• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාත්තා මේජර් කෙනෙක්! අම්මා ගුරුවරියක්! අවුරුදු 4ක දරුවා තනිකර දමා සියදිවි නසාගත්තේ හතර අතේ ණයවුණු නිසාද? තරුණ අම්මලා තාත්තලාට හොඳ පාඩමක්! Sri Lanka Latest News

January 26, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
තාත්තා මේජර් කෙනෙක්! අම්මා ගුරුවරියක්! අවුරුදු 4ක දරුවා තනිකර දමා සියදිවි නසාගත්තේ හතර අතේ ණයවුණු නිසාද? තරුණ අම්මලා තාත්තලාට හොඳ පාඩමක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජීවිත නිසි පරිදි කළමනාකරණය නොකිරීම අපේ ජීවිතවලට කොයි තරම් බලපානවද, එය ජීවිත ඛේදවාචකයකින් කෙළවර වෙන්න කොයි තරම් හේතු වෙනවද? තමන්ට උහුලන්න බැරි තරම් ණය ලබාගැනීම නිසා සමහර වෙලාවට ජීවිතවලින් පවා වන්දි ගෙවන්න සිදුවෙන අවස්ථා තිබෙනවා. මෙවැනි විනාශකාරී සිදුවීම් දිනෙන් දින වැඩිවන බව විවිධ ප්‍රදේශවලින් අසන්නට ලැබෙනවා. වගකීමක් නැතිව ක්‍රියාකිරීම කොයිතරම් ප්‍රශ්නවලට තුඩුදෙනවද? මෙවැනි ඛේදවාචකයක් අපට අහන්න ලැබුණේ කංකානියමුල්ල රක්ෂිතයෙන්. පසුගියදා එම රක්ෂිතයෙන් හමුවුණේ සියදිවි නසාගත් තරුණ අඹුසැමි යුවළකගේ මළ සිරුරුයි. එලෙස මියගිය සැමියා යුද හමුදා මේජර්වරයකු ලෙසත් බිරිය ගුරුවරියක ලෙසත් සේවය කළද, ඔවුන් මුදල් කළමනාකරණය කිරීමට අසමත්වීම මෙම කනගාටුදායක සිදුවීමට හේතුවී තිබුණා. Sri Lanka Latest News

මේ යුවළ දිවි නසාගෙන තිබුණේ තමන් පණ වගේ ආදරය කළ තම සිවු හැවිරිදි දරුවා තනිකර දමායි. මේ දරුවා කොයි තරම් අසරණ වෙනවාද? ජීවිතවලට ප්‍රශ්න ඕනෙ තරම් එනවා. නමුත් මේ ප්‍රශ්නවලට පිළිතුරු සියදිවි නසාගැනීමවත් නොදරුවන් මේ ලෝකෙට තනිකරලා යෑමවත් නෙවෙයි. කළයුතු වන්නේ අසීරුවෙන් හරි ජීවිතයට මුහුණ දීමයි.

අධික ණයබර හමුවේ මෙම යුවළ තීරණය කර තිබුණේ වස පානය කර ජීවිතයෙන් පලායාමටයි. මොවුන්ගේ මළ සිරුරු සොයාගෙන තිබුණේ පන්නල කංකානියම්මුල්ල ප්‍රදේශයේ රක්ෂිතයක් තුළින්. එලෙස මියගිය මේජර්වරයා සමරසිංහ පතිරණගේ ජානක චතුරංග පෙරේරා නමැති 38 හැවිරිදි අයකු වූ අතර, දේශානි අනුරාධිකා නමැති 32 හැවිරිදි බිරිය ගුරුවරියක ලෙස සේවයේ නිරතව සිට තිබුණා. ඔවුන් පසුගිය 18 වැනිදා නිවසින් පිටව ගොස් පසුදින දිවි නසාගෙන ඇති බවටයි තොරතුරු අනාවරණ වී තිබුණේ.

ලද තොරතුරක් මත මොවුන්ගේ සිරුරු පොලිසිය විසින් සොයාගෙන තිබුණා. ඔවුන් පැමිණි මෝටර් සයිකලය රක්ෂිතය ආසන්නයේ පාළු පෙට්ටි කඩයක් තුළට ඇතුළු කර තිබියදී සොයාගැනුණා. මේ අනුව රක්ෂිතයට ඇතුළු වන ස්ථානයේ සිට මීටර 20ක් දුරින් පිහිටි ගසක් අසල යුවළ මියගොස් ඇති ආකාරය සොයාගෙන තිබුණා. සිරුරු ආසන්නයේ වස බෝතලයක් සහ නෙක්ටෝ බෝතලයක් තිබී ඇති අතර, මේජර්වරයාගේ කමිස සාක්කුවේ තිබී ජංගම දුරකතනයක්ද සොයාගැනීමට පොලිසියට හැකිව තිබුණා. වස බෝතලයෙන් අඩක් හිස්ව පැවැති බවයි පරීක්ෂණවලින් හෙළිව තිබුණේ. එම ජංගම දුරකතනයට එකම අංකයකින් ඇමතුම් 100කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබූ බවද පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණා. එම දුරකතන අංකයට ඇමතීමෙන් පසු අනාවරණ වී තිබුණේ මියගිය අයගේ ඥාතියකු එලෙස ඇමතුම් ලබාදී ඇති බවයි. එම ස්ථානයේ තිබී ලියුමක්ද සොයාගෙන තිබුණු අතර, එය මේජර්වරයා විසින් බිරියගේ පියාට ලියන ලද්දක් බව හෙළිවුණා. ලිපියේ සඳහන්ව තිබුණේ මෙවැන්නකි.

‘ජීවිතය ගොඩනගාගන්න අපි ගොඩාක් උත්සාහ කළා. ඒත් අපිට වැරදුණා. අක්කලා කියන ඒවත් අපි දන්නවා…’
දේපළ ආරවුලක් සහ අධික ණය බරද මෙම දිවි නසාගැනීමට හේතු වූ බව පොලිස් විමර්ශනවලින් අනාවරණ වී තිබුණා. යුවළ නිවසින් පිටව යන්න පෙර දින ඔවුන් මිත්තණියට දුරකතන ඇමතුමක් දී සිය දරුවා පිළිබඳ විමසා තිබුණා. එම දුරකතන සංවාදයෙන් පසුව නැවත මිත්තණිය ලබාගත් දුරකතන ඇමතුම් 119ටම මොවුන් පිළිතුරු ලබාදී තිබුණේ නැහැ.

මේජර්වරයා අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ ගණකාධිකාරවරයෙක් ලෙස සේවය කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහු අවස්ථා කිහිපයකදීම දිවි නසාගන්නා බව පවසමින් නිවසින් පිටව ගිය අවස්ථා තිබූ බවයි නිවැසියන් පවසා තිබුණේ ඔහු කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ අතර, ගුරුවරිය කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි. අසල්වාසීන් පවා පවසා තිබුණේ, ‘මේ පවුල හොඳට ජීවත්වුණු පවුලක්. දරුවාටත් ගොඩක් ආදරය කළා. පසුගිය කාලේ ඇතිවුණු ආර්ථික අර්බුද නිසා තමයි මේ තත්ත්වයට පත්වෙන්න ඇත්තේ…’ යනුවෙනි. මියගිය යුවළගේ දරුවා දැනට ඥාති භාරකාරත්වය යටතේ පසුවන බව සඳහන් වෙයි. මේ අතර, මොවුන්ට ණය ලබාදුන් පුද්ගලයන් පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇති බවයි පන්නල පොලිසිය පවසා තිබුණේ.

කනගාටුවට කරුණ වන්නේ මෙම දිවි නසාගැනීම හේතුවෙන් ඔවුන්ගේ වයස අවුරුදු 04ක නොදරුවෙක් මේ සමාජයේ තනිවීමයි. ඔවුන් දැඩි මානසික පීඩනයක සිටි අවසාන මොහොතේ පවා තමන්ගේ දරුවා ගැන විමසා තිබුණා. අම්මෙක් තාත්තෙක් නැතුව හැදෙන දරුවෝ හරිම අසරණ වෙනවා. එවැනි දරුවන්ගේ පෞරුෂ වර්ධනය පවා අඩාළ වෙනවා. මොකද තමන්ගේ දරුවන්ට වගේ ආදරේ දෙන්න පුළුවන් අය මේ සමාජයේ ඉන්නේ ඉතාම කලාතුරකින්. මෙවැනි තත්ත්ව හරිම ඛේදනීයයි. මෙවැනි තත්ත්වයකට පත්වන දරුවන්ට අනාගතයට මුහුණ දෙන්න සිදුවන්නේ මානසික ආතතියෙන් යුතුවයි.
ප්‍රදේශවාසීන් පවසන ආකාරයට මෙම යුවළ අධික මුදල් ප්‍රශ්නවලින් පීඩා විඳ තිබුණා. ඒ වගේම මවුපියන්ගෙන් පවා මොවුන් මුදල් ඉල්ලා තිබුණා. ඔවුන් කාලයක සිට ආර්ථික අපහසුතා නිසා දැඩි මානසික පීඩනයක සිටි බවයි අසල්වාසීන් පවසා තිබුණේ. මොවුන් පාර්ශ්ව කිහිපයකට සහ ඥාතීන්ට ලක්ෂ 20ත් 40ත් අතර මුදලක් ණය වී ඇති බවටයි තොරතුරු හෙළිව තිබුණේ.

පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය රෝහලේදී සිදුකරනු ලැබුවා. කුලියාපිටිය පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහගේ මෙහෙයවීමෙන් පන්නල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනුක් ප්‍රියන්ජිත් ඇතුළු නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
මෙම කනගාටුදායක සිදුවීම පිළිබඳ සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙය වර්තමාන සමාජයේ පවතින දැඩි ආර්ථික අර්බුදයේ එක් පැතිකඩක් බවයි. නමුත් සෑම කෙනෙක්ම ආර්ථික ප්‍රශ්නවලින් බේරීමට ණය ලබාගැනීම ඉතා වගකීමෙන් කළ යුතුයි. මානසික සෞඛ්‍ය පිළිබඳ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙවැනි ආර්ථික අර්බුද හමුවේ මෙවැනි ක්ෂණික තීරණවලට බොහෝ දෙනකු යොමුවන බවයි. ඔවුන් පවසන්නේ මෙවැනි තීරණවලට කඩිනම් පිළිතුරු සමාජය විසින් ඇතිකළ යුතු බවයි. මේ සඳහා කඩිනමින් ප්‍රජා මට්ටමින් උපදේශන සේවා ඇතිකළ යුතුව තිබේ. ණය උගුලට හසුවී සිටින පවුල් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය මූල්‍ය සහන සැලසීමත් කඩිනමින් ඇතිකළ යුතුයි. එසේ නොවුණු තැන මෙවැනි සිදුවීම් අපට නිතර අසන්නට දකින්නට ලැබීම වැළැක්විය නොහැකියි.

එක්කෙනෙක් ගුරුවරියක්. අනෙක් කෙනා මේජර්වරයෙක්. මේ රටේ සැලකිය යුතු නිලතල දරන නිසි වැටුපක් ලබන දෙන්නෙක්. ඔවුන් මීට වඩා කල්පනා කළ යුතුව තිබුණා. තමන් අකාලයේ මියගියාම අසරණ වන්නේ තමන්ගේ අසරණ දරුපැටියායි. මේ සිදුවීමට ප්‍රධාන හේතුව මුදල් කළමනාකරණය නොකිරීම නිසා ජීවිතය ආර්ථික අර්බුදයක් කරා යොමුවීමයි. බොහෝ විට මිනිස්සු ලැබෙන වැටුපට අනුව වියදම් කළමනාකරණය කරගන්නේ නැහැ. ‘අල්ලපු ගෙදර කෙනා හොඳට ඉන්නවා. අපිත් එහෙම කරන්න ඕනේ. අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, අපිත් ඒ විදියට ජීවත්වෙන්න ඕනේ….’ කියලා ජීවත් වෙනකොට නැති ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. දෛනික වැටුප් ගන්න කුලී වැඩ කරලා ජීවත් වෙන අය සතුටින් ඉන්නවා. රටට ණය නොවී ජීවත් වෙනවා. මේ දිවි නසාගත් දෙදෙනාම රාජ්‍ය සේවකයන්. ඔවුන්ට කොයි තරම් ලස්සනට ජීවත් වෙන්න තිබුණාද? මේ වාගේ අනුවණ තීරණවලට එළඹෙන්න පෙර දහස් වරක් සිතන්නට තිබුණා. ණයක් කියන්නේ ජීවිතවලට මහා බරක්. සමහරු ණයම ජීවිතය කරගෙන සිටින්නට පුරුදුව සිටිනවා. ඇතැම් අය ණය කාඩ්පත්වලින්ම ජීවත්වෙන්න පුරුදු වෙලා.

බොහෝ පුද්ගලයන් විශ්‍රාම දිවියට පත්වෙනකොට නිදහසේ සිටීමට ආශා කරනවා. මේ නිදහස පිළිබඳ හැඟීම ඇතිවන්නේ තමා දැන් ණය නැතැයි යන හැඟීම හිතට දැනුණොත් පමණයි. ජීවිතවලට ණය නැතිකම සැහැල්ලු ජීවිතයක් ගතකිරීමට අවියක් වෙයි. ධනය නිසි ලෙස පරිහරණය කළහොත් විතරයි මම කාටවත් ණය නැතැයි (අනණ) යන මානසික සැනසීම ලබාගන්න පුළුවන්. ඒ බව බුදුරජාණන් වහන්සේ පවා අනණ සූත්‍රයේදී දේශනා කර තිබෙනවා. සෑම කෙනකුගේම ආර්ථිකය කළමනාකරණය කරගැනීම වෙනුවෙන් බුදුරදුන් කරුණු 4ක් ඒ සූත්‍රයේදී දේශනා කර තිබෙනවා. ඒ තමයි,

  1. අත්ථි සුඛ – දැහැමින් උපයා සපයා ගන්නා ලද ධනයක් තිබීම.
  2. භෝග සුඛ – දැහැමින් උපයාගත් ධනයක් ඇතැයි කිසිවෙකුට සතුටු විය හැකි නම් ලෞකික වශයෙන් ගිහියකු ලබන උසස් සතුටක්.
  3. අනවජ්ජ සුඛ – ‘මම නිවැරදිව ජීවත් වෙන කෙනෙක්. මගේ කයින් වචනයෙන් සිතින් කරන කියන දේ නිවැරදියි’ කියා ධර්මානුකූලව සිතා සතුටුවීම.
  4. අනණ සුඛ – ‘මම කිසිම කෙනකුට ස්වල්ප වශයෙන් හෝ විශාල වශයෙන් ණයක් නැහැ. ණය නැති ජීවිතයක් මම ගෙවනවා…’ කියන සතුට හතරවැනි කරුණයි මේ සතුට හැම කෙනකුටම ලැබෙන්නේ නැහැ. මේ විදියට අපේ ජීවිත කළමනාකරණය කරගත් විට පසුතැවීමක් ඇති නොවන ලෙස යහපත් ජීවිතයක් ගතකිරීමට හැකිවෙයි. ජීවිතය පැටලුණු නූල් බෝලයක් බවට පත්කර ගන්නවාද, ඒ නූල් බෝලය ලිහාගෙන සතුටින් ජීවත් වෙනවාද යන්න පවතින්නේ තමන් අතේම බව හොඳින් මතක තියාගෙන කටයුතු කරමු.
Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පරණ හොරුන්ට දඬුවම් දෙන්න බැරිනම් අඩුම තරමේ රනිල්ගේ කාලෙ කෝටි 320ක වංචාවක් කරපු ඊ-වීසා වංචනිකයන්ට දඬුවම් දෙන්න! කෙඳිරි ගගා ඉන්න එපා! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනවාරි අගදී රනිල් ඕමානයට යනවා! ඕමානයෙන් කෙළින්ම ලන්ඩනයට! ලන්ඩනයේදී රනිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ගන්න උත්සාහයක්! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.