනවා.

අපි දැක්කා ඉන් පස්සේ අලුත්කඩේ උසාවියට ඇතුළු වෙන නීතිඥවරුන් පරීක්ෂා කරනවාය කියලා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත්මයා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඔහු කියනවා ගණේමුල්ල සංජීවගේ සිද්ධියත් එක්ක ඉදිරියට අලුත්කඩේ අධිකරණ භූමිය තුළට පුද්ගලයන්ව පරීක්ෂා කරනවා. ඒකට නීතිඥවරයෙක්ද නැද්ද කියන එක නොසලකා ඒ පරීක්ෂාව සිදුකරන්න වෙනවා කියලා. ගණේමුල්ල සංජීව ඝාතනය කරලා හෙටත් ඇවිල්ලා තව කෙනෙක්ව ඝාතනය කරන්න මේ ක්‍රමයම පාවිච්චි කරන එකක් නෑ නේද පොලිස්පතිතුමා කියලා අපිට ඔබතුමාගෙන් අහන්න තියෙනවා. මොකද ගණේමුල්ලේ සංජීවව මෙතෙක් කල් බූස්සේ සිට අපි දන්නවා නඩු කීපයකටම ඔහුව කැඳෙව්වේ නෑ. ඒ වෙනුවට ඔහුව සූම් තාක්ෂණය ඔස්සේ තමයි යොදාගත්තේ. ඊට හේතුව තමයි එක පැත්තකින් සංජීව කියන්නේ තීරණාත්මක සාධකයක් මේ ශ්‍රී ලංකාවේ අපරාධ ඉතිහාසය ගත්තම කොහොම නමුත් දැන් සංජීව මියගොස් අවසානයි. සංජීව නේපාලයේ ඉඳන් ලංකාවට එද්දී තමයි කටුනායකදී අත්අඩංගුවට ගන්නේ. එතකොට ආරක්ෂක අංශවලට විශාල වගකීමක් තියෙනවා මේ පුද්ගලයාගේ ආරක්ෂාව සම්බන්ධව. තමන්ගේ ආරක්ෂාව යටතේ රැඳීසිටි පුද්ගලයෙක් මියයෑමේදී ඔහුව ඉස්පිරිතාලෙට අරන් යන්න කලබල වෙන එක විතරක් නෙවෙයි වෙන්න ඕනේ. ඒ නිසා අධිකරණ පද්ධතියට එල්ල කෙරුණු මරුපහරක් විදියට සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාවේ දැවැන්ත හිස්තැනක් හෙළිදරව් වෙච්ච ඓතිහාසික ඝාතන සිදුවීමක් ලෙස අපිට මේ සිදුවීම නම්කරන්න සිදුවෙනවා කනගාටුවෙන් වුණත්.
මේ වෙලාවෙ ඉතාම සරලව තේරුම් යන දේවල් කීපයක්ම තියෙනවා. අපරාධයක් වැළක්වීමේ බුද්ධි අංශ ක්‍රියාදාමයක් ලංකාවෙ නැද්ද? මේ විදියෙ සැලසුමක් සිද්ධ වෙනකොට බුද්ධි අංශය නිදිද?

නිල නොලත් ආරංචිමාර්ග සඳහන් කරන විදියට මේ දෙන්න දවස් තුනක්, ඒ කියන්නෙ 16,17,18 තුන් දිනයේ නවාතැන්පළක නතර වෙලා ඉඳලා තියෙනවා. මේ සැලසුම් සිද්ධ වෙලා තියෙන්නෙ එතැන. අපි දන්න විදියට ඒ නවාතැන එහෙම දින ගණන් පුද්ගලයො නවතින තැනක් නෙමෙයි. නමුත් ඔවුන්ට සැක නොහිතෙන්න හේතු කීපයක්ම ඇති.

එක හේතුවක් වෙන්නෙ මේ ලියන මොහොත වෙනකොටත් හොයා ගන්න විදියක් නැති සිද්ධියට සම්බන්ධ කාන්තාවගෙ හැඳුනුම්පතේ සඳහන්ව ඇත්තෙ, ඇගේ පදිංචිය දාගොන්න කටුවැල්ලෙගම ප්‍රදේශයේ ලිපියනක්. ඈ දූනගහ සහ ඒ අවට ප්‍රදේශවල විවිධ කටයුතුවල නියුක්තව සිටි කෙනෙක්.
එහෙම ඉඳලා පසුව කුඩු ව්‍යාපාරයකට සම්බන්ධව බන්ධනාගාර ගතවෙලා තියෙනවා.

ඈ පහුගිය දිනක ඇගේ පියාව මුණගැහිලා ‘තාත්තෙ මම හෙට රට යනවා’ කියලා, රුපියල් පන්සීයක් දීලා වැඳලා පිටව ගිය බවක් දැනගන්න ලැබුණා. මේ තරුණියගෙ පියා සහ මව වෙන්ව ජීවත් වෙන අය. කොහොම වුණත් මාස කීපයක්ම ඈ මව සමග ජීවත්ව සිටි නිවසින් පිට ජීවත් වූ බවකුත් කියනවා.
මේ සැලසුම මාස කීපයක එකක්. එහෙම නැතිව උදේ නැගිටලා හදපු එකක් නෙමෙයි. මේ පුද්ගලයා අධිකරණ සංකීර්ණයට කීප වතාවක් ඇවිල්ලා තියෙනවා. ඒ එන අතරෙ ඔහු අධිකරණ ශාලාවට ඇතුළු වෙලත් තියෙනවා.

මේ විදියෙ විශාල සැලසුමක් අංශුමාත්‍රයක් නොදැන සිටීම ගැන බුද්ධි අංශයෙන් අපිට අහන්න තියෙන්නෙ සුනිල් වටගල ඇමැතිතුමා අහපු ප්‍රශ්නයම තමයි. මොකද ඔහුව බන්ධනාගාරයෙන් පිටතට ගෙනෙන තැන ඉඳලම අපිට නම් ප්‍රශ්නගතයි.

ඊළඟට එස්.ටී.එෆ්. එකටත් මේකෙන් කොනක් යනවා. දැනගන්න තියෙන විදියට මාකඳුරේ මධුෂ් වැනි අපරාධකාරයො අධිකරණ ශාලාවට රැගෙන යාමේදී ආයුධ සන්නද්ධ එස්.ටී.එෆ්. නිලධාරීන් අධිකරණ ශාලාව තුළටම ගිහිල්ලා තියෙනවා. ඒක එක තැනකදි නතර වෙලා තියෙනවා. මේ විදියට ප්‍රශ්නසහගත ඝාතනයක් වෙන්න පුළුවන් බව ඉතාම පැහැදිලිව පේන්න තියෙන කොටත් ඇයි මෙහෙම ආරක්ෂාව සම්බන්ධව හිස් තැනක් තිබ්බෙ.
එස්.ටී.එෆ්. එකෙන් අහන්න තියෙන්නෙත් සුනිල් වටගල ඇමැතිතුමාගෙ ප්‍රශ්නයම තමයි.

මේ වෙලාවෙ අවියක් එළියට අරගෙන ඒක දික් කරලා වෙඩි තැබීමක් සිදුවෙන්න ගතවෙන කාලය, පළපුරුදු නිලධාරියෙක්ට ප්‍රමාණවත්, ඔහුව වළක්වන්න. ඒ සඳහා පුහුණුවීමක් සහිත නිලධාරීන් මේ වගේ තර්ජන සහිත අපරාධකාරයන් සමග යවන්න ඕනෙ. එහෙම නොයවන පොලිස් දෙපාර්තමේන්තුවෙන් අහන්න තියෙන්නෙත් අර ප්‍රශ්නයම තමයි.

ඇත්තටම බන්ධනාගාර නිලධාරීන්ගෙන් නම් එහෙම එකක් අහලා වැඩක් නෑ. මොකද එයාලගෙන් අහන්න තරම් දෙයක් ඉතිරිවෙලා නෑ.
ඊළඟට කියන්න තියෙන්නෙ මේ වගේ කලබලකාරී තැන්වල අර නියෝජ්‍ය ඇමැතිතුමාව එව්වෙ කවුද? ඒ මනුස්සයගෙ වාහනේ කෝ? තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම්, අපරාධකාරයා හොයන එක පැත්තක දාලා ආරක්ෂක අංශවලට වෙන්නෙ ඒ මහත්තයගෙ වාහනේ හොයන්න.

රටේ මිනිස්සුන්ට මෙහෙම ගියොත් වෙන්නෙ ඇමැතිතුමාලට කෝල් කරලා වටගල මහත්තයෙ ප්‍රශ්නයම අහන්න. මොකද ඒකට හේතුව මේ ලිපිය ලියන මොහොත වෙනකොටත් අවිය රැගෙන අධිකරණ ශාලාවට ආ කාන්තාව හොයාගන්න ලංකාවෙ ආරක්ෂක අංශ අසමත්. ඈ තමයි මේ සෙල්ලමේ නියමම වැඩකාරි. වැඩේ හරියට කරලා පැනලා ගිහිල්ලා දවස් ගානක් අතුරුදන් වෙන කොට අපි දැන් අල්ලන් ආපු එකාගෙ රුව ගුණ තේජස ගැන කවි ලියනවා.
ඒ අතරෙ මිද්දෙණියෙ ඝාතන සිද්ධිය මේ සිදුවීමත් එක්ක යට යනවා. අපිට එකක් උඩ එකක් සිදුවීම් ආවම පළමු සිදුවීම අමතක වෙනවා. ඒ සබන්ධව රටේ ඇතිවෙන ආන්දෝලනය අඩු වෙනවා. මේ වෙලාවෙ ඒකත් සැලසුමේ කොටසක් වෙන්න බැරි කමක් නෑ. මොකද ඒ ඝාතනය මීටත් වඩා ඉතාම සාහසිකයි. ඉලක්කය වැරදී හෝ සැලසුම් කළ පරදි දරුවන් දෙදෙනාත් සමග ඝාතනය වීමක්. මේ ඝාතනය අපරාධ ලෝකයේ හෝ අනුමත කරන එකක් නෙමෙයි.
ඒ වගේම ඔහු පැහැදිලිවම කියනවා යූටියුබ් හරහා ‘මාව මරන්න ඉන්නවා…’ කියලා. ඔහු තමන්ව මැරුවොත් ඊට වගකියන්න ඕනෙ වගකිව යුත්තන් පිරිසකගෙ නම් කියනවා. ඒ කියන විදියටම ඔහු සමග හයක් හතරක් නොදන්න කිරි සප්පයො ඝාතනය වෙනවා. ආපු ගමන් පාතාලේ ඉවර කරනවා කියලා වහසිබස් දොඩපු ආණ්ඩුව, චෝදනා ලබපු අය අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරනවද මේ වෙලාවෙ?

ගණේමුල්ලෙ සංජීව ගැන කියවෙන්නෙ අපරාධ ජාලයේ සිටි බොහෝ දේශපාලන හා ආරක්ෂක අංශ අතර සබඳකම් පැවැත්වූ අයෙක් විදියටයි. 2021 දී සංජීව ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරන්නේ කොටින් සතු අවි ආයුධ සිය ගණනක් දකුණේදී අලෙවිකිරීමක් ගැන කියමින්. ඕල්කට්ලා, කිඹුලාඇලේ ගුණාලා, මාමා අස්මිලා වගේ අයත් මේ සෙල්ලමම කළා.

2021 – 23 කාලයේ මෙරටේ හමුදා කඳවුරුවලින් ටී 56 ගිනි අවි 70කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන්ව ඇතිබව පැරණි මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම අපරාධාකරයන්ටම විතරක් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. එහෙම දේකට උසස් නිලධාරීන්ගේ සහ දේශපාලකයන්ගෙ සහාය අවශ්‍යයි.
කොහොම වුණත් පස්සෙ කාලෙක ගණේමුල්ල සංජීව ඇතුළු සහචරයන් විදෙස්ගත වෙන්නෙ එයාර්පෝට් එකෙන් නෙමෙයි. එහෙම නම් ඒ මන්නාරමේ සිට මුහුදු මාර්ග ඔස්සේ. පස්සෙ කාලෙක ලංකාවට ආපු සංජීව තමා සතුව ඇති තොරතුරු හා නම් ප්‍රසිද්ධ කරන බවත් තමාට රට පැනීමට සිදුවූයේ කුමන හේතුවකටද යන්න හෙළිකරන බවටත් තර්ජනය කර තිබුණු බවක් ඔහුගෙ ඉතිහාසය හොයන කොට අපිට දැනගන්න ලැබුණා.

මේ විදියට මාකඳුරෙ මධුෂ් වගේම ක්ලබ් වසන්තත් හදිසියේම මියගියා. ඉන් එකක් තුවක්කුකරුවෙක් හදිසියේ පැමිණ කළ වෙඩිතැබීම්. සැලසුම්සහගත අපරාධ. මරණකරුට හෙළවෙන්නවත් ඉඩක් නොතබා ඒවා සිදුවෙන්නෙ. මධුෂ්ට විතරක් වෙනස් ඉරණමට මුහුණ දෙන්න වෙනවා. ඒ හැමෝගෙම විදිය වෙනස් වුණත් හැඩට වෙනස් වුණත් කළේ එකම සෙල්ලම. හැබැයි ඒ වෙන වෙන විදිවලට. සමහර පැන පැන හයේ ඒවා ගැහුවා ජයසූරිය වගේ. සමහරු තිලාන් සමරවීර වගේ ලෑල්ල දාගෙන හිටියා. සමහරු ඔහේ වැනුවා. කොහොම වුණත් අන්තිමට විකට් එක ගියා. ඒ නිසා මතක තියාගන්න මේ එකම සෙල්ලමක්.
අන්තිමට අවුට් වෙනවා. කජ්ජගෙ මරණය සාහසික වැඩියි. ඒ නිසා සංජීවට ඉක්මනින් යන්න වුණා වෙන්නත් පුළුවන්. අමතක කරන්න එපා රතුපස්වල මිනිස්සු මැරුණ දවසෙම තමයි ලංකාවෙ අය කිරිපිටිවල වස තියෙනවා කියලා හොයාගත්තෙත්.

මේ ඝාතන වැල එක්ක නම් වැලක් තියෙනවා. ඒ අය ප්‍රසිද්ධියෙ ප්‍රධාන නාලිකාවලට ඇමතුම් ගන්නවා. මේ හා නම් ඈඳුණු සමහරු ලංකාවෙ ජීවත් වෙන අය. ඒත් තවම වුණු දෙයක් නෑ. මරණය කොහොමත් එනවා, ඒත් මරණයට හේතුවක් වෙන ඕනෙම අයෙක්ට ඒ මරණය සම්බන්ධව චෝදනා එල්ල වෙනවා. ඉන් පස්සෙ ඔවුන්ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කළ යුතුයි. කෝ ඒක එහෙම වෙලා නෑ නෙ. ටියුෂන් දෙන්න ආපු අය තවම තම ආපු වාහනේ හොයනවා.
අන්තිමට අපිට ආණ්ඩුවෙන් අහන්න තියෙන්නෙත්, අර වටගල ඇමැතිතුමාගෙ ප්‍රශ්නෙම තමයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගෝඨාගේ කාලේ එක තැන අලි 7ක් මැරුණා! රනිල්ගේ කාලෙත් එහෙමයි! සමූහ අලි මරණ රටට දෙන පණිවුඩය! Sri Lanka Latest News

Next Post

ශ්‍යාමා තමයි චණ්ඩියා! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.