මහරගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 11න් 9ක්, කොට්ඨාස නායකයින් 25න් 22ක් සහ මහරගම ඡන්ද පොළ මධ්‍යස්ථාන අනූවේම (90) නායකයින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්වීමට තීන්දු කර ඇත.
අද (03) උදෑසන පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මහරගම නගර සභාවේ විපක්ෂ නායක රුවන් ජයසිංහ මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් නව දෙනා සහ කොට්ඨාස නායකයින් විසිදෙදෙනා මේ බව අනාවරණය කළේය.










