මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ජාත්‍යන්තර පොලීසිය මගින් පොඩි ලැසී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
අධිකරණය මගින් ඇප ලබා සිටි ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී මෙරටින් පලාගොස් ඇති බවට පසුගියදා සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි.
පොලීසිය සඳහන් කළේ පොඩි ලැසීට ඇප නියම කෙරුණ ද ඊළඟ නඩු දිනය දක්වා විදෙස් ගමන් තහනමක් පනවා තිබූ බවය.
අදාළ ඇප කොන්දේසි උල්ලංගණය කරමින් සැකකරු නීතිවිරෝධී අයුරින් රටින් පැන ගොස් තිබූ අතර පොලීසිය කළ සොයාබැලීම්වලදී අනාවරණය වී තිබුණේ පොඩි ලැසී ඉන්දියාවේ රැඳීසිටින බවය.










