• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පවුලේ පස් දෙනාම එකතැන මැරිලත් සුනාමියටවත් මෙල්ල කරන්න බැරිවුණු ජයලත්ගේ දිරිය හිත! Sri Lanka Latest News

January 1, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
පවුලේ පස් දෙනාම එකතැන මැරිලත් සුනාමියටවත් මෙල්ල කරන්න බැරිවුණු ජයලත්ගේ දිරිය හිත! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට අවුරුදු 20කට කලින්, ඒ කියන්නේ 2004 දෙසැම්බර් 26 වැනිදා. ඒ දවස මේ මිහිපිට ජීවත් වෙන කාටවත් අමතක නොවන දවසක්. ඒ තමයි සුනාමිය ආපු දවස. අදත් ‘සුනාමි’ යන වචනය අහනකොට අපේ හදවත මොකද්දෝ තැතිගැන්මකට පත්වෙනවා. මුහුදුබඩ ප්‍රදේශවල ජීවත්වන බොහෝ මිනිසුන්ගේ ජීවිත මේ බිහිසුණු සුනාමි රළ පහරත් එක්ක වෙනස් වුණා. සුනාමිය ජීවිත වෙනස් කළා. විනාශ කළා. ලෝකයේ බොහෝ රටවල් අඳුරට පත්කරමින් මේ මහා රළ ජීවිත රැසක් බිලිගනු ලැබුවා. (Sri Lanka Latest News)

සුනාමිය සිදුවූ දිනය පෝය දවසක්. එදා උදේ 9.30ට පමණ මේ විනාශය ගැන ආරංචිය අපිට මුල් වරට අහන්නට ලැබුණා. මුහුද ගොඩගලලා කියන එක විතරයි මුලින්ම මාධ්‍ය මගින් වුණත් ප්‍රකාශ වුණේ. නමුත් සුනාමිය කියන වචනයවත් අහලා නොතිබුණු අපි ඒ වෙලාවේ හිතුවේ ඇත්තටම එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා. නමුත් ඒක සැබෑවක්, යථාර්ථයක් වෙලා තිබුණා. ඒ තමයි අපේ ජීවිත කාලය තුළ අපි අත්දුටු දැවැන්තම ස්වභාවික ව්‍යසනය. රටවල් 14ක මිනිස් ජීවිත 2,27,898ක් මේ සුනාමි රළ පහරින් අහිමි කරන්න ගතවුණේ විනාඩි කිහිපයක් විතරයි. අපේ පුංචි රටේ විතරක් මිනිස් ජීවිත 35,000ක් මේ සුනාමියට බිලිවුණේ කිසිවකුත් නොසිතූ විදියට.
තාත්තාගේ ඇස් ඉස්සරහා අම්මා, දරුවෝ පණ පිටින් රළ පහරට ගහගෙන යනවා බලන් ඉන්න සිදුවුණා. තම බිලිදුන් අම්මා ඉදිරියේ රළ පහර පැහැරගෙන ගියා. පෙම්වතා ඉදිරියේදී පෙම්වතියගේ ජීවිතය මුහුදු රළ විසින් උදුරා ගත්තා. තවත් දහස් ගණනක් අහිංසක මිනිස්සු අතුරුදන් වුණා. ඒ වටිනා ජීවිතවලට පණ දෙන්න, ඔවුන් බේරාගන්න කාටවත්ම හැකියාවක් ලැබුණේ නැහැ. දකුණු පළාතේ ගාල්ල, මාතර ප්‍රදේශවල සෑම රෝහලකම පාහේ එක පිට එක මෘත ශරීර ගොඩගහලා තිබුණා. හම්බන්තොට, වැලිගම, හික්කඩුව, ගාල්ල වගේ නගර දිස්වුණේ විසාලා මහනුවර වගේ.

තමන්ගේ අම්මා ඇතුළු පවුලේ ආදරණීය සාමාජිකයන් පස්දෙනකු සුනාමි රළ පහරට ගසාගෙන ගිහින් මරණයට පත්වෙද්දී ඒ දැනෙන වේදනාව කොයිතරම් වෙන්නට ඇතිද? එදා තමන් මුහුණ දීපු ඒ බිහිසුණු වගේම අතිශය සංවේදී අත්දැකීම, මාතර වැලිගම පදිංචි කේ.යූ. රම්‍ය ජයලත් මහතා සුනාමි විනාශය සිදුවෙලා අවුරුදු 20ක් පිරුණු දවසේ විස්තර කළේ මේ විදියට.

‘මම මීට අවුරුදු 20කට කලින් දෙසැම්බර් 24 වෙනිදා වයිෆ් එක්ක වයිෆ්ලගේ ගෙදර ගියා. ඒ, හරියටම නත්තලට කලින් දවසේ. නෝනලාගේ ගෙවල් තෙලිජ්ජවිල හොරගොඩ ප්‍රදේශයේ. හොරගොඩ ඉස්කෝලේ ප්‍රින්සිපල් තමයි නෝනාගේ තාත්තා. අපි ජීවත්වුණේ අපේ අම්මලත් එක්ක. මම නෝනාගේ ගෙදර ඉඳලා දවස් දෙකකට පස්සේ අපේ ගෙදර යන්න හදනකොට නෝනගේ අම්මා කිව්වා පොඩ්ඩක් ඉන්න පුතේ බත් එකක් අරන් යන්න උයලා ඉවර වෙනකල් කියලා. මම හා කියලා පාරට ආවා නිකමට. මට එතකොට ඇහෙනවා හැතැප්ම 10කට විතර එහා මිනිස්සු කෑගහන හඬ. මම කන්දක් උඩට නැගලා බලනකොට මිනිස්සු කියනවා මුහුද ගලනවා කියලා. මම ටක් ගාලා ටීවී එක දැම්මා. ටීවී එකෙත් මුහුද ගොඩගලනවා කියලා නිවුස් එක යනවා. මම ටක් ගාලා ත්‍රීවීල් එකක් අල්ලගෙන කෙටි පාරකින් වැලිගමට ආවා. එතකොට මිනිස්සු දුවනවා හාමුදුරුවෝ දුවනවා. මට ඇහුණා රංජි අයියා ඉවරයි කියලා. රංජි කියන්නේ මගේ අයියා. මට හරිම දුකක් දැනුණා. මම ගල්බොක්කට වෙනකල්ම පයින් ආවා. එතැනින් එහාට එන්න බැහැ වතුර ගලලා තිබුණා. මම පොලිසියේ වාහනේ නැග්ගා. මොකද පොලිසිය දැනගෙන මගේ අයියා නැතිවෙලා කියලා. පොලිස් වාහනේ ගිහින් මළ සිරුරු 05ක් ගත්තා. ඒත් මට කියනවා බහින්න එපා ඔහොම ඉන්න කියලා. ඒ අතරින් එක සිරුරක් මගේ අම්මගේ. ඒත් ඒක මම දන්නේ නැහැ. මට එයාලා ඒ ගැන කිව්වෙත් නැහැ මම කලබල වෙයි කියලා.’

මට ඕනේ වුණේ කොහොම හරි මේ වාහනෙන් බැහැලා යන්න. ඒත් පොලිසිය කියනවා ජයලත් ගේ තිබුණට මෙහේ ඔයාට බැහැලා යන්න බැහැ, යනවා නම් යන්න පුළුවන් හොස්පිට්ල් එකට තමා කියලා. හොස්පිට්ල් එකට ගිහින් බලනකොට මළ සිරුරු ගොඩක් දාලා තිබුණා. ඒවා අඳුනගන්න බැහැ විකෘති වෙලා. මගේ පවුලේ හතරදෙනා හොයාගන්නකොට ගමේ කෙනෙක් කියනවා ජයලත් අයියේ අපි ඉවරයි කියලා.’

‘මේ නැතිවුණේ මගේ අම්මා, අයියා, නංගි, අයියාගේ වයිෆ් සහ අයියාගේ දරුවා. මේ සියලු දෙනා වගේම අපේ තව ගොඩාක් ඥාතීන් නැතිවුණා. මම හොස්පිටල් එකේ අපේ අයගේ මළ සිරුරු පහ තියාගෙන වාඩිවෙලා ඉන්නකොට මම අඳුනන ඩොක්ටර් කෙනෙක් ඇවිත් කියනවා ජයලත් අපි දැන් මොකද කරන්නේ, මේක කැලේ වගේ ප්‍රදේශයක් තව ටිකකින් තලගොයි එන්න පුළුවන් මළ සිරුරු කන්න කියලා. ඒ වෙලාවේ මට හයියට හිටියේ වයිෆ්ගේ තාත්තායි, තාත්තාගේ ඉස්කෝලේ ළමයිනුයි. ඒ අය ලෑලි ඇණ අරන් ඇවිත් පෙට්ටි 5ක් හැදුවා. තව වැඩිපුර පෙට්ටියක් හැදුවා ඥාතියෙකුටත් එක්ක.’

‘මිනිස්සු සුනාමියට බල්ලෝ බළල්ලු වගේ මැරිලා යනකොට වළදාන්න පෙට්ටියක්වත් සොයාගන්න නැතිවුණා. නිකම්ම වළවල් කපලා වළට දානවා. මනුස්සයෙක් කොයිතරම් දුප්පත් වුණත් අවසන් ගෞරව නොකර වළදාන්නේ නැහැ. නමුත් සුනාමියෙන් නැතිවුණු මිනිසුන්ට අවසන් ගෞරව තිබුණේ නැහැ. සත්තු වගේ වළ දැම්මා. මොකද මේ සුනාමි අවස්ථාවේ මිනිස්සුන්ට එහෙම කරන්න වුණා. හරිම අසරණ වුණා. කොහොම හරි නගර සභාවේ ට්‍රැක්ටරෙන් තමයි බොඩීස් ටික ඇදගත්තේ. එතකොට රෑ 12ට විතර ඇති. කරුවලයි. ලයිට් නැහැ. අම්මා හදලා දීපු ගෙයක් තිබ්බා කන්ද උඩ. බොඩීස් ටික ඒකට ගිහින් තියලා හාමුදුරු නමක් වැඩමකරවලා පාංශුකූලය දීලා පසුවදා පාන්දරම වළදාන්න ගෙනිච්චා. JCB එකකින් හාරපු වළේ තමයි වළදැම්මේ.’

වයිෆ්ගේ තව මල්ලි කෙනෙක් වළ බේරගන්න රෑ එළිවෙනකල් වළට බැහැලා හිටියා. මොකද ඒ තරමට මිනී ගෙනවා පොදු වළවල්වලට දාන්න. අපේ වළට මිනී පෙට්ටි හයක් දැම්මා. මට මුකුත් තේරෙන්නේ නැහැ. මගේ ඔළුව හිරි වැටිලා වගේ. මම අහනවා අහවලා කෝ, අහවලාගේ අහවලා කෝ කියලා. මගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් නැතිවෙලා ජම්බුරලියේ. මම පයින්ම එහෙටත් යනවා. මගේ අම්මා නැතිවුණාට මම ඒක විශ්වාස කළේ නැහැ. මොකද ළඟින් ආශ්‍රය කළ කෙනෙක් ඇවිත් කියනවා නැන්දා ඇවිත් ඇහුවා ඔයාට කොහොමද කියලා, අහලා ගියා කෝහේ ගියාද දන්නේ නැහැ කියලා. ඊට පස්සෙ හැම තැනම අම්මාව හෙව්වා. මම විශ්වාස කළේම නැහැ අම්මා නැතිවෙලා කියලා. මොකද ඒ මෘත ශරීර අම්මාගෙ කියලා අඳුනගන්න බැහැ. මම කිව්වා ඔය මගේ අම්මා නෙවෙයි කියලා. ගොඩාක් කල් යනකල්ම අම්මව හෙව්වා. ගොඩාක් යාළුවෝ ආවා මාව සනසන්න.’

‘ඊට පස්සේ මට ඉන්න තැනක් නැහැ. තාත්තාගේ ඉඩමක් තිබුණා. මේ ඉඩමේම කට්ටිය එකතු වෙලා ලෑලිවලින් ගෙයක් හදලා දුන්නා. මායි නෝනායි ඊට පස්සේ ඒ ලෑලි ගෙදර පදිංචි වුණා. අග්‍රබෝධි ඉස්කෝලේ ළමයි එහෙම ගොඩාක් උදව් කළා. ඒ, මගේ වයිෆ්ගේ තාත්තා ප්‍රින්සිපල් නිසා. මේ විදියට අපි කල් ගෙවනකොට අපිට දුවෙක් ලැබුණා. ඊට පස්සේ තමයි ආපහු ජීවිතය පටන් ගත්තේ. 2006 අවුරුද්දේ මේ දුව ලැබුණාට පස්සේ තමයි මම හිතාගත්තේ කොහොම හරි ආයෙත් නැගිටිනවා කියලා. මේ ජීවිතයෙන් නැගිටින්න ඕනේ කියලා හිතුණේ මගේ පස්දෙනාම සුනාමියෙන් නැතිවුණාමයි. මම අධිෂ්ඨාන කරගත්තා මම කොහොම හරි නැගිටලා මේ අය වෙනුවෙන් දාන මාන දෙන්න ඕනේ කියලා. මමත් නැතිවුණා නම්, අපි වෙනුවෙන් දානයක්වත් දෙන්න කවුරුත් නැතිව යන්න තිබුණා. මේ වගේ විනාශයක් උපදින ආත්මයක කාටවත්ම සිදු නොවේවා කියලා තමයි මම අධිෂ්ඨාන කළේ….’

‘මගේ තාත්තා සුනාමියෙන් අවුරුදු 7කට පස්සේ නැතිවුණා. වයිෆ්ගේ තාත්තායි අම්මයි මල්ලිලයි මගේ අම්මා වගේම මට ශක්තියක් වුණා. දැන්නම් කිසි කරදරයක් නැහැ. වැලිගම ජයලත් රෙස්ටුරන්ට් නමින් මට අවන්හලක් තියෙනවා. JAY Beach Villa එකකුත් මට තියෙනවා. JAY Walker නමින් රෙස්ටුරන්ට් 4ක් මට තියෙනවා. මගේ ලොකු දුව ළඟදි ඔස්ටේ්‍රලියා යනවා. එයාලා ඉගෙන ගත්තේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ….’

‘බෞද්ධ සමිතිවල කටයුතු කරන ගමන් සමාජයටත් රටටත් සේවයක් කරමින් මගේ ගමන මම ගමන යනවා. සුනාමිය එද්දි මගේ වයස අවුරුදු 32යි. මම ව්‍යාපාර කරන්න හිතාගෙන ඉන්න අයට දෙන උපදේශය තමයි යාළුවෝ හිතවත්තු කියලා කවදාවත් මුදල් ගනුදෙනුවක් කරන්න එපා. යාළුවන්ගෙන් ඉල්ලපු ගමන් මාත් එක්ක තරහා වෙනවා. මම යාළු කරගත්තේ බැංකුව. බැංකුව සමග හොඳට ගනුදෙනු කරලා විශ්වාසය ඇතිකරගත්තා. එයාලා මට හොඳටම උදව් කරනවා. රජයෙන් බලපත්‍ර ගන්න ගියාම ගොඩාක් දුෂ්කරතාවලට මුහුණ ප‍ෑවා. අද සමාජයේ බොහෝ දෙනෙක් දුක නැතිකරගන්න වයින් ස්ටෝර්ස් කරා යනවා. මම නම් කියන්නෙ එහෙම කරන්නේ නැතුව ඔළුවෙන් වැඩකරලා ජීවිතය ජයගන්න කියලා. එතකොට තමයි අපිව හැරගිය ආදරණීයන්ට අපට යම් උපහාරයක් කරන්න පුළුවන් වෙන්නේ. ඔවුන්ට නිතරම පින් අනුමෝදන් කරන්න කියලත් මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා….’

ජයලත් මහතාගේ මේ කතාවෙන් අපේ ජීවිතවලට ගන්න පුළුවන් ආදර්ශයන් කොයි තරම්ද? සමාජයේ හොඳින් ජීවත් වෙන්න, රටට යම් වැඩක් කරන්න, ජීවිතයේ බින්දුවටම වැටුණාම නැගිටින්න ශක්තිය ගන්න. ඒ, තමන් වෙනුවෙන් නොව තමා වෙනුවෙන් සිටින අනෙක් අය වෙනුවෙන් යහපත්ව ජීවිතය ගෙවන්න. එවිට ජීවිතය සාර්ථකත්වයට නිතැතින්ම පත්වෙනවා. සියල්ල අටලෝ දහමට යටත් බව වටහාගෙන ජීවිතය ගෙවන්න. එසේ අවබෝධ කර නොගත් තැන තමයි අපි අහිමි වීම් ඉදිරියේ කඳුළු සලන්නේ.
සුනාමිය සහ කොරෝනා ව්‍යසනය නිසා අපේ රටේ වටිනා ජීවිත දසදහස් ගානක් අහිමි වුණා. ‘විශ්වාසා පරමා ඥාති’ කියන බුදු වදනට අනුව ජීවිතය ගෙවන්න. තමන් කෙරෙහි විශ්වාසයෙන් ජීවිතය ගෙවන්න කියලා ජයලත් මහතා අපට කියලා දුන්නා. ඒ විශ්වාසය නිසාම, තම ආදරණීයයන් පස්දෙනෙක් අහිමි වෙලා තියෙද්දිත් ඔහු ජීවතය ජයගත්තා. මහා විනාශයක් මැද ඒ ආත්ම විශ්වාසය නිසාම ධෛරයවන්ත මිනිසෙක් බිහිවුණා.

ආදරණීයයන් අහිමි වුණාම අපේ ජීවිත බින්දුවටම ඇදවැටෙනවා. ඒත්, හැම මොහොතකම අපි හිත ධෛර්යවත් කරගෙන, නැගිටින්න ඕනේ. හෙට දවස ගැන හිතන්න ඕනේ. වැටුණු තැන ඉඳලා සුසුම් හෙළන එක නෙවෙයි කළ යුත්තේ. අඬ අඬා හිතින් වේදනා විඳින එක නෙවෙයි කළ යුතු වන්නේ. මියගිය අය වෙනුවෙන් පින් දහම් කරලා යුතුකම් ඉෂ්ට කිරීමයි වටිනාම දේ.

අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්, මිතුරන්, ඥාතීන් මේ හැමෝම දාලා දවසක අපිටත් යන්න සිදුවෙනවා. මොකද කෙනකුගේ ආයු කාලය නිමාවුණාම, ඔහු මොන තරාතිරමක හිටියත්, ලෝකෙ කොහේ හිටියත් ඔහුට හෝ ඇයට යන්නම සිදුවෙනවා. ‘සබ්බං පහාය ගමනීයං’ (සියල්ල හැරදා යායුතුයි…’ කියලා ධර්මයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. යානවාහන, ගේ දොර ඉඩකඩම්, මිල මුදල් මේ කිසිවක් අපි අරගෙන යන්නේ නැහැ. ඉතින්, ඒ නියත මරණයට මුහුණ දෙන්න, සියලු දේ අතහැර යම් දවසක ජීවිතයෙන් සමුගෙන යන්න තරම් ශක්තිමත් මනසක්, අටලෝ දහමට කම්පා නොවන මනසක් නිර්මාණය කරගැනීම තමයි නියම බෞද්ධකම කියලා අපි නම් විශ්වා කරන්නේ.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

2024දී 2333ක් පාරේ මැරිලා! Sri Lanka Latest News

Next Post

අලුත් අවුරුද්දේ සජබ මන්ත්‍රීවරු පිරිවරාගෙන කැවුම් කිරිබත් කාලා සජිත් විපක්ෂයේ වැඩ පටන්ගනී! I VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.