• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිල්ගල කැලේ හැංගිලා හිටපු නිට්ටෑ මිනිස්සු! උස අඩි 4යි! මුළු ඇඟම ලොම්වලින් වැහිලා! මස් ඉරාදැමිය හැකි නියපොතු! Sri Lanka Latest News

January 2, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
නිල්ගල කැලේ හැංගිලා හිටපු නිට්ටෑ මිනිස්සු! උස අඩි 4යි! මුළු ඇඟම ලොම්වලින් වැහිලා! මස් ඉරාදැමිය හැකි නියපොතු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔබ නිකමට හිතන්න, ඔබ ලංකාවේ ගණ වනාන්තරයක් ඇතුළේ අතරමං වෙලා ඉන්නවා කියලා. වටපිටා බලද්දී ඔබට පේන්නේ ගස්වැල් විතරයි. ඒවා සුළඟට සෙලවෙන්නේ හරියට පැරැණි රහස් ඔබේ කනට කොඳුරන්නට උත්සාහ කරනවා වගෙයි. හදිසියේම මහ අමුතු දෙයක් ඔබේ නෙත ගැටෙනවා. එනම් අමුතු විදියේ පා සටහනක්. ඒත් එය මිනිසකුගේවත් අපි දන්නා වෙනත් කිසිදු සතෙකුගේවත් නෙවෙයි. එය ප්‍රමාණයෙන් ඉතා කුඩා වන අතර, විරූපී මිනිස් පයක් වගෙයි. හිතන්න එම පා සටහන කාගේ වෙන්න පුළුවන්ද කියලා. එම පා සටහන් තියෙන්නේ අපේ රටේම හිටපු දැන් නැතිවෙලා ගිය මිනිස් වර්ගයකට කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? කෙටියෙන්ම කිව්වොත් නිට්ටෑවෝ කියලා අබිරහස් මිනිසුන් පිරිසකට. ඒ අය ශරීර ප්‍රමාණයෙන් කුඩා, සටන්කාමී ගති ඇති, බුද්ධිමත් ජීවීන් කොටසක් කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඇත්තටම මේ අය සිටියාද? නැත්නම් මෙය අපේ පැරැන්නන් කිසිදු හරයක් නැතිව කියපු විකාර කතාවක්ද? (Sri Lanka Latest News)

කවුද මේ නිට්ටෑවෝ කියන්නේ කියලා අපි මුලින්ම සොයා බලමු. අපේ ලංකාවේ සෑම කොනකම පරම්පරා ගණනාවක් තිස්සේ මිනිස්සුන් කතා කරපු අබිරහසක් තමයි නිට්ටෑවන් ගැන කතාව. අඩි 3 සිට 4 දක්වා උසැති මුළු ඇඟම ලෝමවලින් වැසුණු, මස් ඉරාදැමිය හැකි තියුණු නියපොතු තිබුණු මේ ජනතාව ගැන කවුරුත් කතාකරන්නේ බයෙන්. අපේ වැදි ජනතාව ජීවත් වුණු කැලෑබද ප්‍රදේශවල විශේෂයෙන්ම ලංකාවේ අග්නිදිග කොනේ ගුහාවල සහ ගන කැලෑවල තමයි නිට්ටෑවෝ සැඟවිලා සිටියා කියලා කියන්නේ. එනම් මහවැලි ගඟ ආශ්‍රිතව පිහිටි හුන්නස්ගිරියේ නිල්ගල ප්‍රදේශයේ වනාන්තරවල සහ ගල්ගුහාවල. ඒත් මේක තවත් පුදුමසහගත කතාවක් වෙන්නේ මෙන්න මේ නිසා. නිට්ටෑවෝ ගොඩක් ආක්‍රමණශීලීයි කියලයි කියන්නේ. ඔවුන් ගමන් කරන මාර්ගයට කවුරු හරි ආවොත් ඔවුන් ඒ මිනිසාට පහර දෙනවලු. අපේ වැදි ජනතාව දඩයමට අවි ආයුධ පාවිච්චි කළත්, නිට්ටෑවෝ නම් තමන්ගේ නියපොතු විතරක් පාවිච්චි කරලා සතුන් දඩයම් කරලා ආහාරයට ගත් බව පැවසෙනවා. තව පුදුම දෙයක් තමයි සමහරු කියනවා නිට්ටෑවන්ට මිනිසුන් කතාකරන විදිය අනුකරණය කරන්න පුළුවන් කියලා. එය ඇහුවාමත් බය හිතෙන විදියේ දෙයක්. මොකද හිතන්න ඔබ ගන වනාන්තරයක ඇවිද යන විට මිනිස් රුවට සමාන විකෘති පෙනුමක් ඇති ජීවියකු ඔබ ඉදිරියට කඩාපැන සිංහලෙන් කතාකරන්නට ගත්තොත් ඔබේ හිතට දැනෙන්නේ මොන විදියේ හැඟීමක්ද කියලා.
ඉතින් මෙම නිට්ටෑවන්ට ඇත්තටම සිදුවුණේ කුමක්ද? දැන් ඔවුන්ව දකින්නට නැත්තේ ඇයි? අදටත් අපේ ලංකාවේ ගන වනාන්තරවල නිට්ටෑවන්ගේ පරම්පරාවේ කෙනෙක් සැඟවිලා ඉන්නවා වෙන්න පුළුවන්ද? අපි මේ ගැන තව ටිකක් ගැඹුරින් සොයා බලමු.

නිට්ටෑවන් ගැන තිබෙන ඓතිහාසික සාක්ෂි මොනවාද? දීර්ඝ කාලයක් තිස්සේ නිට්ටෑවෝ හුදෙක් මිථ්‍යාවක් ලෙස සැලකුණා. අපේ වැදි ජනතාව අතර තමයි මේ පුරාවෘත්තය මුල්බැසගෙන තිබුණේ. බොහෝ දෙනෙක් සිතුවේ මෙය වැදි ජනතාව වනාන්තරයේ ගැඹුරට ගමන් කරන එක වළක්වන්න ඈත අතීතයේ පටන් කියපු ගොතපු කතාවක් කියලා. නමුත් 19 වැනි සියවසේ අග භාගයේදී මේ කතාව ඇත්ත වෙන්න පුළුවන් කියලා හිතෙන විදියේ අනපේක්ෂිත දෙයක් සිදුවුණා. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ වනජීවීන් ලේඛනගත කරමින් වසර ගණනාවක් ගතකළ බි්‍රතාන්‍ය ගවේෂක හියූ නෙවිල් නෙවිල්, වැදි ජනතාවගෙන් නිට්ටෑවෝ පිළිබඳ තොරතුරු විමසූ බව වාර්තා කළා. ඔවුන්ට අනුව මේ ජීවීන් ඇත්ත වශයෙන්ම සිටියා සහ ඔවුන්ගේ පැවැත්ම පුරාණ ඉතිහාසක් නොවේ. ඒක ජීවත්ව සිටින අයගේ මතකයේ තිබෙන දෙයක්.

නෙවිල්ගේ ලියවිලිවල සඳහන් වෙනවා වැදි ජනයා, නිට්ටෑවෝ සමග තිබුණු දරුණු ගැටුම් ගැන. කුඩා නියපොතු සහිත ජීවීන් ආහාර සඳහා වැදි කඳවුරුවලට පහර දුන් බව කියැවෙනවා. මේ දෙපාර්ශ්වය අතර මහා ගැටුම් හටගත් අතර ඔවුන් එකිනෙකාව සතුරන් ලෙස සලකන්නටත් පෙලඹුණා. අවසානයේදී මේ පහරදීම්වලින් කලකිරුණු වැදි ජනයා නිට්ටෑවන්ව ගුහාවක සිරකර ගිනි තැබූ බව වාර්තා වෙනවා. ඒ නිට්ටෑවන්ගේ භයානක පාලනය සදහටම අවසන් කරමින්. මේ ඇඟ සීතල වෙලා යන කතාව ප්‍රශ්න රැසක් මතුකරනවා. නිට්ටෑවෝ කියන්නේ හුදෙකලා වූ මුල් මිනිස් ගෝත්‍රයක් වෙන්න බැරිද? එහෙම නැත්නම් ඔවුන් තවමත් හඳුනා නොගත් ජීවීන් කොට්ඨාසයක්ද? මේ අබිරහස තවත් ගැඹුරු කරමින් සමහර පර්යේෂකයන් වෙන්වා දී තිබෙනවා නිට්ටෑවෝ සහ ඉන්දුනීසියාවෙන් සොයාගත් ‘හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස්’ හෙවත් හොබිට් මිනිසුන් අතර ඇති සමානකම්. මේ කුඩා ද්විපාදික මිනිසුන් නිට්ටෑවෝ සමග සැලකිය යුතු සමානකම් පෙන්නුම් කළා. ඉතින් මේ නිසා සමහරු අනුමාන කරනවා ශ්‍රී ලංකාවේ හිටපු මේ ජීවීන් එවැනි පුරාතණ මිනිස් විශේෂයක් බවට. ඔවුන් හුදෙකලාව ජීවත් වෙමින් මෑතකාලය දක්වාම පැතිරිලා තියෙනවා කියලා.

දැන් අපි සොයා බලන්නට යන්නේ මේ ජනප්‍රවාදයක්ද එහෙම නැත්නම් සත්‍යයක්ද කියන එකයි. එය පැහැදිලි කරගන්න අපි විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් මේ දෙස බලමු. විද්‍යාත්මක ප්‍රජාව තවදුරටත් දෙපිලකට බෙදී සිටිනවා. සමහරු තර්ක කරනවා නිට්ටෑවන් කියන්නේ වන සතුන් ගැන අතිශයෝක්තියකින් කියැවුණු කතා පමණයි කියලා. උදාහරණයක් විදියට වඳුරන් සහ වළසුන් වැරැදියට වටහාගැනීමක් කියලා. නමුත් සමහරු නම් හිතන්නේ මේ කතාවල සිනාසී බැහැර කරනවාට වඩා මතුපිටට නොපෙනෙන තවත් යමක් සැඟවී තිබෙන බවයි.

2004දී හෝමෝ ෆ්ලොරෙන්සියන්සිස් සොයාගැනීම ලෝකය පුරා මේ වගේ ජනප්‍රවාද ගැන නැවත උනන්දුවක් ඇතිකළා. මේ හොබිට් මිනිසුන් කුඩා ද්විපාදික සහ නූතන මිනිසුන් සමග එකම කාලයේ ජීවත් වුණා. ඉතින් හිතන්න නිට්ටෑවන් මේ පුරාතන ජීවීන්ගේ ශ්‍රී ලාංකීය අනුවාදය වෙන්න පුළුවන්ද? එහෙම නම් ඔවුන් වැද්දන් සමග කාලයක් සහජීවනයෙන් සිට පසුව පැවැත්ම වෙනුවෙන් වූ දරුණු ගැටුමකින් විනාශ වී ගියා වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමද නිට්ටෑවන් ඇත්තටම සිටියා වෙන්න පුළුවන් කියන දේට විශාල රුකුලක් සපයනවා. මොකද ජලයෙන් වටව හුදෙකලාව පවතින දූපත් වැනි භූමි ප්‍රදේශයන් විසින් ඊටම ආවේණික වූ පරිසර පද්ධති සංරක්ෂණය කරනවා. චාල්ස් ඩාවින්ගේ පරිණාමයට තෝතැන්ක් වූ ගලපගගෝස් දූපත් සමූහය ඒ සඳහා හොඳම සාක්ෂියක්. දැවැන්ත ශ්‍රී ලාංකික අලියාගේ සිට කුඩා ලෝරිස් සත්වයන් දක්වා ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අසමසමයි. ඉතින් හිතන්න මේ නිට්ටෑවන් වැනි මානවරූපී ජීවී විශේෂයක් සංරක්ෂණය කර තිබෙන්න පුළුවන් නේද?

දැන් අපි සොයා බලමු අද ජන සමාජයේ මේ නිට්ටෑවන් ගැන දරන්නේ මොන වගේ මතයක්ද කියන එක ගැන. ඔබ දන්නවද අදටත් නිට්ටෑවන් ගැන කතාබහ පවතිනවා. සමහර ප්‍රදේශවාසීන් පවසන විදියට මිනිස් වාසය අඩු වනාන්තර තුළින් අමුතු ශබ්ද ඔවුන්ට ඇසී තිබෙනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඒ මිනිස් කතාබහට සමාන වුණත් ඒ භාෂාව ඔවුන් කිසිදා නොඇසූ එකක් බවයි. තවත් අය වාර්තා කරලා තියෙනවා මිනිසාට සමාන ප්‍රමාණයෙන් කුඩා ශරීර ඇති ජීවීන් ගස් අතරින් වේගයෙන් දිවයන අයුරු දැක ඇති බව. ඒවා හුදු මනඃකල්පිත දේවල්ද? නැත්නම් නිට්ටෑවන් තවමත් ශ්‍රී ලංකාවේ මිනිස් ස්පර්ෂය නොලද ස්ථානවල සැඟව සිටිනවද?

සැලකිය යුතු කරුණක් තමයි නිට්ටෑවෝ කතාව ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවීම. ලෝකයේ බොහෝ සංස්කෘතීන්වල කුඩා සැඟවුණු මානවරූපී ජීවීන් ගැන කතාවෙනවා. ඉන්දුනීසියාවේ ඔවුන් එබූ ගොගෝ කියා හඳුන්වනවා. පිලිපීනයේ ඔවුන්ව නූනෝ කියා හඳුන්වනවා. මේ ජනප්‍රවාද අපේ පොදු මානව ඉතිහාසයක් පෙන්නුම් කරනවා නේද? මේ සත්‍ය හෝ ජන කතාවක් වුවත් නිට්ටෑවෝ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තුළ යම් සලකුණක් තබා තිබෙන බව පැහැදිලියි. ඔවුන්ගේ කතාව අදටත් අප තුළ දැඩි කුතුහලයක් ඇතිකර තිබෙනවා. එය අපට මිහිතලය සමග ඇති ගැඹුරු සබඳතාව සහ එහි ඇති අබිරහස් පිළිබඳ සිහිපත් කරවනවා. අපේ ආදිවාසී වැදි ජනතාවට නිට්ටෑවෝ කතාව හුදෙක් කතාවක් නොවෙයි. එය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ඔවුන්ගේ අනන්‍යතාවේ කොටසක්. අද ශ්‍රී ලාංකිකයන්ට එය අපගේ උරුමයේ පොහොසත්කම සිහිපත් කරවන්නක්ද වෙනවා. ඒ වගේම මිථ්‍යාව ඉතිහාසය සහ සොබාදහම එකට මිශ්‍ර වී සැබැවින්ම අද්විතීය දෙයක් බවට පත්වූ සැබෑම ලාංකික උරුමයකි.

Nodutu Lokaya යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

අනුර ජනාධිපති පුටුවේ වාඩිවෙලා දින 100යි! කරනවා කියලා කියපුවාගෙන් කරපු දේවල් මොනවාද? නොකරපු දේවල් මොනවද? මෙන්න ප්‍රගති වාර්තාව! I Sri Lanka Latest News

Next Post

අලුත් අවුරුද්දේ වැඩ පටන් ගනිද්දීම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්නට බාල්දියක් පෙරළෙයි! සිංහයාගේ වල්ගය පැත්තෙන් ගැට ගහලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

Load More
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් මාස හයකට පසුව නැවත වරක් හෙමින් හෙමින් අළු ගසා නැඟීසිටින දුම්බර වනපෙතේ සංචාරයක යෙදෙන්න ‘කැලෑ කොලමේ‘...

Read more
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.