• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“පොලිස් කොමිසම ගැන මමත් ඉන්නේ අදිමදියක! අපි පොලිස් මාරුවීම් ඉල්ලලා තියෙන්නේ ජනවරම ඉටුකරන්න! එක හමුදා කඳවුරකින් T56 ඒවා 73ක් පාතාලේ අතට ගිහින්! කාවද විශ්වාස කරන්නේ? හිටපු ජනාධිපතිට කෝටි 70ක් ආරක්ෂාවට වියදම! දැන් ආරක්ෂාවට ඉන්නේ 60යි! වැඩිය කෙඳිරිගෑවොත් ඒකත් අයින් කරනවා! කිසිම ඇමැති කෙනකුට ගෙක් දෙන්නේ නෑ! සියලු නිල නිවාස ආණ්ඩුවට පවරගෙන තියෙන්නේ! මහින්දගේ ගෙදර මාසික කුලිය ලක්ෂ 46යි! අපි තිස්දාහක් ගෙවන්නම්! ඉන්නවා නම් ඉතුරු කුලිය ගෙවන්න! ඇමැතිලා පාවිච්චි කරපු ඔක්කොම වාහන වෙන්දේසි කරනවා! වාහන පර්මිට් නෑ! මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවා! පාර්ලිමේන්තු කැන්ටිමෙන් කනවා නම් 2000ක් ගෙවලා කන්න…!” මේ අනුර! Sri Lanka Latest News

January 25, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
“පොලිස් කොමිසම ගැන මමත් ඉන්නේ අදිමදියක! අපි පොලිස් මාරුවීම් ඉල්ලලා තියෙන්නේ ජනවරම ඉටුකරන්න! එක හමුදා කඳවුරකින් T56 ඒවා 73ක් පාතාලේ අතට ගිහින්! කාවද විශ්වාස කරන්නේ? හිටපු ජනාධිපතිට කෝටි 70ක් ආරක්ෂාවට වියදම! දැන් ආරක්ෂාවට ඉන්නේ 60යි! වැඩිය කෙඳිරිගෑවොත් ඒකත් අයින් කරනවා! කිසිම ඇමැති කෙනකුට ගෙක් දෙන්නේ නෑ! සියලු නිල නිවාස ආණ්ඩුවට පවරගෙන තියෙන්නේ! මහින්දගේ ගෙදර මාසික කුලිය ලක්ෂ 46යි! අපි තිස්දාහක් ගෙවන්නම්! ඉන්නවා නම් ඉතුරු කුලිය ගෙවන්න! ඇමැතිලා පාවිච්චි කරපු ඔක්කොම වාහන වෙන්දේසි කරනවා! වාහන පර්මිට් නෑ! මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවා! පාර්ලිමේන්තු කැන්ටිමෙන් කනවා නම් 2000ක් ගෙවලා කන්න…!” මේ අනුර! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙස සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 19 වැනිදා කළුතර කටුකුරුන්දේ පැවැති ජන හමුවකදී කළ ප්‍රකාශයට මේ වනවිට විවිධ පාර්ශ්වයන්ගේ විවේචන එල්ල වෙමින් තිබේ. එම ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයේද දැඩි විවේචනයට ලක්ව ඇති අතර යුද්ධය අවසන් කළ නායකයාව නිල නිවෙසින් එළියට දැමීමට ජනාධිපතිවරයා සූදානම් වීම සම්බන්ධයෙන් ඔවුන් සිය විරෝධය පළකරනු දැකගත හැකිය. මෙම ප්‍රකාශය මාලිමා පක්ෂ සාමාජිකත්වයෙන් කොටසකගේ උත්කර්ෂයට ලක්ව ඇති නමුත් ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය භාවිත කළ ඇතැමුන් පවසන්නේ එය ජනාධිපතිවරයා විසින් නොකළ යුතුව තිබුණු ප්‍රකාශයක් බවයි. Sri Lanka Latest News

පහත පළවන්නේ ජනාධිපතිවරයා සිදුකළ එම කතාවෙන් උපුටාගත් කොටසකි.

මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න ගෙදර රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව යවලා තක්සේරු කළා. අපි කිසිදු අමාත්‍යවරයකුට ආණ්ඩුවේ ගෙයක් දෙන්නේ නෑ, ගෙවල් ඔක්කොම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාරගත්තා. ඇමැතිවරුන්ගේ විතරක් නෙවෙයි ජනාධිපතිවරයාගෙත් ඓතිහාසික වශයෙන් වටිනා අරලියගහ මන්දිරය ඉතුරු කළා. ජනාධිපති මන්දිරය ඉතුරු කළා. නුවර ජනාධිපති මන්දිරය ඉතුරු කළා. ඉතුරු ඔක්කොම අපි දැන් භාරදුන්නා කමිටුවකට, මොකක්ද ඒවට කරන්නේ කියලා අපිට යෝජනා ඉදිරිපත් කරන්න කියලා. හෝටලයක් දාන්න පුළුවන් තැන්වල හෝටල් දානවා. කෞතුකාගාර කරන්න පුළුවන් තැන් කෞතුකාගාර කරනවා. අධ්‍යාපන මධ්‍යස්ථාන කරන්න පුළුවන් තැන් අධ්‍යාපන මධ්‍යස්ථාන කරනවා. මේ ගෙවල් නිකන් ගෙවල් නෙවෙයි. එක තට්ටුවයි. ඒ තට්ටුව නගින්න ලිෆ්ට් එකක් තියෙනවා ඇමැතිගෙ ගෙදර. අඩි 14යි. මෙහෙමයි මේගොල්ලෝ හිටියේ. ඔක්කොම ආපහු ආණ්ඩුවට පවරගෙන තියෙන්නේ. ආපහු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පවරගෙන දැන් අපි කමිටුවක් පත්කරලා තියෙනවා මොනවද මේ ගෙවල්වලට කරන්නේ කියලා සැලසුම හදන්න. හොඳ නැද්ද? මේ දේශපාලනය අපේ රටට ඕනේ. ඒක අපි පටන් අරගෙන තියෙනවා.

ඒ විතරක් නෙවෙයි අපි තමුන්නාන්සේලාට පොරොන්දුවක් දුන්නා හිටපු ජනාධිපතිවරුන්ට ගෙවල් දෙන්නෙත් නෑ කියලා. මම දැන්මම ලියුමක් දෙනවා මට නම් එපා කියලා. හැබැයි අනිත් අයටත් දෙන්නේ නෑ හොඳේ. මම මේ ළඟදී මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න ගෙදර රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව යවලා තක්සේරු කළා. කීයක් වටිනවද? තාම ඉඩම තක්සේරු කරගන්න බැරිවුණා. ගේ විතරක් තක්සේරු කළා. ගේ තක්සේරුව අනුව මාසික කුලිය ලක්ෂ 46යි. තාම ඉඩම කළේ නෑ හොඳේ බෞද්ධාලෝක මාවතේ. ලක්ෂ 46යි ගෙයි තක්සේරුව. පනතේ තියෙනවා එක්කෝ හිටපු ජනාධිපතිවරයාට ගෙයක් හිමියි, නැත්නම් පඩියෙන් තුනෙන් එකක් හිමියි කියලා. අපි ගේ ගන්නවා, පඩියෙන් තුනෙන් එකක් දෙනවා. රුපියල් 30,000ක්. එහෙම නැත්නම් ඉතුරු සල්ලි ටික දීලා ඒ ගෙයි ඉන්න පුළුවන්. මාසේ කුලියට. කුලිය දුන්නේ නැත්නම් එළියට. කරන්න ඕනේ නැද්ද? ලක්ෂ 46ක් මාසේ කුලිය. රජයේ තක්සේරුව අනුව. තව ඉඩම තක්සේරු කරන්නේ නැතුව. චන්ද්‍රිකා ඉන්න ගේ තක්සේරු කරන්න ගියා. එතුමිය ගියා සති දෙකක් ලන්ඩන්. සති දෙකෙන් පස්සේ එන්න කිව්වා. දැන් ඇවිල්ලා ඉන්නේ, දැන් යවනවා. ජනතාව දැනගන්න ඕනේ මේගොල්ලෝ මහජනයාට අයිති දේපළ කොච්චර භුක්ති විඳිනවද කියලා.

ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් ගත්තොත් අපි අමාත්‍යාංශවලට ගියාම අපිට වාහන තියෙනවා. ඇමැතිවරයෙකුට සාමාන්‍ය වාහනයක්. මොකද ඇමැතිවරයා පුද්ගලික වැඩ නෙවෙයි වැඩිපුර කරන්නේ, ආණ්ඩුවේ වැඩ. රජයෙන් වාහනයක් දෙනවා. අපි ඒකට එකඟ වෙලා තිබුණේ. අපි ඡන්දෙදිත් කිව්වා. ප්‍රතිපත්ති ප්‍රකාශයෙනුත් කිව්වා. අපේ අමාත්‍යවරු අමාත්‍යාංශයකට ගිහින් ලේකම්තුමාගෙන් අහනවා ඇමැතිතුමාගේ වාහන කොහෙද තියෙන්නේ කියලා. ‘ආ එන්නකො’ කියලා එක්කගෙන යනවා. එක්කගෙන ගිහින් පෙන්නුවාම ඉන්ද්‍රා ටේ්‍රඩර්ස්. වාහන පිරිලා. වාහන සංචිත ඇමැතිවරුන්ට. ඉතින් හොයාගන්න සරල වාහනයක් නෑ. ඔක්කොම ලොකු වාහන. අපි වගේ කුඩා රටකට ඔරොත්තු නොදෙන වාහන. අපි ගෝල්ෆේස්වල ගොඩගහලා තිබුණා. එතැන තියන එක ටිකක් අවදානම් නිසා ඒවා ආරක්ෂිත තැන්වලට දැන් ගෙනිහිල්ලා තියෙනවා. මේ පෙබරවාරි මාසේ අලුත් වාහන ගේන්න ඉඩ දෙනවා. ඒත් එක්කම වාහනවල මිලේ යම් වෙනසක් වෙනවා. අන්න එතකොට මේ වාහන ඔක්කොම වෙන්දේසි කරලා භාණ්ඩාගාරයට සල්ලි එකතු කරනවා. ඔක්කොම දානවා වෙන්දේසියේ. ලෑස්ති කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරන් දීලා තියෙන්නේ. ඒ ඒ අමාත්‍යාංශවල වාහන වෙන්දේසි කරලා භාණ්ඩාගාරයට සල්ලි එවන්න ඕනේ කියලා. කරන්න ඕනේ නැද්ද? කරන්න ඕනේ. මේ රට හදන්න ඕනේ. මෙච්චර කල් මොකක්ද කරලා තියෙන්නේ? රටේ ජනතාව රැවැටීමකට භාජනය කරනවා. රැවැටීමකට භාජනය කරලා ඒගොල්ලෝ මහජනයගේ ධනයෙන් විරාජමාන ලෙස වැජඹෙනවා. ඉතින් ඒගොල්ලන්ට දුක නැද්ද? මේ කෙඳිරිය තියෙන්නේ ඒකයි. උදේ හවා ටීවීවල, සාලෙ පුටුව තියාගන්නවා, මයික් ටිකක් ඉස්සරහින් තියාගන්නවා. ඉතින් අඬනවා. දුක කියනවා. වේදනාව කියනවා. ඒගොල්ලන්ට තව දශක එකහමාරක් විතර අඬ අඬා ඉන්න වෙනවා. මතක තියාගන්න. එහෙමයි මේක හදන්නේ.

මොකද, මේ දේශපාලන පරිවර්තනය ඕනේ නැද්ද? මේ දේශපාලන අලුත් වෙනස ඕනේ නැද්ද? ඕනේ. මේක තව ශක්තිමත් කරන්න ඕනේ. තව අපි හොයාගෙන තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේනවා. විශ්‍රාම වැටුප අහෝසි කරනවා. දැන් පාර්ලිමේන්තුවේ කැන්ටින් එක ගැන ලොකු විවාදයක් තියෙනවනේ. ඔන්න තව සතියකින් දෙකකින් වෙන වැඩේ මම කියන්නම්. අපි කියන්නේ නෑ කෑම එක ඔතාගෙන පාර්ලිමේන්තුවට එන්න කියලා. හැබැයි පාර්ලිමේන්තුවෙන් කෑම එක ගන්නවා නම් හරි ගාන ගෙවන්න ඕනේ. කෑම එකට යනවා නම් රුපියල් 2000ක්, ඒ 2000 දෙන්න. කමක් නෑනේ. ඒක අවුලක් නෑනේ. ඒක කරනවා. කැන්ටින් එක ඇරලා තියෙනවා, ගාන ගෙවලා කන්න පුළුවන්. හොඳයිද? හොඳයි.

මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දුන්නා. ඔය පර්මිට් විකුණනවා. ආණ්ඩුවෙන් වාහනයක් ගන්නවා, පර්මිට් එක විකුණනවා. ජනාධිපතිවරයටත් පර්මිට් එකක් හම්බවෙනවා. වාහන සංචිතයේ වාහන 60ක් 70ක් තියෙනවා. පර්මිට් එකක් දෙනවා. දීලා ඒක විකුණනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙන්නේ නෑ. මොකද කරලා තියෙන්නේ? මාස දෙකයි, අපේ රටේ දේශපාලනයේ අලුත් පරිවර්තනයකට ලක්කරන්න ජාතික ජන බලවේගය ආණ්ඩුව වැඩකරනවා. ඒ තමුන්නාන්සේලා දීපු ශක්තිය. ඕගොල්ලන්ගේ වුවමනාව. ඒක නේද ඕනෙකම? ඒක ඕනෙකම. අපි ඒක කරලා තියෙනවා. මීට පෙර ආණ්ඩු හදලා තියෙනවා. ආණ්ඩු පෙරළලා තියෙනවා. එක්කො ඔය ආණ්ඩුව හදන්න විවිධ කුමන්ත්‍රණකාරී වැඩ වෙලා තියෙනවා. මතකද? පාස්කු ප්‍රහාරය වගේ දේවල්. බය වෙන්න එපා පරීක්ෂණය තිතට යනවා හොඳේ.

අදත් ආරංචියි එක්කෙනෙක්. ඒ රිමාන්ඩ් වෙනවා. රිමාන්ඩ් වෙලා මදි. පරීක්ෂණ පවත්වන තෙක් රිමාන්ඩ් භාරයට යනවා. ආයේ සති දෙක තුනකින් ඇප දෙනවා. ඒ පරීක්ෂණ අවධිය. හැබැයි හරිම අවධිය මොකක්ද? නඩුවක් ගොනුකරලා, අධිකරණයෙන් වරදකරු වීම. ඒක තමයි හරිම ක්‍රමවේදය. එතකොට නඩුවක් ගොනුකරන්න නම් හොඳ පරීක්ෂණයක් කරන්න ඕනේ. පරීක්ෂණය කරන්නේ මොකේද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව. මේවායෙන් මේ පරීක්ෂණ කරන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ බලයට ආපු පළමු වෙලාවේදීම සී.අයි.ඩී. එකේ හිටපු 650ක් මාරු කළා. ඔක්කොම මාරුකළා. ඒගොල්ලෝ තමයි පරණ පරීක්ෂණ කරපු නිලධාරීන්. ඒගොල්ලෝ තමයි පරීක්ෂණ ගැන දන්න නිලධාරීන්. ඔක්කොම මාරු කළා. නැවත අපිට ඕනෙ වුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ පරණ පරීක්ෂණ ගැන දන්න නිලධාරීන් ටික ගේන්න. දැන් අපිට ඕනෙ විදියට පොලිසියේ මාරුකිරීම් කරන්න බෑ. ඒකට තියෙනවා පොලිස් කොමිසමක්. කොමිසමෙන් ඒ මාරුකිරීම් ටික කරන්න ඕනේ. සමහර ඒවට කොමිසම අදිමදි කරලා තියෙනවා. ඒ කොමිසම ගැන මමත් ඉන්නේ ටිකක් අදිමදියක තමයි. කොමිසමේ මහත්තුරුන්ට කියන්නේ. මේ කිසිදු මාරුවීමක් ඉල්ලා සිටින්නේ අපේ පුද්ගලික ආරක්ෂාව සඳහා නෙවෙයි. පුද්ගලික ව්‍යාපාරයක් සඳහා නෙවෙයි. අපි මේ මාරුවීම් ඉල්ලා සිටින්නේ ජනතාව දෙන ලද ජනවරම ඉටුකිරීමේ අරමුණෙන්. ඒ ෆයිල් ටික ඔක්කොම විවෘත කරන්න පටන්ගත්තාම ඒ නිලධාරීන් යම් දුෂ්කරතාවකට මුහුණ දෙනවා. නමුත් ඔවුන් එකඟතාව පළකරලා තියෙනවා ජාතික වශයෙන් වැදගත් ෆයිල් ටික යළි විවෘත කරලා, මම හිතනවා බොහෝ දුරට මේ මාසේ අග වෙනකොට නඩු කීපයක් පවරයි. පෙබරවාරිවල තව නඩු කීපයක් පවරයි.
හමුදා කඳවුරුවල තියෙන ආයුධ එළියට ඇවිල්ලා තියෙනවා. එක්තරා හමුදා කඳවුරක ටී56 73ක් පාතාලේ ගාවට ඇවිල්ලා තියෙනවා. මෙහෙම අපරාධ රාජ්‍යයක් අපි ඉස්සරහා තියෙන්නේ. කවුද විශ්වාස කරන්නේ? කොතැනද විශ්වාස කරන්නේ? මෙහෙම තත්ත්වෙකට රටක් පත්වෙලා තියෙනවා. දේශපාලන රැකවරණ සහිතව කඳවුරුවල ආයුධ පාතාලයට එනවා නම් පාතාලය කුලියට ලක්ෂ ගණනක් ඉන්න හමුදාවේ, විශාල ප්‍රමණයක් නෙවෙයි, අතේ ඇඟිලි ගානට ටිකක් වැඩි කණ්ඩායමක් කුලියට එළියට ගිහිල්ලා ඝාතන කරලා ආපහු කඳවුරට එනවා. අත්අඩංගුවට ගත්තා 13 දෙනෙක්. මේකයි රටේ තත්ත්වය.

ඉස්සර අමාත්‍යවරයෙක් යනකොට වාහන කීයක් පිටිපස්සෙන් යනවද? පොලිස් රථ කීයක් පිටිපස්සෙන් යනවද? අද කිසිම අමාත්‍යවරයෙක් පිටිපස්සේ වාහනත් නෑ, පොලිස් රථත් නෑ. දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඕනේ. හොඳ නැද්ද? මතක තියාගන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට විතරක් නෙවෙයි, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දෙන්නෙත් නෑ. මොකද පොලිසියට නිලධාරීන් 21,000ක් මදි. බොහොම අමාරුවෙන් ඒ මහත්තුරු වැඩකරන්නේ. පැය 8, 10, 12 උදේ දාගත්ත සපත්තු දෙක, ඇඳගත්ත යුනිෆෝම් එක තියාගෙන මුරකරන්න වෙලා තියෙනවා. ඇයි පොලිස් නිලධාරීන් ඇමැතිගෙ ගෙදර. සමහර නාවික හමුදාවේ නිලධාරීන් පාවිච්චි කළා නෝනගේ හැට්ටේ කටු ගහන්න. මතක තියාගන්න එහෙම රටක් මේ අපි වෙනස් කරමින් තියෙන්නේ. අපි අද එහෙම නෑ.

එක ජනාධිපතිවරයකුට ආරක්ෂාව සඳහා අවුරුද්දකට වියදම් කළා මිලියන 700ක්. කෝටි 70ක්. පොලිසිය, හමුදාව, නාවික හමුදාව, එස්.ටී.එෆ්. දහස් ගණනක්. ඔක්කොම අයින් කළා. 60යි. තව කෙඳිරිගෑවොත් 60ත් අයින් කරනවා. හරිද. ඕනේ නැද්ද? 60 තියාගෙන ඉන්න මහත්තයො, කෙඳිරිගෑවොත් වෙන දේ කියන්නම්. එහෙම ඕනේ නැද්ද ආණ්ඩුවක්? එහෙම ආණ්ඩුවක් ඕනේ. පොලිස් නිලධාරීන් ගම්වල පොලිස් ස්ථානවල නීතිය සාමය ආරක්ෂා කරන්න ඉන්න ඕනේ. හැබැයි වැඩිපුර හිටියේ කාගෙද? ඇමැතිවරුන්ගේ, අගමැතිවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වල. අපි නතර කළා මේ දේශපාලනය. හොඳ නැද්ද? හොඳයි.

අපි බැඳිලා ඉන්නවා මේ රටේ ජනතාවට. අපි බැඳිලා නෑ මාධ්‍ය ආයතනවලට. අපි බැඳිලා නෑ ජාවාරම්කාරයන්ට. අපි බැඳිලා නෑ බදු පැහැරහරින්නන්ට. ඇලෝසියස් තාම හිරේ. මෙන්ඩිස් සමාගම වරක් වැහුවා. කරන්න දෙයක් නෑ. 200කට විතර රැකියා අහිමි වෙලා තියෙනවා. බදු ගෙවලා නෑ. හැමදාම මේගොල්ලෝ කෝටි ගණනක් ආණ්ඩුවට බදු ගෙවන්නේ නැතුව, කෝටි 500යි 600යි. ආණ්ඩුවට බදු ගෙවන්නේ නෑ. හැබැයි දේශපාලකයට ඡන්දෙට කෝටි 50ක් 60ක් දෙනවා. හැමදාම ඉන්නවා. අපි කිව්වා බදු ගෙවන්නේ නැත්නම් වහනවා කියලා. ඔයා අරක්කු හදන්නේ නැත්නම් ආණ්ඩුවෙන් හරි හදලා බෙදනවා ඕනෙ නම්. එහෙමනේ කරන්න ඕනේ. තව ප්‍රධාන හාල් හිමියෙක් ඉන්නවා. බදු පැහැරහැරලා තියෙන්නේ. දැන් මම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට නියෝග දීලා තියෙන්නේ, ගන්න ඕනේ ක්‍රියාමාර්ග ගන්න කියලා. මෝල වැහුණත් කමක් නෑ බදු ගෙවන්න ඕනේ. මේගොල්ලෝ ඡන්දවලට සල්ලි වියදම් කරනවා. ආණ්ඩුවට බදු ගෙවන්නේ නෑ. සාමාන්‍ය පොඩි වෙළෙන්දෙක් පස්සේ පන්නගෙන එනවා. කෝටි ගණන් බදු ගෙවන්නේ නැතුව බදු පැහැරහැරපු අය ඉන්නවා. අපි ඒගොල්ලන්ව බදු දැලට නැවත ඇතුළු කරගන්නවා. ඉහළ ආදායම් ලබන අය බදු ගෙවන්න ඕනේ. බදුවලින් පැනලා ගිහිල්ලා දේශපාලකයන්ට කප්පම් දීලා හැංගෙන්න බෑ.

SendShareShare
Previous Post

“ජනතාවට සහන දුන්නා! පෝලිම් යුග නෑ! කොටස් වෙළෙඳපළ නගිනවා! ඩොලරය තවම 300ට යටින්! චර්චිල් කිව්වා වගේ ගමනක් යද්දී බල්ලො බුරනවා! ඒ අයට බුරන්න දෙන්න! කන්න පනින්න හැදුවොත් ගලකින් ගහන්න! ආණ්ඩුව අරගෙන මාස 2යි! කට්ටියම අසතුටෙන් වගේ ඇයි? මාස 2න් අපි බංකොලොත් නැති රටක් හැදුවා! අනුර චීනයට ගියාම විශාල ආයෝජන ලැබුණා! අපිව ලෝකේ පිළිඅරන්! ඒ ගෞරවය මදිද? විදුලි බිල අඩු කළාමත් බණිනවා! අඩු කළේ උපයෝගිතා කොමිසමලු! ඒක පත්කළෙත් ආණ්ඩුව! වෙනස අපි කරනවා! ඒක කරන්නේ පරෙස්සමෙන්! විනයක් ඇති රටක් හදනවා…!” මේ ටිල්වින්! Sri Lanka Latest News

Next Post

‘මිනිසාට මරණින් පසු ජීවිතයක් තියෙනවා… එය ස්ථිරයි’! වසර 25ක් සිදුකළ විද්වත් පර්යේෂණයකින් කියයි! මරණාසන්න මොහොතේ අත්දැකීම් 5000ක් සමග පර්යේෂණයේ ප්‍රතිඵල එළිදකියි! ඇමෙරිකානු විශේෂඥ වෛද්‍ය පර්යේෂකයකුගේ නිගමනයක්! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.