• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ කටවල් වහලා! ජනාධිපති මන්දිරය-ජනාධිපති ලේකම් කාර්යාලය ජවිපෙ පක්ෂ කාර්යාල බවට පත්වෙලා! පාර්ලිමේන්තුව පාලනය කරන්නෙත් පැලවත්තේ ජවිපෙ කාර්යාලයෙන්!  VIDEO I Sri Lanka Latest News‍

January 28, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මහනායක හිමිවරු ඉල්ලපු දේ කාදිනල්තුමා ඉල්ලපු දේ රටේ මිනිස්සු ඉල්ලපු දේ කරන්න විපක්ෂනායකතුමා විශාල කැපකිරීමක් කළා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

‘‘වර්තමාන ආණ්ඩුව ක්‍රමක් ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවයාදයට මැර පහරවල් එල්ල කරමින් ගමන් කරනවා. ආණ්ඩුව බලය ලබාගැනිමට පෙර ප්‍රකාශ කළ දේවල් නැවත මාධ්‍ය මගින් ප්‍රචාරණය කරනවිට ආණ්ඩුව විසින් මාධ්‍යවේදීන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන එන්නට කටයුතු කරනවා. මාධ්‍ය ආයතනවලට සෘජුවම තර්ජනය කරනවා. මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා. ආණ්ඩුව කරනවා කියලා කිව්ව දේවල් ජනතාව වෙනුවෙන් සිදුකරන්න කියන ඉල්ලිම තමයි මාධ්‍ය ආයතන සිදුකරන්නේ. යම් ගැටලුවකට ජනතාව පත්වී සිටිනවානම් ඒ ගැටලුව මාධ්‍ය මගින් ප්‍රචාරණය කිරිම මාධ්‍යයේ වගකීමක්. යැයි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවට සහභාගී වු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීය.Sri Lanka Latest News‍

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය,

ඒ වගේම මහා පරිමාණ වී මෝල් හිමියන්ට අඩු මුදලට වී ගන්න අවස්ථාවක් නිර්මාණය කර දිම සඳහා ආණ්ඩුව තවම වී මිලදී ගැනිම සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් කරලා නෑ. ඒ වගේම රජයෙන් තව වී මිලදී ගැනිම ආරම්භ කරලා නෑ. ගොවි ජනතාව ණය බරින් පිඩනයට පත් වී සිටින නිසා අඩු මුදලට මහා පරිමාන වී මොල් හිමියන්ට විකුණන්න කටයුතු කරලා තිබෙනවා. ආණ්ඩුව ගොවින්ගෙන් සාධාරණ මිලට වී මිලදී නොගන්නේ මහා පරිමාන සහල් මෝල් හිමියන්ට වාසියක් අත්කර දීම සඳහා ද කියන සැකය අපට මතුවෙනවා. ඒ නිසා වහාම ආණ්ඩුව ගොවින්ගේ වී සාධාරණ මිලකට මිලදි ගන්න කටයුතු කළ යුතුයි. වී මිලදි ගන්න සාධාරණ මිල ආණ්ඩුව මීට පෙර දැනුම් දිය යුතුයි. ඒ අනුව මේ වනවිට වී මිලදී ගැනිම ආරම්භ කර තිබිය යුතුයි. නමුත් එවැනි වැඩපිළිවෙළක් තවම ක්‍රියාත්මක වෙලා නෑ. මේ ප්‍රශ්න මාධ්‍ය විසින් රටට හෙළි කරනවිට මාධ්‍යයට ආණ්ඩුව තර්ජනය කරනවා.

ඒ වගේම ආණ්ඩුව බලය ලබා ගැනිමට පෙර සිදුකළා ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩිකරන්න කටයුතු කරනවා කියලා. ඒ වගේම රාජ්‍ය සේවකයින්ගේ වැටුප මාස හයෙන් හයට වැඩි කරන්න අවශ්‍ය පියවර ගන්නා බවත් ජාතික ජනබලවේගයේ ප්‍රධානින් ප්‍රකාශ කළා. රජ්‍ය සේවකයින් කියන්නේ රටේ ප්‍රධාන සේවාවන් සපයන ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කරන්න දායකත්වයක් ලබාදෙන , රටට විශාල දායකත්වයක් ලබාදෙන්න කටයුතු කරන පිරිසක්. ඒ අනුව මෙවර අයවැයේදී රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් සාධාරණ පිළිතුරක් ලබාදෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ දේවල් ආණ්ඩුවට මතක් කර දෙනවිට වැරදිකාරයින් වෙන්නේ මාධ්‍ය ආයතන. මාධ්‍යවේදීන් තමයි වැරදි. මාධ්‍ය ආයතන වලට මාධ්‍යවේදින්ට කරන තර්ජන වලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි පහරක් එල්ල වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුලුණක් වන්නේ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව. ශ්‍රී ලංකා පර්ලිමෙන්තුවට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු 159 දෙනෙකු මහජන නියෝජිතයන් ලෙස පත්වෙලා තිබෙනවා. විපක්ෂයේ සිටින්නේ සුලුතර මහජන නියෝජිතයින් පිරිසක්. පාර්ලිමේන්තුවේ සිටින ඒ සුලුතර මන්ත්‍රිවරු පිරිසට සාධාරණයක් වෙන්නේ නෑ. කතානායකවරයා සෑම අවස්ථාවකම ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදි ආකාරයෙන් කටයුතු කරනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට කටයුතු කරනවා කියලා කිව්වට විපක්ෂයට අවශ්‍ය නියෝජනය කවදාවත් ලබා දෙන්නේ නෑ. වේදිකාවල මහ හයියෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජාතික ජනබලවේගය කතා කළා. නමුත් ජාතික ජනබලවේගයේ සැබැ තත්ත්වය රටට හෙළි වී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචන්ඩකාරි තත්ත්වය දැන් හෙළි වෙමින් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදිය කියන්නේ බහුතර මතය වගේම සුලුතරයට අසාධාරණයක් නොවී කටයුතු කිරිම. සුලුතරයට හානියක් නොවීමටනම් සුලුතරයේ අයිතිවාසිකම් කප්පාදු කරන්න කටයුතු කරනවානම් එතන ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ජනාතා විමුක්ති පෙරමුණ සිදුකළ ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතු දැන් හෙළි වෙමින් තිබෙනවා. පාර්ලිමේන්තුව පමණක් නොව සමස්ථ රජයට මෙහෙයවන්නේ පැලවත්තේ තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයෙන්. පාර්ලිමේන්තුවේ සිටින ජාතික ජනබලවේගයේ නියෝජිතයින්ට අවශ්‍ය පරිදි ප්‍රජාතන්ත්‍රවාදිව කටයුතු කරන්න නොහැකියි. මේ සියල්ල පාලනය කරලා සැම දෙයක්ම මෙහෙයවන්නේ පැලවත්තේ තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයෙන්. ජනාධිපති මන්දිරය , ජනාධිපති ලේකම් කාර්යාලය , පාර්ලිමේන්තව බවට පත්වෙලා තිබෙන්නේ පැලවත්තේ තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලය. පැලවත්තේ තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයෙන් සෑම අමාත්‍යංශයක්ම අධීක්ෂණය කරන්න කමිටුවක් දාන්නත් කටයුතු කරන බව තොරතුරු වාර්තා වෙනවා. මේ කටයුතු ප්‍රජාතන්ත්‍රවාදය මැර පහරක්. පාර්ලිමේන්තු නියෝජන ක්‍රමයට මැර පහරක්.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ සැබැ තත්ත්වය දැන් රටට හෙළි වෙමින් තිබෙනවා. ඒ බව සමුපාකාර ඡන්දයෙන් මේ වනවිට දැක ගන්න ලැබිලා තිබෙනවා. සමුපාර ඡන්ද පරාජය විම ආණ්ඩුව දරා ගැනිමට නොහැකි වෙලා තිබෙනවා. මේ තත්ත්වය දරා ගැනිමට නොහැකිව සමුපාකාර ප්‍රාදේශික වලට ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රිවරු තර්ජනය කරන්න කටයුතු කරමින් සිටිනවා. ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රිවරු වියරු වැටිලා සිටිනවා. මොවුන් පොලිසියට , විපක්ෂයේ නියෝජිතයන්ට තර්ජනය කරනවා. සැබැ ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂණ දැන් හෙළි වෙමින් පවතිනවා.

ඒ වගේම බහලුම් 300 කට වඩා වැඩි ප්‍රමාණයක් කිසිම පරික්ෂණයකින් තොරව නිදහස් කර තිබෙන බව රේගු නිලධාරින් ප්‍රකාශ කරනවා. බහලුම් 300 තුළ තිබෙන්නේ මොනවද කියලා රජය වහාම රටට හෙළි කළ යුතුයි. බහලුම් 300 ක් කිසිදු පරික්ෂාවකින් තොරව නිදහස් කරලා ආණ්ඩුව ඒ පිළිබඳව ප්‍රකාශයක්වත් නොකර සිටින්නේ කොහොමද? මේ බහලුම් 300 තුළ රට විනාශයට ඇද දමන දේවල් තිබෙන්න පුලුවන්. නැතිනම් ජාතික ජනබලවේගයට මැතිවරණවලදි සහාය දුන්න ව්‍යාපාරිකයන්ට අයත් බහලුම්ද කියන සැකයත් මතුවෙනවා. ඒ නිසා වහාම මේ බහලුම් පිළිබඳ තොරතුරු රටට හෙළි කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම යම් පුද්ගලයෙක් වංචාවකට දූෂණයට අපරාධයකට සම්බන්ධයි නම් ඒ අය පිළිබඳව සාධාරණ පරික්ෂණයක් සිදුවිය යුතුයි. ඒ පරික්ෂණ දේශපාලන මැදිහත්විම් වලින් තොරව සිදුවිය යුතුයි. දේශපාලන පලිගැනිම් වලින් තොරව සිදුකරන සාධාරණ පරික්ෂණවලට සමගි ජන බලවේගයත් උපරිම සහාය ලබාදෙනවා. ඒ වගේම දේශපාලන පළිගැනිම් වහාම නතර විය යුතුයි. දේශපාලන පලිගැනිම් සහ සාධාරණ පරික්ෂණ කිරිමක් කියන්නේ දෙකක්. යහපාලන රජය කාලයේදිත් රාජපක්ෂවරු අත්අඩංගුවට ගන්න කටයුතු කළා. නමුත් ඔවුන් නිදහස් වුණා. එතනදි දේශපාලන ඩිල් එකක් ක්‍රියාත්මක වුණාද කියන දේ පිළිබඳව සැකයක් තිබෙනවා. සාධාරණ පරික්ෂණයක් කරලා නිවැරදිකරුවෙකු ලෙස නිදහස් වෙනවානම් කිසිදු ගැටලුවක් නෑ. නමුත් සාධාරණ පරික්ෂණයකින් තොරව නිදහස් ලබාදිම ගැටලුමක්. ඒ වගේම සාධාරණ පරික්ෂණයක් සිදුකරන්න දේශපාලන මැදිහත්විමක් වෙනවානම් එයත් ප්‍රශ්නයක්. හිටපු මැති ඇමැතිවරු දුෂණ වංචා අපරාධ කරලා තිබෙනවානම් ඒ සදහා දඩුවම් කරන්න මුලින්ම කටයුතු කළේ යහපාලන ආණ්ඩුව. ඒ නිසා දුෂණය වංචාව අපරාද මර්දනය කරන්න අපේ උපරිම සහාය ලබාදෙනවා. ඒ වගේම දේශපාලන පලිගැනිම් මත සිදුකරන අත්අඩංගුවට ගැනිම සහ ඒ සදහා සිදුකරන මාධ්‍ය සංදර්ශන වහාම නතර කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ට ලබාදි තිබු ආරක්ෂාව අවම කරන්න වර්තමාන රජය කටයුතු කර තිබුණා. කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරුන්ට යම් ආරක්ෂාවක් ලබාදිය යුතුයි. ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් කරලා ආරක්ෂාව අඩු කරනවාද නැද්ද යන්න පිළිබඳව තින්දු කළ යුතුයි. ජනාධිපති අනුර දිසානායක කියනවා වැඩිය කැ ගැහුවොත් තියෙන ආරක්ෂාවත් නැති කරනවා කියලා. එවැනි ප්‍රකාශ ජනාධිපතිවරයා කරන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් කරලද කියන ප්‍රශ්නය මතුවෙනවා.

ඒ වගේම සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වලා තිබෙනවා. හෙට දිනයේදිත් සාකච්ඡාවක් තිබෙනවා. සාකච්ඡාවල ධනාත්මක ප්‍රගතියක් දකින්න ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂය සමඟ පමණක් නොව සමගි ජන බලවේගය සමඟ හිටගන්න සියලුම කණ්ඩායම් සමග සාකච්ඡ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ පවත්වන සාකච්ඡා ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරලාම සිදුකරන සාකච්ඡා නෙවෙයි. පලාත් මැතිවරණයටත් එහා ගිය පුලුල් සන්ධානයක් නිර්මාණය කරලා රටේ බලය වෙනස් කිරිමේ මැතිවරණයක් සදහා තමයි අපි සුදානම් වෙන්නේ. පළාත් පාලන මැතිවරණයේදී එකට තරග කළ හැකි ස්ථානවලදි එකට තරග කරන්නත්. එකට තරග කරන්න නොහැකි ස්ථානවලදි වෙන වෙනම තරග කරලා මැතිවරණයෙන් පසුව එකතු විමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා පලාත් පාලන මැතිවරණය ඉලක්ක කරලම මේ සාකච්ඡා සිදුකරන්නේ නෑ. මේ සාකච්චා වලින් ඔබ්බට ගොස් දක්ෂිනාංශික දේශපාලන කදවුර ශක්තමත් කරන්න අපිට හැකියාව තිබෙනවා. ඒ වගේම සමගි ජනබලවේග නායකත්වයේ කිසිදු වෙනසක් සිදුවන්නේ නෑ. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවංක , දක්ෂ නායකයෙක්. සජිත් ප්‍රේමදාස මහතාගේ අවංක දක්ෂ නායකත්වය සමඟ දක්ෂ කණ්ඩායමක් සිටිනවා. යම් යම් වෙනස්කම් සිදුකරන්න තිබෙනවා. ඒ වෙනස්කම් ඉදිරියේදී වෙනස් කරගෙන පුලුල් ශක්තිමත් දේශපාලන කදවුරක් ලෙස මැතිවරණවලට මුහුණ දෙන්න අපි කටයුතු කරනවා. ‘‘

SendShareShare
Previous Post

රනිල්ගේ අත්සන ගහපු ලියුමක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයන්න පටන් අරන්! ලියුම ලොකු ලොක්කො රැසක් අතට ගිහින්! Sri Lanka Latest News

Next Post

හේමාත් ගියා! ගෝඨාත් ගියා.! රනිලුත් ගියා..! ඉතින් මහින්දට-විතරක් බැරි ඇයි? ‌ගේ දීලා යන්න! කැබිනට් මාධ්‍ය හමුවේදී මාලිමා ආණ්ඩුව අදත් මහින්දට කියයි!  VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.