• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් MCC ගිවිසුමක්: අස්සන් කරන්න සූදානම්?

June 9, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
අලුත් MCC ගිවිසුමක්: අස්සන් කරන්න සූදානම්?
Share on WhatsAppShare on Facebook

නව MCC ගිවිසුමක් මේ වනවිට සකස් කර ඇති බවටත්, නුදුරේදීම අමෙරිකාව සමග එම ගිවිසුම අස්සන් කරන බවටත් තොරතුරු පැතිර යන බැවින් ඒවායේ සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න සම්බන්ධයෙන් විමසා ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් මෙම ලිපිය යොමු කර තිබේ.

එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පළවේ.

ජනාධිපති ලේකම්,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 01.

මහත්මයාණෙනි

වර්තමාන ආණ්ඩුව එක්සත් ජනපද රජයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුම් ගත වීමට සූදානම් වන බවට වන පුවත් පිළිබඳ කරුණු පැහැදිලි කර ගැනීම වෙනුවෙන් මෙම ලිපිය ඔබ වෙත යොමු කරනු කැමැත්තෙමි.

  1. ශ්‍රී ලංකා රජය, එක්සත් ජනපද රජයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුම් ගත වීමට යාම පිළිබඳ මතභේදාත්මක තත්වයක් පසුගිය වසර මැද භාගයේ සිට රට තුළ දක්නට ලැබුණු නමුත් එය බරපතළ ලෙස කරළියට පැමිණියේ 2019 ඔක්තෝබර් මස අගදී පැවති ආණ්ඩුව විසින් එම ගිවිසුම් ගත වීම සඳහා කැබිනට් අනුමැතියක් ලබා ගත් බව වාර්තා වීමත් සමගය.
  2. කෙසේ වුවද නොවැම්බර් 01වැනි දිනට පෙර එය අත්සන් තබනු ඇති බවට වාර්තා පළ වුණද ඒ සමග පැනනැගුණු විරෝධතා හේතුවෙන් එය අත්සන් තැබීම කල් තැබුණි. එළඹෙමින් තිබූ ජනාධිපතිවරණයේ ප්‍රධානම මාතෘකාවලින් එකක් බවට මෙම ගිවිසුම පත්වූ අතර ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නොවැම්බර් 06වැනි දින නිවේදනය කළේ එය නොවැම්බර් 16 දිනට පසුව, එනම් ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් තබනු ඇති බවය.
  3. ජනාධිපතිවරණයෙන් පසුව වත්මන් ආණ්ඩුව විසින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම නැවත සලකා බැලීම සඳහා කැබිනට් අනුමැතියක් අනුව කමිටුවක් පත් කළේය. එම කමිටුවේ සංයුතිය, කාලසීමාව හා වාර්තාව ඉදිරිපත් කරන දිනය පිළිබඳව ජනවාරි 21වැනි දින අප පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක සහෝදරයා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ විමසන ලදී.
  4. එම ප්‍රශ්නයට පිළිතුරු දුන් එවකට පාර්ලිමේන්තුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අදාළ ගිවිසුම අධ්‍යයනය කිරීමට 2019 දෙසැම්බර් 18වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කමිටුවක් පත් කළ බවත් එම කමිටුවට ලලිතසිරි ගුණරුවන්, ඩී.එස් ජයවීර, නිහල් ජයවර්ධන, නාලක ජයවීර යන මහත්වරුන් පත්කරනු ලැබ ඇති බවත් එම කමිටුවට අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මාස 04ක කාලයක් ලබාදී ඇති බවත් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.
  5. පසුගිය පෙබරවාරි 28වැනි දින කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගිවිසුම අධ්‍යයනය කළ කමිටුව අග්‍රාමාත්‍යවරයා වෙත අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එහි නිර්දේශ අනුව එම කෙටුම්පත් කර ඇති ගිවිසුම පවතින ස්වරූපයෙන් තිබියෙදී අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් නොමැති බවය. එම කෙටුම්පතේ ඇතැම් වගන්ති රටේ ස්වෛරීත්වයට සහ ව්‍යවස්ථාවට හානිදායක බවද ශ්‍රී ලංකාවට හිතකර ලෙස එම ගිවිසුම සංශෝධනය කර ගැනීම සඳහා එක්සත් ජනපද බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම් බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යෝජනා ප්‍රාග්ධන හිඟයකට මුහුණපා සිටින හා ණය මත ක්‍රියාත්මක වන රටකට ආයෝජනය සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් ලබාගැනීමට වැදගත් වන බවද ඔහු එහිදී පෙන්වා දී ඇත. මෙම ප්‍රකාශය මගින් ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමකින් බැඳීමේ අදහස අත්හැර නොමැති බව පැහැදිලිය.
  6. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ විශේෂඥ කමිටුව පත්කොට මේ වනවිට මාස 06කට ආසන්න වී ඇති නමුත් මෙතෙක් එම කමිටුවේ අවසන් වාර්තාවක් ප්‍රසිද්ධියට පත්වී ඇති බවක් දැනගන්නට නැත. එහි අවසන් නිර්දේශ කවරේදැයි රටට අනාවරණය වී නොමැත.
  7. මේ තත්වය තුළ ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග නව ගිවිසුමකට එළඹීමට සූදානමි වන බවට පැතිර යමින් ඇති තොරතුරුවල සත්‍ය අසත්‍යභාවය කුමක්ද යන්නත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ විශේෂඥ කමිටුවේ අවසන් නිර්දේශ කවරේද යන්නත් පුරවැසියන් වෙනුවෙන් මා වෙත දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි

සුනිල් හඳුන්නෙත්ති

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

2020.06.08

SendShareShare
Previous Post

ගෝඨා රාජ්‍ය සේවකයන්ට තදින් සිටී: බැරි නම් තනතුරුවලින් යන්නත් කියයි

Next Post

අධ්‍යාපනයේ විශාල වෙනසක්: අමාත්‍යංශ 3ක් එකතු කරන්න යයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.