• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉස්පිරිතාලෙට දෙන සල්ලි රජයට දෙන්න ආණ්ඩුව කැමැතිද? Sri Lanka Latest News

January 12, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
නලින්ද කිව්වේ ඒක! රටම ඇවිලුණු කතාව ගැන අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර තියපු ෆේස්බුක් සටහන! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
නලින්ද ජයතිස්ස අමාත්‍යතුමා පහුගිය දවසක විශේෂ ප්‍රකාශයක් කරනවා පිළිකා රෝහල් පරිශ්‍රයේදී. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් එක එක පන්නයේ මත සමාජගත වෙමින් තියෙනවා. දැන් මේ මත ගැන අපි කතාකරන්න අවශ්‍ය නෑ කියන තැනක මාධ්‍යවේදියෝ ඉන්නවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් අපි හිතනවා මේ ගැන අපි කතාකළ යුතුයි, මේවා සාකච්ඡා විය යුතුයි කියලා. (Sri Lanka Latest News)

නලින්ද ජයතිස්ස ඇමැතිතුමා මේ කතාව කියන්නේ මේ ආධාර ලබානොදිය යුතුයි කියන පරමාර්ථයෙන් නෙවෙයි කියලයි අපට හිතෙන්නේ. එතුමා මේ කතාව කියන්නේ යම් දේශපාලනික අර්ථයකින් සහ යම් ආකාරයක ඉතා සර්වසාධාරණ මතයක් එක්ක විය යුතුයි. එතුමාගේ අදහසේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ මේ හිතුවක්කාර විදියට හිතුමතේට සල්ලි නාස්ති කරන්න බැහැ, ඔහු කියන තවත් කාරණයක් වෙන්නේ ගොඩනැගිලි, විශේෂ උපකරණ රෝහල්වලට ලබාදෙන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට පමණයි, සැලසුමකින් තොරව දෙයක් ලබාදීලා ඒක එතැනින් එහාට පවත්වාගෙන යන්න බැරුව ගියාම එතැන ගැටලුසහගත තත්ත්වයක් ඇතිවෙනවා කියනවා වගේ අදහසකුත් අපි විශ්වාස කරනවා ඔහු කියනවා කියලා. නමුත් ඔහු මේ කතාව කරන තැන සහ ඔහු මේ කතාව කරපු අවස්ථාවත් එක්ක මේ කතාව විශේෂ කතාබහකට ලක්වෙන කාරණාවක් බවට පත්වෙලා ඉවරයි. මෙහි අර්ථය විදියට සමහර පාක්ෂිකයන් සහ විපාක්ෂිකයන් ඉදිරියට අරගෙන යන කතාබහක් බවට පත්වෙලා තියෙන්නේ වෙනම කාරණාවක්.

අපි සූදානම් වෙන්නේ මේ කාරණාව පැහැදිලි කරන්න. නමුත් මේ කාරණාව පැහැදිලි කරද්දී කවුරුත් වැරැදියට වටහාගන්න එපා. මෙතැනදී අපි විශ්වාස කරන්නේ නෑ නලින්ද ජයතිස්ස ඇමැතිතුමා ආධාර දෙන්න එපා කියන එකවත්, මේවා ගැටලු සහිතයි කියන එකවත් කිව්වා නෙවෙයි. ඔහුට අවශ්‍ය දේ ඔහු කිව්වා. එතැනදී ඔහු ඒක කියපු තැන සහ වෙලාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. නමුත් ඔහු කියන්න ඇත්තේ මේ කාරණාව නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් අපි දැන් සමාජය ඇතුළේ ඇතිවෙලා තියෙන කතාබහට අදාළ කාරණයට පිළිතුරු දිය යුතුයි.

ඇත්තටම රජයට ආධාර ලබාදෙන්න සාමාන්‍ය මහජනතාව කැමැතිද? මේකට ඉතාම හොඳ උදාහරණයක් තියෙනවා. ලියුම්කරුත් මේ කාරණාව හොඳට දන්නවා. මේ කතන්දරේ අලුතැපල ජිනාරාම කියන ස්වාමින්වහන්සේ. උන්වහන්සේ වැඩවාසය කළේ වරාදොල පන්සලේ. උන්වහන්සේ ඉතාම යහමින් මිල මුදල් තිබුණු භික්ෂුන්වහන්සේ නමක්. උන්වහන්සේ එක්තරා අවස්ථාවකදී මහරගම පිළිකා රෝහලට යනවා තමන්ගේ හිතවෙතක්ව බලන්න. එහෙම ගිය අවස්ථාවේදී උන්වහන්සේට දකින්න ලැබෙන කාරණාව තමයි උන්වහන්සේම කියන විදියට ඇඳන් යට පවා ලෙඩ්ඩු ඉන්නවා, මගේ ගාව සල්ලි තියෙනවා. ඒ සල්ලි මගේ ගාව පොදිගහගෙන වැඩක් නෑ. මම ලෑස්තියි මහරගම පිළිකා රෝහලේ වාට්ටුවක් හදලා දෙන්න කියලා. නමුත් මේ කාරණාවේදී මහරගම පිළිකා රෝහලේ වාට්ටුව හදලා දෙන්න උන්වහන්සේට අවසර ලැබෙන්නේ නෑ. ඒ වෙලාවේ උන්වහන්සේට පළමු යෝජනාව විදියට ලැබෙනවා එවක හිටපු චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයෙන් රජයට සල්ලි ටික දෙන්න, අපි මේ වාට්ටුව හදන්නම් කියලා. උන්වහන්සේ ඒකට කැමැති වෙන්නේ නෑ.

ඉන් පස්සේ ආයෙත් වතාවක් කියැවෙනවා නෑ, එහෙම නම් මොකක් හරි වෙන හැදෙන ගොඩනැගිල්ලක උඩ තට්ටුව හෝ වෙනත් කොටසක් හදන්න ඔබවහන්සේට පුළුවන් කියලා. උන්වහන්සේ ඒකට කැමැති වෙන්නෙත් නෑ. පස්සේ උන්වහන්සේ ඒ මුදල් වෙන්කරලා මහරගම රෝහල් පරිශ්‍රයේ එක්තරා ගොඩනැගිල්ලක් හදනවා. ඒක දැන් ඉතාම සාර්ථකව මේ වෙනකොට පවත්වාගෙන යන ගොඩනැගිල්ලක් බවට පත්වෙලා තියෙනවා. මේ කතාව මේ විදියට කියැවෙද්දී අපි හැමෝම දන්න දෙයක් තමයි රෝහල් පරිශ්‍රයක් තුළ යම් ගොඩනැගිල්ලක් නිර්මාණය කරනකොට ඒකට අවසර ගත යුතුයි. එහෙම නැතුව අපි හොඳටම දන්නවා, ඇමැතිතුමා ඒ කාරණාවත් කියනවා. නමුත් හිතනවා ඇමැතිතුමා ඒ කාරණාව කිව යුතුත් නැහැ කියලා. මොකද ඒකට හේතුව යම් ආකාරයකින් රෝහල් පරිශ්‍රයක් තුළ නෙවෙයි ඕනෑම තැනක ගොඩනැගිල්ලක් හදනකොට ඒ අදාළ අය දැනුවත් කරන්න ඕනේ සහ එහෙම දැනුවත් නොකර ඒක කරන්න බැහැ සහ එහෙම කරන්නෙත් නැහැ. මොකද ඉස්පිරිතාලෙට ලෙඩෙක් බලන්න ගිය ගමන් වළක් කපලා මුල්ගලක් තියලා ඒක පස්සේ ගොඩනැගිල්ලක් හදලා, ඉස්පිරිතාලෙ අය දන්නෙත් නෑ, වෛද්‍යවරු දන්නෙත් නෑ, මොකද දන්නේ නෑ නේද අරගොල්ලෝ කරන්නේ කියන තැනට ඉස්පිරිතාලෙ පත්වෙන්නේ නෑ. මොකද ඉස්පිරිතාලයක් කියලා කියන්නේ නලින්ද ජයතිස්ස මහත්තයගෙම වචනයෙන් කියනවා නම් සර්වබලධාරී දෙවිවරුන්ට වඩා බලයක් සහිත පුද්ගලයෝ ඉන්න තැනක්. ඉස්පිරිතාලයක හිටගෙන ඉන්න ඕනේ කොහොමද කියන එක තීරණය කරන්නෙත් රෝහල් බලධාරීන්. සමහර වාට්ටු භාර නිලධාරීන් ඉන්නවා, ඔවුන්ට කොයි තරම් මානසික ලෙඩක් තියෙනවද කියනවා නම් ඒගොල්ලෝ ඇඳන් ළඟ ලෙඩ්ඩු තියාගෙන ඉන්න උණුවතුර බෝතල් පවා උඩ තට්ටුවෙන් බිමට තල්ලු කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ නිසා හරිම තක්කඩි විදියට සමහර දේවල් ඒ අය විසින් පාලනය කරන බව අපි දන්නවා. ඒ නිසා මෙහෙම වෙන්නේ නැහැ රෝහල්වල ගිහිල්ලා කවුරුවත් හිතුවක්කාර විදියට ගොඩනැගිලි හදන්නේ නෑ.

නමුත් මෙතැන ප්‍රශ්නයක් තිබුණා. රජයට සල්ලි දෙන්න වරාදොල හාමුදුරුවෝ ඇයි ඇකැමැති වුණේ? ඒක තර්කානුකූලව ගත්තම උන්වහන්සේගේ තිබුණු මතය තමයි මේ රජයකට සල්ලි දුන්නම ඒගොල්ලෝ මේක ටෙන්ඩර් පටිපාටි, තමන්ගේ හිතවත්තු, තමන් දන්න කියන අයගේ යටිමඩිගහ ගැනිලි, ඇමැතිට, මන්ත්‍රීට, යාළුවන්ට යන සල්ලි කුට්ටිවලින් තමයි මේ සල්ලි ටික ඉවර වෙන්නේ කියලා. වැඩේ හරියට කෙරෙන්නේ නෑ කියලා. ඒක රජයක් සම්බන්ධයෙන් සාමාන්‍ය මහජනතාවගේ එදාමෙදාතුර තියෙන මතය. මතක තියාගන්න ඇමැතිතුමා ඒ මතය මේ අපි හදපු එකක් නෙවෙයි. ඒ මතය ජනතාව හදාගත්තේ ඔබතුමන්ලා සහ ඔබතුමන්ලාගේ හිතවත් මැති ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය නිසා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් මේ දක්වා තිබිලා නෑ. ඔබේ කණ්ඩායමේ ඉන්න අයට මේ චෝදනාව නෑ, නමුත් කරන්න දෙයක් නෑ. ඔබත් දේශපාලකයෙක් නිසා පොදුවේ දේශපාලකයන් ගැන තවමත් අර පරණ විශ්වාසය හැදිලා නෑ. ඒ නිසා මේ ආණ්ඩුව ඉදිරියේදී වෙනස් වුණොත්, අපි දන්නවා රටක ආණ්ඩු කියන ඒවා ගැන අපට විශ්වාස කරන්න බෑ. කොයි වෙලාවේ මොනවා වෙයිද කියලා. ඒ නිසා මිනිස්සු කැමැති නෑ රජයට සල්ලි දෙන්න. මිනිස්සුන්ට මේ ලෝකෙ ඉන්න අවිශ්වාසවන්තම පිරිස කවුද කියලා ඇහුවොත්, ඒ ලංකාවේ ඉන්න දේශපාලකයෝ. ඒ නිසා දේශපාලකයන්ට සල්ලි දෙන්න මිනිස්සු කැමැති වෙන්නේ නෑ. ඒ නිසා තමයි වරාදොල හාමුදුරුවන්ගේ ගොඩනැගිල්ල රාගම හදන්න සිද්ධ වුණේ, මහරගම පිළිකා රෝහලේ ලෙඩ්ඩුන්ට ඒ අවස්ථාව ගන්න බැරිව ගියේ. ඒ නිසා කතරගම දේවාලයෙන් නෙවෙයි පිටකොටුව මැනිං මාර්කට් එකෙන් හරි කමක් නෑ යමක් දෙනවා නම් ඒ දේ ඉතා වැදගත්. ඒක දියයුත්තේ ප්‍රමිතියට කියන එක අපි විශ්වාස කරනවා. ඒ ප්‍රමිතියට වගකිව යුත්තේ රෝහල හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දුන්නාම යම්කිසි දෙයක් කරනවා කියලා ඒකට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය විය යුතුයි.
අපි මේ වෙනකොටත් ‘ලිට්ල් හාට්’ ප්‍රොජෙක්ට් එක දන්නවා. ‘මව්බිම’ පත්තරේ අපි වැඩකරන කාලේ මේ ‘ලිට්ල් හාට්’ ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් ඉතාම උනන්දුවෙන් වැඩකරපු කාලයක් තිබුණා. අද වෙද්දී මේක ජාතික ව්‍යාපෘතියක් බවට පත්වෙලා. වෛද්‍ය දුමින්ද සමරසිංහ තමයි මේ වැඩේ ඉදිරියෙන්ම ඉන්නේ. එතුමා මේ වැඩේ කරන්නේ රජය මැදිහත් කරගෙන නෙවෙයි, පුද්ගලිකව. හැබැයි ඉතාම විනිවිදභාවයක් තියෙන, ජනතාවගේ රුපියල දෙක එකතු කරලා මේ විශාල හෘද රෝග ඒකකය ලංකාවේ නිර්මාණය වෙමින් තියෙනවා. එතකොට ඒ සල්ලි ටික රජයට අරගෙන රජයෙන් හදන්න ගත්තේ නෑ. අපි දන්නවා රජයට මේ ඉස්පිරිතාලයට ෆෑන් එකක් හයිකරන්නත් මාස ගානක් ගතවෙනවා. ඒ සඳහා ලොකු ක්‍රියාකලාපයක් තියෙනවා. ඉතින් මේ ක්‍රියාකලාපය ඇතුළේ රෝහලකට දෙයක් කරන්න රජයට අමාරුයි. ඒ වගේම අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශය සල්ලි දෙනවා කිව්වට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සල්ලි නොදුන්නු, සෞඛ්‍ය අමාත්‍යාංශයට කරගන්න බැරි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අයට සල්ලි නැති ඕනේ තරම් දේවල් මේ රටේ තියෙනවා. ඒවා අපි එළිපිට කතා කළොත් අපිට හොයාගෙන ගියොත් ඕනේ තරම් ලැබේවි. ලැයිස්තුවක් හදාගන්න පුළුවන් වෙයි. සමහර රෝහල්වලට අවශ්‍ය කරන පහසුකම් ටික රජයෙන් ලැබෙන්නේ නෑ. රජයෙන් ලැබෙන්නේ නැත්තේ දෙන්න බැරි නිසා නෙවෙයි. සමහර වෙලාවට රෝහලේ තියෙන ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. ඒවා ඉල්ලන විදියේ ප්‍රශ්නයක් නිසා වෙන්නත් පුළුවන්. නිසි ආකාර ක්‍රමවේදයකට අයැදුම් නොකිරීම නිසා වෙන්න පුළුවන්. අපි දන්නේ නෑ කුමන හෝ ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා ඇති. ප්‍රශ්නය කුමක්ද කියන එක අපිට තේරෙන්නේ නෑ අපි සාමාන්‍ය පත්තරකාරයෝ හින්දා. නමුත් ලංකාවේ රෝහල් කීයක් පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්, පුද්ගලික ඉඩම්වල, අපේ ඉඩමේ ඉස්පිරිතාල හදලා තියෙනවද?

රිජ්වේ ආර්යා ළමා රෝහල, සොයිසා රෝහල ඒ ඒ නම් තියෙන දානපතියන්ගේ දේපළ වත්කම්වලින් ඉදිවෙච්ච රෝහල්. මේ වගේ විශාල වශයෙන් රෝහල් ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. නම්ගම්වලින් සඳහන් කරන්න ගියොත් ඒවා එකක් දෙකක් නෙවෙයි. ඒ නිසා ගැටුමක් නිර්මාණය වෙන තැනට මේ ප්‍රශ්නය නොගෙන යායුතුයි. ජනතාවගේ මුදල් ජනතාව ලබාදීලා සද්භාවයෙන් කරන දේවල් ඒ විදියට වෙන්න පුළුවන් නම් හොඳයි. අපි බොහෝ රෝහල්වල දැකලා තියෙනවා යම් යම් කොටස් යම් ආයතනවලින්, යම් කණ්ඩායම්වලින්, යම් පුද්ගලයන් විසින් නිර්මාණය කරලා තියෙන ආකාරය. රෝහලකට අවශ්‍ය කරන සෞඛ්‍යමය ආධාර ලබාදීම බොහෝ දෙනෙක් කරනවා. ලියුම්කරුත්, ලියුම්කරුගේ දරුවාගේ උපන්දිනයට රෝහලට අවශ්‍ය කරන බෙහෙත් ලබාදුන්නු කෙනෙක්. ඒකට හේතුව ඒ වෙලාවේ රෝහලෙන් අපට කිව්වා, අපේ රෝහලට අවශ්‍ය කරන බේත්හේත් මේ වෙලාවේ නෑ. ඒ නිසා මෙන්න මේ බෙහෙත් ලබාදෙන්න කියලා. අපි ඒවා ලබාදුන්නේ මොරගස්මුල්ල රෝහලට. ඒ රෝහල ඒ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඕනේ තරම් දෙනවා කියලා කිව්වේ නෑ. ඉතින් ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇත්තටම එහෙම ඕනෙ තරම් දෙන්නත් නෑ, ඕනේ තරම් දෙනවා කිව්වට සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒක කරන්නත් බෑ. එහෙම නම් ‘ලිට්ල් හාට්’ ප්‍රොජෙක්ට් එක නතර කරලා මේ වාට්ටුව හදන එක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් භාර අරගෙන රජයෙන් කරලා ඉවර කරන්න ඕනේ. එහෙම නම් පෙට් ස්කෑන් යන්ත්‍ර, අරවා මේවා රජයෙන් අරගෙන දෙන්න ඕනේ.

ඇටමිදුලු බද්ද කිරීමේ ඒකකයට මේ වෙලාවේ කතරගම දේවාලයේ ආධාරවලින් මේ වැඩේ කරපු එක අවුලක් වගේ නම් අපිට පුළුවන් ඊට අදාළ මුදල ඇස්තමේන්තු කරලා ඒ දේවාල පරිශ්‍රයට හෝ දේවාලය අවට වෙන මොකක් හරි ඉදිකිරීමකට අවශ්‍ය කරන මුදල විදියට ඒ මුදල ඔවුන්ට ආපසු ගෙවන්න. එතකොට ඔවුන්ට ඒ පින ලැබෙන්නේ නෑ. ඒ තෘප්තිය ලැබෙන්නේ නැහැ. ඒ ඵලකය ගලවාගෙන යන්න සිද්ධ වෙනවා. එතැන ඊට පස්සේ පුළුවන් රජයෙන් නිර්මාණය කරන ලද ගොඩනැගිල්ලක් කියලා, මේ සඳහා වූ සම්පූර්ණ මුදල් ගෙවා අවසන් කියලා දැන්වීමක් පළකරලා මේ ගැටලුව නිරාකරණය කරන්න.

ඇත්තටම මේ වෙලාවේ අපි කියවාගත යුත්තේ මනුස්සකම කියන එක තමයි. මනුස්සකමට අකුරු නැහැ. මනුස්සකම කියන්නේ හැඟීමක්. මනුස්සකම කියන්නේ ගුණාංගයක්. යුතුකමක් තියෙනවා අපි හැමෝටම, අපි රජය විසින් තමයි පෝෂණය කළේ. රජයේ බදු මුදලින් තමයි අපි මිනිස්සු බවට පත්වුණේ. බොහෝ දෙනෙක් ඉන්නේ අපේ රටේ නොමිලේ අධ්‍යාපනය ලබපු අය. අපිට නිල ඇඳුමේ ඉඳලා පොත්පත් ටිකේ ඉඳලා සියලු දේවල් අපිට ලබාදුන්නේ මේ මහජනතාවගේ බදු මුදල්වලින්. අපේ අහිංසක අම්මලා තාත්තලාගේ සල්ලිවලින්. ඉතින් ඒ නිසයි මේ අම්මලා තාත්තලාගේ දරුවන්ට අපේ පරම්පරාවේ උදවියට මේ උදව්ව කරන්න අපි උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් අපිට මේ වැඩෙන් නිදහස් වෙන්න බෑ. හෘදසාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවෙනවා කියලා එකක් අපි තුළ තියෙනවා. ඒ නිසා කරුණාකරලා මේ වගේ ප්‍රකාශ කරනකොට අපි ඒක කියවගන්නා විදිය මීට වඩා නිරවුල් කරලා නිවැරැදි කරගමු. එහෙම වුණාම අපි හැමෝටම හොඳයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මානසික ප්‍රශ්න වැඩිවෙලා! සහන ඉල්ලලා ගිය අවුරුද්දේ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට කෝල්ස් හැත්තෑඅටදාහක් ඇවිත්! I Sri Lanka Latest News

Next Post

නමට හරියන්න වැඩක් කරලා නෑ! ඒ නිසා මහින්ද රාජපක්ෂ නම අපි ඉවත් කරනවා! මාලිමා ඇමැති මහින්ද රාජපක්ෂ නමත් මකන්න හදන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.