පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා අතර ඊයේ (26) පැවති කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර උණුසුම් සංවාදයක් හටගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් එම රැස්වීම පැවැත්වුණා.
එහිදී මන්ත්‍රිවරයා චෝදනා කළේ හිතවත්කම් මත තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුලු නිළධාරීන් කටයුතු කරන බවටයි.
එහිදී නිසි ලෙස කරුනු සොයාබලා අදහස් දක්වන ලෙස එම පිරිස ප්‍රකාශ කිරීමත් සමග නොසන්දුන් වන අර්ච්චුනා මන්ත්‍රිතුමා වරින් වර ඔවුන්ට විවිධ චෝදනා එල්ල කරනවා.
එහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස පිස්සෙකු ලෙසින් කටයුතු නොකර නිසි පරිදි කරුණු දක්වන ලෙසයි. පසුව එම සංවාදය උණුසුම් වුණා.
hirunews










