• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගෛ් වැල් පාලමෙන් අනුරගේ මොඩලය හොයන දින 27ක්! Sri Lanka Latest News

February 23, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට 79 වැනි අයවැය විවාදය මේ දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේදී පවත්වනු ලබන විවාදවලින් ඉතා වැදගත් විවාදයක් වශයෙන්ද අයවැය විවාදය නොහොත් විසර්ජන පනත් කෙටුම්පත විවාදය සැලකේ. Sri Lanka Latest News

මෙරට 9 වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායකගේත්, වර්තමාන මාලිමා ආණ්ඩුවේත් පළමු අයවැය මෙම අයවැය වීම තවත් විශේෂත්වයකි.
ඊට අමතරව මෙම අයවැය සුවිශේෂ වන තවත් කරුණු රාශියක් ඇත.

ලංකා ඉතිහාසය තුළ අභියෝගාත්මක අයවැය මෙම අයවැය කිව්වොත් එය නිවැරැදිය. මෙරට ආර්ථිකය බංකොලොත් වී යළි ක්‍රමයෙන් නැගීසිටීමට 2024 වර්ෂයේදී ක්‍රියාකරමින් සිටින විට ඇතිවූ ප්‍රබල දේශපාලන වෙනස්වීම් සමග මෙම අයවැය ඉදිරිපත් කිරීම සිදුවන්නේ අභියෝග රැසක් මධ්‍යයේය.
කොවිඩ් ලෝක වසංගතය සමග පැමිණි ලෝක ආර්ථික අර්බුදය, තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ආර්ථික උද්ධමනය, ආහාර උද්ධමනය, බඩු මිල ඇතුළු ජීවන වියදම ඉහළ යෑම, අරගලය සමග ඇතිවූ දේශපාලන අස්ථාවරභාවය ඇතුළු කරුණු ගණනාවක් මේ රටත්, රටේ පොදු මහජනතාවත් හෙම්බත් වීමෙන් පසුව රටේ ආර්ථිකය යම් දිශානතියකට ගමන් කිරීමට පදනම දමා ඇති කාලයක් ඉක්ම යෑමට පෙර මෙම අයවැය ඉදිරිපත් කිරීම පැති කීපයකින්ම අභියෝගයකි.
හිටපු ජනාධිපති මෙන්ම හිටපු මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහගේ භාෂාවෙන්ම කියනවා නම් තවම රට ගමන් කරන්නේ වැල් පාලමේය.

හෙන්රි ජයසේනයන්ගේ ‘හුණුවටයේ කතාව’ අනුව වැල් පාලමෙන් එතෙර විය යුත්තේ ඉතා පරිස්සමෙන්ය. පොඩ්ඩක් එහා මෙහා වූවොත් වැල් පාලමේ ඉතා අසීරුවෙන් ගමන් කිරීම කෙසේ වෙතත් අමාරුවෙන් පාලමේ එල්ලී සිටීමද ඉතා අපහසුය.

‘වැල් පාලමේ භාගයක් දුර පසුකරලා ටිකක් දුර ගිහිල්ලා මම අනුරට දරුවා දුන්නා. අනුර වැල් පාලමෙන් ඉතා පරිස්සමෙන් දරුවා එතෙර කරාවි කියලා මම හිතනවා’ කියලා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කිව්වා ඔබට මතක ඇති.

ජනාධිපතිවරණයට පෙර අයි.එම්.එෆ්. සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවලදී මොනවා ප්‍රකාශ කළද වැල් පාලමේ කතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හොඳ හැටි දන්නේය. රනිල්, මහින්ද වාගේම දේශපාලනමය වශයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාද හොඳහැටි තෙම්පරාදු වී ඇති නිසා දේශපාලන වේදිකාවෙන් මහපොළොවට ජනාධිපතිවරයා බැස ඇත.

මේ නිසා ප්‍රායෝගිකව ආර්ථික අර්බුද ජයගැනීම ගැන දැඩි අවධානයක් යොමුකරමින් ඉතා ප්‍රවේශම්කාරීව මෙම අභියෝගාත්මක අයවැය ඉදිරිපත් කිරීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

අයි.එම්.එෆ්. ගැන ජනාධිපතිවරණයට පෙර කුමක් කීවද අයි.එම්.එෆ්. රාමුව සමග අයවැය ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත්තේ එම නිසාය.
තවමත් වැල් පාලමේ ගමන් කරන නිසා ඉතා ප්‍රවේශමෙන් ගමන් කළ යුතුව ඇත.

තවමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන එම තනතුරුවල සිටින්නේ මෙම වැල් පාලමේ ගමන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හොඳ හැටි දන්නා නිසාය.

‘ඇයි මහබැංකු අධිපතිවරයා තවම තියාගෙන ඉන්නේ? මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මාරු නොකරන්නේ ඇයි?’ කියා මේ දිනවල විරුද්ධ පක්ෂයේ ඇතැමුන් හඬ නැගුවද ජනාධිපතිවරයා තවමත් ඒ සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටින්නේ ඒ ගැන ප්‍රශ්න කරන උදවියට නොතේරෙන දේශපාලනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හොඳින් දන්නා නිසාය.

ඒ වගේම ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනත් වැල් පාලමේ ගමන ඉතා හොඳින්ම දනිති.
දින 27ක් පුරා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදය මේ දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර, බොහෝ දෙනකුගේ අවධානයද ඒ දෙසට යොමුවී තිබෙන්නේ රටේ ආර්ථිකයේ අනාගත ලියවිල්ල කෙසේ සකස් වන්නේද කියා සොයා බැලීමටයි.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය මේ දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර, අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය ආරම්භ වන්නේ පෙබරවාරි මස 27 වැනිදාය. අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වැනිදා පැවැත්වීමට නියමිතය.

අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය ආරම්භ වූයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනට පසුදාය. එනම්, 18 වැනිදාය.

18 වැනිදා අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ වූ දිනයේ ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විරුද්ධ පක්ෂයෙන්ද හරබර කරුණු කිහිපයක් අසන්නට ලැබිණි. නමුත් වර්තමාන ආණ්ඩුවේ ආර්ථික මොඩලය කුමක්ද යන්න පිළිබඳ දෙපැත්තෙන්ම බොහෝ තර්ක ඉදිරිපත් කෙරෙන ආකාරයක් දක්නට ලැබිණි.
ඒ වාගේම රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම පිළිබඳවද දෙපැත්තෙන්ම බොහෝ තර්ක අසන්නට දකින්නට ලැබිණි.

වර්තමාන ආණ්ඩුවට සහ අයවැයට කිසිම ආර්ථික මොඩලයක් නොමැති බවත්, වසර 77ට අපහාස කරමින් මාලිමා ආණ්ඩුවද ඉදිරිපත් කර ඇත්තේ 77 වසරක ආර්ථිකයේම තවත් දිගුවක් බවත් විරුද්ධ පක්ෂයේ කථිකයෝ රැසක්ම පෙන්වා දුන්හ.

ඊට පිළිතුරු ලබාදෙමින් ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන් පෙන්වා දුන්නේ ආණ්ඩුවේ වසර 5 අවසන් වනවිට ආර්ථික මොඩලය කුමක්ද කියා හොඳ හැටි දැනගත හැකි වනු ඇති බවයි.

අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්දය විරුද්ධ පක්ෂය වෙනුවෙන් ආරම්භ කළේ ආචාර්ය හර්ෂ ද සිල්වාය. ඔහු විවාදය ආරම්භයේදීම ප්‍රකාශ කළේ වර්තමාන ආණ්ඩුව ආර්ථිකය ගමන් කරන දිශානතිය නිවැරැදිව අයවැය මගින් රටට ඉදිරිපත් නොකළ බවයි.

ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මුදල් අමාත්‍යවරයා වශයෙන් 1970 සමගි පෙරමුණු ආණ්ඩුව ගමන් කරන්නේ කොහාටද යන්න අයවැය ලේඛනය මගින් පැහැදිලිව පෙන්වා දුන් බව ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් පෙන්වා දෙනු ලැබීය.

ඒ වාගේම 1977දී බලයට පත්වූ එක්ස්ත ජාතික පක්ෂ ආණ්ඩුවේ මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාත් එම ආණ්ඩුවේ ආර්ථික ගමන ඉතා පැහැදිලිව සඳහන් කළ බවද ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේය.

නමුත් වර්තමාන ආණ්ඩුවේ ආර්ථික ගමන කුමක්ද යන්න කියා කිසිදු පැහැදිලි කිරීමක් මෙම අයවැය ලේඛනයේ නොමැති බව ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් පෙන්වා දෙන ලදී.

‘පල්ලියේ පූජකතුමාට පන්සලේ බණ කියන්න පුළුවන්ද? පන්සලේ ස්වාමින් වහන්සේට පල්ලියේ පූජාව තියන්න පුළුවන්ද?’ යනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේය.

ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය විශ්වාස කළාට ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය තුළ එවැනි සංකල්පයක් නොමැති බවටද හර්ෂ ද සිල්වා විසින් චෝදනා කරන ලදී.

වර්තමාන ආණ්ඩුවේ ආර්ථික මොඩලය කුමක්ද කියාද ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කළේය.
ඊට ඒ අවස්ථාවේදීම පිළිතුරු ලබා දුන්නේ කම්කරු අමාත්‍ය හා නියෝජ්‍ය මුදල් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුය.

‘ආර්ථික විද්‍යාවේ මොඩල්ස් ගැන දැනගන්න ඕනේ නම් වෙනම විවාදයක් තියමු. මේ මොඩල් එක මොකක්ද කියලා බලාගන්න ඉවසීමෙන් මේ අවුරුදු 5 දිහා බලාගෙන ඉන්න. අපේ ආර්ථික විද්‍යාව මොකක්ද කියලා කියන්න ඔබ අලුත් නමක් අරගෙන එන්න…’ යනුවෙන් මහාචාර්ය අනිල් ජයන්ත පැවැසුවේය.
ආර්ථික මොඩලයක් එක තැන පල් නොවන බවත්, එය කාලානුරූපීව වෙනස් වන බවත් මහාචාර්ය අනිල් ජයන්ත විසින් පෙන්වා දෙන ලදී.
චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයාද අයවැය විවාදයට එක්වෙමින් කියා සිටියේ ඉදිරි වසර 3 අයි.එම්.එෆ්. සමග යෑමට පසුගිය ආණ්ඩුව විසින් වැඩකටයුතු සිදුකර ඇති බවයි.

2029 වර්ෂයේදී මාලිමා ආණ්ඩුවේම ප්‍රතිපත්තිවලට නියම මාලිමා අයවැයක් ඉදිරිපත් කරන බවද චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ගැන ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයෝ කතාකරන්නට වූහ.
හර්ෂ ද සිල්වා, ප්‍රසාද් සිරිවර්ධන ඇතුළු පිරිසක් කීවේ විශාල වැටුප් වැඩිකිරීමක් සිදුකර නොමැති බවයි.

රුපියල් පහළොස් දහස් ගණනකින් වැටුප් වැඩිකර ඇති බවට ප්‍රකාශ කළද, නියමාකාරයෙන් වැටුප් වැඩිවී තිබෙන්නේ රුපියල් 8,250කින් බවත්, මේ වසරේදී එම මුදල තවත් අඩුවෙන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේය.
එම චෝදනාව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රතික්ෂේප කළේය.
මෙය ඓතිහාසික වැටුප් වැඩිවීමක් බව මහින්ද ජයසිංහ සඳහන් කළේය.

ඉතිහාසයේ අයවැයකින් වැඩිකළ වැඩිම වැටුප මෙය බවද ඔහු පෙන්වා දෙන ලදී.
රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේද සැලකිය යුතු ලෙස වැටුප් වැඩිකිරීමට අයවැය මගින් කටයුතු කළ බව පැවැසුවේ වසන්ත සමරසිංහ අමාත්‍යවරයාය.

එකවර රජයට දරන්න බැරි නිසා වසර 3ක් ඇතුළත මෙම වැඩිකළ මුළු වැටුපම රාජ්‍ය සේවකයන්ට හිමිවන බවද වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

කෙසේ නමුත් වැය සඳහා මුදල් සොයාගනු ලබන්නේ කෙසේද? ඒ සඳහා බදු සංශෝධන කරනවාද? නැතිනම් ණය මුදල් ලබාගන්නවාද කියා ආණ්ඩුවෙන් විමසුවේ විරුද්ධ පක්ෂය නියෝජනය කරනු ලබන ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයාය.

වැය සඳහා ආණ්ඩුව අය ලබාගන්නේ කෙසේද? ආදායම් උපයා ගන්නේ කෙසේද කියා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද හෙතෙම අවධාරණය කර සිටියේය.

සැලකිය යුතු ආදායමක් මෝටර් රථ ආනයනය කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන බව පෙනුණත් එය ප්‍රායෝගිකව සිදුකරන ආකාරය සහ එහි ඉලක්කගත සැලසුම් පිළිබඳ අයවැය විවාදයේ ඉදිරි දිනවලදී ආණ්ඩු විසින් යම් පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නම් එය ඉතා වැදගත් වනු ඇත.

වර්තමාන ආණ්ඩුවේ ආර්ථික මොඩලය ගැන කතාකරන අවස්ථාවලදී ගීත කීපයක මුල් පද පේළි කිපයක්ම ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විරුද්ධ පක්ෂයෙන් අසන්නට ලැබිණි.

‘පෙර දිනයක මා පෙම්කළ යුවතිය සිය පුතු නළවනවා…’
‘මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා…’

‘මංමුළාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ – මංමුළාවූ සමනලියකගෙනි පාර අසා තිබුණේ…’
2025 අයවැය විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තුව දින 27ක් වෙන්කර ඇති අතර, මෙම දිනවලදී වර්තමාන ආණ්ඩුවේ සහ 2025 අයවැයෙහි ආර්ථික මොඩලය පිළිබඳ යම් වැටහීමක් රටට ලබාදීම ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන්ගේ වගකීමකි.

ආර්ථික මොඩලය ගැන අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ අනුර දිසානායක ජනාධිපතිවරයා ජේ.වී.පී. නොවන බවයි. හරිනි අමරසූරිය අගමැතිනිය මෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාද නව ලිබරල් ආර්ථිකය තෝරාගෙන ඇති බව දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් කේ.ඩී. ලාල්කාන්ත ඇමැතිවරයා කියා සිටියේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයට වත්මන් ආණ්ඩුව ගරු කරන බවයි. සියලු පාර්ශ්ව සහභාගි කරගනිමින් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම හරහා රටේත් රටේ පොදු මහජනතාවගේත් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද ලාල්කාන්ත ඇමැතිවරයා සඳහන් කළේය.

ඇඩ්මිස් ස්මිත්ගේ ආර්ථිකය මේ වනවිට යුරෝපයෙනුත් ප්‍රතික්ෂේප වී ඇති බව පැවැසූ කේ.ඩී. ලාල්කාන්ත ඇමැතිවරයා කියා සිටියේ සමාජයේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ආකාරයෙන් 2025 අයවැය ඉදිරිපත් කරන බවයි.

අනුර දිසානායක ජනාධිපතිවරයා ආර්ථික අභියෝගය ජයගැනීම සඳහා අයවැය මගින් යම් අඩිතාලමක් දමා ඇති බව ඇතැම් ආර්ථික විශේෂඥයන් පෙන්වා දී ඇත. නමුත් එය ප්‍රායෝගිකව ඉටුකිරීමට අවශ්‍ය බදු සංශෝධන කවරේද කියා ආණ්ඩුව විසින් පෙන්වා දිය යුතු බවද ඔවුහු අවධාරණය කරති.
ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අයවැයෙන් පසුව ප්‍රකාශ කළේ වර්තමාන ආණ්ඩුවේ ආර්ථික දිශානතිය පිළිබඳ සතුටු වන බවයි.
විරුද්ධ පක්ෂය කෙතරම් විවේචන එල්ල කළද ඒවා විඳදරාගෙන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වර්තමාන ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයන්නේ මේ ගමන හැර වෙනත් විකල්පයක් නොමැති නිසා යන පැනය මතුවේ. රට දරුණු ආර්ථික අර්බුදයකට ගෙනයෑමට ඉඩ නොදීම ජනාධිපතිවරයාගේ දැඩි වගකීමකි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

ලෝකයම පුදුම කරපු ලංකාවේ යක්ෂ දූපත! Sri Lanka Latest News

Next Post

පාරක් පාරක් ගානේ මිනිස්සු මැරෙන රටක මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ඕනේ නැද්ද? Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.