“IMF කප්පාදු වැඩසටහනට එරෙහිව සටන් කරන්නේ කෙසේද?” යන මැයෙන් පැවති දේශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් විසින් හදිසියේම අවලංගු කිරීම සමාජ සමානාත්මතාවය සඳහා වන ජාත්‍යන්තර තරුණ හා ශිෂ්‍ය සංවිධානය (IYSSE-ශ්‍රී ලංකාව) විසින් දැඩි ලෙස හෙළා දැක ඇත.Sri Lanka Latest News
දේශන කටයුතු සඳහා දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය (PSSA) අනුග්‍රහය දැක්වූ අතර, ඊයේ පස්වරු 3:30 ට එය පැවැත්වීමට නියමිතව තිබුණි. දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය උපුල් අබේරත්නගෙන් පූර්ව අනුමැතිය ලබාගෙන ඇති අතර, දේශනය දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ 86 වන කාමරයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණි.
කෙසේ වෙතත්, PSSA හි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමුදු වලාකුලු, අවලංගු කිරීම පිළිබඳව IYSSE කැඳවුම්කරුට දැනුම් දෙමින් පැහැදිලි කර තිබුණේ “රැස්වීම රජයේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන බව නොපෙනෙන පරිදි, කතාවේ මාතෘකාව සංශෝධනය කර ඒ අනුව ප්‍රචාරය කරන ලෙස හෝ ඉහත රැස්වීම වහාම අත්හිටුවීමට මෙයින් සලකා බලන ලෙස වැඩබලන උපකුලපතිවරයාගෙන් මට පණිවිඩයක් ලැබී තියෙනවා.” යනුවෙනි.
ජ්‍යෙෂ්ඨ විශ්ව විද්‍යාල නිලධාරීන්ගේ “පණිවිඩයේ බරපතලකම නිසා”, වලාකුළු ප්‍රකාශ කළේ, උත්සවය අවලංගු කරන ලෙස ඔහු PSSA සභාපතිවරයාට උපදෙස් දුන් බවයි.
දේශනය අවලංගු කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ (ජේවීපී)/ජාතික ජනතා බලවේගය (එන්පීපී) රජය භූමිකාවක් ඉටු කළ බවට ප්‍රබල ඇඟවීම් තිබේ. ලැබී ඇති තොරතුරුවලට අනුව, අධ්‍යාපන අමාත්‍යවරිය ලෙසද කටයුතු කරන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ කාර්යාලයෙන් දේශනයේ අරමුණ සහ ආකෘතිය පිළිබඳව විමසා ඇත.










