• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි ඇතුන්ගේ අමුතු ෆොටෝ ගහන කුෂාන්ව දන්නවද? Sri Lanka Latest News

February 8, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
අලි ඇතුන්ගේ අමුතු ෆොටෝ ගහන කුෂාන්ව දන්නවද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද කැලෑ කොලමෙන් මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ ගහ කොළ සතා සිවුපාවුන්ට සොබා සෞන්දර්යයට අසීමිත ලෙස ආදරය කරන වනජීවී ඡායාරූප ශිල්පියෙක් සමගයි. ඔහු සුවිශේෂ වන්නේ වන අලින් සහ ඇතුන් ඡායාරූපගත කිරීම සම්බන්ධයෙන් වැඩි ඇල්මක් දක්වන නිසායි. ඔහු, වනජීවී ඡායාරූපකරණයේ නිරත හැම දෙනාම හොඳින් හඳුනන කුෂාන් සමීර. Sri Lanka Latest News

ආයුබෝවන් කුෂාන්…
ආයුබෝවන්
ඔබ මේ අලි ඇතුන් ඡායාරූපගත කිරීමට යොමුවූ ආකාරය ගැන අපිට මුලින්ම කියන්න?
මම කුඩා කාලයේ ඉඳලම අලි ඇතුන්ට කැමැත්තක් දැක්වූවා. නමුත් පාසල් අධ්‍යාපනය ලබන අතරතුර ඡායාරූපකරණයට යොමුවෙන්න බැරිවුණා. පසුකාලීනව සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් මාධ්‍යවල වන අලින්ගේ ඡායාරූප දකිද්දී ඒ සම්බන්ධයෙන් මගේ ආශාව තවත් වැඩිවෙන්න පටන්ගත්තා. ඒ ඡායාරූප ගත්තු ශිල්පීන්ට මම මේ වෙලාවේ විශේෂ ස්තුතිය පුදකරන්න කැමැතියි. මොකද ඒ ඡායාරූප දැකීමෙන් ඇතිවුණු උත්තේජනය, මට ලොකු පිටිවහලක් වුණා වනජීවී ඡායාරූපකරණයට යොමුවෙන්න.

මේ වෙද්දී වන අලින්ගේ ඔබ විසින් ලබාගත් ඡායාරූප විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ඡායාරූපවලින් ඔබ අපේක්ෂා කරන්නේ මොකක්ද?
වන අලින්ට එල්ලවෙලා තියෙන තර්ජන හේතුවෙන් එම සතුන් දිනෙන් දින අපට අහිමි වෙලා යනවා. ඉතින් අනාගත පරපුරට එම සතුන් ඡායාරූපයකින් හෝ දැක හඳුනාගන්න ඉඩ සැලසීම මගේ මූලිකම පරමාර්ථය. ඒ වගේම එම සතුන් ගැන ජනතාවගේ තියෙන ආදරය, කරුණාව සහ හැඟීම වැඩි කරන්නත් මේ ඡායාරූප උදව් වෙයි කියලා මම හිතනවා.

මේ ඡායාරූප එකතු කරලා ප්‍රදර්ශනයක් පවත්වන්න හෝ මේවා ලෝකයට ගෙන යන්න ඔබේ අදහසක් තියෙනවද?
දැනට එහෙම අදහසක් නෑ. නමුත් ඉදිරියේදී ඒ ගැන සලකා බලනවා.

ඔබ මේ ඡායාරූපකරණය ගැන වගේම වන අලින්ගේ චර්යා රටාවන් ගැනත් ගැඹුරු හැදෑරීමක් කරපු කෙනෙක් කියලා ක්ෂේත්‍රයේ මතයක් තියෙනවා. ඒ ගැනත් කියන්න?
අපි අලියෙක්ගේ ඡායාරූපයක් ගන්න කැමරාවක් අරන් මුල්ම වරට ඒ සතා ගාවට ගියාම අපි තුළ ඒ ඡායාරූපය ගැනීම සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් නෑ. හිතුමතේට පින්තූර ගන්නවා. නමුත් කාලාන්තරයක් වන අලින් සමග ගැවසෙද්දී, ඡායාරූපකරණයේ යෙදද්දී අපට අවබෝධ වෙනවා අලියාගේ මොන ඉරියව්වද, කොයි අවස්ථාවේද කැමරාවට හසුකරන්න සුදුසු කියලා. අපිට වඩා ප්‍රවීණ කැමරා ශිල්පීන් පවා තමන්ට සුදුසු අවස්ථාව එනතුරු දිගු වේලාවක් ගතකරනවා ඡායාරූපය ලබාගන්න. හිතුමතේට සතෙක්ව දැක්ක ගමන් පින්තූර ගන්නේ නෑ. ඒ නිසා හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ වනජීවී ඡායාරූප ශිල්පියෙක් වෙන්න නම්. මමත් දිගු කාලයක් වනජීවී ඡායාරූපරණයේ නියැළිලා ඉඳලා අලි ඇතුන් ඡායාරූපගත කිරීම සම්බන්ධයෙන් අත්දැකීම් ලබාගත්තා.

ඔබ මේ වෙද්දී ඇතුන් කී දෙනකුගේ විතර ඡායාරූප ලබාගෙන තියෙනවද?
ඇතුන් 120 දෙනකුට වැඩි සංඛ්‍යාවකගේ ඡායාරූප මා සතුව තියෙනවා.

මේ වනවිට දැඩි ගැටලුවක් බවට පත්වෙලා තියෙන අලි මිනිස් ගැටුම, පරිසරවේදියෙක් සහ වනජීවී ඡායාරූප ශිල්පියෙක් විදියට ඔබ දකින්නේ කොහොමද?
මේ ප්‍රශ්නය නිසා අලි ඇතුන් වගේම ජනතාවත් විශාල වශයෙන් පීඩාවට පත්වෙනවා. දෙපාර්ශ්වයේම ජීවිත නැතිවෙනවා. ඒ නිසා රජය මේ ගැටලුව තවදුරටත් ඉදිරියට යා නොදී කඩිනම් විසඳුමක් ලබාදෙන්න පියවර ගන්නවා නම් ඒක ඉතාම හොඳයි.

අලි ඇතුන් සමග නිතර ගැවසෙන ඡායාරූප ශිල්පියෙක් විදියට ඔබට හමුවෙලා තියෙන දරුණුම සහ වඩාත් සිත්ගත් සද්දන්තයා කවුද?
එක්කෙනෙක් කියලා කියන්න බැහැ, විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත් විශේෂයෙන් ‘අග්බෝ’. ‘සූරයා’, ‘විජය, ‘කංචදේව’, ‘පුෂ්ප’, ‘මහසේන’, ‘මහසෙන්’ වගේ අලි ඇතුන් ගැන සඳහන් කරන්න පුළුවන්.

ඔබ වන අලි ඇතුන්ගේ මරණ, ඝාතන ගැන ඕනෑ තරම් දැකලා අහලා ඇති. ඒ අතරින් ඔබේ හිත වඩාත්ම කම්පනයට පත්කළ සිදුවීම මොකක්ද?
එවැනි සිදුවීමුත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ‘රේවත’, ‘බරණ’, ‘දීඝ 1’, ‘කනක’, ‘සුබාහු’, ‘වලගම්බා’, ‘මහතිස්ස’ වගේ වටිනා සම්පත් රටට අහිමිවීම මගේ හිතට ලොකු කම්පනයක් ඇතිකළා.

අපේ රටේ අලි ඇත් ගහනය මේ යන විදියට තව කොච්චර කාලයක් අපට දැකබලා ගන්න ලැබේවිද?
ජනගහනය වේගයෙන් ඉහළ යනවා. වනාන්තරත් ඒ වගේම එළිපෙහෙළි කරනවා. ඉතින් වන අලින්ට ඉන්න තියෙන වනාන්තර, වාසභූමි, වැව් පිටි වගේ තැන් උන්ට අහිමි වීම වේගවත් වෙලා තියෙනවා. උදාහරණයක් විදියට ‘සුමේධ’ කියන ඇතා මේ වෙද්දී ජීවත් වෙන්නේ ඉතාම අවදානම් කලාපයක. ඒ ප්‍රදේශයේ අනවසර විදුලි රැහැන්, බඳින තුවක්කු සහ වෙඩිතැබීම් බහුලයි. ඉතින් ඒ ඇතා ආරක්ෂා කරගන්න කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම මේ සතුන්ගේ වටිනාකම සහ ඔවුන්ගෙන් ආරක්ෂා වෙන්නේ කොයි විදියටද කියන එක සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමත් අත්‍යාවශ්‍යයි.

ඔබත් ඒ දැනුවත් කිරීම ආරම්භ කරලා තියෙනවා නේද? ඒ කටයුත්තේ ප්‍රගතිය ගැනත් යමක් කිව්වොත්?
ඉතාම සාර්ථකව දැනුවත් කිරීම අපි කරගෙන යනවා. අපි හිතුවා ගම්මුන්ගෙන් සහ ගොවි ජනතාවගෙන් අපට විරෝධයක් එල්ල වෙයි කියලා. නමුත් එහෙම දෙයක් වුණේ නෑ. ඔවුන් අපට හොඳ සහායක් ලබාදුන්නා. අපි හඳුනාගත්ත ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ජනතාවට මේ අනවසර විදුලි රැහැන් ගැන අවබෝධයක් නොමැති වීම. අපි ඒ ගැන ඔවුන්ව දැනුවත් කරනවා. ඒ වගේම අලි වැටවල් සඳහා සුදුසු විදුලි පරිපථ ලංකාවේ නොමැති වීමත් අලි මිනිස් ගැටුම තීව්‍ර වීමට බලපා ඇති බව පෙනෙන්නට තියෙනවා.

දිනෙන් දින රටට අහිමි වෙන අලි සම්පත ආරක්ෂා කරගන්න, පරිසරවේදියෙක් විදියට ඔබට දෙන්න තියෙන පණිවුඩය මොකක්ද?
වන අලි ගැටලුවට මුහුණ දීලා තියෙන ජනතාවගේ පැත්තෙන් සහ වන අලින්ගේ පැත්තෙන් බලලා මේ ගැටලුවට කඩිනම් සහ තිරසාර විසඳුමක් ලබාදිය යුතුයි. ඒ සඳහා වත්මන් රජය මැදිහත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම හැම දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා අලි ඇතුන්ට වගේම සෑම වන සතෙකුටම, සොබා සෞන්දර්යයට ආදරය කරන්න, අපේ අනාගත පරපුර වෙනුවෙන් මේ සම්පත් ආරක්ෂා කරන්න කියලා.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

බබාලව මගෙන් ඈත් කරවන්න මම හරිම අකැමැතියි! Sri Lanka Latest News

Next Post

අනුර එළවන්න හදන විජේරාමේ ගෙදර ඉඳන්ම මහින්ද ආපහු වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.