රජයේ වෛද්‍යවරුන්ගේ මාරුවීම් පිළිබඳ සහ පරිපාලන ක්ෂේත්‍රය සඳහා සුදුසුකම් ඇති වෛද්‍යවරුන් ඉහළට ගෙන ඒමේ ප්‍රතිපත්තිය බිඳවැටෙමින් පැරිෂුට් ක්‍රමයට දේශපාලන අතපෙවීම් සෞඛ්‍ය ජාලයට රිංගවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග නිසා සෞඛ්‍ය අංශ නොසන්සුන් තත්ත්වයට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය.
පරිපාලන කටයුතුවලට අදාළව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් 07 දෙනකු පිළිබඳ දැනට පවතින පුරප්පාඩු සඳහා පළපුරුදු සේවා පසුබිමක් ඇති පුද්ගලයන් පත්කිරීමට අදාළව මෙතෙක් පැවැති ක්‍රමවේදය හමස් පෙට්ටියට ගියහොත් සෞඛ්‍ය සේවාවේ තීරණ ගැනීමේ ගැටලු මතුවන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
වෛද්‍යවරුන්ට මාරුවීම් ලබාදීමේදී මෙතෙක් පැවැති ස්වාධීන ක්‍රමවේදයන්ද බිඳවැටෙන තත්ත්වයක් මතුව ඇති බවද සඳහන්ය.
මෙම තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට කඩිනම් සාකච්ඡාවක් තම සංගමයට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කොට ඇතැයි වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න











