වෙළෙඳපොළේ පවතින බොහෝමයක් පැන්සල්වල දරුවන්ගේ සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය රැසක් අන්තර්ගත බවත් පැන්සල් මුඛයෙන් සැපීමෙන් දරුවන් දීර්ඝ කාලීන රෝග රැසකට ගොදුරු විය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අඟවයි.Sri Lanka Latest News
බොහෝමයක් ආනයනික විවිධ වර්ණවලින් වෙළෙඳපොළේ දක්නට ලැබෙන අතර පැන්සල්වල පවතින වර්ණගැන්වීම් හා ආකර්ශනීය බව නිසාම එවන් පැන්සල් මිලට ගැනීමට දරුවන් වැඩි කැමැත්තක් දක්වයි.
පැන්සල්වල මෙම ආකර්ශනීය බව ලබාගැනීමට ඒවාට රසදිය, ආසනික්, කැඩ්මියම් වැනි රසායනික ද්‍රව්‍ය සහ බැර ලෝහ විශාල ප්‍රමාණයක් ආලේප කිරීම සිදුවන අතර පැන්සලෙන් ලිවීමේදී, පැන්සල් උල් කිරීමේදී එම එම පැන්සල් මුඛයෙන් සැපීමේදී මෙම විෂ රසායන නොදැනුවත්වම ශරීර ගතවන බව වෛද්‍යවරු පවසයි.
පැන්සල් හා පාට පැන්සල් නිෂ්පාදනයට අන්තර්ජාතික ප්‍රමිතියක් ඇති අතර EN71 – 3 ප්‍රමිතියට සහතිකකර ඇති පැන්සල් බැර ලෝහ වර්ග 19කින් සිරුරට ආරක්ෂාව ලබාදෙන නමුත් වර්තමානයේ වෙළෙඳපොළේ පවතින බොහෝ පැන්සල් මෙම අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූල නොවන බව වාර්තා වෙයි.










