මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන සන්තෝෂ් ජා මහතා සහ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී සිදුවිය.Sri Lanka Latest News
මෙහි දී දෙපාර්ශ්වය අතර ආර්ථික, සමාජීය හා දේශපාලන කරුණු රැසක් හුවමාරු වූ අතර එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්, ළගම අසල්වැසිය ලෙස දශක ගණනාවක් පුරා ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කර සිටියේය. එසේම අප රටේ පවතින ආර්ථික අර්බුධය ජය ගෙන බංකොලොත්භාවයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ඉදිරියටත් ලබා දෙන ලෙස ද ඉන්දීය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.













