• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

ආණ්ඩුව හදන්නේ අසාද් මවුලානාගේ චෝදනා ඉවත්කරලා ඔහු ලවා පාස්කු ප්‍රහාරයේ අලුත් මහමොළකරුවකු හදාගන්න! පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ඉන්නේ සිරිල් ගාමිණී පියතුමාගේ සාක්කුවේ! ගම්මන්පිලගෙන් පාස්කු ප්‍රහාරය ගැන තවත් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

February 11, 2025
in Uncategorized
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

පදනම් විරහිතව පාස්කු ප්‍රහාරයේ වගකීම ඇතැමුන් විසින් මෙරට බුද්ධි අංශ මත පැටවීමට යාම බෞද්ධයින් සහ කතෝලිකයින් අතර ගැටුමක් නිර්මාණය කිරීමක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.Sri Lanka Latest News

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සිරිල් ගාමිණි පියතුමාගේ සාක්කුවේ

පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොලකරුවෙකු සිටින බවත් තමන් ඔහුව හෙලි කර ගන්නා බවත් පොරොන්දු වී බලයට පැමිණි මේ ආණ්ඩුව අසාද් මවුලානා සිදු කළ අපරාධ හතරකට නඩු නොපැවරීමේ පොරොන්දුව මත ඔහු ලවා මහ මොලකරුවෙකු නිෂ්පාදනය කිරීමේ වංචනික කටයුත්තේ යෙදී සිටින බව අපි පසුගිය සතියේ හෙලි කළා. අසාද් මවුලානා නිදහස් කෙරෙන අපරාධ හතර මොනවාද? පාස්කු ප්‍රහාරකයින්ට උදව් කිරීම, ව්‍යාජ නමකින් පෙනී සිට විවාහයක් කර ගැනීම, ගිණුමේ මුදල් නොමැතිව ලක්ෂ විස්සක චෙක්පතක් ලබා දී වංචාවක් සිදු කිරීම සහ නීති විරෝධිව රටින් පලා යෑම ඒ අපරාධ හතරයි. අපි එදා කිව්වේ මවුලානා ගෙන්වා ගෙන ඕනෑම ප්‍රකාශයක් ලබා ගැනීමට අපි විරුද්ධ නෑ. නමුත් අපරාධ හතරට හිලව් වෙන්න පොලිසියට අවශ්‍ය ප්‍රකාශයක් ලබා ගැනීමේ වංචාව සිදු නොවිය යුතුයි. ජනවාරි 21 දා මවුලානාට එරෙහිව කල්මුනේ මහෙස්ත්‍රාත් උසාවියෙන් පනවා තිබුණු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමෙන් මේ කතාව තහවුරු වෙනවා. තමන්ට සඟවා ගැනීමට දේවල් නොමැති සාධාරණ විමර්ශනයක් වෙනවා දකින්න කැමැති කාගේත් ස්ථාවරය විය යුත්තේ අපේ ස්ථාවරයමයි.

මේ තත්වය උඩ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකගෙන් මම ප්‍රශ්න අටක් ඇහුව්වා. මම අවංකවම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විධියට හිතාගෙන හිටියේ නලින්ද ජයතිස්ස ඇමතිතුමා. බැලින්නම් දැන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කරන්නේ සිරිල් ගාමිණි පියතුමා. එතුමා මාධ්‍ය හමුවක් පවත්වලා මම අහපු ප්‍රශ්න අටට පිලිතුරු දෙනවා වෙනුවට මට මඩ ගැසීමට උත්සාහ කලා. එතුමා කියන විධියට මම දේශපාලකයාගේ කාර්යභාරය ඉටු නොකර විමර්ශන වලට ඇඟිලි ගහනවාලු. විපක්ෂයේ දේශපාලකයින්ගේ කාර්යභාරය තමයි ආණ්ඩුවේ දූෂණ සහ වංචා හෙලිදරව් කිරීම. මම ඉටු කරන්නේ ඒ කාර්යභාරය තමයි. ඇත්තටම විමර්ශන වලට බාධා කරන්නේ සිරිල් පියතුමා. එතුමා විසින් 2024 සැප්තැම්බර් 17 දා සුනන්ද දේශප්‍රිය මහතාගේ පොත් නිකුතුවක දී පොලීසිය සොයන මහ මොලකරු ගැන හෙලි කරනවා. මම ඒ වීඩියෝව දැන් දාන්නම්

අබු හින්ද් කියන පුද්ගලයා තමයි පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කියලා සිරිල් පියතුමා කියනවා. ඔය අතරේ මහ මොලකරු සොයන්නේ නෑ කියලා කාදිනල්තුමා ආණ්ඩුවට දොස් කියනවා. ඇත්තටම මහ මොලකරු ගැන සිරිල් පියතුමා දන්නවා නම් එතුමා ඒක කියන්න ඕනි මාධ්‍ය ඉදිරියේ දී හෝ උත්සව සභා වල දී නොවේ. පොලිසියට. ඊට පස්සේ එතුමාගේ ප්‍රධානියා වන කාදිනල්තුමන්ට. අපරාධයක් පිළිබඳ තොරතුරු සඟවා ගෙන සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් කියන එක පියතුමාට කියන්න ඕනි.

කොහොමත් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කිරීම වගේම විමර්ශනවලට ඇඟිලි ගැසීමත් කිතු දහමට පටහැනි බව එතුමා දන්නේ නැතිව ඇති. එතුමා බයිබලය කියවා ඇත්නම් මැතිව්හි 22:21 ඡේදය නොදැන ඉන්න බෑ. “සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවියන්ට අයිති දේ දෙවියන්ට දෙන්න”. එතැන දී ජේසුතුමා කියන්නේ ආගම සහ රාජ්‍ය පාලනය වෙන් කර ගන්න කියලයි.

මම විපක්ෂයේ දේශපාලකයෙකු ලෙස ආණ්ඩුවේ දූෂණ හෙලි කරන්නම්. ඔබ පූජකයෙකු ලෙස දේවධර්මය හදාරා එය බැතිමතුන්ට කියා දෙන්න. බැතිමතුන් වෙනුවෙන් දෙවියන් වහන්සේට යාඥා කරන්න. පොලිස් විමර්ශන තුල වංචා සිදු වෙනවා නම් අපි හැමෝම ඊට එරෙහිව හඬ නගමු. පොලිස් විමර්ශන නිවැරදිව සිදු වෙනවා නම් අපි ඒකේ ප්‍රතිඵල පොලිසිය විසින් නීතිපතිට දැනුම් දීලා නීතිපති උසාවියට දැනුම් දෙන තුරු නිහඬව බලා සිටීම තමයි ඇත්ත හෙලිවෙනවාට කැමති පුරවැසියාගේ වගකීම. තමන් කැමති දේ ඇත්ත වෙනවාටට කැමති ඇත්ත හෙලිවෙනවාට බය අය තමයි විමර්ශනය මැද්දට පැනලා මහ මොලකරු අබු හින්ද්ය, මහ මොලකරු අසල්වැසි බලවත් රටක්ය, මහ මොලකරු අපේ බුද්ධි අංශවල ප්‍රධානියා ආදි වශයෙන් විවිධ මත පල කරමින් විමර්ශනයන්ට බදා කරන්න . නීතිඥයෙක් විධියට මම කියන්න ඕන අධිකරණය ඉදිරි‍යේ විභාග පවත්වන නඩුවක් සම්බන්ධව කරුණු ප්‍රසිද්ධියේ කතා කිරීම අධිකරණයට අපාහසයක් විදියටයි අධිකරණ සලකන්නේ. ඒ වගේම පදනම් විරහිතව මේ අපරාධයේ වගකීම පියතුමා විසින් බුද්ධි අංශ මත පටවනවා කියන්නේ බෞද්ධයින් සහ කතෝලිකයින් අතර ගැටුමක් නිර්මාණය කිරීමක්. ආගමික ගැටුම් නිර්මාණය කිරීම කියන්නේ ඇප ලබා ගත නොහැකි බලවත් වරදක් කියන එක සිරිල් පියතුමාට ගෞරවයෙන් සිහිපත් කරනවා.

නීතිපතිගේ මතය ජනපති විසින් ප්‍රශ්න කිරීම වැරදියි.

ලසන්ත ඝාතනය පිළිබඳ සාක්ෂි වසන් කිරීමට සැකකරුවන් වී සිටි තිදෙනෙක් නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නෑ කියන පදනමින් නීතිපතිතුමා නිදහස් කළා. ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට ජනාධිපතිතුමා විසින් නීතිපතිතුමාව මාධ්‍ය සංදර්ශන පවත්වමින් කැඳෙව්වා. ඊට පස්සේ පැය දෙකක් සාකච්ඡා කළ බවත් නිසි ලෙස රාජකාරි කිරීමට නොහැකි නම් ඉවත් වී යන ලෙස නීතිපතිට ජනපති දොස් පැවරූ බවත් පාර්ලිමේන්තු යෝජනාවකින් නීතිපති ඉවත් කිරීම පිළිබඳ සලකා බලමින් යන බවත් ආණ්ඩුවට හිතවත් මාධ්‍ය වාර්තා කළා.

නීතිපතිවරයා නඩු පැවරීමට ප්‍රමාද වන විට නීතිපතිගේ කාර්යක්ෂමතාවය ජනපතිට ප්‍රශ්න කළ හැකි වුවත් නීතිපති මතය ප්‍රශ්න කිරීමට ජනාධිපතිට බලයක් නැති බව ජනපතිට සිහිපත් කරන්න කැමැතියි. නීතිපති මතයේ හරි වැරැද්ද ප්‍රශ්න කරන්න ජනපතිට තිබෙන නීති දැනුම මොකක්ද? නීතිපතිවරයාගේ මතය ආණ්ඩුවටත් ජනතාවටත් ප්‍රශ්න කළ හැක්කේ අධිකරණයක් ඉදිරියේ දී පමණයි. මේ ගැන නිදසුන් දෙකක් දෙන්නම්. 1999 දී නීතිපතිගේ උපදෙස් මත යැයි ප්‍රකාශ කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු මහධිකරණ විනිසුරු මහනාම තිලකරත්න අත්අඩංගුවට ගන්නවා. මේ පිළිබඳ එවකට සිටි අගවිනිසුරු ජී පී එස් ද සිල්වා මැතිතුමා විසින් නීතිපති සරත් එන් සිල්වා මැතිතුමාගෙන් විමසූ විට නීතිපති අගවිනිසුරුට කිව්වේ අධිකරණය ඉදිරියට ප්‍රශ්නය එනතුරු ඉවසීමෙන් ඉන්න. නීතිපතිට දුරකතනයෙන් කතා කර චෝදනාවක තොරතුරු විමසීම නොගැලපෙන බවයි.

2003 දී ත්‍රිකුණාමලය නගරයේ හන්දියක නාවික හමුදාවෙන් බුදු පිලිමක් තැන්පත් කළා. මේකට නගර සභාව විරුද්ධ වෙනවා. ඒක ඉවත් කරන්න නීතිපති කමලසබේසන් මැතිතුමා විසින් නගර සභාවට උපදෙස් දුන්නාම අපි ත්‍රිකුණාමලයේ චීන වරාය පන්සලේ දෙහිඕවිට පියතිස්ස නාහිමියන් පෙත්සම්කරු කර නීතිපති වගඋත්තරකරු කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවා. ඒ නඩුවෙන් නීතිපති වැරදිකරු වෙලා නීතිපති මතය බල රහිත කරන්න අධිකරණය කටයුතු කලා.

කාට හරි නීතිපතිගේ මතය වැරදියි කියන්න කරුණු තිබෙනවා නම් ඒ අය කරන්න ඕනි නීතිපති කැඳවලා තග දැමීම නොවේ. නීතිපති කාර්යාලය වට කරලා උද්ඝෝෂණය කිරීම නොවේ. නීතිපති මතය අභියෝගයට ලක් කරලා අධිකරණයේ නඩු පැවරීමයි. ඒ වෙනුවට නීතිපතිට එරෙහිව සමාජ මතයක් හැදීමෙන් වෙන්නේ නීතිපති නීත්‍යානුකූල මතය පැත්තකින් තියලා ජනප්‍රිය මතය කියන්න ඉදිරිපත් වීමයි. නීතිපතිත් මනුස්සයෙක්. ගෙදර ඉදිරියේ පෙලපාලි ගිහින් දරුවන් බියට පත් වේවි ද බිරිඳට පවුලේ උත්සවයකටවත් යන්න බැරි වේවි ද කියන බිය හිතට ඇතුළු වුණොත් රැල්ල සමග පීනන්න නීතිපතිත් පෙළඹේවි. ඒකෙන් නීතියේ ආධිපත්‍ය බිඳ වැටී මේ රටේ ජීවත් වන මිලියන විසි දෙකේම ජීවිත අනාරක්ෂිත වේවි. ජනපතිතුමනි, අත්දැකීම් නැති කමට වැරදි තීන්දු අරගෙන මේ රට නැවත අරාජික කරන්න එපා කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

88-89 කාලයේ මෙගාවොට් 33000 ට්‍රාන්ස්ෆෝමර් පුච්චද්දීවත් රටටම කරන්ට් එක නැතිවුණේ නෑ! දැන් කියනවා පානදුර උපපොළකට වඳුරෙක් පැන්න නිසා රටම කළුවර වුණාලු! එදා නොරොච්චෝලේ කැඩෙද්දි හඳුන්නෙත්ති කිව්වේ විදුලි මාෆියාව කියලා! අද ඒ විදුලි මාෆියාවට මාලිමා ආණ්ඩුවම යටවෙලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව රාජ්‍ය සේවකයන් හිතුමතේ මාරුකරන්න පටන් අරගෙන! දේශපාලන පළිගැනීම්වලට ලක්වන රාජ්‍ය සේවකයන්ගේ දුකට පිහිටවෙන්න සජබෙන් අලුත් වැඩපිළිවෙළක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.