හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස අගදී ඕමානය බලා පිටත්ව යාමට ලන්ඩනය බලා පිටත්ව යාමට සැලසුම් කර ඇති බවක් වාර්තා වේ. ඉන් අනතුරුව රනිල් ලන්ඩනය බලා පිටත්ව යාමටද නියමිතය. නිල නොවන තොරතුරුවලින් කියැවෙන්නේ මෙය රනිල්ගේ පෞද්ගලික සංචාරයක් යැයි කියාය.Sri Lanka Latest News
කෙසේ වෙතත් රනිල් මෙසේ ලන්ඩනයට ඒමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වීමත් සමග ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දෙකක් ඔහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවක් වාර්තා වේ. 1980 දශකයේ අගභාගයේදී, කුප්‍රකට බටලන්ද වධකාගාරයට රනිල් සම්බන්ධ බව ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව වී තිබේ.
ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ඔවුන්ගේ වරෙන්තුවට පදනම් වී ඇත්තේ ‘විශ්වීය අධිකරණ බලය පිළිබඳ මූලධර්මය’ වන අතර, එය එක්සත් රාජධානිය ඇතුළු ඇතැම් රටවල අධිකරණවලට, වධහිංසා වැනි දරුණු ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන්ට නඩු පැවරීමට ඉඩ සලසන නීතිමය මූලධර්මයකි.
මෙම පියවර හිටපු චිලී ඒකාධිපති ඔගස්ටෝ පිනෝචේගේ අපරාධ සඳහා විශ්වීය අධිකරණ බලය යටතේ 1998 දී ලන්ඩනයේදී අත්අඩංගුවට ගැනීමේ නඩුවට සමාන වේ.










