• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැවිදිවී තනිවම කඳු මුදුනක වැඩසිටින අපේ රටේ ජනප්‍රිය නිළිය! Sri Lanka Latest News

January 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පැවිදිවී තනිවම කඳු මුදුනක වැඩසිටින අපේ රටේ ජනප්‍රිය නිළිය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටෙලිනාට්‍ය රසික රසිකාවන් අතර දශක දෙකකට අධික කාලයක් ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටි රංගන ශිල්පිනියක්, සිය රංගන ජීවිතයට සහ ගිහි ජීවිතයට සමුදී මහබාගේ ධම්ම සතිමා නමින් පැවිදි දිවියට එළැඹුණු පුවත අපට අසන්නට ලැබුණේ මීට වසර තුනහමාරකට පමණ පෙරදීයි. ගිහි කල නීතා සමරනායක යන නමින් ප්‍රකටව සිටි ඇය පිළිබඳ සමාජ මාධ්‍යයෙන් යළිත් වරක් අපට අසන්නට ලැබුණේ වසර ගණනාව නිහැඬියාවකට පසුවයි. ඒ, නිලමේ යූටියුබ් නාලිකාව උන්වහන්සේ වැඩසිටින අවිස්සාවේල්ල ප්‍රදේශයේ කඳු මුදුනක පිහිටි ආරාමයට ගොස්, සිදුකළ සම්මුඛ සාකච්ඡාවත් සමගයි. ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් එම සාකච්ඡාව අප මෙසේ ඉදිරිපත් කරමු. Sri Lanka Latest News

නිලමේ
ඔබවහන්සේගෙන් ජීවිතයට ගොඩක් ආදර්ශ අපිට ගන්න තියේවි. ඔබවහන්සේ පැවිදි ජීවිතයට එළැඹිලා දැන් කොච්චර කාලයක් වෙනවද?
ධම්ම සතිමා මෙහෙණින් වහන්සේ
අවුරුදු තුනහමාරක් වෙනවා.
නිලමේ
ඔබවහන්සේ ගිහි කාලේ කොයි තරම් කාලයක් රංගනයේ නියැළිලා හිටියද?
ධම්ම සතිමා මෙහෙණින් වහන්සේ
2016 වෙනකොට අවුරුදු 23ක්. මම රංගනය නතර කළේ 2016 අවුරුද්දේ. මම පැවිදි වුණේ 2021දී.
නිලමේ
ඇතැම් අය ගිහි ජීවිතය ගැන කලකිරීමෙන් හරි, ජීවිතයට ආපු ප්‍රශ්නවලින් නිදහස් වෙන්න හරි හිතාගෙන පැවිදි වෙනවා. නමුත් ඔබවහන්සේ ගිහි කාලේ රටම දන්න ප්‍රසිද්ධ චරිතයක් වෙලා හිටියා. ඇත්තටම ඔබවහන්සේට පැවිදි වෙන්න බලපෑ හේතුව මොකක්ද?
ධම්ම සතිමා මෙහෙණින් වහන්සේ
විශේෂයෙන්ම ගැහැනු කෙනෙක් පැවිදි වෙද්දී විවිධ ප්‍රශ්න මිනිස්සු අහනවා. දරුවෝ සලකන්නේ නැද්ද, ස්වාමියාගේ ප්‍රශ්න නිසාද, කන්න බොන්න නැතිවෙච්ච නිසාද කියලා. ඒ වගේ විවිධ දේවල් මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්. නමුත් ඇයි ඒ අයට හිතෙන්නේ නැත්තේ මේ මෙහෙණින් වහන්සේ පැවිදි වුණේ යථාභූත ඥාන දර්ශනය ලබලා කියලා? කවුරුවත්ම එහෙම හිතන්නේ නෑ නේද? ඔබවහන්සේට මේ ධර්මාවබෝධය ලැබුණද කියන ප්‍රශ්නය මිනිස්සු අහන්නේ නෑ. ඔවුන් හැම වෙලාවෙම බලන්නේ වැරැදි, අඩුපාඩු හොයන අදහසින්. නමුත් අපේ ඉන්නවා ගරුතර මෙහෙණින්වහන්සේලා විශාල පිරිසක් ලංකාවේ. මට උන්වහන්සේලා ගොඩක් දෙනෙක් මුණගැහිලා තියෙනවා. උන්වහන්සේලා ධර්මය හොයනවා, නිවන හොයනවා. නිර්වාණගාමී වෙන මාර්ගය හොයනවා. ඒ තුළ තමන්ට පුළුවන් උපරිමයෙන් හැසිරෙනවා. එහෙම පසුබිමක් තුළ කෙනෙක් අර කලින් කියපු විදියට හිතන එක වැරැදියි කියලා මම හිතනවා.
මට හැම කෙනෙක්ගෙම ජීවිතය ගැන කියන්න බෑ, ඒ අය මොන මොන හේතු නිසාද පැවිදි වුණේ කියලා. නමුත් මට නම් කලකිරෙන්න හේතුවක් තිබුණේ නෑ. උදාහරණයක් විදියට මහත්තයා, ළමයි සලකන්නේ නැහැ වගේ ප්‍රශ්න මට ගිහි කාලේ තිබුණේ නෑ. මම කරපු රංගන වෘත්තිය මැරෙනකල්ම කරන්න පුළුවන් රස්සාවක්. අයිරාංගනී සේරසිංහ මහත්මිය අවුරුදු අනූ ගානක් වෙලත් අදටත් රංගනයේ නිරත වෙනවා. මටත් තිබුණා ඒ වගේ මැරෙනකල්ම රඟපාන්න. හොඳට මුදල් හම්බකරන්න, ජනප්‍රිය වෙන්න අවස්ථාව තියෙද්දී තමයි ඒ සියල්ල අතහැරලා මම මෙතැනට ආවේ. ඒ දිහා බලද්දී තේරෙනවා පැවිදි ජීවිතයට එන්න මට කලකිරීමක් හේතු වුණේ නෑ කියන එක. ඒ වගේම මම හිතනවා මට පැවිදි වෙන්න මගේ පෙර සසරේ හුරුවකුත් හේතු වෙන්න ඇති කියලා. නැත්නම් මේ සියල්ල අතහැරලා මට එන්න බෑ. මට හොඳ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අදටත් ඒ අය තමයි මා ගැන බලන්නේ. චූටි මුණුබුරෙක් හිටියා. අම්මා කෙනකුට ගෙදර අතහැරලා එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.
මේ ගමට එද්දී ගමේ කවුරුවත්ම මම අඳුනගෙන හිටියේ නෑ. ඒ මිනිස්සු ටිකෙන් ටික මාව අඳුනගෙන මට දානේ ගෙනත් දීලා අද ඒ අය මා ගැන බලනවා.
නිලමේ
ඒ කියන්නේ, ඔබවහන්සේ ගිහි ජීවිතයේ වගකීම් සියල්ල ඉෂ්ට කරලා තමයි පැවිදි වෙන්න ආවේ?
ධම්ම සතිමා මෙහෙණින් වහන්සේ
ඔව්. මගේ දුවයි පුතයි විවාහ වුණා. ඒගොල්ලෝ ඉතාම හොඳින් ජීවත් වෙනවා. මට දුක්වෙන්න, කලකිරෙන්න කිසිම හේතුවක් නෑ. අදටත් ඒ දෙන්නා තමයි මා ගැන බලන්නේ. මට හිතුණේ මම ඒගොල්ලෝ වෙනුවෙන් යුතුකම් උපරිමයෙන් ඉටුකරපු අම්මා කෙනෙක්. මගේ යුතුකම් වගකීම් ටික ඉවරයි. දැන් ඒගොල්ලෝ තනියම ජීවිත ගෙනියන්න පුළුවන් තත්ත්වයේ ඉන්නවා. ඉතින් මම හිතුවා මම දැන් මගේ විමුක්තිය හොයාගන්න ඕනේ කියලා සහ මුළු ජීවිතයම ධර්මය වෙනුවෙන් කැපකරන්න ඕනේ කියලා. මම මාර්ගය වඩලා මගේ නිවන පූර්ණය කරගන්න ඕනේ. ඒ වගේම අනිත් අය වෙනුවෙන් වචනයකින් හරි උපකාර කරන්න මම උත්සාහ කරනවා. සමහර වෙලාවට මම ෆෝන් එකේ පැය දෙක තුන කතාකරන අවස්ථා තියෙනවා. ගෑනු ළමයි ගොඩක් අය මට කතා කරනවා. නොයෙක් හේතු නිසා පැවිදි වෙන්න ආසයි කියන අය ඒ අතර ඉන්නවා. මම කියනවා ඔවුන්ට පැවිදි වෙන්න එපා කියලා. පැවිදි නොවී ජීවිතේ තියෙන ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉස්සරහට යන්න කියලා. ඒ විදියට මාත් එක්ක කතාකරලා ඒ අයගේ ප්‍රශ්න නිරාකරණය කරගෙන ගොඩක් සතුටින් ජීවත් වෙන තරුණ ළමයි විශාල පිරිසක් ඉන්නවා. ඒ කෙනා ඒ වෙලාවේ ගිනි අරගෙන ඉන්නේ මොන දේකින්ද, අන්න ඒ දෙයින් නිවීම දෙන්න මගේ වචනයකට පුළුවන් නම් මම හිතනවා මගෙන් යමක් සිදුවෙනවා කියලා ඔවුන් වෙනුවෙන්.
නිලමේ
මේ ස්ථානයේ ඔබවහන්සේ වැඩඉන්නේ තනිවමද?
ධම්ම සතිමා මෙහෙණින් වහන්සේ
මෙතැන වෙනත් මෙහෙණින්වහන්සේ නමක් නැහැ. මම තනිවම ඉන්නේ. මේ ගමේ ඉන්න දායිකාවෝ ගොඩක් අය මා ගැන හොයා බලනවා, මට දානය පූජා කරනවා, මගේ තනියට ඉන්නවා. ඒ නිසා මට මෙතැන තනියක් දැනෙන්නේ නැහැ.
නිලමේ
ඔබවහන්සේ පැවිදි වෙලා, මෙතැන ජීවත් වෙද්දී මොනවද හිතට දැනෙන්නේ?
ධම්ම සතිමා මෙහෙණින් වහන්සේ
මට දැනෙනවා දැන් තමයි මම නිදහසේ සැහැල්ලුවෙන් සහ සැනසීමෙන්ම ජීවත් වෙන කාලය කියලා. මම පරිසරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. මෙතැන පරිසරයත් එක්ක මගේ ධර්ම මාර්ගය වඩාගන්න මට පහසුවක් තියෙනවා. ඒ වගේම මේ ගමේ මිනිස්සුන්ට මම සති දෙකකට වරක් ධර්ම දේශනාවක් පවත්වනවා. ඒ අය ඇවිල්ලා ධර්මය අහනවා. ඔවුන් පුළුවන් විදියට මාර්ගය වඩනවා. ඉතින් ඒ වගේ කීප දෙනකුට හරි නිවන් මාර්ගය කියලා දෙන්න මට පුළුවන් වුණොත් මම හිතනවා ඒක තමයි මගෙන් සිදුවෙන සේවය කියලා.

මේ ඉඩම අක්කරයක් විශාලයි. නමුත් මම මේකේ වවන්නේ පලතුරු ගස් ටිකක් විතරයි. මේ ඉන්න තැන හදාගෙන තියෙනවා. මම චෛත්‍ය, බෝගස් හදන්නේ නෑ. පූජාවන් පවත්වන්නෙත් නෑ. මම කරන්නේ මට පුළුවන් විදියට ධර්ම දේශනා කරන එක විතරයි. මගේ අඩුපාඩු ඇති. මොකද මම අරහත්භාවයට පත්වෙලා නෑ. මම බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා නෑ. ඒ නිසා මගේ අඩුපාඩු ඇති. නමුත් මට පුළුවන් යම් ප්‍රමාණයක් තියෙනවා. මම මග වඩන්නෙත් මට පුළුවන් ප්‍රමාණයට, මම ඒ අයට කියලා දෙන්නෙත් මට පුළුවන් ප්‍රමාණයට. ඒ දෙක විතරයි මගෙන් කෙරෙන්නේ.
නිලමේ
ඔබවහන්සේ ගිහි කාලේ රංගන ක්ෂේත්‍රයේ හැමෝම දන්න ප්‍රවීණ නිළියක්. නමුත් ඒ කාලේ ඔබත් සමග එකට රංගන කටයුතුවලට දායක වෙච්ච අය දැන් ඔබවහන්සේට කතාකරන්නේ නැද්ද?
ධම්ම සතිමා මෙහෙණින් වහන්සේ
කතා කරනවා. ළඟදී කට්ටියක් ඇවිල්ලා ගියා. ඒගොල්ලන්ට මම ධර්මය කියපු අවස්ථාවන් තියෙනවා. මම දන්න ජනප්‍රිය නළුවෙක් සහ නිළියක් ඉන්නවා, ඒ දෙන්නා ඉතාම හොඳින් ධර්මය අනුගමනය කරනවා. ඔවුන් මට සමහර වෙලාවට කියනවා පැවිදි ජීවිතයට එන්න අදහසක් තියෙනවා, නමුත් යුතුකම් වගකීම් ඉටුකරන්න තියෙන නිසයි තවමත් ගිහි ගෙදර රැඳිලා ඉන්නේ කියන එක. ඉතින් එහෙම අයත් ඉන්නවා.
නිලමේ
මේ වෙද්දී භික්ෂුණී ශාසනයක් නැහැ කියලා කියැවෙනවා. ඒ වගේම ඇතැම් අය කාන්තාවන් පැවිදි වෙන එක විවේචනය කරනවා. මේ ගැන ඔබවහන්සේගේ අදහස මොකක්ද?
ධම්ම සතිමා මෙහෙණින් වහන්සේ
ගිහියෙක් හැටියට ඉන්නකොට නොදැකපු ගොඩක් දේවල් ඒ සම්බන්ධයෙන් පැවිදි වුණාට පස්සේ මට දකින්න ලැබුණා. මෙහෙණින්වහන්සේලාට තියෙන බාධක, කරදර, ඒගොල්ලෝ කොයි තරම් අමාරුවෙන්ද මේක කරගෙන යන්නේ කියන එක. ඒ වගේම මිනිස්සු මෙහෙණින්වහන්සේලා ගැන දරන ආකල්පය හරි වෙනස්. ඔවුන් හිතනවා ගෙවල්වල ඉන්න බැරුව, ළමයි සලකන්නේ නැති නිසා තමයි පැවිදි වෙන්නේ කියලා. නමුත් බහුතර මෙහෙණින් වහන්සේලා ධර්මය හොයනවා. ඒගොල්ලෝ නිවනක් හොයනවා. මම දන්නා ගොඩක් මෙහෙණින්වහන්සේලා ඉන්නවා, ඒ අය විශ්‍රාම ගිහින්, ජීවත් වෙන්න ප්‍රමාණවත් ආදායමක් ලැබෙන අය. නමුත් උන්වහන්සේලා පැවිදි වෙලා නිවන් මඟට අවතීර්ණ වෙනවා. තවත් සමහර මෙහෙණින්වහන්සේලා ඉන්නවා, උන්වහන්සේලාට බෙහෙත් ටික ගන්නවත් මුදල් නැහැ. ඉන්න තැනක් නැහැ. මම හිතනවා පන්සලක රන් වැටක් හදනවට වඩා ඉන්න තැනක් නැති මෙහෙණින් වහන්සේ නමකට ඉන්න තැනක් හදලා දෙනවා නම් ඒක වටිනවා කියලා. ඒක මගේ පෞද්ගලික අදහස. ස්වාමින්වහන්සේලාට වඩා මෙහෙණින්වහන්සේලා ගැන ගිහි අය හොයා බලන ප්‍රමාණය අඩුයි. මම කියන්නේ මා ගැන නෙවෙයි. මට කිසිම අඩුපාඩුවක් නැහැ. මම කියන්නේ අඩුපාඩු බොහොමයක් තියෙන මෙහෙණින් වහන්සේලා මේ රටේ ඉන්නවා කියන එකයි.

ඒ වගේම අපේ මෙහෙණින්වහන්සේලාගෙත් ඇතැම් වෙලාවට යම් යම් අඩුපාඩු තියෙනවා. අද කාලේ මිනිස්සු සිවුරක් දැක්ක පමණින් වඳින්නේ ගරු කරන්නේ නෑ. මිනිස්සු පැවිද්දාගේ යම් ගුණයක් තියෙනවා නම් තමයි ගරු කරන්නේ. ඒ නිසා මෙහෙණින්වහන්සේලාත් තමන්ගේ තියෙන අඩුපාඩු හදාගෙන, උපරිමයෙන් ධර්ම මාර්ගයේ යන්න කටයුතු කරන්න ඕනේ. මමත් එහෙම උත්සාහ කරන කෙනෙක්. මම හිතනවා එතකොට මෙහෙණින්වහන්සේලාට තියෙන ගොඩක් ගැටලු විසඳෙයි කියලා.
නිලමේ
හොඳයි. එහෙනම් අපි මේ සාකච්ඡාව අවසන් කරන්නයි සූදානම. මේ ලිපිය කියවන කාටහරි ධර්මය සම්බන්ධයෙන් යම් කරුණක් දැනගන්න ඕනේ වුණොත් 0777666241 මේ දුරකතන අංකයෙන් ධම්ම සතිමා මෙහෙණින්වහන්සේ අමතන්නත් පුළුවන් බව සිහිපත් කරනවා. හැබැයි උන්වහන්සේගේ කටයුතුවලට බාධාවක් නොවන ලෙස ඔබේ ප්‍රශ්න යොමුකරන්න කියන එකත් කරුණාවෙන් මතක් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි…

Nilame යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

තව සති 2කින් නාමල් ඇතුළට? අලුත්ම සැලසුම එළියට! VIDEO I Sri Lanka Latest News

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රහසිගත තීන්දුවක් ජනාධිපතිටයි කතානායකටයි යවයි! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.