• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා දැන් ජනප්‍රියද නැද්ද…? අලුත්ම මතවිමසුමක ප්‍රතිපල එළියට (රාජ්‍ය රහස්)

June 8, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨා දැන් ජනප්‍රියද නැද්ද…? අලුත්ම මතවිමසුමක ප්‍රතිපල එළියට (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ඕනෑම මැතිවරණයක් ආසන්නයේදී එය ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පූර්ව මත විමසුම් සිදුකිරීම අපේ රටේ සාමාන්‍ය සිද්ධියකි. එය පළාත් පාලන, පළාත් සභා මහ මැතිවරණ, ජනාධිපතිවරණ කියා වෙනසක් නොමැතිව සිදුවන්නකි. ඒ අනුව මෙවර මහ මැතිවරණය සම්බන්ධයෙන්ද විවිධ පාර්ශ්ව මේ වන විටත් මත විමසුම් සිදුකරන ආකාරයක් දැකගන්නට තිබේ.

බැසිල්ගෙනුත් මත විමසුමක්

මෙහිදී සියලු දෙනාම අවධානයෙන් යුතුව බලා සිටින්නේ බැසිල් සිදුකරමින් සිටින මත විමසුම පිළිබඳවය. ඊට හේතුව වී ඇත්තේ රට පුරාම ශක්තිමත් සංවිධාන ජාලයක් හිමි බැසිල් විසින් සිදුකරනු ලබන මත විමසුම් සියයට සියයක්ම නිවැරැදි ප්‍රතිඵල ලබාදීමය. උදාහරණයක් ලෙසට පසුගිය ජනාධිපතිවරණයේදී විවිධ පාර්ශ්වයන් මඟින් සිදුකළ මත විමසුම්වලදී සජිත් ජයග්‍රහණය කරනු ඇති බව කියා තිබුණද බැසිල් විසින් සිදුකළ මත විමසුමේදී ලැබී තිබුණු ප්‍රතිඵලය වූයේ ගෝඨාභය ජයග්‍රහණය කරන බවත්, 52%ක ඡන්ද ප්‍රතිඵලයක් ගෝඨා විසින් ලබාගනු ඇති බවත්ය. ඒ කී ආකාරයෙන්ම ගෝඨා ජයග්‍රහණය කළේ 52%ක ඡන්ද ප්‍රතිඵලයක් ලබාගනිමිනි.
ඒ අනුව යමින් මෙවරද බැසිල් මත විමසුමක් සිදුකරගෙන ගියත් තවමත් මෙහි වැඩකටයුතු අවසන් වී නැත. දැනට එහි 80%ක පමණ කටයුතු අවසන්ව ඇති අතර, තවත් ඉතිරිව ඇත්තේ 20%ක පමණ ප්‍රමාණයකි. පසුගිය මාස දෙක ඇතුළත කොරෝනා වසංගතය හේතුකොටගෙන රටේ දැනට මතුව ඇති තත්ත්වය සියුම්ව විමසුමට ලක්කිරීම හේතුකොටගෙන මෙම ප්‍රමාදය මතුව ඇති බවක්ද වාර්තා වේ. කෙසේ වෙතත් පසුගිය සතියේදී සමාජ මාධ්‍ය ජාලාවල බැසිල් විසින් සිදුකළේ යැයි කියන එක්තරා මත විමසුමක් පළව තිබුණු අතර, පසුව සොයා බැලීමේදී එය ව්‍යාජ එකක් බවට අනාවරණය විය.

හර්ෂ කරපු මතවිමසුමේ ප්‍රතිපලය මෙන්න

මේ අතර සමඟි ජන බලවේගය නියෝජනය කරන ආචාර්ය හර්ෂද සිල්වා මහතාද පසුගිය සතිය වන විට රට ඇතුළේ මත විමසුමක් සිදුකොට එහි ප්‍රතිඵල ලබාගැනීමට පියවර ගෙන තිබිණ. එම මත විමසුම සිදුකර තිබුණේ හර්ෂගේ බිරියට අයත් ‘පෙපර් කියුබ්‘ නම් සමාගම විසිනි. මත විමසුම් මඟින් විමසා තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත් ජනප්‍රියත්වය සම්බන්ධයෙනි. ගෝඨාභය ජනාධිපතිවරයා වශයෙන් ඉහළ ජනප්‍රියත්වයක සිටියද මෙවර මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ මහින්ද බැවින් මහින්දගේ ජනප්‍රියත්වය මැන බැලීම මෙම මත විමසුමේ අරමුණ වී තිබිණ. ඉන් ලැබී තිබුණු පිළිතුර වී තිබුණේ ගෝඨාගේ ජනප්‍රියත්වය තවමත් ඉහළින්ම පවතින නමුත්, මහින්දගේ ජනප්‍රියත්වය කිසියම් ආකාරයකට පහත බැස ඇති බවකි. නමුත් මෙම ප්‍රතිඵලයෙන් මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි වුවද තව සති එකහමාරකින් පමණ පැමිණීමට නියමිත බැසිල්ගේ මත විමසුමෙන් මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිශ්චිත වශයෙන්ම දැනගැනීමට හැකි වනු ඇත.

ගෝඨා තවම වෙලාව දී නෑ

කෙසේ වෙතත් හර්ෂ ද සිල්වා විසින් සිදුකර ඇති ‘පෙපර් කියුබ්‘ මත විමසුමට අනුව ගෝඨා තවමත් තමන් ලැබූ ජන ප්‍රසාදය ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටින නමුත්, මෙවර මහ මැතිවරණ වේදිකාවට ඔහු ගොඩවීම සම්බන්ධයෙන් තවමත් ඇත්තේ විශාල ප්‍රශ්නාර්ථයකි. මන්ද යත් තම තමන්ගේ ආසනවල පවත්වන ඡන්ද රැස්වීම්වලට සහභාගි වන ලෙසට ගෝඨාට හිතවත් මැති ඇමැතිවරුන් මෙන්ම වියත් මගේ නියෝජිතයන් විශාල ප්‍රමාණයක් දැනටමත් ගෝඨාභයගෙන් ඉල්ලීම් කර තිබුණද තවමත් ඔවුන්ට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දින සහ වේලාවන් ලැබී නොතිබීම මීට හේතු වී තිබේ. මේ නිසා ගෝඨාභය මහ මැතිවරණ වේදකාවට නොපැමිණෙනු ඇති බවට විශාල කටකතාවක් ආණ්ඩුව ඇතුළේ මේ වන විටත් පැතිර ගොස් අවසානය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා මාධ්‍ය ප්‍රධානීන් අතර අවසන් වරට පැවැති සාකච්ඡාවේදී මෙම ප්‍රශ්නය මාධ්‍යවේදීන් විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර ලැබ තිබිණ. එහිදී ඔවුන් විමසා තිබුණේ ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපතිවරයා පොහොට්ටුවේ වේදිකාවට ගොඩවනවාද නැද්ද යන්න කියාය. එහිදී ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටියේ තමන් දැනටමත් පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන ඇති බැවින් නියත වශයෙන්ම පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවට ගොඩවන බවකි. නමුත් තවමත් පොහොට්ටුවේ කිසිදු සාමාජිකයකුට රැස්වීම් සඳහා වේලාව ලබා නොදීම මත ජනාධිපතිවරයා මෙවර පොහොට්ටු වේදිකාවට ගොඩවන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් පවතින්නේ කිසියම් අවිනිශ්චිත තත්ත්වයකි.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

කොටි ආණ්ඩුවේ අගමැති කෝ… මව්රට සොයාගනී…

Next Post

චීනයයි-ලෝක සෞඛ්‍ය සංවිධානයයි ගහපු ගේම CIA හොයාගත් හැටි

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.