77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම මහා විහාරයේ පැවැති නිදහස් දින උත්සවයක් සහ ආගමික වතාවත් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසන එක්විය.Sri Lanka Latest News
1948 පෙබරවාරි 4 වැනි දා මෙරටට නිදහස ලැබීමෙන් අනතුරුව එවක අග්‍රාමාත්‍ය ඩී. ඇස්. සේනානායක මහතා විසින් මෙම විහාරස්ථානයට පැමිණ එවක විහාරාධිපති පූජ්‍යපාද හංචාපොළ විමලවංශ අනුනායක හිමියන්ගේ ආශිර්වාද මැද අඹ පැලයක් රෝපණය කර තිබේ. එය සංකේතවත් කරමින් සෑම වසරකම නිදහස් දා උදෑසන මෙම විහාරස්ථානයේ නිදහස් දින සැමරුමක් සහ විහාරස්ථානයේ ඇති ඩී. ඇස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම සිදුවේ.


















