පටු අරමුණු පසෙකලා රට ගොඩනගන ජාතික මෙහෙයුමට මුල පුරන බවත් විනිවිදභාවයෙන් හා පාරදෘශ්‍යභාවයෙන් යුක්තව රටටත් ජනතාවටත් වගවෙන වගකියන ප්‍රශස්ත සේවාවකට නායකත්වය ලබා දෙන බවත් දේශපාලන නායකයන් මෙන්ම රාජ්‍ය සේවකයන් ද එකට එකතු වී එය වගකීමක් මෙන්ම යුතුකමක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
පොදු ජනතාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රශස්ත ප්‍රබුද්ධ කාර්යක්ෂම හා කාර්යශූර ජනතා සේවාවක් ඉටු කරනවා සේම සදාචාරාත්මක භාවය සුරකිමින් විනයගරුකව රාජ්‍ය දේපල හා සම්පත් අවභාවිතයට ඉඩ නොතබමින් ඒවා හොඳින් නඩත්තු කරමින් කාර්යක්ෂමව රටට සේවාව ඉටු කළ යුතු බවත් පුද්ගල ලාභයට වඩා රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා සාමූහිකව කටයුතු කිරීමට එක්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී නව වසරට වැඩ ආරම්භ කිරීම සදහා පැවැති චාම් උත්සවයක් අමතමිනි.
සර්වාගමික ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම උත්සවය ඉතා චාම් අයුරින් සංවිධානය කර තිබුණි.



























