• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය මාධ්‍යයට ෂින්හුවා වහවැටුණේ ඇයි? Sri Lanka Latest News

January 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
සියලු රාජ්‍ය මාධ්‍ය චීනයට ගැට ගහන්න ආණ්ඩුව තීන්දු කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනුරගේ චීන සංචාරයට පෙර පසුගිය කැබිනට් මණ්ඩලය ලංකාවේ රාජ්‍ය මාධ්‍ය චීනයේ ෂින්හුවා පුවත් ඒජන්සිය සහ MOU අස්සන් කිරීමට අනුමැතිය දීම කොළඹ තානාපති අංශවල ඇස් උඩ යවන සිදුවීමක් විය. ෂින්හුවා පුවත් ඒජන්සිය බටහිර රටවල ඔත්තු බලන බවට බටහිර රටවලින් චෝදනා එල්ලවී ඇති පුවත් ඒජන්සියකි. 2016දී ඉන්දියාව ෂින්හුවා පුවත් ඒජන්සියේ මාධ්‍යවේදීන්ගේ වීසා දික් කිරීම ප්‍රතික්ෂේප කොට ඔවුන්ව රටින් පලවා හරින ලදී. ඒ ඔවුන් මාධ්‍ය කටයුතුවලට එහා යමින් වෙනත් කටයුතුවලට සම්බන්ධ වන බව කියා චෝදනා කරමින්ය. Sri Lanka Latest News

Reporters Sans Frontieres (RSF) 2005 වාර්තාවක දැක්වුණේ ෂින්හුවා යනු, කොමියුනිස්ට් පක්ෂය මගින් වාරණයේ සහ වැරදි තොරතුරු ක්‍රියාත්මක කිරීමේ හදවතේ සිටින ලෝකයේ විශාලතම ප්‍රචාරක ආයතනය ලෙසයි.

2012 අගෝස්තු මාසයේදී කැනේඩියානු මාධ්‍යවේදියෙකු වන මාර්ක් බෝරී ඔටාවා හි දලයි ලාමාගේ ඔත්තු බැලීම සඳහා ඔහුව යොමු කළ බවට චෝදනා කිරීමෙන් පසු ෂින්හුවා හි සේවයෙන් ඉවත් විය.

‘ෆලුන් ගොං’ අධ්‍යාත්මික ව්‍යාපාරය සහ චීන රජයේ විවේචකයන් නිරීක්ෂණය කිරීම සඳහා ‘ඔත්තුකරුවන්’ ලෙස ක්‍රියා කළ පුද්ගලයන් ෂින්හුවා තුළ සිටින බවට ඔහු චෝදනා කළේය.

ෂින්හුවා චීනයේ ඔත්තු ඒජන්සි සමග සම්බන්ධතා ඇති බවට බටහිර බුද්ධි අංශ කිහිපයක් දිගු කලක් තිස්සේ සැක කරයි.
එක්සත් ජනපදයේ, ජාතික ආරක්ෂක ගැටලු නිරීක්ෂණය කරන කොංග්‍රස් මණ්ඩලයක් වන එක්සත් ජනපද – චීන ​​ආර්ථික සහ ආරක්ෂක සමාලෝචන කොමිසම 2009 වාර්තාවක කියා සිටියේ ෂින්හුවා ඔත්තුසේවා ආයතනයක සමහර කාර්යයන්, තොරතුරු රැස් කිරීම සහ රහසිගත වාර්තා නිෂ්පාදනය කිරීම සඳහා ද සේවය කරන බවයි.
ෂීන්හුවා ආරම්භ වූයේ 1931 රෙඩ් චයිනා නිවුස් ඒජන්සිය ලෙසය. එහි දැක්ම වූයේ චීනයේ ප්‍රොපගැන්ඩා ප්‍රචාරය කිරීමය. මාලිමා ආණ්ඩුව රජයේ මාධ්‍ය චීනයේ ෂින්හුවා ඒජන්සිය සමග සම්බන්ධ කිරීමට තීරණ කළේ මොන හේතුවකටද යන්න පැහැදිලි නැත. මාලිමා ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය, ෂින්හුවා පුවත් ඒජන්සිය ලෙස පවත්වාගෙන යෑමට උත්සාහ කරනවා විය හැකිය. ෂින්හුවා පුවත් ඒජන්සිය චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍ය අවියක් ලෙස භාවිත කරන්නකි. මාලිමා ආණ්ඩුව එවැනි මාධ්‍ය ආකෘතියක් සමග රාජ්‍ය මාධ්‍ය සම්බන්ධ කරන්නේ කෙසේද යන්න ප්‍රහේළිකාවකි.

ලංකාවට රූපවාහිනිය ලැබුණේ ජපන් ආධාරයක් වශයෙනි. එවක ජනාධිපති ජේ.ආර්.ගේ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසට. ඒ කාලයේ ඉන්දියාවේ තමිල්නාඩුවේ පවා රූපවාහිනී සේවය ජනප්‍රිය වී තිබිණි. තමිල්නාඩු පුවත්පත් එකල ලංකාවේ රූපවාහිනී වැඩසටහන් කාලසටහන පළකරන ලදී. තමිල්නාඩුවේ වර්ණ රූපවාහිනී මිලදී ගැනීමට උනන්දු වූයේත් ලංකාවේ රූපවාහිනිය නිසාය.

විශේෂයෙන්ම ජපානය සහ ඉන්දියාව ලංකාවේ රාජ්‍ය මාධ්‍ය චීනයේ ෂින්හුවා පුවත් ඒජන්සිය සමග සම්බන්ධ කිරීම කෙලෙස දකියිද කියා කිව නොහැකිය. ඒ වගේම නිදහස් මාධ්‍ය ව්‍යාපාර රාජ්‍ය මාධ්‍ය චීනයේ ෂින්හුවා සමග සම්බන්ධ වීම කෙලෙස පිළිගනීද යන්න අවිනිශ්චිතය. ජවිපෙ විපක්ෂයේ සිටියදී රාජ්‍ය මාධ්‍ය හැසිරෙන ආකාරය දැඩිව විවේචනය කළේය. තමන් බලයට පත්වූ පසු රාජ්‍ය මාධ්‍ය ප්‍රතිපත්ති වෙනස් කරන බවට ඔවුන් පොරොන්දු විය. එහෙත් චීනයේ කොමියුනිස්ට් පක්ෂය විසින් හසුරුවන ෂින්හුවා මාධ්‍ය සමග රාජ්‍ය මාධ්‍ය සම්බන්ධ කිරීමෙන් රාජ්‍ය මාධ්‍ය තව තවත් රජයේ පාලනයට හසුවනවා මිස එහි අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකිය. ජනාධිපති අනුරගේ චීන සංචාරයට පෙර මෙම MOU වලට අනුමැතිය ලැබිණි. ඒ, චීනයේ ඉල්ලීමක් මත බව පැහැදිලිය. චීන කොමිසුනිස්ට් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් අතර ඇති සම්බන්ධය ඓතිහාසිකය. ෂින්හුවා සහ ජවිපෙ මාධ්‍ය අතරත් සමීප සම්බන්ධයක් තිබෙන්නට ඇත. එය දැන් රාජ්‍ය මාධ්‍ය දක්වා ව්‍යාප්ත වීම පිටුපස ඇත්තේ කුමක්ද යන්න අපැහැදිලිය. චීනය මෙයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්නද පැහැදිලි නැත. ෂින්හුවා 2015දී රුසියා රාජ්‍ය මාධ්‍ය සමග ගිවිසුමක් අස්සන් කළේය. නමුත් රුසියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවේ. ෂින්හුවා රුසියානු මාධ්‍ය සමග සම්බන්ධ වීම පුදුමයක් නොවේ. පුදුමය ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ෂින්හුවා සමග සම්බන්ධ වීමය.

SendShareShare
Previous Post

නෝටි ෆෝටිද? ඉක්මනට මේ ලිපිය කියවන්න! Sri Lanka Latest News

Next Post

‘රාවය’ සමාරම්භක කර්තෘ වික්ටර් අයිවන් සමුගනී! ජවිපෙ ආරම්භක සාමාජිකයෙක්! I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.