• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුප් – සෝප් සහ සැල්වේෂන්! Sri Lanka Latest News

January 26, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
සුප් – සෝප් සහ සැල්වේෂන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලයේ මා ඔත්පොළව සිටි මාස කීපයේදී මා දක්නට මගේ නෑ මිතුරන් බොහෝ දෙනෙක් ආවෝය. ඒ මිතුරන් අතුරෙන් ඇතැමෙක් ඉස්ලාම් සහ හින්දු ලබ්ධිකයෝ වූහ. එසේ ආව ගියෝ සෑම දෙනෙක්ම පාහේ ලෙඩෙකුට ඔබින ජාතියේ කෑම බීමද රැගෙන ආහ. Sri Lanka Latest News

මගේ මුස්ලිම් මිතුරන් (ඉස්ලාම් භක්තිකයන්) වැඩිදෙනෙක් ගෙනාවෝ ඔවුනටම ආවේණික සූපයකි. (කැඳකි, කන්ජි (දෙමළ) සුප් එකක් රසාකර ගුණාකර ආහාර වේලක් බවද කියත්.

මගේ මුස්ලිම් මිතුරන් ගෙනා ඔන්න ඔය ජාතියේ සුප් එකක් මට මුලින්ම රහ (රස) බලන්න ලැබුණේ මට අවුරුදු දාහත දහඅට තරමේදී මරදානේ ජයන්තා වීරසේකර මාවතේ තිබුණු ජයන්තා හෝටලය සහ බේකරිය නමැති අවන්හලෙනි. ඒ දිනවල ඒ හෝටලයෙන් සුප් දුන්නේ පිඟන්වලටය. පිඟානක් සත පනහකි(50).

සෙනසුරු අපලෙන් ගැළවීමට විෂ්ණු උන්නැහේට (දෙවි) සය අවුරුද්දක් බටකොළ කන්න සිදුවූවා සේ මටත් රෑ වේල වශයෙන් ජයන්තා හෝටලයෙන් සුප් බොන්න සිදුවූයේ මා කොල්ලුපිටියේ වෝකර් සමාගමේ වැඩකළ වකවානුවේදීය. (දැන් එහෙව් සමාගමක් නැත)

ඒ සමාගමේ වැඩකරන්න සිදුවූයේද මා අම්මා සමග ජල්ලි (සණ්ඩු) අල්ලා ගෙදරින් පැනගොස් සිටි සති දෙක තුනේදීය. (දන්නෙ නැද්ද? ඒ අප යන එනකොට අවට කෙල්ලන් ජනෙල්වලින් එබිකම් කර ඉඟිබිඟි පාන යුගේ නොවැ)

මා ඒ කෙටි කාලය තුළ ලැගුම්ගෙන සිටියේ කොළඹ, මාලිගාවත්තේ, දුම්රිය නිල නිවාස සංකීර්ණයේ මගේ බාප්පාගේ (තාත්තාගේ බාලම මල්ලී) නිල නිවසේය. ඔහු දිනපතා අලුයම තුනට හතරට අවදිව වැඩට ගියද ලිපිකරුවකු වශයෙන් වැඩ පුරුදුවෙමින් සිටි මා සේවයට ගියේ උදේ හතට අටට පමණය. බාප්පාට ඔහුගේ සගයන් විසින් තබන ලද නම හාමුදුරුවෝ යන්නය. ඒ, ඔහුගේ තැන්පත්කම නිසාය. (රාජකාරියෙන් විශ්‍රාම ගියද ඔහු තවමත් අවිවාහකය) අප දෙදෙනා දිවා ආහාරය සේවාස්ථාන ආසන්නයෙන් සපයාගත් අතර රාත්‍රී ආහාරය පමණක් එකට ගතිමු. ඒ මරදානේ ජයන්තා හෝටලයෙනි.

අපේ පමණක් නොව බෝඩිංකාර බොහෝ දෙනකුගේ රාත්‍රී ආහාරය වූයේ ද අපේ ෆේවරීට් සුප් එක බව මම ටික දිනකින්ම දතුයෙමි.

ඇතැම් විහඟුන් (කුරුල්ලන්) තටු නොසොල්වා හැන්දෑකරයේ ගුවනේ සරණ අන්දමට ලීක්ස්, ගෝවා, නෝකෝල්, ටර්නිප්, බ්‍රොකෝල් (ගෝවා මල්) වැනි විවිධ වර්ගයේ එළවළු කැබැලි පාවෙන්නට සබ්බ සකල අපත එකට එක්කළ ඒ සුප් එක දැන් මතක්වූයේ අපේ වටපිටාවේ (රටේ තොටේ) ද කෙරෙන කියන දේවල් ඇහෙන දකින කොට පමණක් නොව ඒ කතන්දර මැද්දේ අපට අමාරුවෙන් ජීවිතය ගෙවන්ට ද සිදුවී ඇති නිසාය.

කවුරු මොන අන්දමේ සබ්බ සකල හරබර කෙප්ප ඇදබෑවත් අද රටේ පීඩිතයා පීඩිතයාමය. එදත් මහ පාරේමය. අදත් මහ පාරේමය. කොණ්ඩෙ කැපුවත් කොණ්ඩෙ බැන්දත් අන්දිරිසා අන්දිරිසාමය කියන්නා සේය.

අපේ අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව අපතයක් යැයි කීමට තරම් අප සැහැසි වන්නේ නැත. හෙතෙම යමක් කිරීමට වලිකන බව නම් ඉතාම පැහැදිලිය. ඔහු තාමත් ගමේකම අත්හැර දමා නැති බව අපේ හිතට මහත් සැනසිල්ලකි.

ආණ්ඩුව මේ කෙටි කාලයට කර ඇති දේ මීට පෙර උන් (සිටි) උන්නැහේලා කෙළපු කෙළි සමග සසඳා බලන විට අපේ අනුර මල්ලියාට මහජනයාගෙන් දැක්වෙන ගෞරව ප්‍රණාමය ඉහළ මට්ටමේය.

වාහන කොල්ලකෑ තෝරු මෝරු එකා දෙන්නා අල්ලා කුදලා මේ රටේ නීතියක් තියෙන බව හොම්බට ඇන පෙන්නා දීමම ඉතා උත්කෘෂ්ටය. හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස ප්‍රශ්නය විසඳීම ද මහfඖසද පණ්ඩිත සයිස් එකේය.

ජනාධිපති අනුර මල්ලියා සාමාන්‍ය මිනිසුන් ගැන යමක් මීට වඩා සිතුවහොත් ප්‍රතිඵල ඉහළම මට්ටමේය. ‘මේ අපේ එකා ලොකු පුටුවේම ඉන්දෙව්වා. අපට ඒ ඇති. එයා යමක් කරයි’ යන චින්තනයෙන් පමණක් සෑහීමට පත්වුවහොත් නැති බැරි එකාගේ සුදහගින්න නිවෙන්නේ ද ප්‍රශ්න විසඳෙන්නේද නැත. එහෙම නැතුව ඒකත් හරියට ‘අපෙ අම්මා කියනව නම්, පිදුරු උනත් අපි කන්නම්’ යන ශ්‍රී ලංකා පක්‍ෂයේ නිමෝනියාව හැත්තෑවෙදී වැළඳුණු උන්මත්තකයන්ගේ කතාවට දෙවැනි වන්නේ නැත.

එවිඩේ (එවිට) සිදුවිය හැක්කේ චින්තනයෙන් චින් කෑල්ල හැලී අනිත් කොටස පමණක් ඉතුරුවීමය. එසේ වුවහොත් ටික දවසකින් ඒකත් වැහැරී යන්නට බැරිකමක්ද නැත.
යමක් කිරීමට කාලයක් අවශ්‍ය බව අපි දනිමු. අපට හදිස්සි තිබුණාට දරුවා ලැබෙන්නට දසමසක් ගත විය යුතුය. ‘දසමස පිරීලයි අම්මා වදන්නේ’ යැයි ජන කවියන් කීවේ එහෙයිනි.

අපේ පැත්තේ සාමාන්‍ය මහජනයා පරිභෝජනයට ගන්නා (කන) රතු කැකුළු හාල් ඇටයක් හෝ සොයාගන්න පැත්ත පළාතේ නැත. අඩුතරමින් රතු කැකුළු හාල් කිලෝවක් දෙකක් හෝ සොයාගන්නා අදහසින් රඹුක්කන නගරය පුරා කරක්ගැහුවත් වැඩක් වූයේ නැත. පොල් ගිනි ගණන්ය. කයිපුඩියක් (කොත්තමල්ලි ඇටයක් තරම් කුඩා ගෙඩියක් රුපියල් එකසිය හැත්තෑපහකි.

සාමාන්‍ය මනුස්සයා කැඳ උගුරක් හෝ කටේ ගාගත්තත් උණ නොව උණ සන්නිපාත වී ඇත්තේ (රජයේ) විශ්‍රාමිකයන්ටය. ඇතැම් පවුල්වල දෙන්න දෙමහල්ලෝම රජයේ සේවය කර ඇති බැවින් ඔවුහු යාන්තම් හුස්ම කටක් ගනිති. ඉතාම දුෂ්කර සටනක් ගෙනයනුයේ එකපුද්ගලයකු රැකියාවක් කළ පවුල්වලටය. එක පුද්ගලයකුට (විශ්‍රාමිකයකුට) බඩවල් හතරක් පහක් පිරවීමට සිදුවී ඇති පවුලක තත්ත්වය අතිශයින් සංවේගකරය.

සාමාන්‍ය මහජනයා පමණක් නොව රජයේ ඉහළ තනතුරු දැරූ විශ්‍රාමිකයන් පවා ගෙවන්නේ අනුනට අතපාන (හිඟන) ජීවිතයකි. ඇතැමුන්ගේ මාසික විශ්‍රාම වැටුප රුපියල් තිස්දහසටත් අඩුය. ඒ තුට්ටු දෙකෙන් වයෝවෘද්ධ මහ දෙන්නා යැපෙනවා නම් ඉන් ගෙවල් කුලී, විදුලි, ජල බිල් ගෙවිය යුත්තේමය.
වයස්ගතයින්ගෙන් සියයට අනූනමයක්ම රෝගීන්ය. අතට ලැබෙන ඔය විශ්‍රාම වැටුපෙන් යථෝක්ත වියදම් දරනවා තබා ඒ ගැන හිතන්නට හෝ ඔවුනට නොහැකිය. විවිධ හේතූන් නිසා අසරණ වී තමන් ළඟට වැටුණු දරු මුණුබුරන් පවා ඔවුනට නඩත්තු කිරීමට සිදුවී තිබේ.
උසස් ඨානාන්තර (පරිපාලන, විදුහල්පති) දරා ඉසිඹු (විශ්‍රාම, විවේක) ලද ඇතැම්හු (කියන්නත් ලැජ්ජයි සහෝදරයා) සති පොළේ නාට්ටාමිලා ගානට වැටී එළවළු විකුණති.

පරහිතකාමී (අනුන් ගැන සිතන) හොඳ මහත්තයකු සේ අපේ මීටරේට වැටී සිටින ජනාධිපති අනුර මල්ලී හෝ ඔහුගේ ආණ්ඩුව හෝ පතුරු ගැසීමට අපේ කිසිදු අභිප්‍රායක් ඇත්තේම නැත.

වැන්දඹු කාන්තාවන් මෙන් නැති බණේම හුවාදක්වමින් (මතුකර පෙන්වමින්) එදිරිවාදීන්ට උඩගෙඩි දෙන්නට මෙසේ වගපල නොකියන බව ඉතසිතින් පවසන අතර යථෝක්ත කරුණු ටික කියා පෑවේ රටේ තන්හි තන්හි (තැනින් තැන මතුවන) විරෝධතා කරණ කොටගෙනය.

‘රනිල් මහත්තයා ආණ්ඩුව භාරගෙන කිසියම් මට්මකට රට ගෙනාව. හදාපු ගහේ ගෙඩි හැදෙන්න මල් එහෙන් මෙහෙන් පීදෙන කොට තමයි ආණ්ඩුව මාරු උණේ. ඒ වෙනකොට ගෑස්, ඉන්ධන වාගෙ දේවල් ඕනැපදං ගන්න තිබුණා. තව මාස හයක් හිටියා නං වැඩේ බලන්න තිබුණා…’

ඔය ගමේගොඩේ එහෙන් මෙහෙන් කනින් කොනින් ඇහෙන කෙඳිරිගෑම්ය. ඕවාට විශාල තටු ලැබී මහත් හඬ නගා රට පුරා ගුවන සැරිසරන්නට පිළිවන. ‘සෙල්ලම් කළොත් ලෙල්ලම් වෙයි’ බලපල්ලා යැයි පැරැන්නන් කීවේ හබරල කා කට කහනවාට නොවන බවද කියනු වටී.

මේ කීවේ මහජනයා ගෙවන අහේනිය ගැනය. කන බණේ ගැනම කෙඳිරිගානවා නොවේ. ඒ ගැන මීට වඩා නොකියම්හ. කියන්න ගියහොත් බොහෝ දේ තියේ.
සබ්බේ සත්තා ආහාරට්ටිකා (සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙන්නෝ යැයි බුදුන් වහන්සේ දෙසූහ.

මේ ලිපිය සුප් එකෙන් පටන් ගත්තේ සත්වයාට ආහාරයම ප්‍රධාන වන නිසාය. ඇතැම් කලෙක ඇතැම් රටවල කඩාවැටුණු ආර්ථීකය නිසා රට්ටුන්ට (ප්‍රජාවට) තුන්වේලටම කැඳ බොන්නට සිදුවී කැඳ ජාතික ආහාරය (ප්‍රධාන) වීය.

පළමුවෙන්ම අප රටට පැමිණි ගැළවීමේ හමුදාවේ ධර්ම ව්‍යාප්තිකයන් ඉදිරිපත් කළ ධර්ම පාඨය නම් පළමුව ආහා Soup, දෙවැනුව ශරීර සෞඛ්‍යය Soap, සහ තුන්වැනුව ගැළවීමේ මග හෙවත් විමුක්තියයි Salvation.

ඔවුහු ඊට Soup, Soap and Salvation යැයි කීහ. අපේ සුප් එකේද කියන්නට බොහෝ දේ ඇත.

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සජබය කඩන රනිල්ගේ අලුත්ම සැලසුම එළියට එයි! මහනුවර ප්‍රබල ව්‍යාපාරික හිතවතකුගේ ගෙදර රහස් සාකච්ඡාවක්! ගන්න යන මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුවකුත් දීලා! I Sri Lanka Latest News

Next Post

කැරැල්ලක්ද? විප්ලවයක්ද? පෙරළියක්ද? කියවන්න කතාව! යාපනේ අන්නා නඩරාජා! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.