• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආචාර අනාචාර ඔක්කොම එළිවෙලා! විපක්ෂ නායකට මොකක්ද වුණේ? Sri Lanka Latest News

February 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආචාර අනාචාර ඔක්කොම එළිවෙලා! විපක්ෂ නායකට මොකක්ද වුණේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දවස් මාර අමුතුයි. දවල්ට රස්නෙයි. රෑට පට්ට සීතලයි. මේ නවම් මාසේ. ගංගාරාමේ පෙරහැර තියෙන්නේ මේ කාලේ. නවම් මහට නව මෝලක් වැටෙනවා කියලා ගම්වල මිනිස්සු කියනවා. ඒකට අර්ථ දෙකක් තියෙනවා. සමහරු කියනවා නවම් මහට නව මෝලක් වැටෙන්නේ පෑවිල්ල හින්දා කියලා. තව කට්ටියක් කියනවා නවම් මහට නව මෝලක් වැටෙන්නේ වහින හින්දා කියලා. වැස්සත් පෑව්වත් මේ දෙකම වුණත් ඊළඟට එන්නේ මැදින්. මැදින්වලට මැදින් තියෙන්නේ නවම්වලටයි බක්වලටයි. බක් මහට වහිනවා. අකුණුත් ගහනවා. හෙණ ගගහා වහිනකොට මිනිස්සු අවුරුද්දට ලෑස්ති වෙනවා. මේ ඔක්කොම අපේ ජීවිත කතාවේ නිශ්චිතව අපිට මුණගැහෙන තැන්. තව මාස කීපයක් ඇතුළත ඒ සියල්ල සිද්ධ වෙනවා. රටේ දේශපාලනයත් දවසින් දවස අලුත් වෙනවා. වෙනස් වෙනවා. බොරු කියනවා ඇත්ත කියනවා, රවට්ටනවා, රැවැටෙනවා, රැවැටුණු අයට ඇඟිල්ල දික්කරනවා, ඇඟිල්ල දික්කරපු අයට රැවැටෙනවා වගේ විවිධ කයිකතන්දර රට ඇතුළේ සිද්ධ වෙමින් යනවා. මේ සියල්ලත් එක්ක පහුගිය දවසක අපි දැක්කා ලංකාවේ අනිවාර්යයෙන් සිද්ධ වෙන්න ඕනේ දේශපාලන වෙනසක් ඉතා ඉක්මනින් සිද්ධ වුණු විදියට. මිනිස්සු ඇඟිල්ල දික්කළා 225ට. කෙළින්ම කිව්වා හොරු කියලා. ගොබ්බයෝ, බූරුවෝ, ඉගෙනගෙන නැති හරක්, මේ වගේ මීහරක්ට රට කරන්න බෑ කියලා මිනිස්සු තැන් තැන්වල කොඳුරමින් ඉඳලා එක පාරටම කෑගහලා කියන්න පටන් අරගත්තා. Sri Lanka Latest News

මිනිස්සු සටන් කළා. මිනිස්සු කෑගහලා කිව්වා. ඔය 225ම හොරු, ඔවුන් ඔක්කොම පන්නන්න ඕනේ කියලා. ඒ දේශපාලන සටන සංකේතාත්මකව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහජනතාව විසින් ජයග්‍රහණය කළා. ඔවුන් බලාපොරොත්තු නොවුණු විදියට දේශපාලනයේ මුල් බැහැගත්ත 50කට වැඩි ප්‍රමාණයක් ඡන්දෙටත් එන්නේ නැතුව පැරැද්දුවා. ඉන් පස්සේ ඡන්දෙන් තව මහ ගොඩක් පරද්දලා පන්නලා දැම්මා. පාර්ලිමේන්තුව අතුගාලා දැම්මා. ඒ වෙනුවට ඒගොල්ලෝ දිනුම් කියලා හිතන 159 දෙනෙක් එක්ක අලුත් ගමනක් පටන් අරගත්තා. අපි හිතපු තරම් රට සුඛිත මුදිත නොවුණට රට ඇතුළේ අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙන බවට සුබ නිමිති පහළ වුණා. ඒත් එකපාරම මේ සුන්දර සිහිනය අතරතුරේ උන්හිටි ගමන් එක්කෙනෙක් දෙන්නෙක් ඇහැරෙන්න පටන් අරගත්තා.

කතන්දරේ පටන් අරගත්තේ කතානායකගේ ආචාර්ය උපාධියෙන්. කතානායකට ආචාර්ය උපාධියක් නෑ කියලා තැන් තැන්වල කසුකුසු ගාන්න පටන් ගත්තා. ඉන් පස්සේ ඔහු කිව්වා නෑ තියෙනවා කියන තැනට මේ කතාව අරගෙන ආවට, අන්තිමට කතානායකට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ අපිට බලාපොරොත්තුවක් තිබුණා. අපි හිතුවා ඔය කිව්වට කතානායකට ඇති මොකක් හරි තනතුරක්, එයාට ඇති ආචාර්ය උපාධියක්, ඒක ගෙනල්ලා පෙන්නයි කියලා. අවාසනාවකට අද වෙනතුරු එතුමා තනතුරෙන් අස්වුණා මිසක එතුමාගේ තනතුරක් ගැන ඔප්පු කරපු කිසිදු සාක්ෂියක් අපි ඇස් දෙකට දැක්කේ නෑ.

ඉතාම කනගාටුයි එතුමා ආචාර්ය උපාධියක් රහිත නිකන්ම නිකන් කයිවාරුකාරයෙක් බවට විපක්ෂය චෝදනා කරන්න ගත්තා. ඒ අතරතුරේ නලින්ද ජයතිස්ස මහත්තයා මේ බෝලෙන්ම අනිත් පැත්තට ගැහුවා. ඒ තමයි සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා. හැබැයි සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට එයාගේ සහතික ටික අරගෙන ආවා. ඒ අතරේ එයා උප්පැන්න සහතිකෙත් ගෙනාවා. මොන්ටිසෝරි සහතික ටිකත් ගෙනාවා. එක්සත් රාජධානියේ, ඇමෙරිකාවේ ඔහු විසින් හදාරන ලද උපාධි, ලබන ලද අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ ලියවිලි ටික ගෙනාවා. ඒ වෙනකොට ලංකාවේ බරපතළ චෝදනාවක් තිබුණා සජිත් කියන්නේ ගොබ්බයෙක්, මෝඩයෙක්, ඉගෙනගෙන නැති කෙනෙක්, ඔහුට මොළේ නෑ, අධ්‍යාපන සුදුසුකම් නෑ කියලා. මේ චෝදනාවලට සජිත් උත්තර දුන්නෙත් නෑ, සජිත්ගේ පිලේ වෙන කවුරුවත් උත්තර දුන්නෙත් නෑ, මේ දේශපාලන වශයෙන් සජිත්ට තිබුණු ලොකුම චෝදනාවක්. සජිත් ප්‍රේමදාස ඉගෙනගෙන නෑ කියන එක. 11ටවත් ගිහින් නෑ, ඕලෙවල්වත් පාස් නෑ වගේ චෝදනා ගොඩකට වැරැදිකාරයා වෙලා හිටපු සජිත් එක පාරටම තමන්ගේ පාර්ලිමේන්තුවේ තමන්ගේ කුණු ටික හෝදගනිද්දි අවාසනාවකට හෝ වාසනාවක ජවිපෙන් මාලිමාවෙන් පාර්ලිමේන්තු ආපු කවුරුවත් ඊට විරුද්ධව එක තැනක කටක් ඇරලා කිව්වේ නැහැ.

පුළුවන් නම් සජිත්ගේ බොරුවක්, මේ සහතිකවල තියෙන වංචාවක් අපිට ඔප්පු කරලා පෙන්නන්න. මොකද ඇත්ත කතාව තමයි අපිට මේ සජිත් ප්‍රේමදාස කියන මනුස්සයා හොරෙක් නම් බොරුකාරයෙක් නම්, මේ උපාධි සහතික ඇත්ත ඒවා නෙවෙයි නම්, මේ මනුස්සයවත් අර කලින් බොරුකාරයන්ගේ ගොඩටම දාලා ගහලා පන්නන්න ඕනේ. මොකද වැඩක් නෑ මේ රටේ දේශපාලනය ඇතුළේ නැති සහතික පෙන්නන එක. මොකද අපි කිසි වෙලාවක කියන්නේ නෑ රටේ දේශපාලනයට එන්න ඕනේ උපාධි සහතික තියෙන මිනිස්සු හෝ ආචාර්ය උපාධි තියෙන මිනිස්සු කියලා. හැබැයි තමන්ට ආචාර්ය උපාධියක් තියෙන බව කියලා පාර්ලිමේන්තු ආවා නම් කවුරු හරි කෙනෙක්, අන්න ඒ මහත්තුරුන්ට නෝනලාට මේක නැත්නම් වරදක්නේ. සජිත් ප්‍රේමදාසට ගොබ්බයා කියන එක වරදක්නේ. සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ රටේ පිළිගත්තු අධ්‍යාපන සුදුසුකම් සහිත වෙනම විදේශීය අධ්‍යාපනය ලබපු කෙනෙක් කියලා දැන් ඔහු ඔප්පු කළා. ඉතින් ඒ කියන්නේ බොරු නම් එයාව අල්ලන්න එපායැ. දඬුකඳේ ගහන්න එපායැ.
මේක රටකට ඉතාම තීරණාත්මක කාලයක්. මොකද අපි දැක්ක හීනේ දැන් එළිවෙලා. පාර්ලිමේන්තුවේ හිටපු තක්කඩි ටික පන්නලා. තව එක්කෙනෙක් දෙන්නෙක් එහෙන් මෙහෙන් ඉතිරි වෙලා තියෙනවා. ඒ දෙතුන් දෙනා අර ආචාර්ය උපාධි තියෙන අයටත් වඩා වැඩ පෙන්නන තැනටත් පත්වෙලා තියෙනවා. ඉතින් මේ නිසා මේ දේශපාලන ව්‍යාපෘතියක තියෙන හැඩය නිවැරැදිව වෙන එක රටකට, ජාතියකට, අපේ පරම්පරා ගානකට ඉතා වැදගත් දෙයක් වේවි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සුජීවට මඩ ගැහුවා! සුජීව ආපිට ගැහුවා! සී.බී.දැන් වන්දි ගෙවන්න! Sri Lanka Latest News

Next Post

යාපනේ තුනපහ රහට කමුද එළුමස් කරියක්? මොට්ටකරුපන් හාලේ බතක් එක්ක මරු…! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.