• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“අම්බලන්ගොඩ අම්බලන්ගොඩ අම්බලන්ගොඩ….” අම්මයි තාත්තයි ජීවත් කරවන්න යකඩ මිනිස්සු එක්ක පොරබදන අවුරුදු 21 යකඩ කොන්දොස්තරවරිය! Sri Lanka Latest News

December 21, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
“අම්බලන්ගොඩ අම්බලන්ගොඩ අම්බලන්ගොඩ….” අම්මයි තාත්තයි ජීවත් කරවන්න යකඩ මිනිස්සු එක්ක පොරබදන අවුරුදු 21 යකඩ කොන්දොස්තරවරිය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ලෝකෙ ඕනෑම මනුෂ්‍යයෙක්ගේ ජයග්‍රහණය තීරණය කරන්න බලපාන ප්‍රධානම සාධකය තමයි ශක්තිමත් හිතක් තියෙන එක. හිත ශක්තිමත් නම් ගැහැනියක්ද පිරිමියෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. තමන් අරමුණු කරන ඉලක්කය ජයගන්න ඔහුට හෝ ඇයට ඒ ශක්තිමත් හිත නියත වශයෙන්ම උදව් කරනවා. සමහර රැකියාවන් තියෙනවා පිරිමින්ට පමණක් වෙන්වූ රැකියා බවට සමාජයේ සම්මත වුණු. ඉන්ධන පිරවුම් හල්වල, මගී බස්රථවල, ත්‍රිරෝද රථවල රැකියා ඒ විදියට පිරිමින්ටම වෙන්වූ ඒවා විදියටයි සමාජය හඳුන්වන්නේ. ඒත් අපි අද ඔබට කියන මේ කතාව ඊට හාත්පසින්ම වෙනස් එකක්. (Sri Lanka Latest News)

පවුලක ආර්ථිකය කඩා වැටෙනකොට දරුවන්ගේ අධ්‍යාපනය මඟහැරෙන අවස්ථා එමටයි. ජීවිතයේ එවැනි අභියෝගවලට අභියෝග කළ කෙල්ලෙක් ගැන අපිට අහන්න ලැබුණේ ගාල්ල රත්ගම ප්‍රදේශයෙන්. ඇය නමින් කේ. අසේකලා මධුවන්ති. පවුලේ එකම දරුවා වන ඇය පසුවන්නේ තවමත් 21 වැනි වියේ. මධුවන්ති අධ්‍යාපනය හැදෑරුවේ ගාල්ලේ දේවපතිරාජ විද්‍යාලයෙන්. මෙච්චර කාලයක් පවුලේ බර ඇදපු මධුවන්තිගේ තාත්තා දැන් ඉන්නේ රැකියාවක් කරන්න බැරි තරම් දුර්වල සෞඛ්‍ය තත්ත්වයක. ඔහුට පුළුවන් කාලේ තැඹිලි වෙළෙඳාම කරලා පවුලේ අයව පෝෂණය කළා. නමුත් දැන් ඔහුට ඒ රැකියාව කරගන්න තරම් ශක්තියක් නෑ. ඒ නිසාම ඒ බර පැටවුණේ මධුවන්තිගේ කර මත. ඒ අනුව, ඇය ජීවන සටනට මුහුණ දෙන්න තීරණය කළා. මධුවන්ති ගාල්ලේ සිට අම්බලන්ගොඩ දක්වා දිවෙන මගී බස් රථයක කොන්දොස්තරවරියක් ලෙස රැකියාවට යන්න පටන් ගත්තේ තමන්ගේ මවුපියන් දෙදෙනාව රැකගන්නටයි.

අපේ රටේ කාන්තාවක් කොන්දොස්තර වෘත්තිය කරනවා නම් ඒ ඉතාම සීමිත පිරිසක් විතරයි. ඒ අතරින් මධුවන්තිත් එක්කෙනෙක්. ඇය, උසස් පෙළ විභාගය සම්මාන සාමාර්ථ තුනක් සහිතව හොඳින් සමත් වෙච්ච තරුණියක්. කොන්දොස්තර රැකියාව කරන අතරතුර ඇය මේ වන විට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ මෝටර් රථ කාර්මික පාඨමාලාවකුත් හදාරමිනුයි සිටින්නේ.

කොන්දොස්තර රැකියාව කියන්නේ කාන්තාවකට කරන්න තරමක් අපහසු වෘත්තියක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. උදේ හවස මගී බස්රථවල සිදුවෙන දේවල් අහන දකින අපි ඒ ගැන හොඳින්ම දන්නවා. ඉතින් මේ දුෂ්කර වෘත්තිය තෝරාගත්තු මධුවන්ති තමන්ගේ ධෛර්යවන්ත ජීවිත කතාවෙන් බිඳක් හෙළිකළේ මේ ආකාරයටයි.
‘මම වෘත්තීය පුහුණු අධිකාරියේ මෝටර් රථ කාර්මික ශිල්පය හදාරන සිසුවියක්. මම අමතර රැකියාවක් ලෙස සෙනසුරාදා ඉරිදා දිනවල කොන්දොස්තර රැකියාවේ නිරත වෙනවා. ගෙදර ආර්ථික ප්‍රශ්න තිබෙන නිසා සහ අම්මා තාත්තා වයස නිසා තමයි මම මේ රැකියාව තෝරාගත්තේ. බස් රථ අලුත්වැඩියා කරන්න තියෙන කැමැත්ත නිසා තමයි මම මෝටර් රථ කාර්මික පාඨමාලාව හදාරන්න තෝරගන්නේ. මම මේ රස්සාව කරන්නේ ආසාවෙන්. ප්‍රශ්නෙකට කියලා තියෙන්නේ බස් එකේ ඉතුරු සල්ලි ඉල්ලන්න ආවාම මිනිස්සු අපිත් එක්ක රණ්ඩු වෙන එක. අපි හරියට මේ රස්සාව කරනවා නම්, මගීන් අපිට සහයෝගය දෙනවා නම් ගැහැනු ළමයෙකුට වුණත් මේ වෘත්තිය කරන්න බැරිකමක් නැහැ. නමුත් පිරිමි අයට වඩා ගැහැනු ළමයින්ට මේ රැකියාව තර්ජනයක් තියෙනවා. බොහෝ වෙලාවට පිරිමි අය වැඩකරනකොට ඉතුරු රුපියල් 5වත් ඉල්ලන්නේ නැහැ. නමුත් මම වැඩ කරනකොට රුපියල් 2ට පවා මිනිස්සු රණ්ඩු වෙන්න එනවා. මම ඉල්ලන්නේ රණ්ඩු කරන්න එපා, ගෑනු ළමයෙක් කියලා බණින්නේ නැතුව අපට සහයෝගය දෙන්න කියලයි….’

ගාල්ලේ ප්‍රධාන බස් නැවතුම්පළේ අනෙකුත් බස් රථවල කොන්දොස්තරවරුන් සමග උරෙනුර ගැටෙමින් මධුවන්ති සිය රැකියාව කරගෙන යන බව අපට දැකගන්නට ලැබුණා. ටී ෂර්ටයක් සහ කලිසමක් ඇඳ බසයට මගීන් එක්රැස් කරගනීමට ඇය දරන්නේ මහත් වෙහෙසක්.

‘අම්බලන්ගොඩ…… අම්බලන්ගොඩ….’ යනුවෙන් නඟන හඬ තුළ ගැබ්වෙලා තියෙන්නේ රෝගීව සිටින තම මවුපියන්ව පෝෂණය කිරීමට ඇති ඕනෑකමයි. ඇය තමන්ගේ පණටත් වඩා මවුපියන්ට ආදරය කරනවා. ඒ නිසාම තමයි ජීවිතයම පරදුවට තබලා ඔවුන් වෙනුවෙන් ඇය මේ දුක් විඳින්නේ.

මධුවන්ති කරන මේ රැකියාව දකින ඇතැමුන් ඇයට උපහාසයට සිනාසෙනවා. තවත් අය කියන්නේ මේ වගේ දේවල්.
‘ඇයි මේ ගෑනු ළමයෙක් කොන්දොස්තර රැකියාවක් කරන්නේ? ලැජ්ජ නැද්ද? වෙන රස්සාවක් කරන්න බැරිද?….’
මොන දෙයක්, කවුරු කිව්වත්, සමාජය ඇය දෙස වපරැසින් බැලුවත් මධුවන්ති ඒ කිසිවක් මායිම් කරන්නේ නැහැ. තමන්ගේ පවුල වෙනුවෙන් ඇය ඒ හැම මානසික පීඩාවක්ම දරාගෙන කොන්දොස්තර රැකියාව කරගෙන යනවා.

ඇය පසුවන්නේ තවමත් 21 හැවිරිදි වියේ. අවුරුදු 21 කියන්නේ සුන්දර තුරුණු විය. ඒ වයසේ පසුවන අනෙකුත් බොහෝ තරුණියන්ගේ ජීවිතයේ බර දරන්නේ ඔවුන්ගේ අම්මා හෝ තාත්තා විසින්. එහෙත් මධුවන්තිට ඒ නිදහස අහිමි වෙලා. ඒ වෙනුවට සුන්දර තමන්ගේ තාරුණ්‍යය කැපකරලා ඇය තමන්ගේ මවුපියන් රැකගන්න කොන්දොස්තර රැකියාව තෝරාගෙන.

මවුපියන්ට සලකන ඕනෑම දරුවෙකුට ස්වභාව ධර්මයත් ආශීර්වාද කරනවා. සමහර දරුවන් ගතේ ශක්තිය තිබියදීත්, මුදල් හදල් යහමින් තිබියදීත් මවුපියන්ට සලකන්නේ ඉතාම නින්දිත විදියට. දේපළ ඉඩකඩම් නොදුන්නා කියලා තමන්ගේ ආදරණීය අම්මා තාත්තාව ගහලා මරන තැනට ඇතැම් දූදරුවන්ගේ මානසික මට්ටම පහතට වැටිලා. එවැනි දරුවන් සිටින සමාජයක මධුවන්ති කියන්නේ මිණි කැටයක් වගේ වටිනා දියණියක්.

මධුවන්ති ගැන කියැවෙන මේ පුවත අද බොහෝ දෙනෙකු‌ගේ කතාබහට ලක්වෙලා ඉවරයි. රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයකින් පවා පසුගිය දවසක ඇයගේ කතාව රටටම වාර්තා කරලා තිබුණා.

ඇය කරන්නේ ගැහැනු ළමයෙක් ලේසියෙන් නොකරන දුෂ්කර රැකියාවක්. ඇයව ලෝකයට දායාද කළ තමන්ගේ ඇස් දෙක වගේ මවුපියෝ දෙදෙනා රැකගන්නයි ඇය මේ රැකියාව තෝරාගත්තේ. කෙනෙකු උත්සාහවන්තව, මනා සිහියෙන් යුතුව, නිවැරැදි දේ කරමින් ධාර්මිකව ධනය උපයන තැනැත්තාගේ කීර්තිය වැඩෙන බව බුදුදහමේ පවා ඉගැන්වෙනවා. ඒ ඉගැන්වීමේ ඇති සත්‍යතාව අපට මධුවන්තිගේ කතාව තුළිනුත් පැහැදිලි වෙනවා. දුක් මහන්සි වෙලා, කාටවත් කරදරයක් නොකර, මවුපියන් පෝෂණය කිරීමේ අරමුණෙන් මේ රැකියාව කරන මධුවන්තිගේ කීර්තිය රට පුරාම පැතිරිලා. ඇයගේ කතාව අහන හැම කෙනකුම ඇයගේ වීර්යවන්තකමට හිස නමා ආචාර කරනවා. ඇයව පැසසීමට ලක්කරනවා.

ඇය එක් අවස්ථාවක පැවැසුවේ ‘පිරිමි මේ රැකියාව දිහා බලන්නේ මහ අමුතු විදියට’ කියලා. ඇත්තෙන්ම එහෙම දකින්න එපා. මතුයම් දවසක ඇය ජීවිතය දිනාවි. එතකල් උදව් කරන්න. කවුරු මොනවා කිව්වත්, තමන් කරන වැඩේ වැරැදි නැත්නම් කාටවත් බයවෙන්න ඕනේ නැහැ.

බොහෝ දෙනෙක් ඇයට කියලා තිබුණා වෙන රැකියාවක් හොයාගන්න තිබුණු බව. නමුත් ඇය ඒ රැකියාව තමන්ගේ ජීවිතයට කිසිදු ආකාරයක කැළලක් ඇති නොවන විදියට කරන්න තරම් දක්ෂයි. ඇස් ලොකු කරන් ඒ දේවල් ගැන පුදුමයෙන් බලන්න එපා. ඇස් දෙකෙන් දකින දේ මනසින් හිතන්න. ‘ඒ කෙල්ල පුදුමයි කියනවාට වඩා ඒ කෙල්ල හරි හයියයි’ කියලා කියන්න පුරුදු වෙන්න.

මධුවන්ති මේ වෙද්දි කොන්දොස්තර රැකියාවට අදාළව බලපත්‍රයක් පවා ලබාගෙන තියෙනවා. සමාජ සම්මතය බිඳ දමලා කාන්තාවක් නොයෙදෙන රැකියාවක් කරන්නට හිතට ශක්තිය ගත්ත ඇය රටටම ආදර්ශයක්.

ඇගේ හිතේ අහිංසක හීනයක් තියෙනවා. ඒ, කවදා හරි දවසක තමන්ගේම බස් රථයක් පාරට දාන්න. ඒ සිහිනය කරා ඉක්මනින් ළඟාවෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

මේ රැකියාව තරුණියකට කරන්න සුදුසු නැහැ කියලා සමාජයේ තබුණු අනිසි බිය දුරු කරලා නොබියව ජීවන අරගලයට මුහුණ දෙන්න මධුවන්ති දක්ෂ වුණා. ඇය ඇත්තටම රත්ගමට පමණක් නෙවෙයි, අපේ රටටම වීරවරියක්.

තමන්ව මේ ලෝකෙට බිහිකරපු අම්මා තාත්තා අසරණ වෙච්ච වෙලාවේ ඔවුන්ව රැකබලා ගන්න ජීවන බර කරට ගත්තු මධුවන්තිට යම් සහයෝගයක් දෙන්න ඔබට හිතෙනවා නම් ඇය වෙනුවෙන් යමක් කරන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඇගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කරන්නත්, ඇගේ මවුපියන්ගේ ප්‍රතිකාර සඳහා උපකාර කරන්නත් ඔබට අවස්ථාව තිබෙනවා. මේ, ඇයව සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයයි. 0768705823

ඉතින් මධුවන්ති, ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. අපි ඔයාට හදවතින්ම සුබ පතනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ලංකාවේ 16%ක්! ආණ්ඩුවලින් තෑගි දීලා! ලක්ෂ 4ක් ගෙදර යවයි! රාජ්‍ය සේවය පරාජය වෙයිද? Sri Lanka Latest News

Next Post

සජිත් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට බාරදුන් තවත් සහතික රැසක් එළියට එයි! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.