පෞද්ගලික ආනයනකරුවන් මෙරටට ගෙන්වූ බහලුම් තුනක අඩංගු සහල් කිලෝග්‍රැම් 75,000 ක පමණ ප්‍රමාණයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි තීරණය කිරීම හේතුවෙන් නැවත හරවා යැවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියෙක් පැවසීය. (Sri Lanka Latest News)
එම බහලුම් තුනෙන් බහලුම් දෙකක සහල් තුළ ගුල්ලන් හඳුනාගත් බවත් අනෙක් බහලුමේ සහල්වල කල්ඉකුත් වන දිනය ඇතුළු තොරතුරු වෙනස් කර ඇති බවත් එම රේගු නිලධාරියා සඳහන් කළේය.
මෙම සහල් තොගය මිනිස් පරිභෝජනය සඳහා නිකුත් කළ නොහැකි බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කිරීම හේතුවෙන් මෙසේ නැවත හරවා යැවීමට තීරණය කළ බව රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
lankadeepa










