මිද්දෙණිය ප්‍රදේශයේ පෙරේදා (18) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා ද මියගොස් තිබේ.Sri Lanka Latest News
එම දරුවා ගාල්ල ජාතික රෝහලේදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
මියගොස් ඇත්තේ 09 හැවිරිදි පිරිමි දරුවෙක්ය.
ඊයේ රාත්‍රී මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් සිදුකළ වෙඩිතැබීමක් අතරතුර මෙම දරුවාටද වෙඩි ප්‍රහාරයක් එල්ලවිය.
වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගිය අතර, යතුරුපැදියේ ගමන්කළ ඔහුගේ පුතා සහ දියණිය තුවාල ලබා තිබුණි.
අනතුරුව ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය යන රෝහල්වලට ඇතුළත් කළහ.
කෙසේ නමුත් එහිදී දියණිය ද මිය ගියේය.










