බාල වයස්කාර (අවුරුදු 13-14) වියේ පසුවන පිරිමි දරුවන් දුම්වැටියට හුරුවීම වැඩිවී ඇති බව, ඒ පිළිබඳ සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇති හෙයින් ඔවුන් ගැන නිරන්තර සොයාබැලීමට මවුපියන් සහ ගුරුවරුන් උනන්දු විය යුතු කාලය එළඹ ඇතැයි කරාපිටිය රෝහලේ මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එම දරුවන් මේ වනවිට දුම්වැටිය පසුකරමින් නීති විරෝධී දුම්කොළ නිෂ්පාදනවලට යොමුවන බවටද තොරතුරු ලැබී ඇති බවයි ඔහු පවසන්නේ.
දුම්වැටියට ඇබ්බැහිවී ඇති බාලවයස්කාර දරුවන්ගේ මෙම ක්‍රියාදාමය නිසා ඔවුන්ගේ අධ්‍යාපනයද කඩාකප්පල් වන තත්ත්වයට පත්වන බව වෛද්‍ය රූබන් මහතා පැවැසීය.
නිවෙසේ මුදල් අස්ථානගත වනවාද යන්න ගැන මවුපියන් අවධානය යොමුකළ යුතු වන අතර, පාසල් පන්ති කාමරයේදී පමණක් නොව ටියුෂන් පන්ති ගුරුවරුද මොවුන්ගේ බෑගයන් පරීක්ෂා කිරීමේ වගකීම භාරගත යුතු කාලය පැමිණ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
දුම්වැටිවලට ඇබ්බැහි වී ඇති එවැනි දරුවන් මානසික වෛද්‍යවරයකු වෙත යොමුකර එම උවදුරෙන් බේරාගැනීමට මවුපියන් උත්සාහ දැරිය යුතු බවයි වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ.
ප්‍රේමලාල් විජේරත්න










