• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

DS නිදහස ලබාගනිද්දී පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු 101 දෙනා! Sri Lanka Latest News

February 4, 2025
in Exclusive
Reading Time: 29 mins read
A A
DS නිදහස ලබාගනිද්දී පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු 101 දෙනා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

77 ඉලක්කම පසුගිය කාලය තුළ දේශපාලන වේදිකාවලදීත්, පාර්ලිමේන්තුවේදීත් ඇතැම් සමාජ මාධ්‍ය ජාලවලින් වැඩිපුරම කතාවුණු ඉලක්කමක් බව කීවොත් එය වරදක් නොවේ. Sri Lanka Latest News

77 පෙරළිය, 77දී මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වාදීම, 77දී ජේ.ආර්. 5/6ක පාර්ලිමේන්තු බලයක් ලබාගැනීම, 77 වසරක ශාපය ඇතුළු 77 සමග බොහෝ සමාජ දේශපාලන මාතෘකා ගැටගැසී තිබේ.

මෙවැනි පසුබිමක යළිත් 77 කරළියට පැමිණෙන්නේ 77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය (පෙබරවාරි 04) අදට යෙදී තිබෙන නිසාය.
ඇතැම් දේශපාලන පක්ෂ 77 වසරක ශාපයක් ගැන කතාකරන්නේ 1948 නිදහස ලබාගත් දිනයේ සිට රට නිවැරැදිව පාලනය නොකළ බව කියමිනි.
ඊට ප්‍රතිචාර දක්වමින් රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ කියා සිටින්නේ 77 වසරක් රට ක්‍රමයෙන් දියුණු වූ අතර, සිදුවීම් අතළොස්සක් මුල්කරගනිමින් පසුගිය 77 වසරට චෝදනා කිරීම කිසිදු සාධාරණයක් නොමැති ක්‍රියාවක් බවයි.

රටේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව ඇතුළු බොහෝ සේවාවන් පොදු මහජනතාවට ලබාදෙන අතරතුර රට වේගවත්ව සංවර්ධනයට යොමුවෙමින් ඇති බවද එම දේශපාලන පක්ෂ පෙන්වා දෙයි.

77 වසරකට පෙර මෙරට පාර්ලිමේන්තුව පැවැතියේ කුමන තත්ත්වයකද? මෙරටට නිදහස ලැබෙන විට ඒ සඳහා මෙරට පාර්ලිමේන්තුවෙන් ලැබුණු දායකත්වය කෙබඳුද යන කාරණා පිළිබඳ අවධානය යොමුකිරීම මෙරට ‘ගැලරියේ සිට ලියමි’ අරමුණයි.

948 පෙබරවාරි මස 04 වැනිදා මෙරටට නිදහස ලැබුණද බි්‍රතාන්‍යයෙන් නිදහස ලබාගැනීමට අදාළ ක්‍රියාවලිය ඊට වසර කිහිපයකටම පෙර සිට ආරම්භ වී තිබිණි.

ඒ සඳහා කැපවුණු ජාතික නායකයන් ඇතුළු දේශපාලනඥයන් රැසක් සිටිය බවද අප අමතක නොකළ යුතු දෙයකි.
ඒ සඳහා සුවිශේෂ කැපවීමක් සිදුකරන ලද ජාතික නායකයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතායි.

මෙරට නිදහස වෙනුවෙන් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා සිදුකළ මෙහෙය නිසාම ඒ මහතා ජාතියේ පියා යනුවෙන්ද හඳුන්වයි.
1948 වසරේදී ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීමට පෙර ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙරටට ඡන්ද බලය හිමිවන්න් 1931 වසරේදීය.
එම ව්‍යවස්ථාදායකය එවිට හැඳින්වූයේ රාජ්‍ය මන්ත්‍රණ සභාව වශයෙනි.

මන්ත්‍රීවරුන් 61 දෙනකුගෙන් එය සමන්විත වූ අතර, ඉන් 50 දෙනකු තෝරාපත්කර ගන්නා ලද්දේ ඡන්ද කොට්ඨාසවලිනි.
මන්ත්‍රීවරුන් 8 දෙනකු ආණ්ඩුකාරවරයා විසින් නම්කරන ලදී.

මීට වඩා පුළුල් නියෝජනයක් සිදුකළ යුතු බවට එවක විරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ පැවැත්වූ අතර, ඒවායේ ප්‍රතිඵලය හැටියට ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරුණේ වෙස්ට්මිනිස්ටර් ආකෘතියටයි.

1948 පෙබරවාරි 04 වැනිදා ශ්‍රී ලංකාවට නිදහස හිමිවිය. එහිදී සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මන්ත්‍රී මණ්ඩල දෙකකින් යුත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් සහ මන්ත්‍රීවරුන් 30 දෙනකුගෙන් යුත් උත්තර මන්ත්‍රී මණ්ඩලයකින්ද එය සමන්විත විය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් 95 දෙනකු තෝරා පත්කරන ලද අතර, 06 දෙනකු අග්‍රාණ්ඩුකාරවරයා නම්කරන ලදී.
අග්‍රාණ්ඩුකාරවරයා විසින් එම මන්ත්‍රීවරුන් 06 දෙනා නම්කරන ලද්දේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුවයි.
උත්තර මන්ත්‍රී මණ්ඩලයට මන්ත්‍රීවරුන් 15 දෙනකු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පත්කර ගන්නා ලදී. සෙසු පිරිස අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව අග්‍රාණ්ඩුකාරතුමන් පත්කරන ලදී.

සෙනෙට් මන්ත්‍රීවරුන් පත්කිරීමේදී මහජන සේවය අතින් හෝ වෘත්තීය, ව්‍යාපාරික හැකියාවන් පිළිබඳ අවධානය යොමුකිරීමට අවස්ථාව ලැබිණි.
මෙරට නිදහසින් පසුව වෙනම පරිච්ඡේදයක් ලියවීමට පටන්ගත්තේ 1948 නිදහසින් පසුව අප රට ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීම ක්‍රමයෙන් ආරම්භ කළ නිසාය.

77 වසරක ශාපයක් ගැන කතාකරන ඇතැම් පිරිස්ද 1948ට පෙර ගැන කතා නොකරන්නේ ඇයි? ඔවුන් 1948න් පසුව ශාපයක් ගැන කතාකිරීම කෙතරම් සාධාරණද කියා ඔවුන් සමග සංවාදයක් ඇතිකරගැනීම වඩාත් යහපත්ය.

1948 දී මෙරටට නිදහස ලැබීමෙන් පසුව සෑම ක්ෂේත්‍රයකම විශේෂ පරිච්ඡේද ආරම්භ විය.
නිදහස් ශ්‍රී ලංකාවේ මෙරට ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා වන්නේ ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර්. 1948 පෙබරවාරි 04 වැනිදා සිට 1949 ජුනි 29 වැනිදා දක්වා ඔහු අග්‍රාණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළේය.

මෙරටට නිදහස ලැබෙන විට මෙරට අග්‍රාමාත්‍යවරයා වූයේ නිදහසේ පියා වශයෙන් සැලකෙන මහාමාන්‍ය දොන් ස්ටීවන් සේනානායක මහතායි. 1947 සිට 1952 දක්වා ඩී.එස්. සේනානායක මහතා අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.

රාජ්‍ය මන්ත්‍රණ සභාව පාර්ලිමේන්තුව බවට පත්වන්නේ 1948 දී නිදහස ලැබීමත් සමගයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායක වන්නේ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතායි. 1947 ඔක්තෝබර් මස 14 වැනිදා සිට 1951 ජනවාරි 25 වැනිදා දක්වා මොලමුරේ මහතා පාර්ලිමේන්තුවේ කතානායක ධුරය හොබවයි.
නිදහස ලැබෙන විට නිදහස් පාර්ලිමේන්තුවේ ප්‍රථම සභානායක වන්නේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතායි.

1947 සැප්තැම්බර් 26 සිට 1951 ජූලි මස 12 වැනිදා දක්වා බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ සභානායක ධුරය හොබවා ඇත.
නිදහස් පාර්ලිමේන්තුවේ පළමු විපක්ෂ නායක වන්නේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතායි. 1947 වසරේ සිට 1952 දක්වා ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා විසින් පාර්ලිමේන්තුවේ සභානායක ධුරය හොබවන ලදී.

මෙරටට නිදහස ලැබෙන විට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළේ ආර්. සෙන්ට් එල්.පී. දැරණියගල මහතායි. නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ ලේකම් වශයෙන් දැරණියගල මහතා 1947 ජූලි 01 වැනිදා සිට 1964 ඔක්තෝබර් 27 වැනිදා දක්වා කටයුතු කළේය.

වර්තමානයේ පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන් 225 දෙනකු සිටියද මීට 77 වසරකට පෙර මෙරටට නිදහස ලැබෙන විට සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 101 දෙනකු පමණි. එම මන්ත්‍රීවරුන් 101 දෙනාගේ නම් සහ ඔවුන් නියෝජනය කරන ලද ආසනය පහත සඳහන් කරන්නේ බොහෝ දෙනකුට එම දුර්ලභ කරුණු වැදගත් වන නිසාය.
නම ආසනය

  1. එච්.ඩී, අබේගුණවර්ධන – මාතර
  2. සයිමන් අබේවික්‍රම – බද්දේගම
  3. ඒ.ආර්.ඒ.එම්. අබුබකර් – මතූර්
  4. සී.ඊ. ආටිගල – රත්නපුර
  5. එම්.ඩී. බණ්ඩා – මතුරට
  6. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක – අත්තනගල්ල
  7. පී.එල්. බෞද්ධසාර – පොළොන්නරුව
  8. බී.බී, බුලන්කුලම – අනුරාධපුර
  9. සෝමවීර චන්ද්‍රසිරි – මොරටුව
  10. එස්.ජේ.වී. චෙල්වනායගම් – කන්කසන්තුරේ
  11. විජයානන්ද දහනායක – ගාල්ල
  12. අයි.ටී. දසනායක – වාරියපොල
  13. රෙජිනෝල්ඩ් ඒ. ද මෙල් – කොළඹ දකුණ
  14. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා – වැල්ලවත්ත
  15. ජෝර්ජ් ඊ. ද සිල්වා – මහනුවර
  16. ජෝර්ජ් ආර්. ද සිල්වා – කොළඹ උතුර
  17. පී.එච්.ඩබ්. ද සිල්වා – අම්බලන්ගොඩ – බලපිටිය
  18. ජී.එච්.ඩබ්. ද සොයිසා – අම්බලන්ගොඩ – බලපිටිය
  19. එම්.එම්. ඊබ්‍රහිම් – පොතුවිල්
  20. එස්.යූ. එදිරිමාන්නසිංහම් – පදිරිප්පු
  21. එම්.ජේ.ජේ. ප්‍රනාන්දු – හලාවත
  22. ඩබ්. ලියෝ ප්‍රනාන්දු – බුත්තල
  23. ඩී.එස්. ගුණසේකර – උඩුගම
  24. ඒ.ඊ. ගුණසිංහ – මැදකොළඹ පළමු වැනි මන්ත්‍රී
  25. චම්ලි ද එන්. ගුණවර්ධන – කළුතර
  26. රාජනීතිඥ ඊ.එන්.එන්. ග්‍රේෂන් – පත්කරන ලද මන්ත්‍රී
  27. එන්.එච්. ග්‍රීපින් – පත්කදරන ලද මන්ත්‍රී
  28. ඩී.බී.ආර්. ගුණවර්ධන – කෝට්ටේ
  29. ඩී.පී.ආර්. ගුණවර්ධන – අවිස්සාවේල්ල
  30. ආර්.එස්.එස්. ගුණවර්ධන – ගම්පොළ
  31. කවිසේන හේරත් – නිකවැරටිය
  32. ඩී.එන්. හෙට්ටිආරච්චි – නිවිතිගල
  33. අයි.එම්.ආර්.ඊ. ඊරියගොල්ල – දණ්ඩගමුව
  34. එම්.යූ.එම්.එස්. ඉස්මයිල් – පුත්තලම
  35. ටී.බී. ජායා – මැදකොළඹ දෙවැනි මන්ත්‍රී
  36. ඒ.පී. ජයසූරිය – හොරණ
  37. ජේ.ආර්. ජයවර්ධන – කැලණිය
  38. මේජර් මොන්ටේගු ජයවික්‍රම – වැලිගම
  39. කේ. කනගරත්නම් – වඩ්ඩුක්කෝඩයි
  40. වාසලමුදලි එම්.එස්. කාරියප්පර් – කල්මුණේ
  41. එම්.ඒ.ඩී.ඩී. කරුණාරත්න – ගම්පහ
  42. එන්.එච්. කීර්තිරත්න – කෑගල්ල
  43. පී.ජී.බී. කේනමන් – මැදකොළඹ තුන්වැනි මන්ත්‍රී
  44. ජේ.සී.ටී. කොතලාවල – බදුල්ල දෙවැනි මන්ත්‍රී
  45. සී.ජේ.එල්. කොතලාවල – දොඩම්ගස්ලන්ද
  46. ජී. කුමාරසිරි – හක්මන
  47. වී. කුමාරස්වාමි – චාවකච්චේරි
  48. කේ. කුමාරවේලු – කොටගල
  49. එස්.එච්. මහදිවුල්වැව – කලාවැව
  50. ජේ.ඒ. මාටිනස් – පත්කරන ලද මන්ත්‍රී
  51. ඊ.ඩබ්. මැතිව් – බළන්ගොඩ දෙවැනි මන්ත්‍රී
  52. ඒ.එෆ්. මොලමුරේ – බළන්ගොඩ පළමු මන්ත්‍රී
  53. ජී.ආර්. මෝතා – මස්කෙළිය
  54. කේ.වී. නඩරාජා – බණ්ඩාරවෙල
  55. වී. නල්ලයියා – කල්කුඩා
  56. වී.ටී. නානායක්කාර – මාතලේ
  57. ඊ.ඒ. නුගවෙල – කඩුගන්නාව පළමු මන්ත්‍රී
  58. මේජර් ඩබ්. ඕල්ඩ්පිල්ඩ් – පත්කරන ලද මන්ත්‍රී
  59. එස්.ඒ. පේක්මන් – පත්කරන ලද මන්ත්‍රී
  60. ටී.බී. පානබොක්කේ – ගලහා
  61. එම්.එන්. පීරිස් – පානදුර
  62. ආචාර්ය එන්.එම්. පෙරේරා – රුවන්වැල්ල
  63. ආර්.ඒ.ඒ.ආර්. පෙරේරා – දෙහිඕවිට
  64. ඩබ්.ඒ. පෙරේරා – මතුගම
  65. පී.පී.ඒ.එන්. පීරිස් – නාත්තණ්ඩිය
  66. ටී.බී. පොහොලියද්ද – හොරොව්පොතාන
  67. ජී.ජී. පොන්නම්බලම් – යාපනය
  68. එච්.ආර්.යූ. ප්‍රේමචන්ද්‍ර – කඩුගන්නාව දෙවැනි මන්ත්‍රී
  69. කේ. රාජලිංගම් – නාවලපිටිය
  70. ඩී.ඒ. රාජපක්ෂ – බෙලිඅත්ත
  71. ලක්ෂ්මන් රාජපක්ෂ – හම්බන්තොට
  72. ටී. රාමලිංගම් – පේදුරුතුඩුව
  73. ඩී. රාමානුජම් – අලුත්නුවර
  74. ජේ.ඒ. රමුක්පොත – හපුතලේ
  75. එච්.එම්.බී. රඹුක්වැල්ල – මිණිපේ
  76. වී.සී.ඩබ්. රත්නායක – දෙණියාය
  77. ආර්.ඩබ්.එම්.ඒ. රත්නායක – වත්තේගම
  78. එච්.එල්. රත්වත්තේ – මාවනැල්ල
  79. ඩී.එම්.එෆ්. සේනානායක – කිරිඇල්ල
  80. ඩී.එස්. සේනානායක – මීරිගම
  81. ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක – දැදිගම
  82. එම්. සේනානායක – මැදවච්චිය
  83. ආර්.ජී. සේනානායක – දඹදෙණිය
  84. එස්.එස්.ඒ. සිල්වා – අගලවත්ත
  85. ඒ. සින්නලෙබ්බේ – මඩකළපුව
  86. එච්. ද ඉසෙඩ්. සිරිවර්ධන – මීරිගමුව
  87. ඩී. සිත්තම්පලම් – මන්නාරම
  88. එස්. සිවපාලන් – ත්‍රිකුණාමලය
  89. ඊ.ඊ. ස්පෙන්සර් – පත්කරන ලද මන්ත්‍රී
  90. රාජනීතිඥ හර්බට් නිශ්ශංක – කුරුණෑගල
  91. ටී.බී. සුබසිංහ – බිංගිරිය
  92. එස්.එම්.පී. සුබ්බයියා – බදුල්ල පළමු මන්ත්‍රී
  93. කේ.වී.ඩී. සුගතදාස – වැලිමඩ
  94. සී. සුන්දරලිංගම් – වවුනියාව
  95. එච්.බී. තැන්න – දඹුල්ල
  96. ඒ.එල්. තම්බයියා – කයිට්ස්
  97. එස්. තොණ්ඩමාන් – නුවරඑළිය
  98. සී. වන්නියාසිංහම් – කෝපායි
  99. පී.වී. වේලුපිල්ලේ – තලවාකැලේ
  100. ඩබ්.ජී.ඒ. වික්‍රමසිංහ – අකුරැස්ස

මෙම තොරතුරු ලබාගැනීමේදී සහාය ලබාදුන් පාර්ලිමේන්තුවේ හිටපු වේත්‍රධාරී විජය පල්ලියගුරුගේ මහතාට ස්තුතියි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

අලුත් මහමොළකරුවකු අරන් ඇවිත් ගෝඨාවයි-සලේවයි අත්අඩංගුවට ගන්න යනවා කියලා ගම්මන්පිල කරපු පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ හෙළිදරව්ව මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරගේ පළමු නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේ ඇරඹේ! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.