අරගලයෙන් පසු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් හය දහසකට ආසන්න පිරිසක් විවිධ හේතු මත දේශපාලනයෙන් සමුගෙන ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. (Sri Lanka Latest News)
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ අරගලයෙන් පසු බොහෝ දේශපාලඥයන්ට තමන්ගේ ජයග්‍රහණ ගැන අවිශ්වාසයක් මතුවීම හේතුවෙන් දේශපාලනයෙන් මෙසේ සමුගෙන ඇති බවයි.
විවිධ තරාතිරම්වල දේශපාලඥයන් සහ දේශපාලනයට සම්බන්ධ දෙදහසකට අසන්න පිරිසක් විදේශගතවී ඇති බවටද නිරීක්ෂණ සංවිධාන වලට තොරතුරු අනාවරණය වී ඇත.
තවද දේශපාලන පක්ෂ තිහක් පමණ විවිධ හේතු මත පසුගිය කාලයේදී අක්‍රිය වී ඇති බව හෙට්ටිආරච්චි මහතා පැවසීය.වෙනත් පක්ෂ පිහිටුවාගැනීම, වෙනත් පක්ෂ සමඟ එකතුවීම යනාදී කාරණා හේතුවෙන් සමහර පක්ෂ මෙසේ අක්‍රිය වී ගොස් ඇති බව ඔහු කීවේය.
පළාත් පාලන මැතිවරණයට පසුගියදා නාමයෝජනා කැඳවුණු ලැබූ අවස්ථාවේදී ඊට අපේක්ෂකයෝ අසූ දාහකට වැඩි පිරිසක් ඉදිරිපත් වූහ. මින් අපේක්ෂකයන් අඩකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට එම මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂවල නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
lankadeepa










