අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී අගනුවර ගුවනේ දී මගී ප්‍රවාහන ගුවන්යානයක් සහ යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගැටී අනතුරක් සිදුව තිබේ.Sri Lanka Latest News
එහිදී යානා දෙකම අසල පිහිටි පොටොමැක් ගංගාවට ඇදවැටී ඇති බව වාර්තා වේ.
කැන්සාස් හි සිට පැමිණි මෙම යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ මගීන් 64 දෙනෙක් ගමන් කර ඇති බව අමෙරිකානු බලධාරීන් පවසයි.
එමෙන්ම අනතුරට ලක්වූ බ්ලැක්හෝව්ක් යානය තුළ නිලධාරීන් තිදෙනෙක් සිටි බව සඳහන් වේ.
විදෙස් මාධ්‍යවලට අනුව මෙලෙස අනතුරට ලක්ව තිබුණේ රේගන් ජාතික ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කරමින් පැවති අමෙරිකන් ගුවන් සේවාවට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයකි.
විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.
මේ අතර පවතින හදිසි අවදානම සලකා රේගන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කටයුතු තාවකාලිකව මුළුමනින්ම අත්හිටුවා තිබේ.










