• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බල්ලො – පූසෝ – රිළව් – වඳුරෝ එක්ක ගේම ඉල්ලගෙන ආණ්ඩුව කරන්න පුළුවන්ද? Sri Lanka Latest News

February 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
බල්ලො – පූසෝ – රිළව් – වඳුරෝ එක්ක ගේම ඉල්ලගෙන ආණ්ඩුව කරන්න පුළුවන්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇත්තටම අපි දන්නවා මේක මේ විහිළු කරන වෙලාවක් නෙවෙයි. ඒ වුණාට සමහර දේවල් විහිළුවට කියනකොට අපිටත් පොඩි විහිළුවක් කරන්න හිතෙනවා. රටක දේශපාලනය විහිළුවක් නෙවෙයි. රටක ජාතික ප්‍රශ්න විහිළු නෙවෙයි. රටක දෙයක් වෙනකොට ඒකට ගන්න ඕනේ පියවරවල් විහිළු නෙවෙයි. ඇත්තටම ජාතියක් විදියට අපි සමහර ප්‍රශ්නවලදී අපි දුන්නු උත්තර එච්චර සාර්ථක නෑ. ඒවා නිකන් ගොං පාට් කියලා කිව්වොත් මම හිතන්නේ හරියටම හරි. පහුගිය කාලේ ලංකාවේ විශාලම ප්‍රශ්න තිබුණා. මේක ඇත්ත. ඒක අලුත් ජනාධිපති කෙනෙක් පත්වූ පලියට විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි ඒවා. ඇත්තටම සමහර ප්‍රශ්නවලදී අපි හුඟක් වැඩිපුර හිතුවා. ඒක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට හෝ මාලිමාවේ ආණ්ඩුවට මැජික් කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. අපි දන්නවා මේ රටේ පොල් ප්‍රශ්නෙට, හාල් ප්‍රශ්නෙට ඔය සමහර ප්‍රශ්නවලට මේ අලුතින් පත්වෙච්ච ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. ඇත්තටම ඒගොල්ලෝ මේක ඇඟේ දාගන්න අවශ්‍යත් නෑ. ප්‍රශ්නවලට උත්තර හොයන්න තමයි ජනාධිපති කෙනෙක් පත්කර ගත්තේ. ජනාධිපති කෙනෙක් කියන්නේ ඉන්ද්‍රජාලිකයෙක් නෙවෙයි. ඔවුන් පත්වෙන්න කලින් එක පෑන් පාරින් ප්‍රශ්න විසඳන්න පුළුවන් කිව්වට අපි දන්නවා එහෙම එක පෑන් පාරින් රටක ප්‍රශ්න විසඳන්න බෑ. රටක ප්‍රශ්න කියලා කියන්නේ ඉහළ සිට පහළට කිලෝමීටර් ගානක් දුරට දුවන ප්‍රශ්න. ඒවාට උත්තර හොයන්න මහන්සි වෙනකොට රටේ එක තැනක එක බලධාරියෙක්ට එක මන්ත්‍රීවරයෙක්ට එක ඇමැතිවරයෙක්ට එක පුද්ගලයෙක්ට මේවා විසඳන්න බෑ. ඒක දැන හෝ නොදැන ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෝ වේදිකාවල කිව්වා. අන්න ඒ කියපු නිසා දැන් සමහර අය මේක දේශපාලන තර්කයක් කරගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. ‘කෝ එක පෑන් පාරින් විසඳුවද?’ කියලා. ඔවුන්ට මේකට දෙන්න තියෙන්නේ සරල උත්තරයක්. මේක රටක්. වීඩියෝ ගේම් එකක් නෙවෙයි. මේක ඒ පැත්ත මේ පැත්ත පෙරළලා ඉවර කරන්න පුළුවන් නම්, ඇයි කලින් ආණ්ඩු ඒක නොකළේ? ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මේ රටේ එදාමෙදාතුර බිහිවෙච්ච සියලු දේශපාලකයන්ට සිද්ධ වෙනවා. මේ රටේ කරන්ට් කැපුවා, හාල් ප්‍රශ්න ආවා, වී නැති වුණා, කුඹුරුවල ප්‍රශ්න ඇතිවුණා, වී මිලදීගැනීම් සම්බන්ධ ප්‍රශ්න ඇතිවුණා, තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇති වුණා. මේ හැම දේම වුණා. Sri Lanka Latest News

ඒ නිසා රටක් විදියට ප්‍රශ්නවලට උත්තර හොයන්න ජනාධිපතිවරයෙක් පත්කර ගත්තට පස්සේ ඔහුගෙන් මැජික් බලාපොරොත්තු වෙලා හරියන්නේ නෑ. ඒක තමයි ඇත්ත. හැබැයි මේකේ තියෙන භයානක දේ තමයි මේ ආණ්ඩුව මේ වෙලාවේ මේ ප්‍රශ්නවලට දෙන අමුතු අමුතු උත්තර. අන්න ඒ නිසා සමහර ප්‍රශ්න විහිළු විදියට පේනවා. ඇත්තටම අපි ඉන්නේ මේ ආණ්ඩුවට මේ ප්‍රශ්නවලට මෙහෙම චෝදනා කරනවා කියන එක වැරැදියි කියන තැන. ඒත් අවාසනාවකට අපිටත් මේවා පේනවා, දකිනවා, ඇහෙනවා.
පහුගිය දවසක ජනාධිපතිතුමා එක කතාවක එක කොටසකදී එක වැඩසටහනකදී ඔහු කියනවා මේ බල්ලො පූසොත් බත් කනවනේ, ඒගොල්ලන්ගේ මේ කෑම ගණින්නේ නෑනේ වගේ කතාවක්. ඇත්තටම රටක මේ බල්ලො පූසොන්ගේ කෑම ගැන ගණනය කරලා ඒ රටේ හාල් හිඟයට උත්තර හොයන්න බැරි බව අපිට වඩා හොඳට අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා දන්නවා. එතුමා කියන්න ඇත්තේ වෙන කතාවක්. හැබැයි ඒක රටක් විදියට ගත්තේ වෙන පැත්තකින්. විපක්ෂය ඒක ඉදිරිපත් කරන්න ගත්තේ වෙන විදියකට. විපක්ෂය එහෙම වෙන විදියකට ඉදිරිපත් කරනවා නම් එහෙම දේවල් ඇයි එතුමාලා කියන්නේ කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද බල්ලො පූසෝ බත් කනවා කියන එකට තාර්කිකව දේවල් හොයන්න ගියොත් එහෙම, ගෙවල්වල බල්ලන්නට පූසන්ට වෙනම උයලා කන්න දෙන්නේ නෑ. බල්ලන්ට පූසන්ට හාල් කිලෝ ගණන් කන්න දෙන්නෙත් නෑ. බල්ලො පූසෝ ජීවත් වෙන්නේ ගෙවල්වල අපිත් එක්ක ඉතාම අනාදිමත් කාලයක ඉඳලා. උදාහරණයක් විදියට ගත්තොත් ලංකාවට විජය රජ්ජුරුවෝ එද්දීත් කුවේණියට බල්ලෙක් හිටියා. එතැන ඉඳන් මෙහාට ගත්තම බල්ලො පූසොත් එක්ක තමයි අපි සදාකාලිකව ජීවත් වෙලා තියෙන්නේ. ඒ නිසා උන්ට කන්න උයලා හාල් හිඟවුණේ නැති බව අපි හැමෝම දන්නවා. ඒ නිසා පය බරවායට පිටිකර බෙහෙත් බඳින පන්නයේ උත්තර දෙන්න ගියාම තමයි මේ වැඩේ වෙන්නේ.

ඒ අස්සේ පොල් ගැන කතාකරන්න ගියාම සමහර අය කියන්න ගත්තා පොල් අඩුවෙලා තියෙන්නේ රිළව් කාලා කියලා. ඇත්තටම පොල් කන්න රිළව් ආවේ පහුගිය මාස තුනේවත්, මේ කන්නෙවත් නෙවෙයි. පොල් සම්බන්ධ ප්‍රශ්නේ හරි ලේසියි තේරුම් ගන්න. අපේ ගම් තුලානවල උදවිය තාමත් කියනවා පොල් ටික වලු අල්ලන්නේ වෙසක් මුරේට, ඊට කලින් පොල් වලු අල්ලන්නේ නෑ කියලා. ඒ කියන්නේ පොල් වල්ලේ ගෙඩි අඩුයි කියලා. ඒකට පෑවිල්ලකුත් ආවම, වැස්සකුත් ආවම, ඇට්ටි වැටුණම, මල් හැලුණාම මේ පොල් ඵලදාව අඩු වෙනවා. ඊට අමතරව කුරුණෑගල සහ ඒ ප්‍රදේශවල විශාල වශයෙන් පැතිරිච්ච කොළ කහ වෙන ලෙඩේ මේ ප්‍රශ්නෙට හේතුව. මේ ප්‍රශ්නෙට හේතුව විදියට මෙතුමලා රිළව් කන එක ගැන කියන්න ගත්තම ඇත්තටම මේ රටේ දේශපාලනය පොඩි විහිළුවක් පොඩ්ඩක් අපිට හිනාවෙන්න පුළුවන් එකක් බවට පත්වෙනවා. ඒකෙම එකක් තමයි මේ ඊයේ පෙරේදා වඳුරා පැනපු කතාව. ලයිට් ගියාම වඳුරෙක් පැන්නා කියලා ලයිට් එක අස්සට වඳුරෙක්ව දාලා මේ ලයිට් කතන්දරේට වඳුරෙක් පටලගෙන මොකක්ද බහුබූත කතාවක් මේගොල්ලෝ කිව්වා.

ඒ නිසා ෆේස්බුක් එකේ කියනවා අනිත් ආණ්ඩුවලට ප්‍රශ්න තිබුණේ එල්.ටී.ටී.ඊ. එකෙන්, ඊට පස්සේ ප්‍රශ්න තිබුණා අයි.එස්.අයි.එස්. එකෙන්, ඊට පස්සේ ප්‍රශ්න තිබුණා අරගලකාරයන්ගෙන්, මේගොල්ලන්ට ප්‍රශ්න තියෙන්නේ බල්ලන්ගෙන්, පූසන්ගෙන්, රිළවුන්ගෙන්, වඳුරන්ගෙන් කියලා. ඔය වගේ කතා නාහා මේක හරියට තේරුම් අරගෙන ප්‍රායෝගිකව මේ ප්‍රශ්න විසඳලා ප්‍රායෝගිකව කතන්දර කියලා දේශපාලනික වශයෙන් උත්තර හොයනවා නම් මේ ආණ්ඩුවට ඉතාම යහපත් ගමනක් තියේවි කියලා අපිට හිතෙනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

යාපනේ තුනපහ රහට කමුද එළුමස් කරියක්? මොට්ටකරුපන් හාලේ බතක් එක්ක මරු…! Sri Lanka Latest News

Next Post

තිස්ස අත්තනායක සජබයට ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.