ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වන වගන්තියේ (3) ඡේදයේ විධිවිධාන ප්‍රකාරව ඒකාබද්ධ අරමුදලෙන් ජුනි 1 සිට අගෝස්තු 31 දක්වා වියදම් සඳහා රුපියල් බිලියන 1043 ක් (රුපියල් ට්‍රිලියන 1.04ක්) වෙන් කොට ඇත.
අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් දැනටමත් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා මහලේකම්වරුන් සහ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යවා තිබේ.
එම මුදලින් රු. බිලියන 644.1ක් පුනරාවර්තන වියදම් සඳහා වන අතර රු. 398.8ක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර ඇත.
මෙම මුදල් අඛණ්ඩ රාජ්‍ය සේවා පවත්වාගෙන යාමටත්, කොරෝනා වයිරසය මුලිනුපුටා දැමීමේ කටයුතු සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා සඳහා යොදා ගැනේ.
කොරෝනා මෙන්ම ස්වාභාවික විපත් හේතුවෙන් පසුගිය මාස තුන තුළ රාජ්‍ය ආදායම තවදුරටත් අඩුවී ඇති බවත්, සීමිත ණය ගැනීම් සීමා කිරීමත් සමඟ පවතින අරමුදල් වෙන් කළ ප්‍රමාණයන් සමඟ ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතු බවත් චක්‍රලේඛයේ සඳහන් වේ.
මෙම අරමුදල් දැනටමත් ආරම්භ කර ඇති ව්‍යාපෘති සඳහා පමණක් භාවිතා කළ යුතු අතර කාර්ය මණ්ඩල පහසුකම්ල සැපයුම් හෝ නව ව්‍යාපෘති සඳහා අමතර වියදම් නොකළ යුතු බවට සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධාන ගිණුම් නිලධාරීන්ට දන්වා ඇත.










