• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කියන දේ නාහන මහබැංකු-රාජ්‍ය බැංකු ලොක්කන් පන්නන්න ගෝඨා සූදානමින්

June 11, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොර අර්බූදය දරුණුයි: ගෝඨා තීන්දුවක් ගනී
Share on WhatsAppShare on Facebook

ව්‍යාපාර සඳහා මෙන්ම ජනතාවගේ සුබසාධනය පිණිස රජය දෙන සහන බැංකු මගින් සමාජයට ගලා නොයෑම වහාම විසඳිය යුතු ගැටළුවක් බවත්, මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත් කර වැඩකරන පිරිසත් සමග රටේ අවශ්‍යතාව ඉටුකිරීමට පසුබට නොවන බව ජනාධිපති ගෝඨාභය මහතා පවසයි.

අවපාතය ජය ගැනීමට සාම්ප්‍රාදයික චින්තනයෙන් හා වැඩ රටාවෙන් බැහැරව නොබියව තීරණ ගන්නා බව ද ජනාධිපතිවරයා කියා සිටියි.

රට යථා තත්වයට පත්වෙමින් තිබියදී ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පැහැදිළි කිරීමත්, අපනයන ව්‍යාපාර මුහුණදෙන ප්‍රශ්න හා ගැටළු හඳුනාගැනීමත් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමග අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේදී ජනාධිපතිතුමා එසේ සඳහන් කළේය.

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය නිසා ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම පසුබැසීමක් ඇතිවිය. රෝගය මර්දනය කොට රට යථා තත්වයට ගෙන ඒමට පියවර ගැනීමත් සමග අපේක්ෂා ඉක්මවා ආර්ථිකය ගොඩනැගෙමින් පවතින බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ඩොලර් බිලියනයකට වැඩි විනිමය ආදායමක් උපයන්නේ අපනයන ව්‍යාපාර කිහිපයක් පමණි. එහෙත් එය වැඩි පරාසයකට ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව ජනාධිපතිතුමා කීය.
කුරුඳු, කරාබු නැටි, සාදික්කා වැනි කෘෂි අපනයනවලට අගය එකතු කිරීමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට පිළිවන. කොවිඩ් 19 පැතිරයාමත් සමග ලෝක ආර්ථිකය තුළ නව වෙළෙඳපොළක් බිහි වී තිබේ. මැද පෙරදිග, චීනය සහ ඉන්දියාව ඇතුළු ආසියා කලාපයේ විශාල වෙළෙඳ පොළක් නිර්මාණය වෙමින් පවතී. කළමනාකරණයේ සහ අළෙවිකරණයේ පුළුල් දැනුමක් ඇති අපේ අපනයනකරුවන්ට නව වෙළෙඳපොළ අත්කර ගැනීමේ හැකියාව ඉතා හොඳින් ඇතැයි තමා තරයේ විශ්වාස කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

නව ජවයකින් යුතුව මේ විභවතාව උපයෝගීකර ගනිමින් ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කිරීමේ වගකීම ද අපනයනකරුවන් සතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. කුඩා රටක් වුවත් රජය අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවලට වැඩි ආයෝජනයක් කරයි. කොවිඩ් 19ට සාර්ථකව මුහුණදීමට හැකිවූයේ එබැවිනි. මෙරට නිෂ්පාදනය කළ හැකි කෘෂි බෝග සහ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය නතර කිරීමෙන් විනිමය අනුපාතය පාලනය කර ගැනීමටත් ගොවියා ආරක්ෂා කර ගැනීමටත් රජයට හැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය.

ආර්ථික පුනරුදය සඳහා රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේම බැංකුවල දායකත්වය පිළිබඳ විවේචනයක් සමාජය තුළ පවතී. ව්‍යාපාර සඳහා මෙන්ම ජනතාවගේ සුබසාධනය පිණිස රජය දෙන සහන බැංකු මගින් සමාජයට ගලා නොයන බව පෙනී යයි. එය වහාම විසඳිය යුතු ගැටළුවක් බවත් මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත්කර වැඩකරන පිරිසත් සමග රටේ අවශ්‍යතාව ඉටුකිරීමට පසුබට නොවන බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
අවපාතය ජය ගැනීමට සාම්ප්‍රාදයික චින්තනයෙන් හා වැඩ රටාවෙන් බැහැරව නොබියව තීරණ ගන්නා බව ද රාජපක්ෂ මැතිතුමා කීය.
ඇතැම් අපනයන බෝග සඳහා පොහොර නොලැබීම සහ සත්ව නිෂ්පාදනයේදී සත්ව ආහාර හිඟය පිළිබඳව ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ. ගැටළු විසඳීමට දැනටමත් පියවර ගෙන ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය. වරාය ගුවන්තොටුපොළල ආයෝජන මණ්ඩලයල රේගුව ඇතුළු අපනයන ක්‍රියාවලියට ඝෘජුව දායකවන ආයතන සහ ප්‍රධානීන් දෙන සහාය ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් බව අපනයන ව්‍යාපාරිකයෝ කීහ. ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගෙන් ලැබෙන සහායද ඔවුන්ගේ ප්‍රශංසාවට ලක් විය.
පොල් පොල්තෙල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදනල තේල ඇඟළුම්ල එළවළුල පළතුරුල රබර් හා ආශ්‍රිත නිෂ්පාදන තොරතුරු තාක්ෂණය මුහුදු ආහාර ගම්මිරිස් ඇතුළු සුළු භෝග අපනයනය හා බැඳුණු ගැටළු දීර්ග සාකච්ඡාවට ලක් කෙරිණ. අපනයන විවිධාංගීකරණය අවශ්‍යයෙන්ම කළ යුතු කාර්යයක් ලෙස හඳුනාගන්නා ලදී.
ප්‍රති අපනයනයට අවශ්‍ය ඇතැම් අමුද්‍රව්‍ය ආනයනය කළයුතුව තිබේ. එය කළයුත්තේ දේශීය ගොවීන් ආරක්ෂා කරමින් හා ශක්තිමත් කරමින් බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල් ගෙවත්තෙන්ම සපයා ගැනීම රජයේ ඉලක්කයයි. ලෝක වෙළෙඳ පොළේ පොල් කර්මාන්තය ආශ්‍රිත අපනයන සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. එබැවින් පොල්වතු ආරක්ෂා කර ගනිමින් උතුරු පළාතේ මෙන්ම සෙසු පළාත්වලද පොල් කර්මාන්තය නගා සිටුවීමට රජය පියවර ගෙන තිබේ. ගොවි අස්වනු පිළිබඳව තාක්ෂණික ක්‍රමවේද මගින් තොරතුරු රැස් කිරීමෙන් අපනයනකරුවන්ට ඒවා මිලදී ගැනීම පහසුවන බව අපනයනකරුවෝ පෙන්වා දුන්හ.

තාක්ෂණික උපාංග ගෙන්වා එකලස් කිරීමෙන් අඩු වියදමකින් පරිගණක ලැප්ටොප් ජංගම දුරකථන ඇතුළු නිෂ්පාදන රැසක් මෙරටදීම කළහැකි බව ද ආයෝජකයන් පෙන්වා දුන් අතර ඊට සහාය වීමට ජනාධිපතිතුමා එකඟ විය
රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරු ද, ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ තේල රබර්ල පොල්, ඇගළුම්, එළවළු, පළතුරු, කුළු බඩු ආදී ක්ෂේත්‍ර ගණනාවක ප්‍රධානපෙළේ අපනයන ව්‍යාපාරිකයෝ, රාජ්‍ය බැංකු ඇතුළු ආනයන, අපනයන වෙළෙඳාමට සම්බන්ධ ආයතන ප්‍රධානීහූ හමුවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

මහින්දට තැපෑලෙන් රුපියල් 5000ක් ඇවිත් (PHOTOS)

Next Post

සජිත්ගෙන් බුද්ධිකට එකවර 4ක්

MORE NEWS

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

පුරන් කුඹුරුවල හැදූ බඩඉරිඟු… වෙළෙඳ ඇමති හොඳ කියද්දී ගොවියෝ ගැටලු පෙන්වති. "බඩඉරිඟු වවන එක වාසිදායකයි… මඩේ ඉරිඟු හිටවන්න පුළුවන්ද? Sri...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.