කවියෙකු, නවකතාකරුවෙකු, ගීත රචකයකු, කෙටිකතාකරුවෙකු, චිත්‍ර ශිල්පියෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන් ම නාට්‍ය නිෂ්පාදකයකු වූ මහගමසේකරයන් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබේ.Sri Lanka Latest News
එය පහත දැක්වේ.
“අම්මා” සහ සේකර
“ඔබා දෙදණ නිල් උඳුපියළි බිම මත
වැන්දේ ය ඔහු බැති සිතින්
අම්මා වැලලූ තැන
මහ පොළොවට
පිපී තිබුණි එතැන සුදු පාටට
නමක් නොමැති පුංචි මලක්
සිම්බේ ය ඔහු එමල හිස නමා”
මහගමසේකර, මගේ තරුණ ජීවිතයේ දී මට හමු වූ මහා කවියා ය. කවියෙකු වූවාට අමතරව නවකතාකරුවෙකු, ගීත රචකයකු, කෙටිකතාකරුවෙකු, චිත්‍ර ශිල්පියෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන් ම නාට්‍ය නිෂ්පාදකයකු වූවාට වඩා සංස්කෘතික මිනිසෙකු සහ උදාර මානව හිතවාදියෙකු ලෙස මම ඔහු හඳුනා ගතිමි.
සාමාන්‍ය පෙළ අකුරු කළ සමයේ දී මා සේකරගාමියකු බවට පත් කළේ බන්දුල ය. බන්දුල නානායක්කාරවසම් විසින් “සේකර එන්නත” මට ලබා දුන් බව පැවසීම වඩාත් නිවැරදි ය.
උසස් පෙළ Zoo, Botany, Chemistry, Physics මැද අසරණ වූ ආනන්ද ජීවිතයේ දී “සේකර සරණ” මාවත ඔස්සේ යමින් එම අසරණකමින් මා මුදවා ගත්තේ මරදාන පන්සල පාර “101” බෝඩිමේ දී බෝධිරත්න (බෝධි ) විසිනි. එහෙත්,
යම් සාහිත්‍යදරයෙකු දේශානුරාගය සහ භාෂානුරාගය මෙතරම් අපූරුවට සංකලනය කරන්නේ කෙසේදැයි එදා, පුංචි මා මනසේ තිබූ දැවැන්ත ගැටලුවට අද ද නිශ්චිත පිළිතුරක් හමුවී නැත.
වඩාත් මානවවාදී ලෝකයක් අපේක්ෂා කළ මේ උතුම් මිනිසා හඳුනාගත නොහැකි කෙනෙක් ශ්‍රී ලාංකේය මහ පොළොව තුළ නොමැති බව මට විශ්වාස ය. එහෙත්, යම් කෙනෙකු වේ නම්, “ප්‍රාර්ථනා” ඔස්සේ ඔහු සටහන් කළ,
“දෙදහස් පන්සිය වසරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදිකර දී මිස
යා නොහැකිය මට පුංචි පුතුන්”
පරිශීලනය කරන්නැයි කාරුණිකව ඇරයුම් කරමි. (ඒ, එම ප්‍රාර්ථනාව වඩාත් අවැසි වන්නේ අතීතයට වඩා වර්තමානයට වන බැවිනි.)
සේකර, දැයට සමුදුන් දුරුතු මහේ 14 එනම්, අද දින පමණක් නොව ජීවන ගමනේ
“තුන්මන් හන්දිය” පසු කරන හැම දිනකම ඔහු මට ප්රදීපාගාරයකි.










