අධික වැසි සහිත කාලගුණය නිසා පීඩාවට පත් වූ නැගෙනහිර පළාතේ පවුල් 2000ක පුද්ගලයින් සඳහා විශේෂ සහනාධාර මලු බෙදාදීමට මෙරට චීන තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා.Sri Lanka Latest News
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා සඳහන් කළේ, එම සහනාධාර මලු ලැබූ විගස අදාළ පවුල් වෙත බෙදා හරින බවයි.
නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම ආවරණය වන පරිදි බෙදා හැරීම සිදු කරන බව ද ඔහු පැවසුවා.
මේ අතර නැගෙනහිර පළාතේ සිදුවිය හැකි ආපදා අවම කිරීම සඳහා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව ආණ්ඩුකාරවරයා සඳහන් කළා.
ඔහු පෙන්වා දුන්නේ, ජලය අක්‍රමවත්ව බැස නොයාම හේතුවෙන් දින ගණනාවක් ජලයෙන් යටව පැවති ප්‍රදේශ පිළිබඳ මේ වනවිට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත බවයි.










