මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවන් සිදු කළ පුද්ගලයන් දෙදෙනකුම මේ වනවිට ඝාතනයට ලක්වීමත් සමග සමරවික්‍රම මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ තර්ජනයක් මතුව ඇති බව පාර්ශ්ව රැසක් පෙන්වා දී තිබේ.Sri Lanka Latest News
මීට පෙර පාතාලය අතින් ඇල්පිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ඝාතනය වූ අතර හෙතෙම ඝාතනය වීමට දින කිහිපයකට පෙර චමුදිත සමරවික්‍රම විසින් මෙහෙයවන ‘ටෘත් විත් චමුදිත’ වැඩසටහනට එක්ව ආන්දෝලනාත්මක අනාවරණයන් රැසක් සිදුකොට තිබිණ.
මීට අමතරව ඊයේ රාත්‍රියේදී මිද්දෙණිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ පුද්ගලයාද මීට දින කිහිපයකට පෙර චමුදිත සමරවික්‍රම සමග මාධ්‍ය හමුවකට එක්වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් රැසක් සිදු කොට තිබිණ.
ඔහු ඝාතනයට ලක්වූයේ එම අනාවරණයන් සිදු කොට දින කිහිපයක් ගෙවුණු තැනය.
මේ තත්ත්වය යටතේ හිමිවරුන් ඇතුලු පාර්ශ්ව රැසක් සමාජ මාධ්‍යයේ අදහස් දක්වමින් වහාම චමුදිත සමරවික්‍රම හට ආරක්ෂාව ලබා දිය යුතු බවත්, ඔහුගේ ජීවිතයටද තර්ජනයක් එල්ල වීමේ අවදානමක් ඇති බවත් පෙන්වා දී ඇත.
පසුගිය කාල සීමාවේදී අවස්ථා කිහිපයකදීම චමුදිත සමරවික්‍රම හට තර්ජන එල්ල වී තිබූ අතර වරක් ඔහුට පොලිස් ආරක්ෂාව ලබා දීමටද පියවර ගෙන තිබිණ.










