කොරෝනා උවදුර සම්පූර්ණයෙන්ම පාලනය කර තුරන් කළ ලොව පළමු රට බවට නවසීලන්තය පත්ව ඇත.
නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් මහත්මිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කර තිබේ.
ඒ අනුව රටේ සීමා ලිහිල් කිරීමටද ඇය කටයුතු කොට ඇත.
මේ සම්බන්ධයෙන් ඇය තවදුරටත් පෙන්වා දෙන්නේ අදාළ අංශ වෙතින් මෙම පණිවුඩය ලද වහා තමන් සතුටට ‘පොඩි නැටුමකුත් නැටූ’ බවකි.










