හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ අපපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.Sri Lanka Latest News
රජයට අයත් කතරගම පිහිටි ඉඩමක හිමිකාරත්වය ලබා ගැනීම පිළිබදව වන විමර්ශනයකට අදාලව මෙම කැදවීම සිදු කර තිබේ.
මීට පෙර, ඊයේ දිනයේ දී අදාල කරුණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියා වූ නෙවිල් වන්නිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණු බව වාර්තා වේ.
එළැඹෙන ජනවාරි තුන්වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස යෝෂිත රාජපක්ෂට දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.










