• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව පෙරළුවේ ඇමෙරිකානු ඩොලර්වලින්ද? ට්‍රම්ප් නිසා ලංකාවට බඩුම තමා! Sri Lanka Latest News

February 15, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ලංකාව පෙරළුවේ ඇමෙරිකානු ඩොලර්වලින්ද? ට්‍රම්ප් නිසා ලංකාවට බඩුම තමා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය නොහොත් ‘යූඑස් ඒඩ්’ (US Aid) යනු ශ්‍රී ලංකාවේ විශාලතම විදෙස් තනි පරිත්‍යාගශීලියා වන අතර, දේශීය රාජ්‍ය නොවන සංවිධාන සිය ගණනකට මෙන්ම රජයේ වැඩසටහන් සඳහා ද ඔවුන් අරමුදල් සපයයි. රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ ඇස්තමේන්තුවලට අනුව රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ සංවිධාන සඳහා වන සියලු අරමුදල්වලින් අඩක් පමණ US Aid වෙතින් ලැබෙන අතර, එය පසුගිය වසරේ පමණක් රුපියල් බිලියන 15ක් පමණ විය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අයිතිවාසිකම්, මැතිවරණ නිරීක්ෂණය, පෝෂණය, දේශගුණික විපර්යාස අනුවර්තනය, දූෂණ විරෝධී ක්‍රියාකාරකම් සහ ආපදා සහන වැනි ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ සංවිධානවලට අමතරව US Aid විසින් රජයේ වැඩසටහන් සඳහාද අරමුදල් සපයනු ලබයි….’Sri Lanka Latest News

යම් ජාත්‍යන්තර විෂයක් හරහා ශ්‍රී ලංකාවට අදාළව අසන්නට ලැබෙන මෙම කතාව කුමක්ද? මෙහිදී මූලිකව කියැවෙන ‘යූඑස් ඒඩ්’ :ඹී ්සා* නමැති වදන මෙයට දින කීපයකට පෙර සිට ලොව පුරා බොහෝ රටවලින් මෙන්ම ශ්‍රී ලංකාවෙන්ද අසන්නට ලැබුණු වදනක් විය. එනම් පසුගියදා ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ මෙම කතාන්දරය ඇසෙන්නට විය. ඔහු ජනාධිපති ධුරයට පත්වූ විට එක්තරා ප්‍රබල ජනාධිපති නියෝගයන් ගණනාවක් පමුණුවනු ලැබීය. එයින් ලෝකය පුරා දැඩි ලෙස ආන්දෝලනයකට පත්කළ පුවතක් වූයේ ලෝකයේ රටවල් සිය ගණනකට අධික ප්‍රමාණයකට මානුෂීය ආධාර සපයනු ලබන US Aid සංවිධානයේ කටයුතු නවතා දැමීමට ජනාධිපති නියෝගයක් පැනවීමයි. මෙම ප්‍රබල තීරණය හරහා ලොව පුරා එක රැයකින් එම මානුෂික සංවිධානයේ කටයුතු නතර කරදමනු ලැබුවේය. මෙම තත්ත්වය යටතේ එම අර්බුදයට ශ්‍රී ලංකාවද ප්‍රබල ලෙස මුහුණ දුන්නේය. ඇමෙරිකාවේ වොෂින්ටන්හි පිහිටි US Aid මූලස්ථානයේ සිට ලෝකයේ රටවල් සිය ගණනක US Aid කාර්යාල සියල්ලම එක රැයකින් වසා දැමීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි කාර්යාලයද වසා දැමූ අතර, සියලු කාර්යාලවල සේවකයන් නිවාඩු මත නිවෙස්වලට යැවීමට කටයුතු කළේය. මෙලෙස ලෝකයේ රටවල 10,000කට අධික සේවකයන් පිරිසක් නිවාඩු යැවීම සිදුකරන ලදී. මේ ආකාරයට මෙම තත්ත්වය ලෝකය පුරා මහත් මානුෂික අර්බුදයක් ඇතිකළ අතර, මේ වන තෙක්ම ඒ සඳහා නිසි විසඳුමක් ලැබී නැත. මේ වනවිට ශ්‍රී ලංකාව තුළද ඹී ්සා සංවිධානය විසින් මූල්‍ය සහ ද්‍රව්‍යමය ආධාර සපයනු ලබන සුවිශාල ව්‍යාපෘති රැසක් ඇති අතර, ඒවා සියල්ලක්ම මුළුමනින්ම නවතා දැමීමට කටයුතු කර ඇත. මේ තත්ත්වය ගැන පසුගියදා මෙරට ඉංග්‍රීසි පුවත්පතක් ඉහත විග්‍රහය සිදුකළේය. එය තවදුරටත් මෙසේ කියයි.

‘මෙම තීරණය හරහා ශ්‍රී ලංකාවේ තීරණාත්මක මානුෂික ක්ෂේත්‍රවලට දැඩි පහරක් එල්ලවී තිබේ. ගෘහස්ථ හිංසනය සහ කාන්තාවන්ට එරෙහි අනෙකුත් ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවාගත් අයට උපදේශනය, හදිසි නවාතැන් සහ නීති ආධාර හරහා සහාය වන රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘විමෙන් ඉන් නීඩ්’ (Women In Need – WIN) සංවිධානය දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටියි. ඔවුන්ගේ මෙහෙයුම්වලින් 85%කට පමණ දැනට ඹී ්සා විසින් අරමුදල් සපයනු ලැබේ. රත්නපුර පිහිටා ඇති ඔවුන්ගේ අර්බුද මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම US Aid සහාය ඇතිව අරමුදල් සපයන ලද අතර, නීතිඥයන් සහ උපදේශකයන් ඇතුළු කාර්ය මණ්ඩලය 07 දෙනකු විසින් මෙහෙයවනු ලැබේ. පසුගිය වසරේ පමණක් මෙම මධ්‍යස්ථානය කාන්තාවන් 950 දෙනකුට සේවය කළේය. මෙම සංවිධානයේ පරිපාලකයන් ප්‍රකාශ කර ඇත්තේ එහි කටයුතු සඳහා US Aid විසින් අරමුදල් සපයනු නොලබන හෙයින් ඉදිරියේදී අදාළ කටයුතු සිදුකිරීමට නොහැකි වන බවයි. මෙතෙක් US Aid විසින් මුදල් ලබාදෙන බවට සහතික වීමක්ද සිදුකර නැත. කෙසේ හෝ මෙම සංවිධානයේ පරිපාලකයන් මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා පවත්වමින් සිටී. සමාජයේ සිතාගත නොහැකි අපයෝජනයන්ට සහ හිංසනයන්ට ලක්වන දහස් ගණනක් වන කාන්තාවන් සහ ළමයින්ට ආරක්ෂාව සපයන හෙයින් මෙවැනි සංවිධානයක් වසාදැමීම ප්‍රබල ප්‍රශ්නයක් යැයි එම බලධාරීන් ප්‍රකාශ කරයි. දැනට මෙමWomen In Need – WIN සංවිධානයේ ප්‍රධාන මධ්‍යස්ථාන 04ක් දිවයිනේ ඇති අතර, ඒවා සියල්ලක්ම පිරී ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි…’

‘ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මෙවැනි අනතුරු ඇඟවීමක් නොලැබීම සහ එවැනි නියෝගයක් සඳහා සූදානම් වීමට කාලයක් නොමැති වීම ගැන අපි කලකිරීමට පත්වෙනවා. ඒ නිසා හවුල්කරුවන්ට US Aid හි සියලු ක්‍රියාකාරකම් එක රැයකින් නතර කිරීමට උපදෙස් දුන්නා. Women In Need – WIN ව්‍යාපෘතිය US Aid අරමුදල් වියදම් කරන වසර 05ක ව්‍යාපෘතියක්. කලින් කලට ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාදෙනවා. කෙසේ වෙතත් මෙවර ව්‍යාපෘතියේ අවසාන කාලයට අපි ළඟා වෙමින් සිටිනවා. කෙසේ වුවද මෙම නවතම තත්ත්වය යටතේ කිසිදු ශ්‍රී ලාංකික හවුල්කරුවකු ඒ සඳහා සුදුසුකම් ලබා තිබේද යන්න මෙතෙක් US Aid තහවුරු කර නැහැ. මෙම තතත්වය ගැන අදහස් දැක්වීම උදෙසා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විමසුවද ඔවුන් ප්‍රතිචාර දැක්වීමක් සිදු කළේ නැත. එසේ වුවද US Aid සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඔවුන්ගේ හවුල්කාරීත්වය සමග ඉදිරියට යෑම පිළිබඳ සාකච්ඡා පවත්වමින් සිටියේය. COPE කමිටුවේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසුවේ තීරණාත්මක තාක්ෂණික සහාය ලබාදීම සඳහා ඔවුන් සෑම විටම US Aid මත විශ්වාසය තබා ඇති බවයි. වර්තමාන මෙම අර්බුදකාරී තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවට අමතරව අනෙකුත් ආයතනද දැඩි ලෙස පීඩාවට පත්වනු ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැනි ස්වාධීන ආයතන ශක්තිමත් කිරීම සඳහා US Aid හි පුළුල් සහයෝගය අදාළ නිලධාරීන් විසින් තහවුරු කරන ලදී. තාක්ෂණික සහාය සහ පුහුණුව ලබාගැනීම සඳහා ආයෝජන මණ්ඩලයද සාකච්ඡා කරමින් සිටියේය. මෙය අංශ ගණනාවක එකතුවේ ක්‍රියාවලියක් වෙයි…’

ඉහත ඉංග්‍රීසි පුවත්පත් ලිපියේ විග්‍රහය තවදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියි.
‘කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ණය ලබාගැනීමේ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා රටේ පෞද්ගලික බැංකු කිහිපයක් සමග හවුල් වෙමින් US Aid පෞද්ගලික අංශය සමගද කටයුතු කරයි. වාණිජ මණ්ඩලය වැනි ආයතන සමග වැඩ කිරීමෙන් බාධක අවම කිරීමෙන් වෙළෙඳාම ඉහළ නැංවීමට ඔවුන් උපකාරී විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන අංශයේ දහස් ගණනක් සේවය කරන අතර, ඔවුන්ගේ බොහෝ දෙනකුම US Aid විසින් නඩත්තු කරනු ලැබේ. මේ නිසා වගකිව යුතු ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියේ දහසකට අධික පිරිසකගේ රැකියා පහසුවෙන් අවදානමට ලක්ව ඇති බවයි. US Aid අරමුදල් ලබාගන්නා සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන සමග හවුල් වන ජාත්‍යන්තර සංවර්ධන සංවිධානයක් වන ‘ඒෂියා ෆවුන්ඩේෂන්’ (Asia Foundation)හි නිලධාරියකුට (නිර්නාමිකභාවය ඉල්ලා සිටි) අනුව, කුඩා බිම් මට්ටමේ කණ්ඩායම්වල සේවය කරන අය වඩාත් බලපෑමට ලක්වීමට ඉඩ ඇති බව ප්‍රකාශ කළේය. නැවතුම් නියෝගයට පෙර ජනවාරි මාසයේ වැටුප් තම කාර්ය මණ්ඩලයට ගෙවා නොමැති සමහර සංවිධාන සහ ඹී ්සා විසින් ප්‍රතිපූර්ණ කරනු ඇතැයි අපේක්ෂාවෙන් වැඩසටහන් වියදම් සදඟා ගෙවා ඇති තවත් සංවිධාන ගැනද මෙම පුවත්පතට දැනගැනීමට ලැබී ඇත. ඹී ්සා සමග තිබුණු ගිවිසුම් කිසිදු අතුරු හැඟවීමකින් තොරව ස්වභාවික යුක්තිය පිළිබඳ කිසිදු හැඟීමක් නොමැතිව ඉතා අන්තනෝමතික ලෙස අවලංගු කර තිබෙනවා. මේ නිසා ඇමෙරිකා එක්සත් ජනපදයට සිදුවන කීර්තිනාමය විනාශ වීම අතිවිශාල වනු ඇත….’

ඉහත ඒ ආකාරයට එම ඉංග්‍රීසි පුවත්පත් ලිපිය මෙම අර්බුදයට අදාළව යම් විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී US Aid ශ්‍රී ලංකා සංවිධානයට අනුව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ US Aid ආධාර ලබන සුවිශාල ව්‍යාපෘති 20ක් පමණ තිබෙන බවට තොරතුරු සඳහන් වෙයි. එම ව්‍යාපෘතිවල සවිස්තරාත්මක රූපසටහනක්ද ඉහත ලිපියෙහි අන්තර්ගතව තිබිණි. එම රූප සටහනද මෙම ලිපිය සමග ඔබට ඉදිරිපත් කර ඇත. එම අදාළ ව්‍යාපෘති සඳහා වැයවනු ලබන මූල්‍යමය ඇස්තමේන්තු සහ ගතවන කාලසීමාවන්ද පැහැදිලිව සඳහන් කර ඇත. එහෙත් වත්මන් අර්බුදය යටතේ මෙම සියලු ව්‍යාපෘතීන් ඇනහිටිනු ඇත.

US Aid (යූඑස් ඒඩ්) ඇමෙරිකානු සංවිධානයේ ශ්‍රී ලංකාවට අදාළ වන නවතම ව්‍යාපෘතීන් රැසක් පසුගිය කාලයේ ආරම්භ කර ඇත්තේ 2022 සැප්තැම්බර් මාසයේදීය. එනම් එහිදී US Aid සංවිධානය ව්‍යාපෘති ගණනාවක් සඳහා වසර 05ක කාලයක් පුරා ගතවන ගිවිසුමක් අස්සන් කරන ලදී. එකල US Aid ප්‍රධාන පරිපාලක සමන්තා පවර්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙම සුවිශේෂ ගිවිසුම අස්සන් කරන ලදී. මේ මගින් ශ්‍රී ලංකාවට අතිරේක ඇස්තමේන්තුගත ඇමෙරිකානු ඩොලර් මිලියන 65ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 23කට වැඩි) මුදලක් ආධාර වශයෙන් ලබාදීමට පොරොන්දු විය. මෙම මුදල ඊට පෙර මානුෂීය සහ පොහොර ආධාර ඩොලර් මිලියන 60ක මුදලට අමතරව ලැබුණු එකක් විය. කෙසේ හෝ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය පනවන තෙක්ම මෙම US Aid ආධාර මුදල් ශ්‍රී ලංකාව වෙත ලැබිණි. එහෙත් ඒ සියල්ලක්ම දැන් ඇනහිට ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මේ ආණ්ඩුවත් සට්ටැඹියන් තානාපතිලා කළාද? Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප් ගොර්බචොව්ගේ අවතාරයද? Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.