සාධාරණ මිල නියාමනයක් මෙන්ම ප්‍රමිතියෙන් යුතු ඖෂධ ගෙන්වීමට හැකියාව ඇති සැපයුම්කරුවන්ගේ ජාලය ශක්තිමත් කරමින් අලුතින් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය යාවත්කාලීන කළහොත් ඖෂධ හිඟයට බලපෑමක් ඇති නොවන පරිදි තරගකාරීත්වයක් ඇති වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට පෙන්වා දී තිබේ.Sri Lanka Latest News
එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ පසුගිය වසර කීපය තුළම එවැනි ක්‍රියාදාමයක් නොමැතිව ඇතැම් පිරිස්වලට පමණක් ඖෂධ සැපයීම සීමා කිරීම නිසා ඖෂධ ප්‍රමිතිය මෙන්ම දරාගත නොහැකි මිල ඉහළ යෑමක් සිදුවන බව පෙනෙන්නට ඇති බවයි.
ඇතැම් සැපයුම්කරුවන් සමග වසර 10කට හෝ ඊට වඩා වැඩි කාලයකට ගිවිසුම් අස්සන් කිරීමේ ක්‍රියාවලියක් සිදුවීම හේතුකොට ගෙන පෙනෙන නොපෙනන ඒකාධිකාරයක් පසුගිය වසර කීපයක සිට ක්‍රියාත්මක වීම තුළ රෝගීන් දැඩි අසීරුතාවකට පත්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එම තත්ත්වය මත ඖෂධ ඒකාධිකාරයක් හිස එසවීමට ඇතැම් සෞ්‍ය බලධාරීන්ගේ සහාය ලැබීම නිසා ඖෂධ මිල නියාමනයක් හෝ තරගකාරීත්වයකට ඉඩක් ලැබී නැති බවද ඔහු සඳහන් කළේය.
මෙම තත්ත්වය නැතිකිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ වනවිට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රේමලාල් විජේරත්න










