• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවාගේ ශිෂ්‍යත්වයට හයියක් වෙන්න ඉස්කෝලේ සුළු සේවිකාවක් වෙච්ච ගාල්ලේ අම්මා උසස් පෙළ කරලා උපාධියකුත් ගත්තා! සයමස් ගැබිණියක් වෙච්ච යාපනේ සහකාර ලේකම්වරිය දරු ගැබත් එක්කම සියදිවි සනාගත්තා! උතුරෙයි දකුණෙයි අම්මලා දෙන්නගේ වෙනස් කතා දෙකක්! Sri Lanka Latest News

February 22, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
දරුවාගේ ශිෂ්‍යත්වයට හයියක් වෙන්න ඉස්කෝලේ සුළු සේවිකාවක් වෙච්ච ගාල්ලේ අම්මා උසස් පෙළ කරලා උපාධියකුත් ගත්තා! සයමස් ගැබිණියක් වෙච්ච යාපනේ සහකාර ලේකම්වරිය දරු ගැබත් එක්කම සියදිවි සනාගත්තා! උතුරෙයි දකුණෙයි අම්මලා දෙන්නගේ වෙනස් කතා දෙකක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘හිත ඇත්නම් පත කුඩාද?’ කියලා අපි කතාවට කියනවා. නොපසුබට උත්සාහය තියෙනවා නම් ජීවිතේ දිනන්න ඕනෙම කෙනෙකුට පුළුවන්. ඒ වගේ ජීවිතය ජයගත්ත කාන්තාවක් පිළිබඳ අපට පසුගිය දවසක අසන්නට ලැබුණා. සමාජ මාධ්‍යයේ පළවෙලා තිබුණු මේ කතාවෙන් හැම දරුවකුටම හැම වැඩිහිටියකුටම ගත හැකි හොඳ ආදර්ශයක් තියෙනවා. ඒ වගේම ඕනෑම කෙනකුගේ දියුණුවට හෝ විනාශයට අවට පරිසරය බලපාන බවත් මේ කතාවෙන් සනාථ වෙනවා. Sri Lanka Latest News

2017 වර්ෂයේදි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ඇය එකතුවන්නේ සුළු සේවිකාවක් ලෙසයි. ඇය නමින් යමුනා උදයංගනී. ඒ වන විට ඇය අධ්‍යාපනය ලබා තිබුණේ සාමාන්‍ය පෙළ දක්වා පමණයි. ඇය එම පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවිකාවක් විදියට කටයුතු කරද්දී ඇයට අධ්‍යාපනයේ ඇති වැදගත්කම දිනෙන් දිනම වැටහෙන්නට වුණා. ඇගේ ආත්ම ශක්තියත්, නොපසුබට උත්සාහයත් නිසා අද වන විට ඇය ජයග්‍රාහණයක් ලබා තිබෙනවා.

අප දන්නවා වැඩිදුර අධ්‍යාපනයක් නොලබපු කෙනකුට ඉහළ පෙළේ රැකියාවක් ලැබෙන්නේ කලාතුරකින් බව. මේ නිසාම එවැනි අයට බොහෝ විට තෝරාගන්න වෙන්නේ අඩු වැටුපක් සහිත සුළු රැකියාවක්. යමුනා උදයංගනීටත් ඒ තත්ත්වය උරුමව තිබුණා. ඇයටද ජීවිතය ගැටගහ ගන්න කුමන හෝ රැකියාවක් කිරීමට ඇයට සිදුව තිබුණා. මේ නිසාම ඇය පාසලේ සුළු සේවිකාවක් ලෙස සේවයට යොමු වෙනවා. ඇයට පැවරී තිබුණු කාර්යභාරය වුණේ පාසල් මිදුල, පන්ති කාමර ශුද්ධ පවිත්‍ර කිරීම සහ විදුහල්පතිතුමාගේ සහ ගුරුභවතුන්ගේ කාමර පිරිසිදු කිරීමයි. ඊට අමතරව තේ සෑදීම, බෙදාදීම වැනි කටයුතුත් ඇයට පැවරිලා තිබුණා. ඇය ඒ සෑම දෙයක්ම ඉතා සතුටින් ඉටුකළා. ඒත් ඇයට වැටහෙන්න ගත්තා තමන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට නම් තවදුරටත් අධ්‍යාපනය ලැබිය යුතුයි කියලා. ඒ නිසාම ඇය පාසලේ ගුරුවරුන්ට තමන්ගේ හිතේ තියෙන ඉලක්කය ගැන පවසා සිටියා. ඒ වෙද්දී උසස් පෙළ විභාගය පැවැත්වෙන්න තවත් ඉතිරි වෙලා තිබුණේ මාස 04ක් වැනි කෙටි කාලයක්. නමුත් පාසලේ ගුරුවරු ඇයට එම විභාගයට පෙනී සිටීමට අවශ්‍ය දැනුම ලබාදෙන්න දෙවරක් හිතුවේ නැහැ. ඔවුන් ඇගේ හීනය සැබෑ කරගන්නට ශක්තියක් වුණා.

යමුනා උදයංගනී තමන්ගේ අරමුණ ගැන පළමුවෙන්ම පවසා සිටින්නේ 2017 වර්ෂයේ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ විදුහල්පතිවරයාටයි. ඒ අනුව, ඔහු යමුනාට අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නට කටයුතු කළා.

යමුනා උදයංගනී ඒ සම්බන්ධයෙන් සිය අදහස් පළකළේ මෙලෙසයි.
‘මට උවමනාවක් තිබුණා මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගය කරන නිසා ඇයව උනන්දු කරවන්න. අධ්‍යාපන කටයුතුවලට වැඩි වැඩියෙන් යොමු කරවන්න ඕනේ නිසා මටත් උසස් පෙළ හදාරන්න උවමනාව ඇතිවුණා. ඒ අනුව බෞද්ධ ශිෂ්ටාචාරය සෝමරතන හාමුදුරුවෝ මට ඉගැන්නුවා. සිංහල ප්‍රසාද් සිල්වා සර් හා දේශපාලන විද්‍යාව අජන්තාද සිල්වා මිස් තමයි මට ඉගැන්නුවේ…’

මේ සියලු ඉගැන්වීම් කටයුතු කර තිබුණේ මාස 04ක් වැනි කෙටි කාලයක් තුළයි. ඔවුන් ඇයට සියලු ඉගැන්වීම් කටයුතු සිදුකර තිබුණේ පාසල් නිම වී සවස 2 සිට 5 දක්වා කාලය අතරතුරදීයි.

මේ මාස 04ක පන්නරය තුළින් ලද ශක්තියෙන් ඇය 2018 වර්ෂයේ උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. එයින් සම්මාන සාමාර්ථ තුනක් සමගින් ඇය උසස් පෙළ ජයගත්තේ අනෙකුත් සිසු දරුවන්ටද ආදර්ශයක් ගෙන දෙමින්. එතැනින් නොනවතින ඇය ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල අතර ප්‍රමුඛ ස්ථානයක තිබෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය කටයුතු සිදුකරනුයේ බාහිර උපාධි අපේෂිකාවක් ලෙසයි. මෙවැනි අඩිතාලමකට ඇයට ශක්තියක් වුණේ තමන් වටපිටාවේ සිටි විදුහල්පතිතුමා ඇතුළු යහපත් ගුරුභවතුන් කණ්ඩායමයි.

2019 වසරේ සිට ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ඉගෙනීම් කටයුතු සිදුකළ ඇගේ උපාධි සිහිනය 2025 ජනවාරියේදී මල්ඵල ගැන්වුණා.
මේ පිළිබඳ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති රුසිර මද්දුමහේවගේ මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි.

‘සේවා සහායක සනීපාරක්ෂක තනතුර කියලා කියන්නේ ටිකක් අපහසු කටුක වැඩ වපසරියක් සහිත රැකියාවක්. ඒ වැඩ වපසරිය නිසි ලෙස ඉටුකරන ගමන්ම උසස් පෙළට පෙනී ඉඳලා ඇය කලා උපාධියක් ලබාගෙන තියෙනවා. උපාධියක් ලබාගන්නවා කියලා කියන්නේ ඉතා වෙහෙසකර කාර්යයක්….’

සමහර මවුපියෝ දරුවන් ලැබුණාම අධ්‍යාපන කටයුතු නවත්වනවා. ඔවුන් හිතන්නේ දැන් අපි වයසයි, මොකටද අපි ඉගෙන ගන්නේ දැන් අපට තියෙන්නේ දරුවන්ට උගන්වන එක විතරයි කියලා. එහෙම අපි මානසිකව වැටෙන්න ඕනේ නැහැ. දරුවන්ට උගන්වන ගමන්ම තමනුත් ඉගෙන ගත්තාම තමයි දරුවන්ට වුණත් ආඩම්බරයක් ඇතිවන්නේ. අපේ අම්මා අපේ තාත්තා ගැන ගෞරවයක් දැනෙන්නේ.

බොහෝ දරුවන් වසර දෙකක් උසස් පෙළ අධ්‍යාපන කටයුතු කරලත් විෂයන් තුනම සමත් වන්නේ කියෙන් කී දෙනාද? ඇත්තෙන්ම ඇගේ සිහින මල්ඵල ගන්වා ගැනීමට ශක්තියක් දුන්න ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ගුරු භවතුන්ට හිස නමා ආචාර කළ යුතුයි. ඇයට ඉගෙනීම් පහසුකම් සැලසූ රිච්මන්ඩ් විද්‍යාලයේ සෑම දෙනාටම ගොඩාක් පින්. මොකද අපට උසස් පෙළ විෂයන් හැදෑරීමට කාලය විදියට ලැබෙන්නේ වසර දෙකක් විතරයි. ඊට පස්සේ පාසලට ගොස් අධ්‍යාපන කටයුතු කිරීමට දරුවන්ට අවසර ලැබෙන්නේ නැහැ. දරුවෝ කැමැති වුණත් ඒ අවස්ථාව හිමිකර දෙන්න පාසල්වලින් අවසර ලැබෙන්නේ නැහැ.

ඉගැන්වූ පමණින්ම හැම ගුරුවරයෙකුම ‘සැබෑ ගුරුවරයෙක්’ වෙන්නෙත් නැහැ. ගුරුවරයකු යනු පරාර්ථකාමීත්වයේ ප්‍රතිමූර්තියක්. හොඳ ගුරුවරයෙකු ලෙස දරුවන්ගේ මතකයේ රැඳෙන්න පුළුවන් නම් ඒක ඒ ගුරුවරයා ලබන උසස්ම ගෞරවයක්. එවැනි අවස්ථාවක මේ වගේ හිතන මේ වගේ කැපවෙන ගුරුවරු සෑම පාසලකම ඉන්නවා නම් දරුවන්ගේ අනාගතය මීට වඩා ලස්සන වන එක නොඅනුමානයි.

මේ ගුරුවරු සමාජයට දුන්නේ පැරණි ආකල්ප වෙනස් කළ යුතුයි යන අඩිතාලමයි. සමහර අයට සියලු පහසුකම් තිබිලත් අධ්‍යාපන කටයුතු කරගන්නේ නැහැ. අද සමාජයේ බොහෝ ඇතැම් ගුරුවරු මුදල් පසුපස හඹායනවා. මුදල් පමණක් අරමුණු කරගෙන ටියුෂන් පන්ති කරනවා. ඔවුන් පාසලේ ගතකරන කාලයට අමතරව එක තත්පරයක්වත් දරුවන් වෙනුවෙන් කැපකරන්න කැමැති නැහැ. එවැනි ගුරුවරු අතර පාසල් වෙලාවෙන් අනතුරුවත් තමන්ගේ කාලය ශ්‍රමය දැනුම කැපකරලා කාට හරි අධ්‍යාපනයෙන් ඉහළට යන්න උදව් කරන ගුරුවරු ඇත්තටම අපේ රටට ආභරණයක්.

මොන ප්‍රශ්න තිබ්බත් කොයි වයසේ වුණත් ඉගෙන ගන්න උත්සාහ කරන මිනිස්සු තුළ පුදුම වටිනාකමක් තියෙනවා. යමුනා මහත්මිය ඔබ ඇත්තෙන්ම රටට දරුවන්ට ආදර්ශයක්. බොහෝ දරුවන් එක වතාවක් උසස් පෙළ කරලා අසමත් වුණොත් නැවත උත්සාහ කරන්නේ නැහැ. විභාගය අතහැර දානවා. නමුත් යමුනා ඔවුන්ට ආදර්ශයක් ගෙනදුන්නා. ජීවිතය කියන්නේ උත්සාහවන්තව ජයගත යුතු දෙයක් ඔබ හැම කෙනකුටම පෙන්වා දුන්නා. ඇත්තටම ඔබ අපට වීරවරියක්…

මේ අතර, පසුගිය සතියේ අපට ඉතාම කනගාටුදායක පුවතකුත් අසන්නට ලැබුණා. ඒ, යාපනය චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්. ඒ චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්වරියක් ලෙස සේවය කළ තමිලිනී සතීස් (36) සියදිවි නසාගැනීමේ සිද්ධියයි. තිබුණා. ඇය යාපනයේ නිර්වේලි ප්‍රදේශයේ පදිංචිකාරියක්. සියදිවි නසාගන්නා විට ඇය හයමස් ගැබිනියක් බවයි වාර්තා වුණේ.

තමිලිනීගේ නිවසේ සිදුවූ හදිසි ගීනිගැනීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා සිටි ඇයව අසල්වාසීන් විසින් රෝහල් ගතකර තිබුණා. එහිදී ඇය පසුගිය 16 වැනිදා ජීවිතයෙන් සමුගෙන තිබුණේ ඉතා ඛේදනීය ලෙසයි. ඇගේ කුසේ දැරු කළලය බේරාගැනීමට වෛද්‍යවරු උත්සාහ දැරුවද එය අසාර්ථක වී තිබුණා. මව සහ බිලිඳු කලලය බේරා ගැනීමට උත්සාහ දැරුවත් එය අසාර්ථක වූ බව වෛද්‍යවරු පවසා තිබුණා. ඇය බරපතළ පිලිස්සුම් තුවාල සහිතවයි රෝහලට ඇතුළත් කර තිබුණේ.

මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සැමියා යාපනයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිවරයකු වශයෙන් සේවය කරයි. මොවුන් දෙදෙනාට වයස අවුරුදු 06ක දියණියක්ද සිටියි. මියගිය සහකාර ලේකම්වරිය පේරාදෙණිය සරසවියේ උපාධිධාරිනියක්ද වනවා. ඇය ඉතා කැපවීමෙන් තම සේවය ඉටුකළ කාන්තාවක් ලෙසයි ප්‍රසිද්ධියට පත්ව සිටියේ.

යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේමකුමාර් නාමශිවායම් මහතා සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මව සහ දරු කලලය මියගොස් ඇත්තේ අධික ගිනි රශ්මියට නිරාවරණය වීමෙන් ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනයක් නිසා බවයි.

ඇය සියදිවි හානි කරගැනීමෙන් ඇගේ ජීවිතය පමණක් නොවෙයි විනාශයට පත්ව තිබුණේ. එක අතකින් අවුරුදු 06ක දැරියක් මේ ලෝකෙට තනි වුණා. අම්මා කෙනෙක් දියණියක් ළඟ ඉන්නම ඕනේ කාලේ ඇය ජීවිතය හැරයාම ඒ දැරිය එය කෙසේ දරාගනීද? අනෙක් අතට මේ ලෝකෙට බිහිවෙන්න සිටි තවත් ජීවිතයක් විනාශ වුණා.
තමිලිනීගේ ස්වාමි පුරුෂයා ලබාදුන් කටඋත්තරයේ සඳහන්ව වූයේ බිරිය කාමරය තුළ ඉටිපන්දම හෝ වෙනත් යමක් දැල්වීමට ගත් උත්සාහයේදී ඇගේ සිරුරට ගිනි ඇවිළී ඇති බවයි. චාවකච්චේරි පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරමින් පරීක්ෂණ අරඹා තිබුණා. දැනට ඉදිරිපත්වූ සාක්ෂි පදනම් කරගනිමින් යාපනය රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්. ජෙයබාලන් මහතා මෙය සියදිවි හානිකරගැනීමක් ලෙස නිගමනය කර තිබුණා. ඒ වගේම ඉදිරියේදීද මෘත දේහය ගොඩගැනීමේ අවශ්‍යතාවක් මතුවුවහොත් ඒ සඳහා පහසු ස්ථානයක මිහිදන් කිරීමටද දැනුම් දී තිබුණා.

මෙම සියදිවි නසාගැනීමට දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් හේතු වන්නට ඇත්ද, නැතිනම් සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මානසික ආතතිය ඊට හේතු වුණාද, එහෙමත් නැතිනම් බිරිඳව සැකකර ප්‍රශ්නයක් ඇති වුවාද යන්න ගැන බොහෝ දෙනා විවිධ අදහස් පළකර තිබුණා. කෙසේ වෙතත් මේ සියලු කාරණා සැකසහිත බවයි පොලිසිය පවසා තිබුණේ. බොහෝ දෙනෙකු පවසා සිටියේ ‘එහෙම වෙන්න බෑ. එයා හොඳට හිනාවෙලා කතා කරලා හිටියනේ. කොහොමද එක පාරටම මෙහෙම දෙයක් කරගත්තේ. එයාට කිසි මානසික රෝගයක් තිබුණේ නැහැ…’ යනුවෙනි.

කොහොම හිතුවත් බොහෝ දෙනකුගේ ගෙවල් ඇතුළේ තියෙන ප්‍රශ්න කවුරුවත් දන්නේ නැහැ. මෙහෙම ආතතිය තියෙන කෙනෙක් තමන්ගේ ඒ ගැන කාට හරි පවසලා උපදෙස් ගන්නවා නම් ලස්සන ජීවිතයක් බේරාගන්න හැකියාව තිබේ.

මේ දිනවල අපිට අසන්නට ලැබෙන පුවතක් තමයි අපේ රටේ ජනගහනයෙන් 50%කට පමණ මානසික ආතතිය නිසා රෑට නින්ද නොයන බව. මේ බව බීබීසී පුවත්වල පවා වාර්තා වී තිබුණා.

සියදිවි අහිමි කරගැනීමට තරම් බලපාන විශාදය තත්ත්වය ඔබට හෝ ඔබේ ආදරණීයයෙකුට තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. දිගින් දිගටම පවතින මානසික පසුබෑම, ඉක්මනින් විඩාවට පත්වීම, තම වැඩකටයුතු නිසි ලෙස කරගත නොහැකි වීම, කිසිදු දෙයකින් සතුටට පත් නොවීම, නින්ද නොයාම, කෑම රුචිය අඩුවීම, සිරුරේ බර අඩුවීම, අධික කෝපය, අවධානය පවත්වාගත නොහැකි වීම, සියදිවි නසාගන්නා බව පැවසීම, සියදිවි නසාගැනීමට උත්සාහ ගැනීම වගේ ලක්ෂණ කාට හෝ තිබේ නම් ඔවුන් ගැන සැලකිලිමත් වන්න. එමගින් තවත් වටිනා ජීවිතයක් බේරගන්න දායක වෙන්න ඔබටත් අවස්ථාව ලැබේවි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

AKDට පුළුවන්ද NMව පෙරළන්න? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

Next Post

යාලේ 83යි – විල්පත්තුවේ 64යි – කුමන 39යි – හෝටන්තැන්නේ 7යි – උඩවලවේ 2යි – යාල කලාප පහේ 10යි – වස්ගමුවේ 1යි ! කොටි 206ක් එක්ක කැමරාවක්!

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.