ඩෙංගු මදුරුවාගෙන්ම බෝවන චිකුන් ගුන්යා නමැති වෛරස් උණ රෝගය මේ වනවිට පැතිරී යෑමේ අවදානමක් ඇති හෙයින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News
එම රෝගීන්ට උණ රෝගය මෙන්ම හන්දිපත් රුදාවද, ඩෙංගු රෝගයට සමානව සිරුරේ ළප ඇතිවීමද සිදුවන බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
මෙය වැලඳුණු අයට විවේකය අත්‍යාවශ්‍ය වන අතරම වයස්ගත අයකුට වැලඳුණහොත් හන්දිපත් රුදාව මාස දෙකකට වඩා කාලයක් සිරුර තුළ පවතින බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
එම රෝගයට ගොදුරුවීමේ අවදානම ගැන සැලිකිලිමත් වී නිවෙස් අවට නිරන්තරව පිරිසිදුව තබාගැනීමට උනන්දුවක් දක්වන ලෙසයි ඔහු වැඩිදුරටත් සිහිපත් කරන්නේ.
ඩෙංගු මදුරුවා චිකුන් ගුන්යා වැලඳී ඇති රෝගියකුට දෂ්ට කර තවත් අයකුට දෂ්ට කිරීම නිසා මෙය වැලඳීමේ ප්‍රවණතාව වැඩි බවද විශේෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










