• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමා අර්බුදය! ඒ කුමක්ද? ඉන් ගොඩ එන්නේ කෙසේද? Sri Lanka Latest News

December 22, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මාලිමා අර්බුදය! ඒ කුමක්ද? ඉන් ගොඩ එන්නේ කෙසේද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගය මේ වනවිට දිගුකාලීන අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා. ඒ පිළිබඳ ඔහු සිය යූටියුබ් නාලිකාවට ඉදිරිපත් කළ අදහස් දැක්වීම පහත පළවේ. (Sri Lanka Latest News)

ජාතික ජන බලවේග ආණ්ඩුව ඉතා තියුණු අර්බුදයකට මුහුණදීලා තිබෙනවා. මේක ටිකක් අමුතු විදියේ අර්බුදයක්. මම හිතන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ දිගුකාලීන පැවැත්ම පිළිබඳ අර්බුදයක්. සාමාන්‍යයෙන් ඒ අයගේ පැවැත්මට කෙටිකාලීන තර්ජනයක් ඇත්තේ නැහැ. ඒකට එක හේතුවක් තමයි ඒ අයට පාර්ලිමේන්තු බහුතරයක් තිබෙනවා. තුනෙන් දෙකකටත් වැඩි බහුතරයක්. ඒ වගේම පාර්ලිමේන්තුවේ විපක්ෂ බලවේග අතිශයින් දුර්වලයි. දේශපාලන වශයෙනුත් විපක්ෂයට තිබෙන ආධිපත්‍යය කණ්ඩායම් ගණනාවකට බිඳිලා ගිහින් තිබෙන්නේ. ඒ කණ්ඩායම් අතරත් ඒකාබද්ධතාවකට තිබෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත සැලකිය යුතු විරෝධතා ව්‍යාපාරයක් ඇතිවෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා සාමාන්‍ය වශයෙන් කෙටිකාලීනව ගත්තම ජාතික ජන බලවේග ආණ්ඩුවට තර්ජනයක් ඇත්තේ නැහැ.
නමුත් දිගුකාලීන වශයෙන් අභියෝගයක් තිබෙනවා. විශේෂයෙන්ම ඒ ආණ්ඩුව බලයට පත්වෙනකොට දිගුකාලීනව ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට හැකි නැඹුරුවක් තිබුණා. විපක්ෂය දුර්වල වීම නිසාම සමහර වෙලාවට ඊළඟ අවුරුදු පහෙන් පස්සේ වුණත් ආණ්ඩුව බලයට නැවත පත්වීමේ හැකියාවක් ඔවුන්ට සාමාන්‍ය වශයෙන් තිබුණා. මේ තත්ත්වය ටිකක් අර්බුදයකට මුහුණපාලා තිබෙනවා කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි ආණ්ඩුව බලයට පත්වීමේ හේතුව මූලික වශයෙන් අභියෝගයට පත්වෙලා තිබෙනවා. මේක අපූරු තත්ත්වයක්. අපි මේ විවේචන අවකාශය දිහා බලපුවාම පේන දෙයක් තමයි බොහෝ වෙලාවට ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඒ මගින්ම ඉදිරිපත් කරපු අදහස් හරහා තමයි විවේචන එල්ල වෙන්නේ. බොහෝ වෙලාවට අපිට පේනවා ආණ්ඩුවට විරුද්ධ කොටස් බොහෝ විට හුවාදක්වන්නේ ජාතික ජන බලවේගය එහෙමත් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණම වරින් වර කරපු ප්‍රකාශ. මීට පෙර පැවැති ආණ්ඩු සම්බන්ධයෙන්, ඒ අයගේ ක්‍රියාකාරීත්වයන් සහ වර්තමාන ක්‍රියාකාරීත්වයන් අතර තිබෙන පරස්පරය සම්බන්ධයෙන් තමයි මතුකරනු ලබන්නේ. මේක බොහොම ඵලදායී දෙයක් බවට පත්වෙනවා. මේක සම්බන්ධයෙන් මම හිතන්නේ දැනට සාමාන්‍ය දේශපාලන කථිකාවේ අවකාශය දිහා බලපුවාම පේන දෙයක් තමයි ජාතික ජන බලවේගයට මේ තත්ත්වයට මුහුණ දීම සඳහා උපායමාර්ගික ප්‍රවේශයක් නෑ කියන එක. ඒ අය සාමාන්‍යයෙන් කරන්නේ විරුද්ධ පාක්ෂිකයන්ට විවේචන එල්ල කිරීම. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජ මාධ්‍යවල ඉන්න අය මැදිහත් වෙලා. ඔවුන් උත්සාහ කරනවා ඔවුන්ට මීට කලින් තිබුණු විරුද්ධ මතයන් වන රාජපක්ෂ, රනිල්, සජිත් ව්‍යාපෘති විචේනය කරන්න. වෙන විදියකට කියනවා නම් සැප්තැම්බර් 21 වැනිදාට පෙර, ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වෙන්න, අනුර කුමාර ජනාධිපතිවරයා පත්වෙන්න පෙර ඉදිරිපත් කරපු විවේචන ටිකම නැවත කරගෙන යනවා. මම හිතන්නේ ඒක තවදුරටත් ඵලදායී දෙයක් නෙවෙයි. ආණ්ඩුවක් බවට පත්වීම සහ විපක්ෂයක් ලෙස කටයුතු කිරීම කියන එක මූලධර්ම වශයෙන් ගත්තොත් දෙකක්. ආණ්ඩුකරණය පැත්තෙන් ගත්තාම ඒක මූලික වශයෙන් දෙකක්. ඒ නිසා දැනට ඔවුන් අනුගමනය කරන ඒ ක්‍රියාමාර්ගය ඒ තරම් ඵලදායී වෙන බව පේන්නේ නෑ. ඒක අවශ්‍ය වෙන්නේ තමන් බලයට පත්වීම කොයි තරම් යුක්තිසහගතද සහ බලයට පත්වීමට බලපාපු මහජනයා සමග ඇතිකරගන්නා සම්මුතිය. ඒ සම්මුතිය ඔවුන් කොයි තරම් දුරට රකිනවද කියන එක තමයි ප්‍රශ්නය.

තව දෙයක් තමයි, යථාර්ථයට මුහුණ දීම. සාමාන්‍යයෙන් විපක්ෂයක කටයුතු කරනකොට, විවේචන අවකාශය තුළ කටයුතු කරනකොට ජනයාගේ පරිකල්පනය තුළ අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි මේ මේ දේවල් කරනවා කියලා මවාපාන්න පුළුවන්. නමුත් අපිට යථාර්ථයට මුහුණ දෙන්න සිදුවුණාම තත්ත්වය වෙනස්. උදාහරණයක් විදියට හාල් මාෆියාව කියලා කියන ප්‍රශ්නය. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ඉන්නකොට කරපු දේවල් වගේ නෙවෙයි. ඇතැම් අය කියනවා අනුර කුමාර සහල් ව්‍යාපාරික ජාලය පිළිබඳ කලින් කියපු දේවල්. විපක්ෂයක ඉන්නකොට එහෙම තමයි කරන්නේ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඊට පසුව ආණ්ඩු බලයට පත්වුණාම ඒ විදියටම වැඩකරන්න බෑ. ඒක මූලික දෙයක්. විපක්ෂයක් විදියට වැඩකරන්න බෑ ආණ්ඩුවකට. නමුත් ඒක ඇඩ්මිට් කළ යුතුයි. මම හිතන්නේ ජාතික ජන බලවේගය විපක්ෂයේ සිට ආණ්ඩුවක් බවට තවම පත්වෙලා නෑ කියන එක. ඔවුන් ආණ්ඩුවක් බවට පත්වෙන්න ඕනේ සහ පරිණත ආණ්ඩුවක් බවට පත්වෙන්න ඕනේ. සත්‍යවාදී ආණ්ඩුවක් වෙන්න ඕනේ. සත්‍යවාදී ආණ්ඩුවක් කියන්නේ යථාර්ථයට මුහුණ දෙන ආණ්ඩුවක්. ඒකට උදාහරණයක් මම කියන්නම්. ඒක මම අහලා තියෙන දෙයක්. 1970 සමගි පෙරමුණ බලයට පත්වුණාට පස්සේ ඒ අණ්ඩුවේ වැවිලි කර්මාන්ත සහ ව්‍යවස්ථා කටයුතු ඇමැති බවට පත්වුණේ කොල්වින් ආර්. ද සිල්වා. ඔහුට තමයි වතු ජනසතු කිරීම සහ ව්‍යවස්ථා කටයුතු සම්බනධයෙන් වැඩි කාර්යභාරයක් පැවරුණේ. සමගි පෙරමුණු ආණ්ඩුව මුහුණදීපු ඒ ප්‍රමුඛ අභියෝග දෙකටම මුහුණ දෙන්න සිදුවුණේ කොල්වින් ආර්. ද සිල්වාට. වතු ජනසතු කිරීම සම්බන්ධයෙන් කොල්වින් ආර්. ද සිල්වාගේ ප්‍රකාශයක් මම අහලා තියෙනවා. නමුත් ඒක ඔහු කිව්වේ කොහොමද කියන්න මම දන්නේ නෑ. නමුත් ඒ කරුණ වැදගත්. ඔහු කිව්වලු, ‘අපි පහුගිය කාලෙම දරපු අපේ ප්‍රධාන ස්ථාවරයක් වුණේ වතු ජනසතු කළයුතුයි කියන එක. නමුත් දැන් ආණ්ඩුව බලයට පත්වුණාම මට පේනවා ඒක ඒ තරම්ම නුවණට හුරු වැඩක් නෙවෙයි කියලා….’

අපි හිතමු සහල් මාෆියාව සම්බන්ධයෙන්. විපක්ෂයක ඉන්නකොට සහල් මාෆියාවට සම්බන්ධ සම්පූර්ණ තොරතුරු නැහැ. එතැනදී තියෙන්නේ විපක්ෂය නියෝජනය කරන්නේ මහජනයාගේ ඒ සම්බන්ධයෙන් තියෙන විරෝධය. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ආණ්ඩුවක් බලයට පත්වුණාම තත්ත්වය ඊට වඩා සංකීර්ණයි. මම හිතන්නේ කොල්වින් කළා වගේ ඒක පැහැදිලිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුයි. ඒක ලැජ්ජාවට කරුණක් නෙවෙයි. මේක භූමිකාවන් දෙකක්. ආණ්ඩුකරණ භූමිකාව සහ විපක්ෂයේ භූමිකාව කියන්නේ මූලිකවම වෙනස් භූමිකාවන් දෙකක්. ඒ භූමිකා දෙක හොඳින් අවබෝධ කරගත යුතුයි. මහජනයා සමග යථාර්ථවාදී සාකච්ඡාවක යායුතුයි. මම හිතන්නේ ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි සහ ලැජ්ජාවට කාරණයකුත් නෙවෙයි. ඒකට තරමක දේශපාලන පරිණතභාවයක් අවශ්‍යයි. මට තියෙන ප්‍රශ්නය තමයි ජාතික ජන බලවේගය තුළ ඒ දේශපාලන පරිණතභාවය තියෙනවද කියන එක. ඒගොල්ලෝ බුද්ධිමතුන් කියලා සලකන්නේ යම් යම් ක්ෂේත්‍රවලට අදාළව තාක්ෂණික අවබෝධයක් තිබෙන අයව. උදාහරණයක් විදියට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තාක්ෂණික අවබෝධයක් තිබෙන අය, විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තාක්ෂණික අවබෝධයක් තිබෙන අය. නමුත් ආණ්ඩුවකට ඕනේ ඊට වඩා බැරෑරුම් බුද්ධිමතුන් පිරිසක්. තාක්ෂණික දැනුම පමණක් තිබෙන අයට ඒක කරන්න බැහැ. මම හිතන්නේ දැනට ඒ කාර්යය සිදුකරමින් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරකසභාව.

මම ඡන්දෙට කලිනුත් කියලා තියෙනවා අපි එන ඡන්දෙදි බලය දෙන්නේ සජිත් ප්‍රේමදාසගේ නිදන කාමරයටද, රනිල් වික්‍රමසිංහගේ කොෆි ටේබල් එකටද, රාජපක්ෂ පවුලේ ඩයිනින් ටේබල් එකටද, එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරකසභාවටද කියලා. ඒකෙන් මම අදහස් කළේ දේශපාලනයේ තියෙනවා ඇත්ත වශයෙන්ම බලය කේන්ද්‍රගත වෙන ස්ථාන. ජාතික ජන බලවේගය තුළ විවිධ ව්‍යහුයන් තිබුණා වුණාට ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරකසභාව තමයි ඇත්ත බල කේන්ද්‍රය. ජේ.ආර්. ජයවර්ධනගේ කාලේ තිබුණා කුස්සි කැබිනට් එක කියලා එකක්. ඒකේ ජේ.ආර්. ජයවර්ධනගේ සහෝදරයෙක්, රනිල් වික්‍රමසිංහගේ පියා වගේ පිරිසක් හිටියා. ඒගොල්ලන්ට තමයි කිචන් කැබිනට් කියලා කිව්වේ. ඒගොල්ලෝ තමයි ඒකේ ‘තින්ක් ටෑන්ක්’ එක වුණේ. ඒ වගේ ජනතා විමුක්ති පෙරමුණේ ‘තින්ක් ටෑන්ක්’ එක විදියට කටයුතු කරන්නේ ඒ පක්ෂයේ මධ්‍යම කාරකසභාව සහ දේශපාලන මණ්ඩලයේ පිරිස. නායකත්ව කේඩරය. ඒ නායකත්ව කේඩරයේ බොහෝ දෙනා 1980-89 කාලේ සහ ඉන් පසුව දේශපාලන ක්‍රියාකාරීත්වයට පැමිණුනු අය. ඒගොල්ලන්ගේ දේශපාලන පරිකල්පනය බොහෝ විට තවමත් රඳාපවතින්නේ සාම්ප්‍රදායික මාක්ස්-ලෙනින්වාදී රාමුවක් ඇතුළේ. මේ චින්තනය ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රකාශයට පත්කරන ‘නියමුවා’ පුවත්පත බැලුවාම තේරුම් ගන්න පුළුවන්. මටත් ඒ පුවත්පත නිතරම ලැබෙනවා. ඒක බලපුවාම පේනවා ඔවුන් තාම දේශපාලනය තේරුම් ගන්නේ පරණ මාක්ස්වාදී රාමුවක් ඇතුළේ. විශේෂයෙන්ම 1917 රුසියාවේ ඇතිවෙච්ච දේශපාලන පරිවර්තනයෙන් පසුව ඇතිවෙච්ච දේශපාලන කතිකාවට අදාළව. ඒගොල්ලොත් බලන්නේ, ‘බොල්ෂෙවික්වරුන්ගේ බලය පැහැරගැනීමෙන් පස්සේ ඇතිවුණු දේශපාලන තත්ත්වය වගේ අභියෝගාත්මක තත්ත්වයක් තමයි දැන් ලංකාවෙත් තියෙන්නේ, ඒක ටිකක් වෙනස්, ඒගොල්ලන්ට වැඩිය වෙනස් විදියට කළමනාකරණය කළ යුතුයි’ වගේ විදියකට තමයි ඔවුන් දකින්නේ. මම හිතන්නේ වාර්තමාන දේශපාලන යථාර්ථය ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මම හිතන්නේ නෑ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරකසභාව ඒක අවබෝධ කරගෙන තිබෙනවා කියලා. ඒ නිසා මූලික වශයෙන් ගත්තොත් අද 1917ට වඩා වෙනස් තත්ත්වයක් තියෙනවා. දේශපාලනයේ මහජන සහභාගිත්වය ඉතා තීව්‍රයි. වර්තමානයේ තිබෙන වැදගත් දෙයක් තමයි සමාජ මාධ්‍ය යුගයේ දේශපාලනය කියලා කියන්නේ අතිශය අභියෝගාත්මක දෙයක්. හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ජාතික ජන බලවේගයට ආණ්ඩුවක් පිහිටුවන්න උපකාරී වෙන්නෙත් ඒක.

පහුගිය කාලේ තීරණාත්මකම සාධකය තමයි 2015 රාජපක්ෂ තන්ත්‍රය බිඳවැටීම. මම හිතන්නේ ඒක තමයි හැරවුම් ලක්ෂ්‍යය වුණේ. ඒක ඇතිවෙන්නෙත් සමාජ මාධ්‍යයන්හි නැගීම නිසා. ඒ හරහා විශාල ප්‍රජාතාන්ත්‍රීකරණ ක්‍රියාදාමයක් වුණා. ඒ නිසා 2015 බලයට පත්වුණු ආණ්ඩුව ක්ෂණිකව අපකීර්තියට පත්වුණා. ඒකට සාධක දෙකක් මම දකිනවා. එකක්, මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයේ නායකත්වය අරගෙන, ඒ පක්ෂයේ ඉන්න අයවත් ආණ්ඩුව ඇතුළට අරගෙන කරපු දේවල් නිසා ඒ ජන මතය සෑහෙන්න දුර්වල වුණා. ඊට පසුව බැඳුම්කර සිද්ධිය. ගොඩක් අය හිතනවා 2019 පාස්කු ප්‍රහාරය නිසා තමයි ආණ්ඩුව බිඳවැටුණේ කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. ඒගොල්ලන්ගේ තියෙන වැරැද්ද වහගන්න කියන දෙයක්. විශේෂයෙන් මහබැංකු බැඳුම්කර සිද්ධිය වගේ දේවල් හරහා වෙච්ච බලපෑම වහනවා පාස්කු ප්‍රහාරය, කැලණියේ නයි ගැන කතන්දරවලින්. ඒ හරහා සිද්ධ වුණු දේ තමයි ඒ ආණ්ඩුවේ සුජාතභාවය සම්පූර්ණයෙන් බිඳවැටීමකට ලක්වීම. අපි දැක්කා රනිල් වික්‍රමසිංහ තමන්ගේ ආධිපත්‍යයට ආණ්ඩුව ගත්තා, මෛත්‍රිපාල සහ රනිල් අතර ගැටුමක් ඇති වුණා. ඒ ගැටුම විසින් 2015 මෛත්‍රීපාල බලයට ගෙනාපු ඒ ජනයාගේ හඬ යටපත් කරනු ලැබුවා. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ බලවේගයට නැවත ඉක්මනින් රිකවර් වෙන්න පුළුවන් වුණේ. ඒකත් නිර්මාණය වුණේ විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල බලපෑම නිසා වගේම තවත් සාධයක් නිසා. ඒක තමයි දේශපාලන පක්ෂවලට තිබෙන පක්ෂපාතීත්වය අඩුවීම. කලින් තිබුණු ශ්‍රීලනිප – යූ.එන්.පී. සහ ඒවායෙන් පැනනැගුණු පක්ෂවලට වඩා ජාතික ජන බලවේගයට ස්ථිර ඡන්දදායක ආකර්ෂණයක් නැහැ. විශේෂයෙන් ඒකේ කේන්ද්‍රය තමයි ජනතා විමුක්ති පෙරමුණ. එහෙම ගත්තොත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙයි ජනතා විමුක්ති පෙරමුණෙයි ලොකු වෙනසක් නෑ. ජාතික ජන බලවේගය කියන සාධකය පැත්තකට දැම්මොත් පෙරටුගාමී පක්ෂය වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණත්. පොඩි වෙනසක් තමයි තියෙන්නේ. මේ ඇතිවුණු ගුණාත්මක ඉදිරි පිම්මට හරියන විදියේ බලපෑමක් නෑ ජනතා විමුක්ති පෙරමුණ විදියට ගත්තාම. ඒක ඉතිරි ක්ෂේත්‍රය ඒ මොහොතේ දේශපාලන කතිකාවට ආකර්ෂණය වෙන පිරිස්. ඒක පවත්වාගෙන යෑම කලින් වගේ නෙවෙයි. ස්ථිර ඡන්දදායක පදනමක් තිබුණු දේශපාලන පක්ෂවලට හැමදාම කොච්චර ආණ්ඩුවක් පැරැදුණත් යම්කිසි සැලකිය යුතු පක්ෂපාතීත්වයක් ඒ අයට තිබෙනවා. දැන් එහෙම එකක් නෑ. එවැනි තත්ත්වයක් තුළ කොහොමද මේ දේශපාලනය කළමකාකරණය කරන්නේ කියන එක වෙනම දෙයක්. ඒකට නම් මම හිතන්නේ දැන් ඇතිවෙලා තිබෙන තත්ත්වය යම් අනතුරු ඇඟවීමේ අවස්ථාවක් විදියට ගන්න පුළුවන්. විශේෂයෙන් කතානායකවරයා පිළිබඳ ප්‍රශ්නය. මගේ දේශපාලන මිත්‍රයෝ වුණත් කියනවා මේවා ඒ තරම් වැදගත් දේවල් නෙවෙයි කියන එක. මම ඊට සම්පූර්ණ පරස්පර අදහසක ඉන්නේ. මේවා පරීක්ෂාවට ලක්වෙන දේවල්.
රංවල සිද්ධියේදී තියෙන එකක් තමයි ඒගොල්ලන්ගේ පාරිශුද්ධභාවය. ඒක හරිම වැදගත්. ඒගොල්ලෝ පොරොන්දු වෙනවා අපි දේශපාලනයේ බොරු කියන්නේ නෑ, මහජනයා රවට්ටන්නේ නෑ වගේ දේවල්. ඉතින් එහෙම කරනවා කියලා පෙනුණු ගමන් ඒගොල්ලන්ට තියෙන සුජාතභාවය ප්‍රශ්න කිරීමට ලක්වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් රැකගැනීම හරිම වැදගත්. දේශපාලනයේදී ඇත්තටම ඒ සුජාතභාවය කියන එක වැදගත්. 2015ත් ඒ සුජාතභාවය නැතිවෙලා ගියා එක වෙලාවක. විශේෂයෙන් බැඳුම්කර සිද්ධියේදී ඒක නැතිවෙලා ගියා. ඒ නැතිවෙච්ච එක නැවත ළඟාකර ගැනීමට කවදාවත් හැකියාවක් ලැබුණේ නෑ. ඒ නිසා මේ ප්‍රශ්නය ගැන සැලකිලිමත් වීම වැදගත්. මොකද මේක කලින් ලැබුණු සංඥාවක් නිසා. ක්‍රිකට් භාෂාවෙන් කියනවා නම් යම් කණ්ඩායමක් විශාල ලකුණු ප්‍රමාණයක් රැස්කර ගන්නවා තමන්ගේ ඉනිමෙදී. ප්‍රතිවාදී කණ්ඩායම පන්දුවට පහර දෙනකොට මුල් හරියේදී විශාල ප්‍රහාරයකට ලක්වෙනවා. නමුත් ඒගොල්ලන්ට පුළුවන් අලුත් උපක්‍රම අත්හදා බලමින් ප්‍රතිවාදී කණ්ඩායම පාලනය කරන්න. මොකද ඔවුන්ට ලොකු ලකුණු ප්‍රමාණයක් තියෙන නිසා. ඒ වගේ ජාතික ජන බලවේගයටත් තමන්ගේ ඉනිමේදී ඒ කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලොකු ලකුණු ප්‍රමාණයක් ඒගොල්ලෝ රැස්කරගෙන තිබෙනවා. ඒ නිසා ඔවුන්ට කාලයක් අල්ලාගෙන ඉන්න පුළුවන්. නමුත් ප්‍රවේශම් වෙන්න ඕනේ ප්‍රතිවාදීන් වේගයෙන් ලකුණු රැස්කිරීමට පටන් අරගෙන තිබෙනවා. ඒ නිසා මම යෝජනා කරන උපායමාර්ගය තමයි ප්‍රතිවාදීන්ගේ පැත්තට ප්‍රතිචාර දැක්වීම වෙනුවට තමන්ගේ පැත්ත බලන්න කියන එක. තමන්ගේ ජනවරම මොකක්ද කියන එක සහ තමන්ට තියෙන කැපෑසිටි එක මොකක්ද කියන එක විමසා බැලීම. ඒක ප්‍රධාන වශයෙන් අවශ්‍යයි. ඒ සඳහා දේශපාලන වශයෙන් යම් නිහතමානීකමක් අවශ්‍ය වෙනවා. ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කියන දෙකම මේ වගේ සංකීර්ණ දේශපාලන වාතාවරණයක් කළමනාකරණය කිරීම සඳහා තමන්ට තිබෙන ශක්‍යතා පිළිබඳ අවබෝධ කරගන්නවා නම් ඉතාම වැදගත් වෙනවා.

රංවල සිද්ධියේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස කරපු ප්‍රකාශ දිහා බලපුවාම තේරෙනවා ඒ ප්‍රශ්නයේ තියෙන බරපතළකම ගැන අනවබෝධයකින් තමයි වැඩකරන්නේ කියලා. ඒ නිසා ඒ අය වුණත් කල්පනා කරනවා නම් මොකක්ද මේ වෙමින් යන්නේ කියලා ඒක ඉතාම වැදගත් දෙයක්. මොකද මේක ඉතා තීරණාත්මක දේශපාලන පරිවර්තනයක්. ඒ පරිවර්තනයේ ගොඩක් දේවල් දැනටමත් සිද්ධ වෙලා තිබුණා. පුද්ගලකිව මගේ උනන්දුව තිබුණේ මූලික වශයෙන් ඒ මැතිවරණ දෙකේදී සිදුවුණු පරිවර්තන ගැන. ඒ පරිවර්තන දැනටමත් සිදුවෙලා තිබෙනවා. නමුත් මේ පරිවර්තනයට අදාළව තවත් යම්කිසි ප්‍රයෝජනවත් දෙයක් සිදුකරන්න පුළුවන් මේ තත්ත්වය මීට වඩා සිහිබුද්ධියෙන් කළමනාකරණය කරනවා නම් කියලා මම හිතනවා.

History with Nirmal යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

රුසියාවට දිගට හරහට ඩ්‍රෝන ප්‍රහාර! VIDEO I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයට අවුරුදු 5ත් ඉවරයි! අල්ලනවා අල්ලනවා කියපු මහමොළකරුවන් තාම නෑ! කටුවපිටියේ ජනතාව පාරට බසී! I VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.