• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නොස්ට්‍රාඩමස් සහ බාබා වැන්ගා 2025 ගැන කියපු ප්‍රබල අනාවැකි! ලග්න 8කට යහපත් අනාවැකි කියයි! ලග්න 3කට මුකුත් නැහැ! ලෝකයේ සත්‍ය වූ සිද්ධි ගණනාවක් කියූ දෛවඥයන් දෙදෙනා! දෙදෙනාම කිසි විටෙකවත් හදිසි ධන ලාභ ගැන කියන්නේ නැහැ! Sri Lanka Latest News

December 30, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
නොස්ට්‍රාඩමස් සහ බාබා වැන්ගා 2025 ගැන කියපු ප්‍රබල අනාවැකි! ලග්න 8කට යහපත් අනාවැකි කියයි! ලග්න 3කට මුකුත් නැහැ! ලෝකයේ සත්‍ය වූ සිද්ධි ගණනාවක් කියූ දෛවඥයන් දෙදෙනා! දෙදෙනාම කිසි විටෙකවත් හදිසි ධන ලාභ ගැන කියන්නේ නැහැ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සමයේ පැවැති ජනාධිපතිවරණයකින් පරාජයට පත්වූයේ ජ්‍යොතිෂය සහ කේන්ද්‍ර පලාපල ඉතා තදබල අයුරින් විශ්වාස කළ නිසා යැයි විවිධ මතිමතාන්තර සමාජයෙහි ඇත. සමහර පාර්ශ්ව මෙම මතය කෙටි වදනකින් කියන්නේ ‘මහින්ද මහත්තයා පැරැදුණේ සාත්තර පස්සේ ගිය නිසා’ යනුවෙනි. දශක තුනකට ආසන්න කාලයක් පුරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉතා සමීපව ඇසුරු කළ එක්තරා ප්‍රකට දෛවඥයකුගේ මතිමතාන්තර පිළිගත් හෙයින් එම තත්ත්වය උදාවුණේ යැයි කරුණු ප්‍රකාශ විය. එනම් මෙලෙස හිටපු ජනාධිපතිවරයා මෙම ජ්‍යොතිෂ කටයුතුවල එල්බ ගැනීම නිසා තමන්ගේ ධුර කාලයටත් ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළේය. අවසානයේදී සිදුවූයේ ජනාධිපතිවරණය පරාජයට පත්වී ගෙදර යෑමටය. ඉන් පසුව ඔහුට විවිධ ජ්‍යොතිෂ උපදෙස් ලබාදුන් ප්‍රකට දෛවඥයා පවා අතුරුදන් විය. ඔහු සමාජයෙන් කාලයක් පුරා සැඟව සිටියේය. (Sri Lanka Latest News)

මෙම අපූරු සත්‍ය කතාව ඔබට නැවත ආවර්ජනය කිරීමට හේතු වූයේ ඇයි? මෙය සැබැවින්ම එක්තරා රසවත් කතාවක්ද විය. පෙරදිග රටවල් ජ්‍යොතිෂය ගැන එතරම් පිළිගත්තේ නැතත් අපරදිග රටවල් බොහොමයක් එම මතිමතාන්තර පිළිගනිති. මේ ආකාරයට දෛවඥයන්ට අමතරව විවිධ ග්‍රහ තාරකා ශාස්ත්‍ර භාවිත කරමින් අනාවැකි ප්‍රකාශ කරන අනාවැකිකරුවන්ද සිටිති. මෙලෙස අනාවැකි ප්‍රකාශ කළ විවිධ පුද්ගලයන් අතර මේ වනවිට ලෝකයේ ඉහළින්ම ප්‍රකටත්වයට පත්වූ අනාවැකිකරුවන් දෙදෙනෙක් සිටිති. මෙයින් එක් අයකු අනාවැකිකරුවකු වන අතර, අනෙකා අනාවැකිකාරියකි. මෙම ගැහැනු පිරිමි යුගලය කවරෙක්ද? ලෝකයේ රට රටවල බොහෝදෙනකු කරුණු අසා ඇති ඔවුන් වෙන වෙනම හඳුනා ගනිමු.

මෙතෙක් ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨතම අනාවැකිකරුවා වන ඔහු මයිකල් ඩි නොස්ට්‍රාඩමස් වෙයි. ප්‍රංශ ජාතිකයකු වන ඔහු 1503දී උපත ලබා 1566දී මියගියේය. එනම් වයස අවුරුදු 62දී මියගිය ඔහු සත්‍ය වූ අනාවැකි රැසක් ලොවට ප්‍රකාශ කළ අනාවැකිකරුවකු විය. එසේම ඉදිරි වසර ගණනාවක් වෙනුවෙන් ඔහු තවත් අනාවැකි රැසක් ප්‍රකාශ කර ඇත.

අනෙක් අනාවැකිකරුවා වන්නේ ලෝකයේ මෑත සමයේ ජීවත් වුණු බාබා වැන්ගා නමැති කාන්තාවයි. බල්ගේරියානු ජාතිකයකු වන ඇය, 1911 උපත ලබා 1996 දක්වා වසර 84ක් ජීවතුන් අතර සිටියාය. අන්ධ කාන්තාවක් වූ ඇය ලෝකයේ සත්‍ය වූ අනාවැකි රැසක් හෙළිකළ අතර, ඉදිරි වසර ගණනාවක් සඳහාද අනාවැකි රැසක් ප්‍රකාශ කර ඇත.
මේ ආකාරයට මෙම ඉතිහාසගත වූ අනාවැකිකරුවන් දෙදෙනා බොහෝ අවස්ථාවලදී විවිධ වසරවලට අදාළව අනාවැකි ප්‍රකාශ කරන්නට විය. ඒ අනුව ඔවුන් තව දින කිහිපයකින් එළඹෙන 2025 වසර සඳහාද විවිධ අනාවැකි ලෝකය හමුවේ ප්‍රකාශ කරන ලදී. එනම් ඔවුන් ජීවත් සිටි කාලයේදී එම අනාවැකි ප්‍රසිද්ධියට පත්කර තිබිණි. මෙලෙස ඔවුන් 2025 වසරට අදාළව ප්‍රකාශ කරන ලද සුවිශේෂ අනාවැකි ගණනාවක්ම මෙම දිනවල ජාත්‍යන්තර මාධ්‍ය හරහා ලිපි මගින් හෙළිදරව් කර තිබිණි. ඒ අනුව එම කරුණු කාරනා අදාළ කරගෙන පසුගිය සතියේ අපගේ ‘මව්රට’ පුවත්පතද දිගු ලිපියක් සකස් කර පළ කළේය. එවැනි වටපිටාවකදී දැන් එසේ නම් අද ඔබට මේ ලිපිය ලියා තබන්නට හේතු වූයේ ඇයි? එය නම් එක්තරා සුවිශේෂ වතගොතක් පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබීමය. මෙයින් ප්‍රකාශ වී තිබුණේ මෙම ලෝක ප්‍රකට අනාවැකිකරුවන් දෙදෙනා එක් එක් පුද්ගලයන්ට අයත් ජන්ම ලග්නවලට අදාළව වැදගත් තොරතුරු කිහිපයක්ම ප්‍රකාශ කර තිබීමය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිටින විවිධ දෛවඥයන් සහ ජ්‍යොතිෂකරුවන් මෙම කාලයේ පුද්ගල ලග්න අනුව විවිධ අනාවැකි කියති. ජනතාවට ඔවුන්ගේ ජීවිතවල ගුණ අගුණ අපල උපද්‍රව ගැන කියති. එහෙත් මේ සියල්ලකින්ම හරි අඩක්ම අමූලික මිථ්‍යා කතාවන්ය. ජනතාව නොමග යවන කතාවන්ය. දැන් එසේනම් මෙවැනි වටපිටාවකදී ලෝකයේ අංක එකට සහ අංක දෙකට සිටින ජ්‍යොතිෂකරුවන් සහ අනාවැකිකරුවන් දෙදෙනා 2025ට අදාළව ජනතාව වෙනුවෙන් ප්‍රකාශ කර ඇත්තේ කුමක්ද? එම ලග්න පලාපල කතාව කෙසේ එකක්දැයි සොයා බලමු.

ජ්‍යොතිෂ විද්‍යාවේ ආකාරයට අප වටා ඇති ග්‍රහ සහ තාරකා මණ්ඩලය නොයෙකුත් ග්‍රහයන් සහ තාරකා දහස් ගණනකින් සෑදී ඇත්තේය. ජ්‍යොතිෂය අනුව යම් ග්‍රහයකු උච්ච වීම යනු එම ග්‍රහයකු බලයේ උපරිමයට පත්වීමයි. නීච වීම යනු බලයේ අවම අවස්ථාවට පත්වීමයි. එලෙස ග්‍රහයකු නීච වීම යනු යම් පුදගලයකුගේ කලදසාව ඉතා දුක්ඛිත තත්ත්වයට පත්වීම යැයි සමාජයේ මතයක් ඇත. එහෙත් එය එතරම් නිවැරැදි නැත. සෑම ග්‍රහයකුම නීච වූ විට අශුභ පල නොදෙයි. සමහර ග්‍රහයන්ගෙන් පමණක් අශුභ පල ගෙනදෙයි. එහෙත් සියලු ග්‍රහයන් උච්ච වීමෙන් ශුභ පල උදාවෙයි. මේ ආකාරයට ග්‍රහයකුගේ වැඩිම බලවත්කමේ සිට අඩුම බලවත්කම දක්වා ශුභ සහ අශුභ පල තක්සේරු කළ හැකිය. මෙම ලිපියේ ඉදිරි කතාන්දරය තවත් ලියා තබන්නට පෙර මෙම තොරතුරු ලියා තැබුවේ ඔබට වඩාත් පැහැදිලි වීම උදෙසාය. දැන් එසේනම් ලෝකයේ අංක එකේ සහ අංක දෙකේ සිටින අනාවැකිකරුවන් දෙදෙනා ඔබගේ ලග්නයට අනුව කියා ඇත්තේ කුමක්ද?

පිළිගත් ජ්‍යොතිෂයට අනුව ලග්න 12ක් සඳහන් වෙයි. ඒවා පිළිවෙළින් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ සහ මීන වශයෙන් ගෙනහැර දැක්විය හැකිය.

ලොව පිළිගත් මහා දෛවඥයා සහ අනාවැකිකරුවා ලෙස සැලකෙන මයිකල් නොස්ට්‍රාඩමස්ගේ ලග්න පලාපල අනාවැකිය මුලින් සොයා බලමු. මෙහිදී 2025 වසර සඳහා ඔහු ලග්න 6කට පමණක් යහපත් බව ප්‍රකාශ කර ඇත. ඒවා මෙසේය.

මේෂ – 2025 වසරේදී මේෂ ලග්න හිමියන් අභියෝගවලින් කිසි විටෙක පසුබට නොවන ස්වභාවික නායකයන්ය. නොස්ට්‍රාඩමස් අනාවැකි පළකරන්නේ ඔවුන්ගේ නිර්භීත අදහස් සහ අධිෂ්ඨානය 2025දී ඔවුන්ට මූල්‍යමය වශයෙන් සාර්ථක වීමට උපකාරී වනු ඇති බවයි. ඔවුන්ගේ අභිලාසයන් කෙරෙහි අවධානය යොමුකිරීමෙන් අසාමාන්‍ය ප්‍රතිඵල ලබාගත හැකිය.

වෘෂභ – 2025දී වෘෂභ ලග්න හිමියන් ඔවුන්ගේ සුපරීක්ෂාකාරී සැලසුම් සහ ස්ථාවර මානසිකත්වය හරහා ඔවුන්ගේ ධනය වර්ධනය කරගැනීමට හැකිවනු ඇත. නොස්ට්‍රාඩමස් ප්‍රකාශ කරන්නේ ඔවුන් සහජ බුද්ධිය හරහා තමන්ගේ මූල්‍ය තේරීම් සහ මූල්‍ය වාසි උපරිම කරගැනීමට කටයුතු කරන බවයි.

සිංහ – සිංහ ලග්න හිමියන් ඔවුන්ගේ විශ්වාසය, ශක්තිය හා නිර්මාණශීලීත්වය සඳහා ප්‍රසිද්ධය. නොස්ට්‍රාඩමස් කියා සිටින්නේ ඔවුන්ගේ ස්වභාවික චමත්කාරය සහ නායකත්ව කුසලතා 2025දී නව අවස්ථා සඳහා දොරටු විවෘත කරන බවයි. ඔවුන්ගේ නිර්භීත අදහස් කැපීපෙනෙන මූල්‍යමය ත්‍යාගවලට තුඩුදිය හැකිය.

කන්‍යා – නොස්ට්‍රාඩමස් ප්‍රකාශ කරන්නේ 2025දී කන්‍යා ලග්න හිමියන් ඔවුන්ගේ සවිස්තරාත්මක අවධානය සහ ‘ස්මාර්ට්’ උපායමාර්ග හරහා මූල්‍ය වර්ධනයක් ළඟා කරගැනීමට කටයුතු කරන බවයි. ඔවුන් පරිපූර්ණවාදීන් වන අතර, ඔවුන් තත්ත්වයන් සැලසුම් කිරීමට සහ විශ්ලේෂණය කිීමට සමත් වෙයි. (‘ස්මාර්ට්’ යනු ‘බුද්ධිමත්’ අරුතයි)

වෘශ්චික – වෘශ්චික ලග්න හිමියන් අධිෂ්ඨානශීලී සහ සම්පත්දායක වන අතර, අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ඔවුන් හොඳින් සන්නද්ධ වේ. 2025දී ඔවුන්ගේ නිර්භීත සහ උපායමාර්ගික තීරණ සැලකිය යුතු මූල්‍යමය සාර්ථකත්වයක් කරා ගෙනයනු ඇතැයි නොස්ට්‍රාඩමස් අනාවැකි පළකරයි. ඔවුන්ගේ සහජ බුද්ධිය විශ්වාස කිරීම, ඔවුන්ගේ හැකියාවන් විවෘත කිරීමට යතුර වනු ඇත.

මකර – මකර ලග්න හිමියන් ඔවුන්ගේ ශක්තිමත් කටයුතු, ආචාරධර්ම සහ විනය සඳහා ප්‍රසිද්ධය. ඔවුවන්ගේ කැපවීම සහ නොපසුබට උත්සාහය 2025දී ඔවුන්ට මූල්‍යමය වාසි ගෙනදෙන බව නොස්ට්‍රාඩමස් පුරෝකථනය කරයි. ඉවසීමෙන් සහ ඔවුන්ගේ ඉලක්ක කෙරෙහි අවධානය යොමුකිරීමෙන් ඔවුන්ට පුදුමාකාර ප්‍රතිඵල අත්කරගත හැකිය.
ලෝකයේ දෙවැනි ස්ථානයට පිළිගනු ලබන මහා අනාවැකිකරුවා සහ දෛවඥයා ලෙස සැලකෙන බාබා වැන්ගා ලග්න 5ක් ආශ්‍රිතව අනාවැකි කියයි. ඒවා කුමක්දැයි සොයා බලමු.

මිථුන – බාබා වැන්ගා අනාවැකි කියන අයුරින් මිථුන ලග්න හිමියන් සඳහා 2025 වසර පරිවර්තනයේ සහ ස්වර්ණමය අවස්ථාවන්ගේ වසරකි. ඔබේ තියුණු බුද්ධිය ඔබට අභියෝග ජය ගැනීමට උපකාරී වනු ඇත. මූල්‍ය ස්ථාවරත්වය ඔබගේ පුද්ගලික වර්ධනයට මග පාදයි. මෙම වසරේ ඔබ ගන්නා තේරීම්, සමෘද්ධිමත් සහ සුරක්ෂිත අනාගතයක් සඳහා පදනම සකසන බැවින් ඔබේ බුද්ධිය විශ්වාස කර නිර්භීත තීරණ වැලඳ ගන්න.

කටක – 2025දී කටක ලග්න හිමියන්ට අවශ්‍ය සියල්ල ආකර්ෂණය කරගැනීමට ග්‍රහලෝක (ග්‍රහයන්) පෙළගැසී සාර්ථකත්වයට මග පාදයි. බාබා වැන්ගා ප්‍රකාශ කරන පරිදි පුද්ගලික සහ වෘත්තීය ක්ෂේත්‍රයන් දෙකෙහිම සමෘද්ධිමත් වීමට ස්වර්ණමය අවස්ථාවන් ඉදිරිපත් කරමින් නව ව්‍යාපාර දිගහැරෙනු ඇත.

වෘෂභ – බාබා වැන්ගා අනාවැකි කියන පරිදි වෘෂභ ලග්න හිමියන්ට 2025 වසර මූල්‍ය සමෘද්ධිය සහ බහුලත්වය පොරොන්දු විය හැකිය. වසර ගණනාවක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් අවසානයේ අනපේක්ෂිත හා ප්‍රතිඵලදායක ආකාරයෙන් පල දරනු ඇත. විශ්වීය මූල්‍ය ස්ථාවරත්වය සහ ශක්තිමත් ආයෝජන අවස්ථා ලබාදෙනු ඇත. සෑම උත්සාහයකින්ම සැලකිය යුතු ප්‍රතිලාභ ලබාදෙයි.

කුම්භ – බාබා වැන්ගා පවසන පරිදි 2025 වසර කුම්භ ලග්නය සඳහා සුවිශේෂ වසරක් වනු ඇත. සෙනසුරුගේ ප්‍රබල බලපෑමෙන් මගපෙන්වනු ලබන ඔබ නිර්මානාත්මක ශක්තියේ ඇදහිය නොහැකි වර්ධනයක් ලබාගනු ඇත. ඔබ ඔබේ සීමාවන් තල්ලු කර නිර්භීත ඉලක්ක සපුරාගන්නා විට ඒවා අභියෝග අවස්ථාවන් බවට පරිවර්තනය වේ.

මේෂ – මේෂ ලග්න හිමියන්ට 2025 වසර පරිවර්තනීය වසරක් ලෙස සලකුණු කරයි. ධනය සහ මූල්‍ය බහුලත්වය සිහිනයේ සිට යථාර්ථයට මාරුවනු ඇත. බැබළීමට, බාධක බිඳදැමීමට සහ අසමසම සාර්ථකත්වයට ළඟාවීමට මෙය ඔබගේ හොඳම කාලයයි. වාසනාව සහ මූල්‍ය අවස්ථා ඔබව නව උසකට ඔසවා තැබීමට පෙළගැසෙනු ඇත.

මෙම ලිපියේ අන්තර්ගතය, ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ අන් රටවල හෝ සිටින සාමාන්‍ය ජ්‍යොතිෂකරුවන් හෝ අනාවැකිකරුවන්ගේ හෝ මතිමතාන්තර සමග සමානව තැබිය හැකි එකක් නොවේ. එසේ වන්නේ මෙම වතගොත පදනම්ව ඇත්තේ අද ලෝකයේ බහුතරයක් පිළිගන්නා ලොව අංක එකට සහ අංක දෙකට සිටින ජ්‍යොතිෂකරුවන් සහ අනාවැකිකරුවන් දෙදෙනා වන නොස්ට්‍රාඩමස් සහ බාබා වැන්ගාගේ මතිමතාන්තර ප්‍රකාශ වීම හේතුවෙනි. ඔවුන් දෙදෙනා ලග්න 12කින් ලග්න 9කට, 2025 වසරේදී වාසනාව සහ යහපත ළඟාකරන ආකාරය පෙන්වා දෙයි. එහෙත් ඔවුන් දෙදෙනාම ලග්න 3ක් ගැන කිසිදු අනාවැකියක් පවසා නැත. එම ලග්න තුන වන්නේ තුලා, ධනු සහ මීන වෙයි. එහෙත් අනෙක් ලග්න වන මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ යහපත පෙන්වා දෙයි. දෙදෙනාම පොදුවේ යහපත පෙන්වන ලග්න 3ක්ද සඳහන් කරන අතර, එය වෘෂභ, මේෂ සහ ධනු ලග්නයන්ය. මෙම අනාවැකිකරුවන්ගේ අනෙක් සුවිශේෂත්වය වන්නේ ඔවුන් කිසි විටෙකවත් කිසිදු තැනක හදිසි ධන ලාභයන් ගැන සඳහන් කරන්නේ නොමැති වීමය. ඔවුන් ප්‍රකාශ කරන්නේ මිනිසුන් තම වීර්යයෙන් ධනය උපයා ගැනීමට මහන්සි වීමේ ග්‍රහ යෝගයන් ගැන අදහස් ප්‍රකාශ කිරීමකි. හද්දා කෙබර දෙසාබාන ජ්‍යොතිෂකරුවන්ට මෙය පරිභවයකි. ඔවුන් දෙදෙනා කතා කරන්නේ සැබෑ යථාර්ථය පමණකි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ආණ්ඩුවේ කියන්න වරදක් නැති නිසා පුද්ගලයන් අල්ලගෙන පත්තරවලින්-සමාජ මාධ්‍යයෙන් සැලසුම්සහගතව සංවිධානාත්මකව මඩ ගහනවා! කෞශල්‍යා ආරියරත්න මන්ත්‍රීවරියට මඩ ගැසීම සම්පූර්ණයෙන්ම වැරදියි! සිස්ටම් චේන්ජ් කිරීම කඩාකප්පල් කරන්නයි යන්නේ! මේවට අහුවෙන්න එපා! VIDEO I Sri Lanka Latest News

Next Post

එදා IMF එක ගැන කියපු දේවල් නෙමෙයි අද බිමල් කියන්නේ? රනිල් නැටුවට වඩා හොඳට අද අනුර IMF පදේට නටනවා! මෝදිගෙ පදේට නටනවා! ජපානෙ පදේට නටනවා! අනුරලත් එක්ක කාලයක් එක පතේ කාපු දුමින්දයි මේ කතාව කියන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News
Exclusive

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News
Exclusive

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
Exclusive

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News
Exclusive

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News
Exclusive

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

Load More
මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කිව්වා මැයි මාසේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න කියලා! දැන් පොලොන්නරුවේ ‘රාජ්‍ය නායකයා’ කියනවා ලබන අවුරුද්දේ අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්නලු! ! Sri Lanka Latest News

ලබන වසර යනු මහජන මුදල් වංචා කළ දූෂිතයින් සහ හොරුන් සිරගත කෙරෙන වසර බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් පවසනවා.Sri Lanka...

Read more
මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

මාතර ඇමැති කීර්ති අබේවික්‍රම මැරුණා! ලලිත් ඇතුලත්මුදලිට බරපතළ තුවාල! ප්‍රේමදාසට ජේ.ආර්.ට සුළු තුවාල! පාර්ලිමේන්තුවට ගැසූ ජවිපෙ බෝම්බයට අවුරුදු 40යි! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

ICC සභාපති ෂා අනුරව හමුවෙයි! ෂාගෙන් විශේෂ X පණිවුඩයක්! ! Sri Lanka Latest News

අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!

බැසිල්ට උසාවියට එන්නම වෙයි වගේ! ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි! ! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.