• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපනයේ විශාල වෙනසක්: අමාත්‍යංශ 3ක් එකතු කරන්න යයි

June 9, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
අධ්‍යාපනයේ විශාල වෙනසක්: අමාත්‍යංශ 3ක් එකතු කරන්න යයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පාදනයේ වත්මන් තත්ත්වය පිළිබඳව එහිදී ජනාධිපිතිවරයා දැනුවත් කිරීමට පිරිස කටයුතු කළහ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව “සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා” යන්න තේමා කර ගනිමින් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් වෙමින් පවතී. ගනු ලබන තීරණ රටටත්, අනාගත පරපුරටත් බලපාන නිසා සැමට එකඟවිය හැකි ආකාරයෙන් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම ඉතා වැදගත් වේ.
පෙර පාසලේ සිට ප්‍රාථමික, ද්විතීයීක, උසස් සහ වෘත්තීය අධ්‍යාපනය දක්වා ආවරණය කෙරෙන පරිදි සියලු නිර්දේශ ඉදිරිපත් කර තිබේ. අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබද අවසන් වාර්තා අනුමත කිරීමට පෙර අවම වශයෙන් මාස දෙකක පමණ කාලයක් හෝ පුළුල් සමාජ සංවාදයට යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් සියලු යෝජනා ජනතාව අතට පත් කොට ඊට ලැබෙන අදහස් සහ යොජනා ද ඇතුළත් කර ගනිමින් අවසන් වාර්තාව සකස් විය යුතුය.

කොවිඩ් මර්දනය සඳහා පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමුණද Online අධ්‍යාපනය ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව කාර්ය සාධක බලකාය පෙන්වා දුන්නේය. ආරම්භයේදී යම් දුෂ්කරතා මතුවුවද මේ වන විට තාක්ෂණික ගැටලුද මගහරවා ගැනීමට හැකිව තිබේ. පාසල් මෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ද ඉහළ ප්‍රතිශතයක් Online අධ්‍යාපනයට යොමු වීමෙන් මේ ක්‍රමය ඉදිරියේදී තවත් දියුණු කිරීමේ හැකියාව පෙන්වා ඇත. මේ දත්ත පදනම් කොට ගෙන Online උසස් අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව වැනි ගුරු පුරප්පාඩු පවතින විෂයයන් Online මගින් ආවරණය කිරීමට සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

දිවයිනේ විශ්ව විද්‍යාල සියල්ල ඉතා වේගවත්ව Online ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ඉහළ ප්‍රගතියක් අත්කරගෙන තිබේ. ඉන්දියාව, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල් අභිබවා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

Online අධ්‍යාපන ක්‍රමයට කලා පීඨ සිසුන්ගෙන් අපේක්ෂා නොකළ තරමේ ඉහළ දායකත්වයක් ලැබී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය. එය කලා විෂයයන් හදාරණ සිසුන්ට තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුමක් ලබාදීමට අපේක්ෂා කළ ඉලක්කය සපුරා ගැනීමක් බව විශ්ව විද්‍යාල උපකුලපතිවරු පෙන්වා දුන්හ.
අ.පො.ස (සාමාන්‍ය පෙළ) සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරෙන කාලය සහ සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටින කාලය වසර දෙකකට අධික වේ. ඉන් ප්‍රයෝජන ගෙන ඉංග්‍රීසි භාෂා සහ පරිගණක තාක්ෂණ දැනුම රටේ සියලු දරුවන්ට ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීනට පවසා ඇත.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු යන අමාත්‍යාංශ තුනම එක අමාත්‍යාංශයක් යටතට ගැනීමේ යෝගත්‍යාව පිළිබඳ ජනාධිපතිවරයා කාර්ය සාධක බලකායේ අදහස වීමසා සිටි අතර එය වඩා සුදුසු බව ඇතැම් විද්වතුන්ගේ අදහස විය. බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්. චිත්‍රානන්ද, යන මහත්වරු සහ කාර්ය සාධක බලකායේ නියෝජිතයෝ, උපකුලපතිවරු, විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

අලුත් MCC ගිවිසුමක්: අස්සන් කරන්න සූදානම්?

Next Post

වටේටම කතා කරන ගෝඨාභයලා අල්ලන්න අංක 2ක්

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.